Popular Gossips
-
නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් දිනෙන් දින ඉහළ යන පරිසර විනාශයත් සමඟ එහි සුන්දරත්වයටද හානි සිදුවෙමින් පවතී. ගහකොළ කැපීම, සතුන් දඩයම් කිරීම...
-
"අම්මා කිව්වා අපි කෝච්චියට පැනලා මැරෙමු කියලා" අපි තුන්දෙනා බස් එකක නැඟලා මෙහෙට ආවා." පවුල් ජීවිතය කියන්නේ දුක සැප දෙ...
-
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රිය ඉතා සුන්දරව ගත කල බව අපට තොරතුරු වාර්තා වනවා. කෙහෙළලිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන...
-
කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වූ අවසනාවන්ත පුවතක් ඉන්දියාවේ රාජ්කොට් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිද්ධිය ස...
-
ඊයේ (09) දිනයේ රියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කිරීමට පෙර උසේන් බෝල්ට් සාම්ප්‍රදායික බ්‍රසීල සම්බා නර්තන ශි...
Local
Celebrities
Cinema
World
Sports
Political
Mystery
Music
31 May, 2016
මල්ලි CSN එකට උදව් කළේ පෙම්වතිය හිටපු නිසා, ඔය චැනල් එක අපේ නෙවෙයි
5/31/2016 11:45:00 AM
ඊයේ (30) හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනදි දේශපාලන සිදුවීම් ගැන වගේම රාජපක්ෂවරුන්ට එල්ලවෙන චෝදනා සහ තවත් සිද්ධි ගොඩක් ගැන කතා කළා.
ඒ වගේම පසුගිය කාලේ පුරාම කරලියට ආපු කතාවක් වුණු කීභ නාලිකාවට රාජපක්ෂවරුන්ට ඇති අයිතිය ගැනත් අදහස් පලකළා.
එතනදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වේ තමන්ගේ දෙවැනි සහෝදරයගේ පෙම්වතිය කීභ එකේ වැඩ කරපු නිසා මේ චැනල් එක රාජපක්ෂවරුන්ට අයිතියි කියලා සමාජයේ කතබහක් ඇතිවුණා කියලයි.
ඒ වගේම නිතරම තමන්ගේ මල්ලි එතනට ගිය නිසාත් සන්නාම තානාපතිවරයෙක් විදිහටත් රගර් කණ්ඩායමේ නායකයා විදිහටත් හිටිය නිසා මේ හැම දෙයක්ම පැතිරුනා වගේම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය එතන හිටපු නිසා මේ චැනල් එකට උදව් කළා කියලයි එතුමානම් කිව්වේ.
ඒ විදියට සලකුණ වැඩසටහනේදී අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්නේ මේ විදියට....
ඔබගේ පෙම්වතියට උදව්වට ගියාද නැතිනම් පෙම්වතියට උදව්වට නාලිකාවක් දුන්නද?
මං හිතන්නෙ නෑ අපේ මල්ලි එච්චර මෝඩ නෑ පෙම්වතියට උදව්වට නාලිකාවක් දෙන්න තරම්.
පෙම්වතිය ඒතැන වැඩ කරන කොට විතරක් නෙමේ පෙම්වතිය තවතැන්වලට වැඩකරනකොට ඒවටත් උදව් කරා.
ඔය වයසට අපි වුණත් යම් කිසි උදව්වක් ඉල්ලූවොත් කරනවනේ.
ඒ ස්ටාෆ් එකත් එක්ක ෆොටෝ ගහපු එකත් උදව්වක්ද?
මෙහෙමනේ මං දැන් මෙතට ආවට පස්සේ එළියෙ ඉන්න කී දෙනෙක් පිංතුර ගහගත්තද. එහෙම කළා කියා මේ නාලිකාව මගේ නෙමෙයිනෙ.
ඔතන යෝෂිත එක්ක ගහපු පිංතූර විතරක් නෙමෙයි මාත් එක්ක ගහපුවාත් තියනවා. ක්‍රිකට් ක්‍රිඩකයින් දේශපාලකයින් එක්ක ගහපු පිංතූරත් තියනවා...
හරි ඔබත් එක්ක ගහපු ඡායාරූත් තියෙනවා.. එතකොට ඒක නාමල්ගේ චැනල් එක කියන්නේ නෑ.. දේශපාලඥයන් එක්කත් ගහපුවා තියෙනවා.. ඇයි ඉතිං කෙලින්ම යෝෂිතගේ චැනල් එක කියන්නේ..?
ඉතිං අපේ කාගෙවත් ගර්ල් නෙනෙක් එතන වැඩ කළේ නෑනේ...
මේ දේවල් වගේම මහින්ද මහත්තයගේ අතේ තියෙන වශී බෝලේ, ජනාධිපතිවරණයට ගියේ පක්ෂයේ හැමෝගෙම අදහස් විමසලා, තම පවුලට එල්ල වෙලා තියෙන චෝදනා ආදී කරුණු ගැන සලකුණ වැඩසටහනෙදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පැහැදලි කළා.
එලෙස සී.එස්.එන්. නාලිකාව පිළිබඳව ප්‍රශ්නකළ මොහොතේ වීඩියෝව පහතින්.....

Namal talk about CSN Channel
30 May, 2016
ප්‍රසිද්ධියේ නිරුවත් වූ තරුණිය ගැන ඉන්දියාව ලැජ්ජා වෙයි
5/30/2016 10:44:00 PM
ඉන්දීය ජාතික තරුණියක් වන Meenal Jain ප්‍රසිද්ධියේ නිරුවතින් බයිසිකල් පැදීමේ සිද්ධියක් නිසා මේ වන විට ඉන්දියාව තුළ දැඩි උණුසුම්කාරී කතාබහක් ඇති වී තිඛෙනවා.
ලන්ඩන් හිදී පසුගියදා පැවැත් වූ World Naked Bike Ride Event නැමැති පරිසරය රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ වැඩසටහනේදී මෙම ඉන්දීය ජාතික තරුණිය නිරුවතින් ඊට එක් වී තිඛෙනවා.
නිරුවතින් විරෝධතාවයේ නිරත වෙන ලොව විශාලතම වැඩසටහන ලෙසද මෙය සැළකෙනවා.
එමෙන්ම එවන් වැඩසටහනකදී ඉන්දීය ජාතික තරුණියක් නිරුවත් වූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම සිද්ධිය නිසා ඉන්දීය සංස්කෘතියට ප්‍රබල පහරක් එල්ල වූ බවත් ඉන්දියාවට ලැජ්ජා සහගත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවත් ඉන්දීය ඇතැම් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.
ඉන්දීය ජනතාව ඇයව පිළිකුල් සහගත ලෙස හෙළා දකිමින් විවිධ අපහාස සිදු කරන බවද වාර්තා වෙනවා.
කෙසේවෙතත් ඇය පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධියේ නිරුවත් වූ ඉන්දීය ජාතික පළමු තරුණිය තමා නොවන බවත් මීට පෙර අවස්ථාවන්වලදී විවිධ සඟරා සඳහා ඉන්දීය නිරූපිකාවන් නිරුවත් වී ඇති බවයි.
තමා නිරුවතින් මෙම වැඩසටහනට එක් වූයේ යහපත් අරමුණකින් බවත් ඇය සඳහන් කර තිඛෙනවා.
ඇය වැඩි දුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පරිසරය රැක ගැනීමට හැමෝම ප්‍රමුඛත්වය දිය යුතු බවයි.
එම වීඩියෝව පහතින්.

India is ashamed of the girl naked in public (VIDEO)
නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්
5/30/2016 09:53:00 PM
මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු.
මේකට සම්බන්ධ වෙන්න මැති ඇමැති පිරිසකට වගේම ඒ රටේ කටයුතු වලට උදව් දුන්න ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා දෙනමකටත් ආරාධනා කළා.
ඉතින් මේ උත්සවය ඉවරවෙලා පුංචි තේ පැන් සාදයක් පවත්වන අවස්ථාවේ ආණ්ඩුවේ ආර්ථික පැත්තෙ ප්‍රබල ඇමැති කමක් කරන කොළඹ දිසාවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ස්වාමීන්වහන්සේලා දෙනම ළඟට සැපත් වුණා.
මේ සැපත් වීමෙන් පස්සෙ එතන හිටපු ප්‍රධාන පෙළේ ප්‍රකට නායක හාමුදුරැවෝ... අර ඇමැතිතුමාට එක පාරටම දෙහි කපන්න ගත්තලු...
zතමුන් දැනගන්න ඕන අපිත් මේ ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් ඔය කාටත් ඒව මතක නැහැ. මම ඒව මතක්කරල දෙන්නයි හිටියෙ.ඔයාලා එන්න එපා අපිව රවට්ටන්න...Z
කියල ඉතාම සැර භාෂාවෙන් මේ යෝධ ඇමැතිතුමාට විවෘත සභාවෙ තදබල ප්‍රහාරයක් එල්ල කළාලු.
ඒක ඉවරවෙයි කිය කියා බලන් හිටපු ඇමැතිගෙ මිත්‍ර නුගේගොඩ පැත්තෙ හාමුදුරැවන්ටත් එතෙන්දි කර කියාගන්න දෙයක් නැතිවුණේ ඉහළම නායක හාමුදුරැවන්ගෙ කට වහන්න අමාරැ බව නුගේගොඩ හාමුදුරැවොත් දන්න නිසාලු.
අන්තිමේදි සභාව ඉදිරියේ මේ සංග්‍රහය ලබාපු ඇමැතිතැන ආයෙනම් රැක්මලේ පන්සල පැත්තෙ යන්නෙ නැහැ කියල හිතාගෙන මාරැවුණා කියලයි බලන් හිටපු අයට පෙනුණෙ...

Monk blame to minister
විවාහයගැන හීන මවන්නේ නෑ - ඩිනක්ෂි ප්‍රියසාද්
5/30/2016 08:14:00 PM
ඩිනක්ෂි ප්‍රියසාද් නමැති රංගන ශිල්පිනිය ලස්සන හිනාවක් තිඛෙන පුංචි තාරකාවක්.
ජනප්‍රියතම නිළියට හිමි සම්මානය පසුගිය දා පැවැති දෙරණ සම්මාන රාත්‍රියේදී ඇය හිමිකර ගත්තාය.
ඈ පිළිබඳ අලුත් ම තතු දැනගන්න,පසුගියදා අප ඈ හමු වුණා.
පසුගිය දා ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ පිළිබද කතා කළොත්?
දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ගැන මට දැනෙන්නේ සතුටක්.
මට මෙතැනට එන්න සහයෝගය දුන් සියලු ම දෙනාට මා මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා.
මොනවද මේ දවස්වල කලා කටයුතු?
ටෙලි නාට්‍ය කීපයක රූගතකිරීම් කරමින් ඉන්නේ.
ලබන මාසේ සිහින මල කියන මං ටෙලි රගපෑව ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.
එය සුදන්ත තිලක්සිරි ගේ අධ්‍යක්ෂණයක්.
ටී ටුවෙන්ටි ටෙලි නාට්‍ය, තිසුල දීප තඹවිටගේ මහී පූජා නාට්‍ය විකාශය වීමටත් නියමිතයි.
වී.වී.අයි.පී නාට්‍ය ටීවී වන් නාලිකාවේ විකාශය වෙනවා.
එය චාමර පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. මීට අමතරව දෙරණ ස්ටාර් සිටි රියැලිටි ෂෝ වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
අලුතෙන් සිනමා පටයකට දායක වුණේ නැද්ද?
චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම රූපගතකිරීම් ආරම්භ වුණේ නැහැ.
හතු පිපෙනවා වගේ ඉක්මනින් නිර්මාණය වන ටෙලි නාට්‍යවලට දායක වෙලා රසිකයන්ට එපා වෙනකල් පුංචි තිරයේ ප්‍රදර්ශනය වෙන නිළියක් වෙන්න ඔබත් කැමතිද?
මට එහෙම නිර්මාණ බොහොමයකට ඇරියුම් ලැඛෙන්නේ නෑ. ලැඛෙන නිර්මාණවලට මම දායක වෙනවා.
ආර්ථිකය ගැන හිතලා අකමැති වුණත්, සමහර නිර්මාණවලට දායක වෙන්න කලාකරුවකුට සිදු වෙනවා. මටත් ඒක වෙනවා.
කලාකරුවෙක් වුණාම මොනවා හරි ගුණාත්මක තේරීමක් යටතේ කලා කටයුතුවලට දායක වෙනවා නම් ඒක නළු නිළියන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් හොඳයි කියලා මං හිතනවා.
මට ආදර චරිත බොහොමයක් ලැබිලා තියෙනවා. මට ලැඛෙන ඕනෑම චරිතයක් බාර අරගෙන ,ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන්.
දිනේෂ් ප්‍රියසාද් කියන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. පියාගේ කලා ගමන දියණියන් තිදෙනාට පාර කපා දුන්නා කිව්වොත්?
ඒකත් එක හේතුවක්. අපි රංගන කටයුතු කරන ගමන් අධ්‍යාපන කටයුතුත් කරනවානේ. ඒත් තාත්තාගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ කලාව.
එයාලා ඒ වෙනුවෙන්ම කැපවීමෙන් වැඩ කළා. තාත්තලාට වගේ කලා කටයුතුවල පමණක්ම නිරත වෙන්න අපට අවස්ථාව නැහැ.
ඒත් තාත්තාගෙන් මට ගන්න පුළුවන් ආදර්ශය තමයි සියයට සියයක්ම තමන්ගේ වැඩේ වෙනුවෙන්ම කාලය වෙන් කරන එක.
සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි.
මට තාත්තාගේ ඒ ගුණය පිහිටලා තියෙනවා.මමත් වැඩක් කරන්න ගියාම පුළුවන් උපරිමයෙන්ම කරනවා.
තාත්තා තමයි මම වැඩක් කරන්න ගියාම සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්නේ. ඒ වැඩේ කරන්න කරන්න කියලා පස්සෙන්ම ඉන්නවා.
එයාගේ ආසාව තිබුණේ පොඩි කාලෙ ඉඳලම අප කලා ක්ෂෙත්‍රයට යොමු කරවන්න. අම්මා තමයි අප අධ්‍යාපනයට යොමු කළේ.
නවක නිළියක් විදිහට ක්ෂේත්‍රයේ නව ගමනක් යන අවස්ථාවේදී, කලා ලෝකයේ ගරු කරන ප්‍රවීණ ශිල්පීන් ඇති. ඔබ ආදර්ශයට ගන්න කැමැති අය කවුද?
ප්‍රවීණ කලාකරුවන්ට මම හැමදාමත් ගරු කරනවා. සමහරු ඇහැට දැකලාවත් නැහැ. අතලොස්සක් අපි අතරේ ඉන්නවා.
ඒ අය කරපු නිර්මාණවලට මම බොහොම කැමතියි.
ඒ නිර්මාණ එක්ක තමයි මම ඉන්නේ. ඒවා නැත්නම් අද අපිට කලා ක්ෂේත්‍රයක් නැහැනේ.
ප්‍රවීණ කලාකරුවන් වගේම, අද කාලේ කලාකරුවන් සමඟත් මම මිත්‍රත්වයෙන් වැඩ කරනවා. මම හැමෝටම ගරු කරන කෙනෙක්.
මාලනී ෆොන්සේකා මහත්මිය වාණිජ හා කලාත්මක සිනමාව ජයගත් කෙනෙක්. මම ඇයට කැමතියි.
ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ රංගනයටත් මම කැමැතියි.
ඊට අමතරව ටෝනි රණසිංහ, ගාමි” ෆොන්සේකා, ජෝ අබේවික්‍රම කියන මහත්වරුන්ට මම ගෞරව කරනවා.
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් නැද්ද?
නිෂ්පාදනයට අත ගහන්න තරම් සල්ලි තවම මට නැහැ.
අධ්‍යක්ෂණයට නම් මම බොහොම කැමැතියි.
කවදා හෝ අධ්‍යක්ෂණයට යොමු වෙන්නත් කැමැත්තක් තියෙනවා.
ගායනය වගේ සැගවුණු දක්ෂතා ඔබට තිඛෙනවද?
ගායනයට නම් ඒ තරම් දක්ෂතාවක් නෑ. කවුරුත් හිතුවෙ නෑ මම ර`ගපායි කියලා. සැඟවුණු දක්ෂතාවක් තමයි රංගනය.
ඒක එළියට ඇවිත් තියෙන්නේ. ඉදිරියේ දී මොනවා වෙයිද කියන්න බෑ. දැනට මම ආසාවෙන් කරන්නේ මේ කලා කටයුතු තමයි.
නිවේදිකාවක් විදිහට කටයුතු කිරීම ඔබේ නිළිකමට බාධාවක් වුණොත්?
නිවේදනයෙන් තමයි මම කලා කටයුතු පටන් ගත්තේ.මම තාම ඒක නවත්වලා නෑ.
මම එය ඉතාහත්ම කැමැත්තෙන් කරන දෙයක්. එය ක්ෂේත්‍ර දෙකක් නිසා රංගනයට කිසි බාධාවක් නෑ.
මේ දෙකෙන් ඔබේ අනාගත වෘත්තිය මොකක් වේවිද?
රංගනය වෘත්තිය වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා මගේ වෘත්තිය රංගනය වෙයි කියලා.
ඒකෙන් ගැළවෙන්න මට දැන් බෑ. මම එය කැමැත්තෙන්ම කරගෙන යනවා.
රංගනය වෘත්තිය වෙනවා වගේම, නිවේදන කටයුතු එයට සමාන්තරව කරගෙන යාවි. කලාව කිව්වහම මේ සියල්ලම ඒකට ඇතුළත්නේ.
නව අදහස් ඇති කාන්තාවක් විදිහට විවාහය ගැන ඔබ මොනවද හිතන්නේ?
විවාහය කියන දේ දිහා වත්මන් පරපුර බලන්නේ ඉස්සර වගේ නෙමෙයි. විවාහය කියන්නේ කාන්තාවකගේ ජීවිතේ සන්ධිස්ථානයක්.
ඒත් දැන් පරම්පරාවේ ගැහැනු ළමයින් ඒක තමයි ජීවිතේ එක කියලා කරගෙන නැහැ.
එය තවත් එක් දෙයක් විතරයි. ඒ කාලෙයි මේ කාලෙයි ගැන හිතලයි මම කියන්නේ. ඒ කාලේ කිව්වේ අපේ අම්මලාගේ කාලේ.
අද කාලේ ගැහැනිය පිටෙත් පවුල් බර පැටවිලා තියෙනවා. කාන්තාවන් මුදල් හම්බ කරන්න ඕනේ. ඒ නිසා කාන්තාව ස්වාධීන විය යුතු තත්ත්වයක් දැන් තිඛෙනවා.
තමන්ට මොනවා හෝ ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනෑ. පිරිමියා මත යැපෙන්න හිටියොත් ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ගැන හිතලා වැඩ කළොත් විවාහය සාර්ථක වේවි.
ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද?
විවාහය කියන දේ කවුරු හෝ කියූ පලියට කරන්නත් බැහැ. ඒක හිතට දැනෙන්න ඕන දෙයක්. කවුරුවත් කියන පලියටවත්, වයස යන හින්දාවත් විවාහ විය යුතු නැහැ.
එහෙම විවාහ දැන් කාලේ පවතින්නෙත් නැහැ. ඉස්සර තමයි ඒවා පැවතුනේ. අපේ අම්මා අදටත් කියනවා දැන් කාලේ ළමයි ඉවසන්නේ නෑනේ.
අපි නම් ඉවසීමෙන් වැඩ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් කාලේ ඉවසන්නත් බෑ. ඉවසුවට ඇති වැඩකුත් නෑ කියලා මං හිතනවා.
ඔබේ වයස කියන්න කැමතිද?
අවුරුදු විසි හයයි.
ඔබ පෙම්වතියක්ද?
දැනට නැහැ.
ආදරය ගැන අත්දැකීම් එහෙම නැති වෙන්න බෑ නේද?
ඔව්. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. එහෙම ආදරේ කරලත් තියෙනවා. ඒවා බිඳ වැටිලත් තියෙනවා. ජීවිතේ පොඩි දුකකුත් තියෙනවා .
ඒත් දැනට නම් විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. විවාහ වන කෙනා මං කරන දේවල් එක්ක කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්නත් ඕනෑනේ. එහෙම කෙනෙක් මට හමුවෙලා නැහැ.
හොඳ කෙනෙක් ලැබුණොත්?
අනාගතේ දී හමු වෙයිද කියන්න බැහැ. එහෙම කෙනෙක් ලැබුණොත්, මෙයත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා එතැනදි මට හිතෙන්න ඕනෑ.
විවාහ වුණා නම් වෙන් වෙන්න අවශ්‍යතාවක් නැහැනේ. දැනට මට එහෙම කෙනෙක් ගැන හිතිලා නැහැ. ඒකට හේතුව මම සතුටින් ඉන්න නිසා වෙන්න ඇති.
එහෙම වුණොත් ඒ ගැන එදාට හිතලා බලනවා. ඊළඟ තත්පරේ මොනවා වෙයිද අපි දන්නේ නෑනේ.
සහකරුවෙක් ගැන අදහසක් තවම නැතත්, මවක් වෙන එක හැම කාන්තාවකටම තිඛෙන හීනයක්. ඔබට ඒ හීනයත් නැද්ද?
මම චූටි බබාලට කැමතියි. ඒත් මම ඒ ගැන හිතලා නෑ. විවාහය ගැන මම හීන මවන්නේ නෑ.
තරුණ කාලේ මුල්ම අවධියේ නම් විවාහ වෙන්න ඕනේ, බබාලා හදන්න ඕනේ කියලා අදහස් හිතට ආවා. ඒත් කාලයත් එක්ක අපි කාර්යබහුල වෙලා.
දැන් වයසත් එක්ක අත්දැකීම් සමඟ ජීවිතේ ගැන ලේසියට හිතන්න බෑ. අපට දැන් තේරෙනවා ජීවිතේ කොයි තරම් අභියෝග තියෙනවාද කියලා.
විවාහයකින් පස්සේ මම ඒ ගැන හිතාවි.
හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාව කියන මේ දෙකෙන් කැමැති කෝකටද?
හොලිවුඩ්, බොලිවුඩ් කියන්නේ වෙනස් සිනමා කර්මාන්ත දෙකක්. දෙකටම කැමතියි.
බොලිවුඩ් සිනමාවේ කැමැතිම නිළිය කවුද?
මම ආසම දීපිකා පදුකෝන්ට.
නිළියක් විදිහට විවිධ විලාසිතා අනුගමනය කරන්න වෙනවා. වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේ විලාසිතාවලටද?
විලාසිතා කරද්දී නම් මම යන උත්සවය හෝ අවස්ථාව සලකලා විලාසිතාව තෝරා ගන්නවා.
විශේෂයෙන් බොලිවුඩ් නළු නිළියන්ගේ විලාසිතාවලට කැමතියි. මං වැඩියෙන්ම කැමැති ඉන්දියානු විලාසිතාවලටයි .
පවුලේ අයගෙන්, විශේෂයෙන්ම සහෝදරියන් දෙදෙනාගෙන් ඔබට ලැඛෙන්නේ මොනවගේ සහයෝගයක් ද?
අම්මා තමයි හැම දේම හොඳයි කියලා ධෛර්යමත් කරන්නේ. නංගිලා දෙන්නා හොඳ වගේම මගේ රඟපෑමේ හෝ ඕනෑම දේක අඩුපාඩුත් පෙන්නා දෙනවා. තාත්තත් එහෙමයි. පවුලේ හැමෝම මට විශාල ධෛර්යයක්.
ඔබේ සහෝදරියන් මේ දිනවල මොනවද කරන්නේ?
ඒ දෙන්නා හොඳින් ඉන්නවා. ශේෂාද්‍රි මේ දවස්වල එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයාගේ චිත්‍රපට හයක් පමණ තිරගත වීමට නියමිතයි.
ශනුද්‍රි නම් මේ දිනවල උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඇයත් ඉන් පසුව කලා කටයුතුවලට යොමු වේවි.
ඔබ කෙටි කාලයකදි ජනප්‍රිය චරිතයක් වුණා. ප්‍රසිද්ධ වෙන්න බලපෑ හේතු මොනවද?
මම ප්‍රසිද්ධියට පත් වෙන්න එක හේතුවක් වෙන්න ඇති මගේ නල දත. මගේ නම නොදන්න අය බොහෝ වෙලාවට මා හඳුන්වලා තියෙන්නේ මගේ නල දත ගැන කියලයි.
මගේ තාත්තා වගේම මගේ කලා හැකියාව නිසා මං ප්‍රසිද්ධියට පත් වෙන්න ඇති.
සාකච්ඡා කළේ - චින්තා රණසිංහ
ඡායාරූප - දිලිප් තරංග


I don't dreaming for marriage - Dinakshi
නදීෂා අලුත් පෙම්වතා එක්ක කරපු වැඩ මෙන්න
5/30/2016 07:38:00 PM
තවමත් විවාහ නොවී සිටින නදීෂා ව්‍යාපාරික පෙම්වතෙකු සමග ඇයි හොඳයියක් පවත්වන බවට දැන් ක්ෂේත‍්‍රයේ ආරංචි පැතිරෙනවා.
ඔහු ගැන ඇය ඇගේ ෆෙස් බුක් පිටුවෙන්ද වසන් කර නැති අතර දෙදෙනාගේම ඡායාරූප පවා ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කර තිඛෙනවා.
මේ අතර පසුගිය දිනෙක කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උපන්දින සාදයකදීද ඇය පෙම්වතා කැටුවවිත් එයට සහභාගීවී තිඛෙන අතර කලා ශීල්පීන්ට හඳුන්වාදී ඇත්තේද මේ මගේ අලූත් බෝයි ෆ්‍රෙන්ඩි ලෙසිනි.

Nadeesha with her new guy
රටේ නම උඩු ගුවනට ගෙන ගිය ලාංකික තරුණිය
5/30/2016 07:30:00 PM
SKYDIVE ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාවක් වගේම ත්‍රාස්ජනක ක්‍රියාවක්.
මෙම ක්‍රීඩාව විදෙස් රටවල හුගක් ජනප්‍රියයි.
අපි මේ කියන්න යන්නේ SKYDIVE ක්‍රීඩාව කරපු ලාංකික තරුණියක් ගැන.
ඇය නමින් ලෝචනී කාවීන්දියි.
මේ වැඩේ ඇය කරලා තියෙන්නේ ඩුබායි සංචාරයක් අතරතුරදියි.
මෙම ක්‍රීඩාව සඳහා ඇය ඩිරාම් 2000ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 80000ක් වගේ වියදම් කර තිඛෙනවා.



SKYDIVE at Dubai
දුව පැනලා ගිය නිසා මව පොලිසී යද්දි පියත් රෙස්ම ගිහින්
5/30/2016 03:25:00 PM
අවුරුදු 15 දැරියක් තරුණයෙකු සමග පැනගොස් ඇති බවට දැරියගේ මව පොලිසියේ පැමිණිල්ලක් දමන අතරතුර පියා ගෙලවැලාගෙන මියයෑමේ පුවතක් වැලිගම පැත්තෙන් අහන්න ලැබුණා.
වැලිගම කප්පරතොට පැත්තේ පදිංචි 42 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ මොහු තම දැරිය අහිමිවීමේ වේදනාවෙන් එසේ ගෙලවැලලාගෙන තිඛෙනවා.
මෙම දැරිය අවුරුදු 22 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකු සමග පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Father hang due to daughter work
ලෝකල් කඩේෂන්ගේ අලුත්ම පෙරළිකාර වීඩියෝව
5/30/2016 03:10:00 PM
නටාෂා රත්නායක කියන්නේ නව පරපුරේ ඉංග්‍රීසි ගීත ගායනා ශිල්පිණියක් ලෙස බොහෝදෙනා හඳුනාගෙන සිටින ඇය ලාංකේය කිම් කාර්ඩිෂන් යන අනුවර්ත නාමයෙන් හැඳින්වීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.
එයට හේතුව වන්නේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් අන්තර්ජාලයට මුදාහැරීමයි.
කෙසේ වෙතත් මෙවරත් ඇය එවැනිම වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ නටාෂා එහි අලුත්ම කතාබහ බවට පත් වුණ බවක් දකින්න ලැඛෙනවා.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.






Natasha Rathnayaka new Video
සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ ෆෝන් එකේ 'බ්ලූ'
5/30/2016 02:20:00 PM
සිය ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ගබඩා කරගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරියක බලංගොඩ කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
එම මූලස්ථානයේ ඊයේ (29) පැවති උත්සවයකට ඇය සහභාගි වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සිවිල් ආරක්ෂක බලකාය මගින් බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන පෙරපාසලක ගුරුවරියක් ලෙසද ඇය කටයුතු කරන බවයි වාර්තා වුණේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ හැසිරීම් සහ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් කඳවුරේ සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකු එහි අණදෙන නිලධාරීවරයාට පැමිණිලිද ඉදිරිපත් කර තිඛෙනවා.
කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් පුංචි බණ්ඩාර මහතා විසින් අදාළ ජංගම දුරකතනය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අසභ්‍ය ඡායාරූප විස්සකට වැඩි ප්‍රමාණයක් එහි තිබී හඳුනාගෙන තිඛෙනවා.
විවාහක තැනැත්තියක වන 41 හැවිරිදි මෙම නියාමකවරිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ කිට්ටුවන්ත ආධාරකාරියක බවත් සඳහන්.

Lady officer of civil defence force arrested
සැමියාට නිදි පෙතිදී අනියම් සුවවිඳි කාන්තාව
5/30/2016 01:09:00 PM
සැමියාට නිදි පෙතිදී අනියම් පෙම් සුවවිඳි කාන්තාවට නොසිතූ දෙයක් වෙලා.
අනියම් ඇසුරක් මුල් කරගනිමින් තියුණූ ආයුධයකින් පහරදී අරණායක, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මියගිය පුද්ගලයා සිය බිරිදට හොර රහසේ රාත්‍රීයේ වෙනත් නිවසකට ඇතුලු වී ඇතැයි වාර්තා වේ.
අදාළ නිවසේ කාන්තාව ඇයගේ සැමියාට නිදි පෙති ලබාදී මිය ගොස් ඇති පුද්ගලයා සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත.
අදාළ කාන්තාවගේ සැමියා නින්දෙන් අවදි වී බලන විට සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමග අඹුසැමි සබදතා පවත්වන ආකාරය දැක ඇති අතර එම අවස්ථාවේදී ඔහු කල පහරදීමකින් අදාළ පුද්ගලයා මිය ගොස් ඇත.
එම මියගිය පුද්ගලයා වසර 9ක් පුරාවට මෙම අයථා සබදතාව පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.
සැමියා විසින් තියුණූ ආයුධයකින් කල පහරදීමකින් තුවාල ලබා අදාළ කාන්තාවද රෝහල් ගත කර ඇති අතර ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවක් බව අනාවරණ වී ඇත.

Husband Catches His Cheating Wife With Another Man
අයිස්ලන්තයේ ස්වාභාවික උණු දිය පිහිනුම් තටාකය
5/30/2016 12:46:00 PM
අයිස්ලන්තය කියන නම ඇහෙන කොටම අපෙ හිතට එන්නේ හිම වලින් වැහුණු සිතල වටපිටාවක් සහිත රූපයක්.
අයිස්ලන්තය පිහිටලා තියෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ.
මේ රට ඉතාමත් අලංකාර ඒ වගේම අපුරු ස්වාභාවික නිර්මාණ වලින් පිරුණු රටක් කිව්වොත් නිවැරදියි.
නමුත් ඒ රටේ පිහිටලා තියන ඊකමැ ඛ්ටදදබ කලපුව ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ.
මෙය ස්වාභාවික පිහිනුම් තටාකයක් වගේ කිව්වොත් ඔබ එකඟ වෙනවා ද?
ඒ වගේම මෙය ප්‍රසිද්ධ සම්බාහන නවාතැනක්.
ලෝකයේ 25 වන පුදුමය විදියටත් පිළිගැනෙනවා ලු.
1976 වසරේ මේ ප්‍රදේශයේ භූ තාප බලාගාරයක් ඉදිකරලා තියනවා.
ඒ ඇයි දන්නවා ද? මේ ප්‍රදේශයේ මීටර 200ක් පමණ පළල කිලෝමීටර 2ක් පමණ දිග විශාල උණුවතුර විලක් මතුවෙලා තියන නිසා.






Iceland natural hot pool
Subscribe to:
Posts (Atom)











