02 July, 2017

සිංහ රංචුවක් මැද දරුවෙකු ප්‍රසූත කළ මව

group of lions

සිංහයින් රංචුවක් මැද දරුවෙකු බිහිකළ කාන්තාවක් පිළිබද ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ දී පසුගිය 29 වනදා මෙම සිදුවීම සිදුව ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

32 හැවිරිදි වියේ පසුවූ අදාල කාන්තාව සිය දරුවා බිහිකිරීම සදහා ගුජරාට් ප්‍රාන්තයේ, අම්බ්‍රේලි හි රෝහලකට ගිලන් රථයකින් ගොස් තිබෙනවා.

අම්බ්‍රේලි දක්වා දිවෙන මාර්ගය වනාන්තරයක් මැදින් දිවෙන මාර්ගයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රෝහල දක්වා ගමන් කරන අතර තුර ඇය දරුවා බිහිකිරීමට ඉතා ආසන්නව සිටි බව සදහන්.

එම අවස්ථාවේ ගිලන් රථයේ රියදුරු සහ එහි සහයකයා පමණක් එහි සිට ඇති අතර රියදුරු විසින් ගිලන් රථය මඟ නවත්වා තිබෙනවා.

පසුව රියදුරා විසින් රෝහලේ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූත කිරීමට ඉතා අසන්න බව දන්වා ඇති අතර එහිදී දරුවා බිහිවීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වෛද්‍යවරයා රියදුරා හට උපදෙස් ලබා දී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේදී කැලයේ සිටි සිංහයින් 12 දෙනෙකු පමණ මාර්ගයේ නවතා තිබූ ගිලන්රථය වටකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාල කාන්තාව අලුයම 2.30ට පමණ ගිලන් රථය තුල දරුවා ප්‍රසුත කර ඇති අතර කාන්තාව විසින් දරුවා ප්‍රසුත කිරීමෙන් අනතුරුව ගිලන් රථය වටා සිටි සිංහයින් විසිර ගිය බව මාධ්‍ය හමුවේ සිදුවීම පැහැදිලි කරමින් රියැදුරා පවසා තිබෙනවා.

පසුව එම මව සහ බිළිදා රෝහල් ගතකර ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සදහන්.

එම අවස්ථාව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබු අයුරු පහතින්.



(hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිංහ රංචුවක් මැද දරුවෙකු ප්‍රසූත කළ මව"

    Post a Comment