02 July, 2017

රාජපක්ෂලාට විහිලු කරන්න ගිහින් ජිප්සීස් සුනිල් පෙරේරා ගුටි කාපු හැටි !

sunil perera

වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රීයේදී සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලව තිබෙන බවට වාර්තා වනවා.

සුනිල් පෙරේරරා ඔහුගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් විසින් මෙලෙස ඔහුට පහර දුන් බව පැවසෙනවා.

මධ්‍යම රාත්‍රීයේදි ආරම්භ වූ සිදුවීම අවසන් වන විට අද (02) පාන්දර 1 පමණ වී තිබූ බවත් එම ස්ථානයේ ‍රැදි සිටි පුද්ගලයන් පවසනවා.

මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස් වෙතින් සුළු ප්‍රහාරයක් එල්ලවී ඇත.

කෙසේ නමුත් උත්සව සංවිධායකයන් ගැ‍ටුම සමතයකට පත් කර එම උත්සවයේ කටයුතුද ඉන්පසුව අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා මහතා මෙලෙස රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා ගීත ගායනා කිරීම නිසා ගැ‍ටුම් වලද මැදිව තිබීම විශේෂත්වයකි.

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි! - ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

Night Club party Dancers hotel

තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (02) පැවති සාදයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා.

ඊට සහභාගීවූවන් හෙරොයින්, ගංජා හා මත්පෙති භාවිත කර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම සාදයට හෙරොයින් මිශ්‍ර කර සකස් කළ මුද්දර විශේෂයක් ද ගෙනවිත් තිබූ බව හෙළිකර ගෙන තිබෙනවා.

සාදය සඳහා ඇතුළු වීමට රුපියල් දහසේ සිට දෙදහස් පන්සියය දක්වා ප්‍රවේශපත්‍ර අලෙවි කර ඇති බවද සඳහන්.

පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේ එහි තරුණ තරුණියන් දෙසියයක් පමණ සිටි බවයි පැවසෙන්නේ.

ඒ අතරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අතර බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක සිසුන්ද ඇතුළත්.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1150ක්, ගංජා මිලිග්‍රෑම් 6500ක්, මත්පෙති හා හෙරොයින් මිශ්‍ර කර සකස් කරන ලද මුද්දර ද සොයාගත් බව පොලිසිය පවසනවා. (neth)

"සජීවී වැඩසටහනේදී සුරූපී නිවේදිකාව මියයි" - ඔබත් රැවටුණාද? ඇත්ත කතාව මෙන්න (Video)

Irza khan

පසුගිය දවසක හැම වෙබ් පිටුවකම වගේ ඔබත් දකින්න ඇති නිවේදිකාවක් නිවේදනය කරමින් සිටින අතරතුර මියයෑමේ සිද්ධියක් ගැන.

ඩෙංගු මදුරුවෙක් නිසා අවසන් සුසුම් හෙලූ උදාර වෙනුවෙන් හිච්චි අක්කා තැබූ සංවේදී කඳුලු සටහන

Udara Lakshan Dengue Death

ජීවිතේ අපි ළඟ ඉන්න සමහර බැඳීම් හිතාගන්නවත් බැරි විදිහට නොසිතූ වෙලාවක අපෙන් ඈත් වුණොත් ඒක දරාගන්න අමාරුයි.

ඒත් මේ ජීවිත ගමනෙදි ඒ වගේ සිද්ධිවලට අපි කාටත් මුහුණ දෙන්න වෙනවා.

ඒ විදිහට අක්කා කෙනෙකුට මල්ලියෙක්ව අහිමි වුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන ගාල්ල අක්මීමන පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

පසුගිය 12 වැනිදා අවුරුදු 22 ක් වයස උදාර ලක්ෂාන් ඩෙංගු මදුරුවෙක් නිසා ජීවිත ගමනින් සමුඅරන්.

කරාපිටිය ශික්ෂණ රෝහලේදී අවසන් ගමන් ගිය උදාර ගැන එයාගේ ආදරණීය අක්කා සංවේදී සටහනක් තබා තිබුණේ හදවත් මොහොතකට සසල කරමින්.
මේ එම සටහනයි…

ආදරණීය මල්ලී

ජීවිතය කියන්නෙ හීනයක්. මදුරු තුඩකින් ඇහැරවන හීනයක්. 

හැම රෑකම හොර බැලලි ඇඳ උඩට පැනලා මගෙ පපුව බරාස්… බරාස් .. බරාස් ගෑවිල්ලෙ නියපොත්තෙන් පහුරුගානවා. . කං අඩි පුපුරන තරම් බර අකුණක් පපුවට ළං වෙනවා. ඉඳිකටු තුඩකින් සීරුවට පපුව කේඳීගානවා.

මල්ලි.. මට තේරෙන්නෙ නෑ කියාගන්න. මේ දුක මහා මේරුව හිස මත කඩා වැටුණටත් වඩා වැඩියි.
මතකද මද්දුඅම්මා චූටි කාලේ කියා දුන්නු දුක හිතෙන කතාව….? ඒ කතාවේ උලමා අම්මා, එදා නංගියි මමයි ඔයා බලන්න එද්දි හිටියෙ ගේ ඉස්සරහා ලයිට් වයර් එක උඩ ඉඳගෙන. උලමා අම්මා දරුවා නැති සොවින් ඇඬුවා ඒ උදෙත් ” මී පුප් ලදීම් දරු නොලදීම් රංකැටි පුතා කෝ…..කෝ…..” කියලා. ඉතිපිසෝ භගවා අරහතෝ සම්මා සම්බුද්දස්ස …. කියලා හිතින් මුමුනලා මං ඒ අම්මගෙ දුක තුනී වෙන්න ප්‍රාර්ථනා කළා.
වෙලාවකට මට කේන්තියි. අත පය දික් වෙලා මල්ලි දඬු කොල්ලෙක් වෙච්ච ඉක්මන. ඔයා ලොකු වෙන්න ලොකුවෙන්න හිච්චි අක්කා චූටි වුණා. 

ආයෙ මං ළඟට ආවම ඒ තරම් ඉක්මනට ලොකුවෙන්න දෙන්නෙ නෑ මං ඔයාට. 

මල්ලි, ඔයා හිච්චි අක්කෙ කියාගෙන ඇඳ උඩට ආවම මං ඇඟිලි තුඩු වලින් ඔයාගේ පිට දිගේ එක එක රටා අඳිනවා. අපි ඒකට කිව්වෙ කූඹියා යවන සෙල්ලම කියලා. 

ඔයා කිචි කැවිලා මහා හයියෙන් හිනාවෙනවා. කහඹිලියා ගෑවුණා වගේ නලියනවා. නංගි කිව්වේ එදා ඉස්පිරිතාලේ යන්න කලිනුත් ඔයයි නංගියි ඒ සෙල්ලම කළා කියලා.

මට හැමදේම පේලියට මතක් වෙනවා. මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත්. ඇස් පියන්න බෑ මල්ලි ඔයා ඉන්නෙ මගේ ඇස් පිහාටු අතරෙ හිරවෙලා. 

ඉස්පිරිතාලෙ ඇඳක මගෙ මල්ලි තනියම විඳින වේදනාව මටත් ටිකක් දෙන්න කියලා මං දෙවියන්ට කිව්වා.
ඒ වෙලාවේ දෙවියොත් හිටියෙ අපි ළඟ පාතක නෙමෙයි මල්ලි. 

අන්තිමේ මම ඔයා විඳින දුකින් නිදහස් කරන්න කියලා ප්‍රාර්ථනා කළා. ඊට පස්සෙයි මල්ලි ඔයා සුර ධූතයෙක් වගේ නිදාගත්තෙ. 

මට තාම මතක් වෙනවා ඔයාගේ හරි හුරතල් මූණ, රෙදිකඩ ඈත් කරලා පෙන්නද්දි . හිච්චි අක්කාත් ඔයත් එක්කම අහසෙ පාවෙන්න පටන් ගත්තා පැටියො ඒ වෙලාවෙ.

මේ රට ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි මල්ලි. අඩි හයක් උස මගේ ලස්සන මල්ලිව මදුරු තුඩකින් උස්සන් ගියේ කොහොමද කියලා මං තාමත් හිතනවා. 

අපි වැනි තුන්වැනි පාන්තිකයන්ගෙ වේදනාව මේ රටේ දේශපාලකයන්ට මැතිවරණ සටන් පාඨ විතරයි මල්ලි.
අපේ රට කරවන උතුමන්ලා ඩෙංගු සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ අපේ කාලේ මෙහෙමයි එයාලගෙ කාලේ එහෙමයි කියලා සංසන්දනාත්මකව. 

අපිට තියෙන්නෙ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් කියලා ඒ ඇත්තන්ට වැටහෙන්නෙ නෑ. 

මල්ලි ඔයා මගේ මල්ලි වුණාට මේ රටේ උංට ඔයා යහපාලන ආණ්ඩුවට අයිති ඩෙංගු මරණයක් විතරයි. ඇමතිතුමාගෙ ගණං හිලව් වලට අනුව මහින්දගෙ කාලෙට වඩා යහපාලන කාලෙ මරණ සංඛ්‍යාව අඩුයි. මහින්දලාගෙ ගණං හිලව් වලට අනුව ඩෙංගු පැතිරීම එයාලගෙ කාලෙට වඩා යහපාලන කාලෙ සෑහෙන වැඩියි. 

ඔන්න ඔහොමයි මගෙ මල්ලිගෙ ජීවිතේ එහෙටයි මෙහෙටයි පෙරලුනේ. 

මල්ලි, අපේ ගේ ඉස්සරහා වගුරට එකතුවෙලා තිබුණු කුණුගොඩ ඔයා ඉස්පිරිතාලෙ හිටපු දවස් දෙක තුනට ගමේ අය එකතුවෙලා පුච්චලා තිබුණා. 

ඊට පස්සෙ පී එච් අයි මහත්තයා ගමට ආවේ ඔයා මගෙන් ඈත්වුණාටත් පස්සෙ. වෙන මොකකටවත් නෙමෙයි මල්ලි, එයා ආවේ ඩෙංගු මරණ සංගණනයට. 

පී එච් අයි මහත්තයා ඇවිත් ගඩොල් ගොඩ වහලා තිබුණ ඉටිකොලෙත් අයින් කරන්න නියෝග කරලයි ගියේ.
ඒත් ඒ උන්නාන්සේලට ඇල අයිනෙ ගොඩ ගැහෙන කුණු කන්දට විසඳුමක් තිබුණෙ නෑ. පී එච් අයි ලොක්කා ඇහුවෙ කවුද පොලිතින් පිච්චුවෙ කියලා විතරයි. 

ගමේ මිනිහා පොලිතින් සහ කුණු එකට අඹරලා ගුලියක් සේ සකස් කර ආහාරයට ගත යුතු බව ඔවුන්ගේ නිගමනය වෙන්න ඕනෙ. අන්න එහෙමයි මල්ලි මේ රටේ හැටි. 

පී එච් අයි මහත්තයා බොහොම තදින් කිව්වා ගඩොල් ගොඩ වහපු ඉටි කොලය ඉවත් නොකළොත් නඩු දානවා කියලා. 

ගමේ මිනිහගෙ පිලිකන්නෙ තියෙන යෝගට් පියනට නඩු කියන රටේ ඇල අයිනෙ ගොඩ ගැහෙන කුණු කන්දට විසඳුමක් නැහැ. ඩෙංගු මර්දනය හාස්‍යක් වෙන්නෙ එතනයි. 

මගෙ මල්ලි අතහැරලා යන්නෙ ජීවිතය නෙමෙයි. කුණු ගඳ ගහන මේ රට. 

මල්ලි, ජනාධිපතිතුමා මේ ළඟදි දවසක කියනවා කියුබාවටත් සම්පූර්ණයෙන් ඩෙංගු පාලනය කරන්න බැරිවුණා කියලා. 

ඒ වාක්‍යයේ ගම්‍යාර්ථය වෙන්නෙ එහෙව් එකේ අපේ මෙහෙම වුණාට මොකොයි වගේ එකක්. මං ඒකයි කිව්වෙ මල්ලි. 

ඔයාගෙ ජීවිතය මට මගේ හුස්ම තරමටම වටිනවා වුණත් මේ රටේ ලොක්කොන්ට ඉලක්කමක් විතරයි.
මගේ මල්ලි යෝධයෙක් වගේ හයිය හක්තිය තිබුණ කොල්ලෙක්. 

ගමේ දානෙට පිරිතට මළගෙදරට ඔයා නැතිව පාලුයි. මම පොඩ්ඩක් වත් ආස නැති, ඔයාගේ පල්සරේ නැගලා නොගිය කෙනෙක් අපේ ගමේ නැතිම තරම්. 

කට පුරෝගෙන හිනාව, මල්ලි කතාකරන අපූරුව තාම මැවෙනවා හැබෑවට. දෙයියනේ එච්චරට මනුස්සකමින් හුඟක් බර මගේ මල්ලිගෙ ජීවිතය මදුරු තුඩකින් උස්සගෙන ගිය හැටි..

උකුණු මකුණු මදුරුවන්ට විෂ දළ ඇති වෙන්න එපා
මහ විෂකුරු දල තිබුණට අනුන්ට වද දෙන්න එපා
මතකද මල්ලි පුංචි කාලේ අපි ඉස්කෝලෙදි කියපු කවිය.
ඒ දවස්වල අපිට ගුලිවෙලා නිදාගන්න මඳුරු දැල් තිබුණෙත් නෑ. 

පොල්ලෙලි දුමෙන් මදුරුවො එලවපු හැටි මතක් වුණාම එයාලා ඔයාට මේ තරම් නපුරු කමක් කළේ ඇයි කියලා හිතාගන්න බෑ. 

මල්ලි අපි නොදන්න ඉතාම විරල සංකූලතාවක් ඔයාට වැළඳිලා තිබුණෙ. ඩෙංගුවලම භයානක අවස්ථාවක් කියලයි ඉස්පිරිතාලෙ ලොකු දොස්තර කිව්වෙ. 

ඔයා දැඩි සත්කාරෙට වෙලා මැෂිමක ආධාරයෙන් ඔක්සිජන් උරද්දි මං ඒ දොස්තරලගෙ පිටිපස්සෙන් වෙව්ල වෙව්ල ගියා මල්ලි. 

දෙවි කෙනෙක් ඉස්සරහා වැඳගෙන ඉන්නවා වගේ හැඟීමෙන් මං එයාලා ඉස්සරහා වැඳගෙන හිටියා මල්ලි.
ඩෙංගු රෝගයේම අතිෂය විරල සංකූලතාවයක් වන HLH තත්ත්වයට මල්ලි ගොදුරු වී ඇති බව ඒ දොස්තර කියා දුන්නම මගේ සියලු සයිල දැති රෝදෙකට අහුවෙලා ඇඹරිලා යනවා වගේ දැනුනා. 

මල්ලි, ඇඟෙන් කෑල්ලක් කපලා ඉල්ලුවා නම් ඕනම තැනකින් ඕනම ප්‍රමාණයක් කපලා දෙන්න පුළුවන් හයිය මට වගේම අපි හැමෝටම තිබුණා. 

සල්ලි ගස් වලින් වුණත් කඩන්න පුළුවන් තරමට ඒ වෙද්දි අපි පොහොසත් වෙලා තිබුණා. 

ඒත් මල්ලි ඩෙංගු මදුරුවා අපිට එක අවස්තාවක්වත් දුන්නෙ නැහැ. 

ඔයාගෙ තාත්තට ඒ වෙලාවේ තිබුණේ හිතාගන්නවත් බැරි ධෛර්‍යක්. ඒත් එක තැනකදි අපි හැමෝම දියවෙලා ගියා මල්ලි.

මේ වෙද්දි ඩෙංගු මරණ 2**** ක් වාර්තා වෙලා තියෙන බව දැන ගන්න ලැබුණා. 

මගෙ මල්ලිත් ඒ අය අතරට එකතු වුණා. ගතවූ මාස 6 ඇතුලත ඩෙංගු රෝගීන් 68503ක් වාර්තා වෙලා ඇතිබව සෞඛ්‍යය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියනවා. 

මේ සංඛ්‍යාවේ වැඩිවීමක් මිසක අඩුවීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. 

අනාගතේ දවසක ඔයාගෙ හිච්චි අක්කත් ඩෙංගු රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ තරම් අවදානමක දැන් අපි හුස්ම ගන්නෙ. 

මල්ලි ඔයා නැති පාළුව මට වඩා ඔයාගෙ නංගිට තාත්තට නැන්දට හුඟක් දැනෙනවා . 

හැම රෑකම එයාලට තනි රකින ගමේ අය වගේම ඔයාට පණටත් වඩා ආදරය කළ අපි හැමෝටම ජීවිතය කියන්නෙ හීනයක්. මදුරු තුඩකින් ඇහැරුණු හීනයක්.

මං ආදරෙන් බලාගෙන ඉන්නෙ මගෙ මල්ලිව උකුලෙ තියලා නලවන්න. ඔයාගෙ අම්මා වෙන්න. ඒත් මේ රටට ආයෙ එන්න හිතන්නවත් එපා මල්ලි. 

මෙහේ ඉන්න මදුරුවො අපි වගේ අහිංසක මිනිස්සුන්ට විතරයි කරදර කරන්නෙ. 

මේක ජීවිතයක වටිනාකම එකායි දෙකායි තුනායි කියලා ගණං කරන, ජීවිතයට සංඛ්‍යාත්මක අගයක් විතරක් දෙන රටක්. 

ඒ නිසා මේ දහ ජරා රටේ පුළුවන් තරම් දුක් විඳලා හිච්චි අක්කා එන්නම් ඔයාව බලන්න.
මගෙ මල්ලිට බුදුසරණයි.

මීට,
හිච්චි අක්කා

වනිඳු හසරංගට මංගල තරගයෙන්ම කඩුලු ත්‍රිත්වයක් - ඉතිහාස ගතවන දස්කමක්

Waninu Hasaranga - Hat Trick

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ 19 හැවිරිදි වමතින් දඟපන්දු යවන වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා.

එය වාර්තා පොත් අතරට එක් වුණේ මෙවැනි දක්ෂතාවයක් පන්වූ ලොව තුන්වැනි ක්‍රීඩකයා වනිඳු ලෙසටයි.

ඔහු සහභාගී වූ පළමු තරගයේදීම මෙම දක්ෂතාවය පෙන්නුම් කිරීම මෙහි විශේෂත්වය වනවා.

Waninu Hasaranga - Hat Trick - 02

තිසර එංගලන්තයට

thisara perera-08

එංගලන්තයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත පිළ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පිළේ තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා.

ඒ, එරට විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහායි.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කුල්නා ටයිටන්ස් පිළ නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. (neth)

අයිෆෝනය තවත් වසර දහයකට පසු

iphone 7 concept

මෙම දිනවල සමාජ ජාල සහ බොහෝ ප්‍රවෘත්ති ජාලයන් තුළ කථාබහට ලක්වන කරුණක් වන්නේ ඇපල් අයිෆෝනයට අවුරුදු 10ක් පිරීමේ සංවත්සරයයි. එම සංවත්සරය අදයි. මෙයට අවුරුදු 10 කට පෙර, එනම් 2007 ජූනි 29 දින වෙළෙඳපොළට එළිදැක්වූ අයිෆෝනය සැබවින්ම ලෝකයේ ස්මාට්ෆෝනය යන සංකල්පය ප්‍රචලිත කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් බව නොරහසකි.

ලෝකයේ ප්‍රථම වතාවට එළිදු‍ටු ස්මාට්ෆෝනය අයිෆෝනය නොවන්නාක් සේම, ලෝකයේ ප්‍රථම ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය iOS වන්නේද නොවේ. එය එසේ වූවත් 2007 දී ඇපල් සමාගම මගින් හඳුන්වා දුන් අයිෆෝනය යනු බහු-ස්පර්ෂ අතුරු මුහුණතක් ලෝකයට හඳුන්වා දුන් පළමු ස්මාට්ෆෝනයයි. සැබවින්ම ලෝකයේ බොහෝ දෙනෙකු ස්මාට්ෆෝනය යැයි හඳුනාගන්නා වර්තමාන උපාංගයේ ජනප්‍රියම පුරෝගාමියා වූයේ අයිෆෝනය යැයි කීම නිවැරදි වනු ඇත.

මේ වනවිට අයිෆෝනයේ ප්‍රධානතම තරගකරුවා ලෙසින් එක් ස්මාට්ෆෝන් වෙළෙඳ නාමයක් හැඳින්විය නොහැකි වන අතර, වඩාත් සුදුසු වන්නේ අයිෆෝනයේ ප්‍රධානතම තරගකරු ලෙසින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයන් හැඳින්වීමයි.

අතීතයේ සිටම අයිෆෝනය යනු වඩාත් සුඛෝපභෝගී ස්මාට්ෆෝනයක් ලෙසින් සිය වෙළෙඳ නාමය සකසාගෙන තිබූ අතර, ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයන් ඉදිරියට ආවේ සාමාන්‍ය ජනතාවට පවා ප්‍රවේශ විය හැකි ‹මිනිසුන්ගේ ස්මාට්ෆෝන් උපාංගයන්› ලෙසිනි. තවමත් අයිෆෝන් උපාංගයන් නඩත්තු කරන්නේ තමන්ටම අනන්‍ය වූ එම සුඛෝපභෝගීත්වයේ සංකේතයක් යන අදහසයි.

අද දිනයේදී අයිෆෝනයේ සාර්ථකත්වය සමරන්නාක් සේම බොහෝ දෙනාගේ අවධානයට ලක්වන කරුණ වන්නේ තවත් වසර දහයකට පසු අපට දක්නට ලැබෙනා අයිෆෝනයක් කුමන ගති ලක්ෂණ දරනු ඇතිද යන්නයි. මෙහිදී බොහෝ දෙනෙකු සැක පහළ කරන්නේ අයිෆෝනයේ අභාවයද ඒ වනවිට ආසන්න වනු ඇතැයි යන්නයි.

සැබවින්ම වසරින් වසර නවීනත්වයට පත්වන ස්මාට්ෆෝන් පරිණාමය දෙස බලනවිට තවදුරටත් අයිෆෝනය යනු තවත් එක් සුඛෝපභෝගී ස්මාට්ෆෝනයක් මිස ලෝකයේ විශිෂ්ටතම ස්මාට්ෆෝනය නොවේ.

එනිසා ඉදිරියේදී තම අනන්‍ය වූ හැඩය, පෙනුම සහ නිමාව ආරක්ෂා කරගනිමින් වූවද නවීන ස්මාට්ෆෝන් උපාංග සමගින් තරග වැදීමට තම දෘඩාංගයන් නවීකරණයට ලක් කිරීමට, මෙහෙයුම් පද්ධතියට නවාංග එක් කිරීමට මෙන්ම අයිෆෝනයේ හැකියාවන් වැඩි දියුණු කිරීමට හා නව හැකියාවන් හඳුන්වා දීමට ඇපල් සමාගමට සිදුවනු ඇත.

කෙසේ නමුත් ඕඩියෝ ජැක් එක ඉවත් කිරීම වැනි ‹නව්‍යකරණයන්› සැබවින්ම එයට මාර්ගයද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.

( පැතුම් පුංචිහේවා - ada) 

සුප්‍රකට අයගේ අප්‍රකට පුරුදු

Well known obscene habits

සුප්‍රකට පුද්ගලයන් බැබළෙන්නේ අසාමාන්‍ය දස්කම් නිසාය. අසාමාන්‍ය වන්නේ ඔවුන්ගේ දස්කම් පමණද? මොවුන්ගේ ජීවිතවලට එබී බැලුවොත් ඔවුන්ගේ ජීවන චර්යාවන්ද අසාමාන්‍ය බව සිතෙනු ඇත.

පේටන්ට් තුන්සියයකට පමණ හිමිකම් කියන, නූතන වායු සමීකරණ විදුලි සැපයුම් පද්ධතියේ (ඒසී) නිර්මාතෘ, නිකොලා තෙල්සා වයස අවුරුදු අසූ හයක් වන තුරු ජීවත් වූ අයෙකි. තනිකඩයකු වූ ඔහු පෙම් බැන්දේ පරවි ධේනුවකටය. නිකොලා සෑම රාත්‍රියකම එක පාදයක ඇඟිලි සිය වරක් බැගින් මිරිකීමට පුරුදු වී සිටියේය. දිනක් ලේඛකයෙක් මේ ගැන විමසූ විටය ඔහු කියා ඇත්තේ එසේ කිරීමෙන් ඔහුගේ මොළයේ සෛල උත්තේජනය වන බවය. නිකොලාගේ නින්ද දිනකට පැය දෙකකට සීමා විය.

ඔහු දිනකට කි.මී. 13 – 16 ක් ඇවිද්ද අතර උදෑසන 9.00 සිට සවස 6.00 වන තුරු එක දිගට වැඩ කළේය. පස්වරු 8.10ට හරියටම රාත්‍රී ආහාරය ගත්තේය. විසිවැනි සියවසේ වඩාත් නිර්මාණශීලි ගණිතඥයා ලෙස සැලකෙන පෝල් එර්ඩෝස් විවිධ වර්ගයේ උත්තේජකවලට දැක්වූයේ පුදුම කැමැත්තකි. ඔහු අවධානය අඩු අයට ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඇමිෆෙටමින් පැය 20ක් පුරාම දහනය කර තිබෙන්නේ ගණන් සෑදීමට උත්තේජකයක් ලබා ගැනීමටය.

ලෝකයේ විද්‍යාඥයන් සතුව සිතාගත නොහැකි අපූරු පුරුදු ගණනාවක් තිබී ඇත. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලීන් නිරුවතින් හිරු එළිය ස්නානය කිරීමට පුරුදු වී සිටි අයෙකි.

නින්ද ගතේ වගේම සිතේ සෞඛ්‍යයටද හිතකර බව අප අසා ඇත. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් දිනකට අඩුවශයෙන් පැය දහයක්වත් නිදා ගත්තේය. එහෙත් අද අමෙරිකානුවකු නිදා ගන්නේ පැය 6ක් තරම් කෙටිකාලයකි. ඩාවින්සි පැය 8ක් නිදාගෙන තිබේ. කෙටි නින්දවල්වලින්ද ඔවුන්ට අඩුවක් තිබී නැත.

අයින්ස්ටයින්ගේ නින්ද පැය දහයකට සීමා නොවීය. ඔහු දිවා කාලයේ කෙටි නින්දකටද රුසියකු විය. ආහාර ගන්නා ඇතැම් විට ඔහු නින්දෙන් අවදිවන්නේ කෑම පිඟාන මතට හැන්ද හෝ ගෑරුප්පුව වැටුණු විටය. මේ අනුව විසිවැනි සියවසේ කුම්භකර්ණයකු ලෙස ඔහු හැඳින්වීමේ කිසිඳු වරදක් නැත.

ඇවිදීම අයින්ස්ටයින් පූජනීය ලෙස සැලකූ පුරුද්දකි. ඇවිදීමේදී කඳු නැඟීමේදී මතකය වැඩි දියුණුවන බවට ඔහු විශ්වාස කළේය. ඩාවින්ද ඔහු මෙන්ම ඇවිදීමට උනන්දුවක් දැක්වූ අයෙකි. ඩාවින් දිනපතා මිනිත්තු 45ක් ඇවිද තිබේ. අයින්ස්ටයින් දිනකට සැතපුම් 1 1 /2ක දුරක ඇවිද්දේය. ඇවිදීම මතක ශක්තිය දියුණු කරන, ගැටලු විසඳීමේ ශක්තිය, නිර්මාණශීලිත්වය අවදිකරන බවට ඩාවින් හා අයින්ස්ටයින්ට වැඩි නිදසුක් තිබෙනවාද?

අයින්ස්ටයින් මේස් පැළඳීමට දැක්වූයේ දැඩි අකැමැත්තකි. ඊට හේතුව නිරන්තරයෙන්ම මේස්වල මාපට ඇඟිල්ලේ සිදුරු සෑදීමයි. මේස් නැතිව පාවහන් පැලඳූ ඔහු අවසානයේදී පැලඳ තිබෙන්නේ දෙවැනි බිරිය එල්සාගේ පාවහන්ය. අයින්ස්ටයින් කාන්තා ලෝලියකු ලෙසද ප්‍රකටය.

ඩේවිඩ් බෙකම්, පාපන්දු ලොවේ වීරයාට සෑම දෙයක්ම රේඛීයව, කෙළින් තිබිය යුතුය. සෑම දෙයක්ම යුගල ලෙසින් තිබෙනවාටද ඔහු කැමැත්තක් දැක්වීය.

අමෙරිකාවේ නළු ගායක එමිනම්ට නිදාගත හැක්කේ සම්පූර්ණයෙන්ම ජනෙල් ආවරණය කරන ලද අඳුරු කාමරයක ය. නිළි කැතරින් සීටා දත් මදින්නේ ස්ට්‍රෝබෙරිවලින් තලා සාදාගන්නා දන්තාලේපයකිනි. කේට් පෙරි ගමන් මල්ලේ දත් බුරුසු විස්සක් රැගෙන යන්නීය. දිනකට හයවරක් දත්මැදීමට අමතක නොකළාය.

අමෙරිකාවේ පුංචි තිරයේ වීරයා, සිමන් කොවෙල් දිනපතා ගසක් නැඟීම, මුහුණ සේදීම මෙන්ම පුරුද්දට කරන්නකි.

ජෙනිෆර් ඇනිස්ටන් ගුවන් ගමනට ඉතා බිය ය. එනිසා ඇය ගුවන්යානයකට ගොඩ වෙන්නේ දකුණු පය පෙරට තබාය. ගුවන් යානයේ එක් පැත්තක් අල්ලා ගැනීමට ද ඇය වගබලා ගන්නීය.

රුධිර සංසරණය සහ හෘද ක්‍රියාකාරීත්වය සොයාගත් ශ්‍රීමත් විලියම් හාවේ අඳුරේ සිටීමට කැමැතිය. ග්‍රීෂ්ම සෘතුවේදී ඔහු පොළොවේ අඳුරු ගුහා සාදා සිත එකඟ කර ගැනීමට පෙළඹී තිබේ.

අමෙරිකාව නිර්මාණය කිරීමට පු‍රෝගාමී වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සෑම දිනකම උදෑසන උපන් ඇඳුමින් ජනේලය ඉදිරිපිට සිටගෙන නැවුම් වාතයෙන් සිරුර නාවා ගත්තේය. නැවුම් වාතය සමඟ ඔහුගේ සියලු රෝග ගසා ගෙන යන බවට ඔහු විශ්වාස කළේය.

ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ආහාර පාන ගත්තේ තෝරා බේරා ගෙනය. ඇපල් ගෙඩිය, කැරට් අලවලට පමණක් ඔහුගේ ආහාර සීමාවී තිබිණි. ස්ටීව් ජොබ්ස් තම ආහාර රටාව නිසා දහදිය දුගඳක් ඇති නොවන බව විශ්වාස කළ අතර දහදිය දුගඳ නැති කිරීමට ඩියොඩ්රන්ට් දැමුවේ නැත. දිනපතා ස්නානය කළේද නැත.

නිර්මාංශ ආහාර රටාවේ පියා ලෙස සලකන පයිතගරස් බෝංචි හා ඇටවර්ගවලට දැක්වූයේ දැඩි අකමැත්තකි. ඔහු තම ගෝල බාලයන්ටද එම ආහාර කෑමට පමණක් නොව ඇල්ලීමටද තහනම් කළේය.

සංගීතඥ බීතෝවන් නිතරම ජලයෙන් නැවී සිටීමට කැමැත්තක් දැක්වීය.

රසිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් බ්‍රැඩ් පිට් සති ගාණක් ස්නානය නොකිරීමට සමතෙකි. සබන් සිරුරට විස බව සිතන ඔහු සම පිරිසිදු කරගන්නේ ළදරුවන් පිස දමන තුවාවලිනි.

බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වූ ශාහිඩ් කපූර්ට දිනකට කෝපි කෝප්ප 8 – 10ක් නැතිවම බැරිය. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් ආතතියට පත්වූ විට නියපොතු සපයි. සූරූපී තාරකා මෙගන් ‍ෆොක්ස් සතුව ගඳ ගසන පුරුද්දක් තිබේ. ඇය වැසිකිළි ගිය පසු ෆ්ලෂ් කරන්නේ නැත. මේ නිසා ඇයගේ මිතුරියෝ මෙගන් දුටු විට නාසය වසා අප්‍රසාදය පළ කරති.

නිළි ජෙසිකා සිම්ප්සන්ට දිනපතා දත් මැදීමේ පුරුද්දක් නැත. සතියටම ඇය දත් මදින්නේ තෙවරකි. අනෙක් දිනවලට රෙදි කැබැල්ලකින් දත් පිරිමදියි. නව පරපුරේ නළු රොබට් පැටින්සන් සති හයකටවත් හිසකේ නොසෝදයි. හැත්තෑව දශකයේ බොලිවුඩය රජකළ ජිතේන්ද්‍ර වැසිකිළි යන්නේ ගස්ලබු ගෙඩියක් සමඟිනි. ගස්ලබු කමින් වැසිකිළියේ අසුන් නොගත්තොත් ඔහුට ශරීරකෘත්‍ය ඉටුකළ නොහැකිය. සුපිරි තරුව ශාරුක් ඛාන් පාවහන් ගලවන්නේ නින්දට යන විට පමණි.

ජෝන් ඒබ්‍රහම්ට සැම විටම දෙපා සොලවමින් සිටිය යුතුය.

අන්තර්ජාලයෙනි (dinamina)

සිංහ රංචුවක් මැද දරුවෙකු ප්‍රසූත කළ මව

group of lions

සිංහයින් රංචුවක් මැද දරුවෙකු බිහිකළ කාන්තාවක් පිළිබද ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ දී පසුගිය 29 වනදා මෙම සිදුවීම සිදුව ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

32 හැවිරිදි වියේ පසුවූ අදාල කාන්තාව සිය දරුවා බිහිකිරීම සදහා ගුජරාට් ප්‍රාන්තයේ, අම්බ්‍රේලි හි රෝහලකට ගිලන් රථයකින් ගොස් තිබෙනවා.

අම්බ්‍රේලි දක්වා දිවෙන මාර්ගය වනාන්තරයක් මැදින් දිවෙන මාර්ගයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රෝහල දක්වා ගමන් කරන අතර තුර ඇය දරුවා බිහිකිරීමට ඉතා ආසන්නව සිටි බව සදහන්.

එම අවස්ථාවේ ගිලන් රථයේ රියදුරු සහ එහි සහයකයා පමණක් එහි සිට ඇති අතර රියදුරු විසින් ගිලන් රථය මඟ නවත්වා තිබෙනවා.

පසුව රියදුරා විසින් රෝහලේ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූත කිරීමට ඉතා අසන්න බව දන්වා ඇති අතර එහිදී දරුවා බිහිවීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වෛද්‍යවරයා රියදුරා හට උපදෙස් ලබා දී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේදී කැලයේ සිටි සිංහයින් 12 දෙනෙකු පමණ මාර්ගයේ නවතා තිබූ ගිලන්රථය වටකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාල කාන්තාව අලුයම 2.30ට පමණ ගිලන් රථය තුල දරුවා ප්‍රසුත කර ඇති අතර කාන්තාව විසින් දරුවා ප්‍රසුත කිරීමෙන් අනතුරුව ගිලන් රථය වටා සිටි සිංහයින් විසිර ගිය බව මාධ්‍ය හමුවේ සිදුවීම පැහැදිලි කරමින් රියැදුරා පවසා තිබෙනවා.

පසුව එම මව සහ බිළිදා රෝහල් ගතකර ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සදහන්.

එම අවස්ථාව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබු අයුරු පහතින්.



(hiru)

උද්ධමනය ඉහළට

inflation rate rise chart stat

ජුනි මාසයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසයේදී සියයට 6.1කින් ඉහළ ගිය අතර, පසුගිය මාසයේ වර්ධනය සියයට 6ක්.

ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් සහ පොල් මිලෙහි වර්ධනය හැර ජුනි මාසයේ මූලික වාර්ෂික උද්ධමනය සියයට 5.1කින් ඉහළ ගොස් ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ආහාර ඛාණ්ඩයේ උද්ධමනය පෙර වසරට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 9.3කින් පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා. (hiru)

01 July, 2017

කුණුහරුප අහගන්න වෙනනිසා පහුගිය කාලෙ නොකියා හිටියේ - ක්‍රීඩකයන්ට කඩේ නොගිහින් පක්ශ පාට බේද නැතුව හිතලා බලපන්...!

Malinga - Dayasiri - 02

පසුගියදා ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ඇතිවූ අර්බුදකාරි තත්වයන් නිසාම ඊයේ ශ්‍රීලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයට බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

ඒ අතරින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ලසිත් මාලිංග අතර ගැටලුකාරි තත්වය ප්‍ර‍ධාන විය.එහිදී බොහෝ දෙනා අමාත්‍යවරයාගේ ප්‍ර‍කාශය විවේඡනය කරනු සමාජ ජාල වල ඇතුළු බොහෝ තැන්වලදී දැකගත හැකිවිය.

එපමණක් නොව ඊයේ ගාලු පිටියට පැමිණි ඇතැම් ක්‍රීඩා ලෝලීන් අමාත්‍යවරයාට විරෝධය පළකරිමින් පුවරු ප්‍ර‍දර්ශණය කරන අයුරුද දැකගත හැකිවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමගින් ඇමතිවරයාගේ කතාව බොහෝ දෙනා පිලිගන්නා තත්වයක් පෙනෙන්නට තිබේ.

ඊයේ තරඟයේ පරාජයටද ප්‍ර‍ධාන ලෙස බලපෑවේ ශ්‍රී ලංකා කන්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීමයි.ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දුර්වල පන්දු රැකීම පරාජයට හේතුවූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවි වල අදහස් පළකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳ අමාත්‍යවරයා සිදුකළ ප්‍ර‍කාශයේ සත්‍යයතවක් ඇති බවත් නොමැති නම් ශ්‍රීලංකා පිලේ පන්දු රැකීම මෙතරම් දුර්වල වන්නේ කෙස්ද යන්නයි..

මේ එසේ පළවී තිබූ අදහස් කිහිපයකි..

"ක්‍රීඩකයන්ට කඩේ නොගිහින් පක්ශ පාට බේද නැතුව හිතලා බලපන් දයාසිරි කිව්වෙ බොරුද කියලා. අපේ උන් සල්ලි ගෙවලා ක්‍රිකට් බැලුවට උන් සල්ලි හොයන්නයි ක්‍රිකට් ගහන්නේ. මිලියන ගනන් පඩි ගන්නවා. උබලා බොරුවට කඩේ යනවා. අච්චර පඩි ගන්න උන්ට බැරිද ඒ වෙනුවෙන් ඇග පොඩ්ඩක් හදාගෙන ෆිට්නස් හදාගන්න. දැන්වත් කඩේ නොගිහින් ඉදපල්ලා. දයාසිරි කිව්වේ ඇත්ත පාට කන්නඩි ගලවලා එක ගැන හිතපන්. මාලිංග කතා කලේ උන්ගේ වැරදි වහගන්න ඕන කමට. කැච් අත ඇරියට මැච් පරදින්නේ නැහලුනේ. ඔය පැරදුනේ. තව පලයල්ලා කඩේ‘."

"මාලිංග කන්ඩායම හා දයාසිරි කන්ඩායම අතර තරගෙන් දයාසිරි කන්ඩායම විෂිශ්ට ජයක් ලබ ගන්නා ලදී.."

"කුණුහරුප අහගන්න වෙනනිසා පහුගිය කාලෙ නොකිය හිටපු එකක් , අද සිම්බොන්ගෙනුත් කාපු නිසා කියලා දාන්නම්.මයියා, සංගා, දිල්ශාන් අවුරුදු 38,39 වෙනකන් සෙල්ලං කරා. උන් තුන්දෙනාට ඉන්ජරි එනවා අපි දැකලා තියෙන්නෙ පට්ටම කලාතුරකින්. දිල්ශාන් ට අන්තිම කාලෙ එහෙන් මෙහෙන් හති ගතියක් ආවත්, සංගටයි මයියටයි මලාට හතියක්, ක්‍රෑම්ප් එකක් ආවෙ නෑ. ඒකට දැන් ඉන්න සෙට් එක. අවුරුදු 25 එවුන්ටත් ලකුණු 30+ ගහපු ගමන් දිව දණිස් දෙකේ ගෑවෙන ගානට එලියෙ දාන් හති අරිනවා. නැත්නම් ක්‍රෑම්ප් එකක් නිසා නොන්ඩි ගහනවා. ඉංදියා, පකිස්ථාන්, බංගලි එවුන්ගෙ ෆිට්නස් එක්ක හැරෙන්නවත් බෑ අපේ එවුන්ට. මොන ජීවිත ද ඕයි මෙව්වා..."

"සිරාවටම බං.. දයාසිරි කිව්ව කතාව ඇත්ත.. අපේ කට්ටිය රෙදි උස්සන් දැඟලුව ට ඌ කිව්වෙ අපේ උන්ගෙ ෆිට්නස් නෑ කියන සහතික ඇත්ත.. අපේ උන් ඉතිං ලොකු එව්ව දුන්නනේ..."

"50ක් ගැහුවත් වැඩක් නෑ විකට් එකක් ගත්තත් වැඩක් නෑ කැච් මිස් කරල. ⁣මොකද බොහෝ දුරට ටර්නින් පොයින්ට් එක තමා කැචස්. අපිට වර්ල්ඩ් කප් 2ක් නැති වුනා, චැම්පියන් ලීග් මුල් වටයෙන්ම එළියට විසි වුනා ඔය කැච් මිස් කිරිල්ලෙන්..."

"කැච් ඇතෑරියම මැච් පරදින්නෑ කියල තවත් කියනවද? අද කැච් කීයක් මිස් උනාද? 100 ගහපු එකාගේ කැච් එක ගත්තානම් අද රිසාල්ට් එක වෙනස් වෙන්න ඉඩ තිබ්බා. සිම්බාබ්වෙන් කාපු එක ගැන පුදුම වෙන්න එපා. අපි බංගලියන්ගෙනුත් කාලනේ ඉන්නේ... ඔහොම යමු. අයර්ලන්තෙන්, ඇෆ්ගනිස්තානයෙනුත් ඉදිරියෙදි කමු.....මොකද දින්නත් පැරදුනත් අපි ලංකා ටීම් එක එක්කයි කියලනෙ හැමෝම කියන්නේ...."

"half chances අතහැරියේය
ඒ නිසා world cups දෙකක් නැති උනේය
අපි මොකුත් නොකිවෙමු
icc tournament එකක් ගියොත්
අනිත් රටවල් වල ගියපු squad එකම tournament එක ඉවරවෙනකන් ගහද්දි
අපේ උන් දෙතුන් දෙනෙක්වත් injury නිසා ආපසු හැරිලා එද්දි
ඒවත් අපි උපේක්ෂාවෙන් බලන් සිටියෙමු
ranking වල අඩියටම වැටී
world cup එකට qualification round සෙල්ලම් කර යෑමට සීන් එකක් සෙට් වෙලා තියෙද්දිත්
එයත් අපි ඉවසන් සිටියෙමු
අතටම එන catches තුත් අතහැර
සිම්බබ්වෙනුත් කද්දී
රෑට කන්නෙවත් නැතුව නිදාගෙන
ඒ දුකත් විද දරාගත්තෙමු
නමුත්
ඒවාට බලධාරීන් පිළියම් යොදන විට
ඒවටත් නැව් talk දෙද්දී
අපි සැබවින්ම නිරුත්තර විය...... !"

(neth)

දවසේ කාටූන් – 2017.07.01

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.