01 June, 2017

විපතට පත්වූවන්ට උදව් කරන්න ගිහින් සඳුන් පෙරේරාට වෙච්ච දේ (Photo)

sandun perera

රටම විපතට පත්වෙලා ඉන්න මේ අවස්ථාවේ බොහෝ සමාන්‍ය ජනතාව වගේම කලාකරුවනුත් ඔවුන් වෙනුවෙන් කැපවෙනවා. බොහෝ දේ කරනවා.

ගායක සඳුන් පෙරේරාත් පසුගිය දවසක ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් උදව් කරන්න ගිහින් තිබුණා.

ඒ ගිහින් එන අතරමගදී සඳුන් පෙරේරා පැදවූ මෝටර් රථයේ තවත් වාහනයක් ගැටීමෙන් ඔහු අනතුරට පත්වුණේ පිළියන්දල ප්‍රදේශයේදී.

මේ අනතුරින් සඳුන් පෙරේරාගේ පාදයට දැඩි තුවාල සිදුව ඇති අතර දින දෙකක් ඔහු කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර ඊයේ සවස් කාලයේ ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

පසුගිය 29 වැනිදා අලුයම 3 ට පමණ මේ අනතුර සිදුව තිබුණා.

Sandun Perera accident

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ

Tholuvila Samadhi Buddha Statue-01

ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.

‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්...?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.

Tholuvila Samadhi Buddha Statue-03
තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ දී හා කොළඹ දී

එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.

Tholuvila Samadhi Buddha Statue-02

යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

තිලක් සේනාසිංහ (lakbima)

හමුදාවටත් කන්න නෑ! කෑම පැකට් 2000ක් බලෙන් අරන් - නිළධාරීන්ටත් තර්ජනය කර ජනතාවගේ ගංවතුර ආධාර බලෙන් රැගෙන යන ගාල්ලේ මන්ත්‍රී මෙන්න!

Bandula Lal Bandarigoda - Flood Donations

ගංවතුරින් විපතට ජනතාව වෙනුවෙන් එකතු වන ආධාර තමාට අයිති බූදලයක් මෙන් බලහත්කාරයෙන් බෙදාදෙන මන්ත්‍රීවරයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට මෙසේ චෝදනා එල්ලවෙයි.

ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට ජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු වන ආධාර මන්ත්‍රීවරයා විසින් මෙසේ බෙදා දෙන බව වාර්තාවෙයි

පසුගිය දිනෙක බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කෑම පැකට් 2000 ආසන්න සංඛ්‍යාවක් මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර එම නිසා අදාළ ප්‍රදේශයේ සහන සේවා කටයතු වල නිරතව සිටි හමුදා සාමාජිකයන් පවා කුසගින්නේ පසුවූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

ඉන් පසු දිනෙක නැවතත් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ආධාර රැගෙන යාම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ එතැන සිටි ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගොස් තිබේ.

හඬ පට පහතින් ශ්‍රවණය කරන්න.





(nethgossip)

අපි මෙහෙ යට වෙලා! සමහරු සත්තු වත්තේ සත්තු බලන්න ආවා වගේ..ෆොටෝ වීඩියෝ කරනවා..එපා කීවම ඇඟට ගොඩවෙනවා

Bad weather disaster affected people

ගංවතුර ක්‍රම ක්‍රමයෙන් බැස යමින් තිබේ.අඩාල වූ ජන ජීවිතයද යථා තත්වයට පත්වෙමින් තිබේ.බංගලාදේශයට ගිය මෝරා නැවතත් ඉන්දියාවට පැමිණෙමින් තිබේ.

2003 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට ඇතිවූ දරුණුතම ගංවතුර මෙයයි.අහිමි වූ ජීවත ගණන 200කට වැඩිය.100කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ය.දහස් ගණනක් අවතැන්ය.නිවාස අහිමි වෙලාය.

බොහෝ දෙනාට හැඳි වත් පමණක් ඉතිරි කළ මහා ගංවතුර, අනෙකාට උදව් කිරීමේ ශ්‍රී ලාංකිකයන් සතු උතුම් ගුණය මැනවින් පෙන්වූහ.

බොහෝ දෙනා අධාර දුන්හ.ඇතැමුන් තම දිවා අහාරපත පවා විපතට පත්වූවන්ට ලබාදුන්හ.ඇතැමුන් ස්වේඡ්චා සේවකයන් ලෙස ඉදිරිපත් විණ.ඇතැමුන් තමාගේ පරණ පාඩම් සටහන් විපතට පත්වූ දරු දැරියනට ලබාදීමට සුදානම් බව සමාජ මාධ්‍ය ඔස්සේ කියැවිණ..වෙනදා මෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් ලද සහය අති මහත්ය.

කෙසේ වෙතත් අපේම රටේ දහස් ගණන් ජනතාව අසරණ වන ස්භාවික විපතකදී පවා එයා තමාගේ ආතල් එකක් කර ගැනීමට තරම් ඇතැමුන් පිරිහිලාය.

ගංවතුර නැරඹීමට ඡායාරූප ගැනීමට ඇතැමුන් පැමිණියහ.ඔවුන්ගෙන් කණ්ඩායමක් ජල ප්‍රහාරට ගසාගෙන ගොස් නාවුක හමුදාව විසින් බේරාගත් ප්‍රවතක්ද පසුගියදා වාර්තා විය.විනෝද චාරිකාවක නිරතවන්නාක් මෙන් ගංවතුර නැරඹීමට පැමිණි සමහරුන්ගෙන් සහන සේවා කණ්ඩායම් වලට ඇති වූයේ දැඩි බාධාවකි.

ඒ අතර ගංවතුරට හසුවූ නිවාස කඩසාප්පු වල වටිනා දේපළ සොරා ගැනීමට ඇතැමුන් ක්‍රියා කළ බව වාර්තාවිණ.

මේ ඒ පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ සටහනකි.. 

FB Post disaster - 2017-06-01_11-51-19

(nethgossip)

මැතිව්ස්ට අනිද්දා තරඟය අහිමිවෙයි! නායකත්වය තරංගට - හේතුව මෙන්න

angelo mathews-upul tharanga-02

නායක ඇන්ජලෝ මැතිව්ස්ට් ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුට අනිද්දා (03) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟය අහිමිවනු ඇතියි.

මීට හේතුව පාදයේ ඇතිවූ ආබාධයක් බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම බොහෝ දුරට උපුල් තරංගට හිමිවනු ඇතියි.

තරඟාවලිය ආරම්භ වීමට පෙර පැවති ඇතැම් පුහුණු තරඟ වලදී තරංග කණ්ඩායම මෙහෙය වූ අතර නවසීළන්තය හා පැවති පුහුණු තරඟයේදී ඔහු ශතකයක් රැස් කිරීමටද සමත් වුණා.

රටවල් අටක සහභාගීත්වයෙන් එංගලන්තයේදී පැවැත්වෙන අට වැනි චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය අද (01 දා) එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ වේ.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.45 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය.



(nethgossip)

නිල් චිත්‍රපට නිළියක් මුහුදු වෙරළේ ඌරෙකු සමඟ කල දේ! (Photos)

Veronica Rodrigo at beach with pig

ඇමරිකාවේ සුරූපී නිල් චිත්‍රපට නිළියක් වන වෙරෝනිකා රොඩ්‍රිගෝ මේ දිනවල බහමාස් දූපත්වල සංචාරයක නිරත වනවා. එම සංචාරය අතරතුර ඇය ඉතා හොදින් වැඩුනු ඌරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරලේ විනෝද වන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජජාල තුල වේගයෙන් සංසරනය වනු දැකගත හැක.

ශ්‍රී ලංකාවේදී නම් ඌරා යනු ඉතා අපිරිසිදු සතෙකු වන අතර බොහෝ දෙනෙකු ඌරුමස් කෑමට නම් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

නමුත් විදේශ රටවල් බොහෝමයක ඌරා යනු සුරතල් සතෙක්.

වෙරෝනිකා සහ ඌරන් විනෝදයෙන් සිටින අයුරු සහ ඇය විශාල ඩොල්ෆින් මත්සයෙකු සමඟ සිටින ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Veronica Rodrigo-2017-06-01-10-48-40

අමෙරිකාවේ කෞතුකාගාරයක් ඇරඹූ ශ්‍රී ලාංකීක තරුණිය (Video)

Sri Lankan girl started a museum USA

ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට අමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණියක් වන 18 හැවිරිදි ජූලියා විජේසිංහ නම් යුවතිය කටයුතු කර තිබේ.

උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දැඩි ඇල්මක් දක්වන බවත් වාර්තා විය.

එසේම ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමණ කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙක්ද වේ.

සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර ලොව පුරා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව ද වාර්තා වේ.

සිය දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් වසර කිහිපයක් පුරා ඇය මේ සංස්කෘතික සහ කලා කෞතුකාගාරය අවැසි දෑ එකතුකරගෙන ඇත.


Sri Lankan girl started a museum USA-2017-06-01-10-01-29

(mirrorarts)

මාසයක් තුළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

Shashika Nisansala-02

වයස් භේදයකින් තොරව ආදරය දිනාගත් දක්ෂතම ගායිකාවක් ලෙස ශෂිකා නිසංසලා හැඳින්විය හැකිය. ප්‍රසංග වේදිකාව මෙන්ම පසුබිම් ගායන තුළ මෙරට පෙරළියක් සිදුකළ ගායිකාවක ලෙස ඇය ප්‍රචලිතය. සිය නිර්මාණ කටයුතු පිළිබඳ කතාබහකට 'අද' සමග ඇය මෙලෙස එක්විය.

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

මේ දවස්වල අලුත් සිංදුවකට සූදානම් වෙනවා. ගීත කිහිපයක්ම ලැබිලා තියෙනවා. එයින් ගීත තෝරාගන්නා ගමන් ඉන්නේ වීඩියෝ එකක් එක්ක එළිදක්න ගීතයකට. කීපයක් තියෙනවා ඉන් තෝරාගත්. තව මාසයක් විතර ඇතුළත ගීතයක් එළිදක්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. පහුගිය දවස්වල දිගටම සංගීත ප්‍රසංග තිබුණා. ගොඩක්ම තිබුණෙ එළිමහන් ප්‍රසංග. ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා. මැයි මාසයේදීත් ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා.

සම්මානයක් ලැබුණා නේද? ඒ ගැනත් විස්තර ටිකක් කියමු නේද?

ඔව්, ගිය වසරේදීත් ලැබුණා, මේ වසරේදීත් ලැබුණා. ඒක ඇත්තටම මෙහෙමයි. මගේ 'පාරමිතා' සිංදුව හිට්වුණා. ඒ මියුසිකල් ෂෝ පටන්ගත්ත කාලයේ ඉඳන්ම. හත් වතාවක් පමණ මාව ජනප්‍රියම ගායිකාවට නිර්දේශ වෙලා තිබුණා. හැම වසරකම වගේ නන්දා ආන්ටි, නිරෝෂා අක්කා සහ මම තමයි නිර්දේශ වෙලා තිබුණෙ. 2016/2017 වර්ෂ දෙකේදීම ලැබුණත් 2017 වර්ෂයේදී නන්දා ආන්ටිට සහ මට සම සම්මාන හම්බ වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතිං මට කොහොමටත් ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා දන්නවා. නිතරම ප්‍රසංග වේදිකාවලට යන නිසා එයාලාගේ ආදරය කොහොමත් මට ලැබෙනවා. මේක සම්මානයක් විදියට ලැබුණාම ගොඩක් සතුටුයි. 2016දීත් රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තම ගායිකාවට හිමි සම්මානය ලැබුණා. ඉදිරියේදී පැවැත්වෙන රයිගම් සම්මාන උලෙළේදීත් ගීතයක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතිං සම්මානයක් කියන දේ අපට වටිනවා.

මෙච්චර රසික පිරිසක් ඔබ වටා එකතු වී සිටින එක ගැන මොකද හිතෙන්නේ?

මම හිතන්නෙ ඒක වාසනාව විතරක්ම නෙවෙයි. අපේ රටේ ඉන්න රසික පිරිස විවිධයි. ඒ විවිධත්වයට අදාළව නිර්මාණ කරන්න මට හම්බ වෙනවා. ඒ ලැබෙන සින්දු මම බොහොම මහන්සි වෙලා රසිකයන්ගේ කැමැත්ත ලැබෙන ලෙස ඉදිරිපත් කරනවා. ඒත් සමගම ඒ ගීත ජනප්‍රිය වෙනවා. වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් විදියේ ගීතයක් නිර්මාණය කරන්න අමාරුයි. තෝරා බේරාගෙන කරන්න ඕන. ගීත 15 – 20 ක් විතර තෝරලා තමයි ජනප්‍රිය වුණ ගීත නිර්මාණය වෙන්නේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලටත් ගීත ගායනා කරන්න අවස්ථාව වැඩිපුර ලැබෙනවා. ගායනා කරපු චිත්‍රපට තුනක විතර ගීත ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඒ වගේ සුභාවිත පැත්තට බර ගීත, ශාස්ත්‍රීය පැත්තට බර ගීතත් නිර්මාණය කෙරෙනවා. හැම පැත්තකටම අදාළ ගීත නිර්මාණය කරන්න ලැබෙන නිසා තමයි මම හිතන්නේ රසිකයො මගෙත් එක්ක ගොඩක් ඉන්නේ. ඒක ලොකු වාසනාවක්. මගේ සැමියා, අම්මා ඇතුළු පවුලේ අයගේ කැපකිරීමත් මේ දේවල් එකක් තියෙනවා. ඒ හැමදේම ඒකට හේතුවක් වෙලා තියෙනවා.

ගීතයක් නිර්මාණය කරන්න කාලයක් ගන්නේ අද තියෙන්න රැල්ලෙන් එහා දෙයක් කරන්න ඕනේ කියලා හිතලද?

රැලි කියන එක එනවා යනවා. නමුත් මම ගොඩක් දුරට ඒ කාලයේ තියෙන ගීත රැල්ලට අදාළ ගීත නිර්මාණය කරන්නේ නැහැ. හැබැයි වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් ආකාරයේ ගීතයක් වෙන්න ඕන. ඒ වගේම හොඳ පද රචනයක්, හොඳ තනු නිර්මාණයක්, සංගීත සංයෝජනය පැත්තෙනුත් ටිකක් වෙනස් විදියෙ දෙයක් විය යුතුයි. ඒ වගේම සජීව සංගීතය යොදාගන්න මම ගොඩාක් උත්සාහ කරනවා. ඒ වගේ දේවල් ටිකක් හොයන නිසා තමයි වැඩි කාලයක් ගන්නේ. අනිත් දේ ළඟ ළඟ සිංදු නිකුත් කළා කියලා ජනප්‍රිය වෙන්න ටිකක් අමාරුයි. හොඳ ගීතයක් වැඩි කාලයක් මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන. දැන් මගේ "ඇස්පිය නොහෙලා" ගීතය ගත්තොත් 2015 පෙබරවාරි මාසයේ තමයි මම ඒ ගීතය නිකුත් කළේ. තාමත් ඒ ගීතයට ප්‍රතිචාර ලැබෙනවා.

චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාලවේලාවේ ප්‍රශ්නයක් නිසාද?

නෑ, මට වැඩිපුර ලැබෙන්නේ ටෙලි නාට්‍ය ගීත. ඉදිරියට අහන්න ලැබෙන්න තියෙන ටෙලි නාට්‍යත් දෙකක් විතර තියෙනවා. චිත්‍රපට තුනක් තියෙනවා ගායනා කරන්න. මට ආරාධනා ලැබෙන විදියට මම ගායනා කටයුතු කරනවා. හොඳ නිර්මාණයක් නම් මම ගොඩක් උනන්දුවෙන් දායක වෙනවා.

නවක ගායක ගායිකාවන් ගොඩක් අද ක්ෂේත්‍රයට එනවා. ඇතැම් අය කියනවා මේ දේවල් නිසා ක්ෂේත්‍රයේ යම්කිසි පිරිහීමක් තියෙනවා කියලා. ඔබ මේක දකින්නේ කොහොමද?

මම නම් හිතෙන්නේ මෙහෙමයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ විවිධ නිර්මාණ බිහිවෙන්න ඕන. එදත් එහෙමයි විවිධ නිර්මාණ බිහිවුණා. අදත් එහෙමයි. ක්ෂේත්‍රයට එන පිරිස වැඩියි. වැඩි පිරිසකට ක්ෂේත්‍රයට එකතු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද මාධ්‍ය හරහා ඒ සඳ වැඩි වශයෙන් අවස්ථාව ලැබෙනවා. ගීතයක් නිර්මාණය වෙලා ජනප්‍රිය වුණොත් ගොඩක් දෙනෙක් ඒ ආකාරයෙන්ම ගීතයක් නිර්මාණය කරන්න යොමුවෙන අයුරු දකින්න ලැබෙනවා. ඒ දේ නිසා වෙන්න ඇති ඒකාකාරී නිර්මාණ බිහිවෙන්නේ. කැපවීම, උත්සාහය තියෙනවා නම්, දක්ෂතාව තියෙනවා නම් අද බිහිවෙන ක්ෂේත්‍ර‘යේ නවකයන්ට ඉදිරියට යන්න පුළුවන්. ජනප්‍රිය ගීත, ශාස්ත්‍රීය පසුබිමක් තියෙන ගීත, ජන ගී ආශ්‍ර‘යෙන් නිර්මාණය වූ ගීත වගේ විවිධ විදියේ ගීත තියෙන්න ඕන.

ගීතයේ ජනප්‍රියත්වයට අද කාලයේ වීඩියෝවත් බලපානවා. ඒ දේ ගැන මොකද හිතෙන්නේ?

ඒකට එකම හේතුව රූපවාහිනී නාළිකා වැඩියි දැන්. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් එකයි, දෙකයි තිබුණෙ. අපේ පැරණි ගීත ජනප්‍රිය වුණේ වීඩියෝ හරහා නෙවෙයි. රේඩියෝවලින් ඇහිලා පසුව තමයි රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ගත්තේ. මගේ ගීත සඳහා පළමුවෙන්ම වීඩියෝ එකක් කළේ ITN එකෙන්. ඉන්පසු රූපවාහිනියෙනුත් වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා. දැන් රූපවාහිනී නාළිකා වැඩියි. තමන්ටම තමයි වීඩියෝවක් නිර්මාණය කරලා දෙන්න වෙලා තියෙන්නේ. ඒවා ප්‍රචාරය වන ප්‍රමාණයත් වැඩියි. රූපවාහිනී මාධ්‍ය‘යේ ගීතයක් ප්‍රචාරය කරන්න වීඩියෝ එකක් කරන්නම වෙනවා. ඒකට ආර්ථික තත්ත්වයත් බලපානවා. ඒකට ලොකු වියදමක් දරලා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. වීඩියෝ එකකට වියදම් කරන මුදල් ප්‍රමාණය අනුව තමයි ඒක කොච්චර දුරට සාර්ථක වෙනවාද කියලා තීරණය වෙන්නේ.

ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකු පුතාට වයස අවුරුදු 07 යි. එයා දැන් 02 වසරේ ඉගෙනුම ලබන්නේ. පොඩි පුතාට අවුරුදු 03 ඉවරයි. එයා දැන් පෙරපාසල් යනවා. එයාලාගේ අධ්‍යාපන හා වෙනත් වැඩ කටයුතු වෙනුවෙන් කොපමණ කාර්යබහුල වුණත් අපි ඒවා කරන්න ඇප කැපවෙලා ඉන්නවා. මම සහ මගේ සැමියා කාර්යබහුල අවස්ථාවල අම්මයි, තාත්තයි තමයි පොඩි දෙන්නව බලාගන්නේ. ඒ ගොල්ලන්ගේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙන්නේ ඒ දෙන්නගේ අතින්. එයාලාගේ අනාගතය ලස්සන්න තමයි මෙච්චර අපි මහන්සි වෙන්නේ. ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් ලොකු බලාපොරොත්තු තියෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 17 ක් විතර වෙනවා. මම හිතනවා මේ කාලය ඇතුළත මට අගය කිරීම් ලැබිලා තියෙනවා. සම්මාන 15 – 16 ක් විතර ලැබිලා තියෙනවා. ප්‍රශස්තම ගායන ශිල්පිනිය ලෙස සම්මාන 12 – 13 ක් පමණ ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ ගොඩක් සතුටුයි. මම සංගීතය ඉගෙනගත්ත කෙනෙක්, ඒ වගේම තවමත් එය හදාරන කෙනෙක් විදියට විවිධ ශෛලියේ ගීත ගයන්න මම හරි ආසයි. ජන ආරේ ගීත දැනටමත් නිර්මාණය කරන්න දීලා තියෙනවා. ලැබෙන්න තියෙන ගීත තියෙනවා. එකම තැනකට කොටු වෙන්නේ නැතිව සමහරු අහනවා ජනප්‍රිය රැල්ලෙ ගීත විතරක් කියනවද කියලා. නිතර ඇහෙන්නේ ඒ සිංදු විතරක් නිසා එහෙම අහනවා. රඹුක්කන සිද්ධාර්ථ හිමි රචනා කරපු බොදු බැති ගීයක් තියෙනවා ඉදිරියේදී ගායනා කරන්න. ඒ වගේ විවිධ ශෛලීන්වල ගීතත් මම ගායනා කරනවා. ඒ හැම ගීතයක්ම මම මහන්සියෙන් කරන්නේ.

උනන්දුවෙන්, මහන්සියෙන් කරන ගීතයක් කවදාවත් ෆේල් වෙන්නේ නැහැ. මම හිතන්නේ මගේ ඉදිරි නිර්මාණත් රසිකයෝ ඒ විදියටම වැලඳගනීවි. මට පුළුවන් කාලයක් මගේ නිර්මාණ හොඳින් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සරසි නෙත්මිණි

හැඩගැන්වීම - ඉයන් සංජීව (saaravita)

ප්‍රසන්නගේ 'විසි අට' පොදු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්

Prasanna Jayakody - 28 Film


ඔබ තිරයට ගෙනෙන මොකක්ද මේ 'විසි අට'?

මගේ තුන්වැනි චිත්‍රපටය තමයි 'විසි අට' කියන්නේ. ලංකාවේ අපටම ආවේණික සමාජ ගැටලුවක් මූලික කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගැටලුව සමාජ ගැටලුවක් ලෙසත් සංවේදී සංසිද්ධියක් ලෙසත් විශ්වීය ගනුදෙනුවක් ලෙසත් එකම චිත්‍රපටයක් ඇතුළේ ඉදිරිපත් කෙරෙනවා. ජුනි 2 වැනිදා සිට චිත්‍රපටය තිරගත කරන්න සූදානම්.

චිත්‍රපටයට 'විසි අට' කියන නාමය යෙදීම තුළ ලොකු ගැඹුරක් අන්තර්ගත කර තිබෙනවා නේද?

හඳේ චක්‍රයටත් ගැහැණියගේ ඔසප් චක්‍රයටත් ගත වෙන්නේ දින 28ක්. ලිංගිකත්වය කියන්නේ ස්වභාවධර්මයාගේ දේශපාලන ක්‍රියාවක්. විසි අට කියන නම යොදා ගැනීම තුළ තිබෙන්නේ ඒ අදහස.

ලිංගිකත්වය කියන කාරණාව ලාංකේය සංස්කෘතියට තිබෙන දුරස්ථභාවය තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගන්නේ?

ඔව්. ලිංගිකත්වය පිළිබඳ තිබෙන සංස්කෘතික දුරස්ථභාවය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. අපි සමාජයේ දකින චරිත ටිකකට වඩා සමස්ත ගැහැනිය සහ පිරිමියාගේ හඬ නොනඟින දෙබස් තමයි මෙයින් එළියට මුදා හරින්නේ. මේ චිත්‍රපටයේ සිටින සුද්දි කියන ගැහැනිය හඬ නඟලා කියනවා 'ඇත්ත කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට විතරයි කියලා. සරල දෙබස් ඇතුළේ සමාජයේ සංකීර්ණ ගැටලුවක් ගැන තමයි එලෙස කතා කරන්නේ.

ඔබට අවශ්‍ය වුණේ සමස්ත සමාජය වෙනුවෙන් පාපෝච්චාරණයක් කරන්නද?

මෙය පාපෝච්චාරණයක් කියලා යම් පුද්ගලයෙක්ට කියන්න පුළුවන්. අපේ ජීවිතවල තියෙන දුක, සතුට කියාගන්න අවස්ථාවක් ආවම අපි කවුරුන් හෝ එක්ක විවෘත වෙනවා. මේ චිත්‍රපටයේ ගැහැනිය විවෘත වෙන්නේ ප්‍රේක්ෂකයන් එක්ක. මෙයින් ඔවුන්ගේ ජීවිතවල ඝට්ටනය අමු අමුවේ එළිදරව් වෙනවා. ඒ හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාටත් තමන්ව විවෘත කරගන්න මොහොතක් එනවා.

චිත්‍රපටයෙන් කියන්නට උත්සාහ කරන දාර්ශනික යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාට ඒ ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා කියලා ඔබ විශ්වාස කරනවද?

මගේ සංකාරා සහ කර්ම කියන චිත්‍රපට ගත්තොත් ඒ චිත්‍රපට සිනමා අවබෝධය එක්ක ග්‍රහණය කරගත හැකි චිත්‍රපට. 'විසි අටෙන්' මට ඕන වුණා ලංකාවේ පොදු ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්න. යමෙක්ට පොතක් කියෙව්වත් එය ග්‍රහණය කරගන්න අත්දැකීම්, පරිකල්පන ඥානයේ ප්‍රමාණය බලපානවා. ඒ සීමා මේ චිත්‍රපටය නැරැඹීමේදීත් තියෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ තල තුනක් තියෙනවා. එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් ප්‍රමාණය අනුව මේ චිත්‍රපටය ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය. මෙහි සිටින ගැහැනිය හැම ගැහැනියක් වෙනුවෙන්ම පෞද්ගලික ජීවිතය එළියට දානවා. ලිංගිකත්වය අර්බුදයක් වෙන්නේ කෙසේද කියන එක ග්‍රහණය කර ගන්න පුළුවන් මට්ටමට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

ඒ කියන්නේ ඔබේ අනෙක් චිත්‍රපට ද්විත්වයට වඩා 'විසි අට' පොදු ප්‍රේක්ෂකයා දිනා ගනියිද?

ඇත්තටම මම හිතනවා සංකාරා සහ කර්ම චිත්‍රපට දෙකට වඩා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට යන චිත්‍රපටයක් වෙයි.

මේ වෙනකොට යම් සිනමා ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සුබවාදිද?

බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාර සුබවාදියි. කොළඹ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලෙදී ලාංකේය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය නරඹන්න පුළුවන් වුණා. එදා චිත්‍රපටය බලන්න අතිවිශාල පිරිසක් හිටියා. සමහරුන්ට හැරිලා යන්නත් සිද්ධ වුණා. එදා චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තාමත් මට ලැබෙනවා.

ලිංගික කාරණා ගැන කතා කරද්දිත් ඔබ එය සිනමා නිර්මාණයෙන් ඉදිරිපත් කරන්නේ සංයමයකින්. එවැනි සංයමයක් ගොඩනැංවූවේ ස්වයං වාරණයක් නිසාද? නැතිනම් නිර්මාණයට අවශ්‍ය හැඩය එය නිසාද?

ලිංගිකත්වය ගැන කතා කළාට මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන නැහැ. මෙය සියලුම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මේක මනසේ කතාබහක් විවෘත කරන අවස්ථාවක්. ලිංගිකත්වය පෙන්වීමට හෝ සැඟවීමට නෙවෙයි මට වුවමනා වුණේ. සමාජ සංස්කෘතික ගැටලුවක් චිත්‍රපට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් කරන්නයි මම උත්සාහ කළේ.

චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගේන්න වසර හතරක් බලාගෙන ඉන්න වුණානේ. හැබැයි ඔබේ පිළුණු නොවෙන තේමාව නිසා කාලය ඔබට ගැටලුවක් නොවෙන්න ඇති?

මේ චිත්‍රපටය කළේ අවුරුදු හතරකට කලින්. නමුත් මේ කතා කරන දෙය තාමත් යාවත්කාලීනයි. හැත්තෑව දශකයෙ කතා කළාත් අද කතා කළාත් හෙට කතා කළත් මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයා අතරට එන එක ගැටලුවක් නැහැ.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත හතරක් වටා. චිත්‍රපටය සාර්ථක කරගන්න නම් නළු නිළියන්ව සූක්ෂමව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඔබත් නිර්මාණය වෙනුවෙන් හොඳම චරිත තෝරා ගැනීමක්ද කරලා තිබෙන්නේ?

පැහැදිලිවම. මගේ එක නිර්මාණයක ඉන්න කෙනෙක් මගේ තව නිර්මාණයක නැහැ. මම යම් චරිතයකට ගන්න කෙනා ඒ වගේ චරිතයක් මීට කලින් කර නොතිබෙන්න පුළුවන්. මහේන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්. චිත්‍රපටයේ දර්ශනවල දිග ප්‍රමාණය අනුව ඒ රංගනය කරන්න පුළුවන් දක්ෂ නළුවෙක්ට විතරයි. දැනට ඉන්න දක්ෂ නළුවෙක් තමයි මහේන්ද්‍ර කියන්නේ. එක් එක් මනෝභාවයන් පෙන්නුම් කරමින් රඟපෑම සරල නැහැ. ඒ වගේම සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, සේමිණි, මේ වගේ චිත්‍රපටයට ගෙනත් තියෙන හැමෝම ප්‍රවීණයන්.

ප්‍රවීණයන්ම චිත්‍රපටයට දායක කර ගන්න හිතුවේ?

ශිල්පීන්ගේ රංගන කුසලතාවය මත පදනම් වෙලා තමයි මේ චිත්‍රපටය දුවන්නේ. මගේ අනෙක් චිත්‍රපටවල රූපයට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ප්‍රමුඛතාව තියෙන්නේ රංගනයට. ප්‍රවීණ රංගන ශිල්පීන්ට ඒ කාර්යය කරන්න පුළුවන්. ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ ප්‍රතිඵලය දැන් දකින්න තියෙනවා.

ඒ කියන්නේ ඔබ සෑහීමකට පත්වෙන උපරිමය ඔවුන්ගෙන් නිර්මාණයට ලැබිලා තියෙනවා කියන එකද?

අනිවාර්යයෙන්ම. ඔවුන් උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා.

ඔබේ චිත්‍රපට ඔබම තිර රචනය කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

අපි සුළු සිනමා සම්ප්‍රදායක ඉන්න නිර්මාණකරුවෝ. ඒ සිනමාව ජයග්‍රහණය කරන්න නම් නිර්මාණකරුම පිටපත ලිවිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද තමන්ගේ චින්තනය පිටපතෙන් එළියට දාන්න පහසුයි. අනුන්ගේ පිටපතකින් සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තමන්ම තිර පිටපත කළොත් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.

මේ වෙනකොට '28' ජාත්‍යන්තර ඇගයුම් ලබලත් තියෙනවනේ. ඒ ගැනත් මතක් කරමු?

මේ චිත්‍රපටය සිනමා උළෙල ගණනාවකට ඉදිරිපත් වුණා. ඒ අතරින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලින් ව්ඡ්ඊර්ථීඒඛ් සම්මානය හිමිවුණා. ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර පැවැති ඒඵඪච ර්ථීචජඪටඪජ ඉජපඥඥද ඒඹචපඤඵ සිනමා සම්මාන උළෙලේදී මහේන්ද්‍ර හොඳම රංගනය වෙනුවෙනුත් මම හොඳම තිර රචනය වෙනුවෙනුත්, චිත්‍රපටය වෙනුවෙන් නොම්නේට් වුණා. ඒ වගේම බේ්‍රලෙඩ් සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකුත් ලැබුණා.

ඔබේ සිනමා වෑයම චිත්‍රපටය ජාත්‍යන්තර ඇගයුමට ලක් කිරීමද නැත්නම් ප්‍රේක්ෂකයෝ දිනා ගැනීමද?

මේක ජාත්‍යන්තරය අරබයා කරපු චිත්‍රපටයක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය යූරෝපීයන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒ අයට ලිංගිකත්වයට තිබෙන සංස්කෘතික දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සිනමා උළෙලවලට ගියාමත් ඔවුන් මගෙන් ඇහුවේ ලංකාවේ ස්වාමියා සහ බිරිය අතර ලිංගික රහස් තියෙනවද කියලා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ව අරමුණ කරගෙන කළේ. ඕනෑම නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයෙන් ලෝකය ග්‍රහණය කර ගැනීමේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. එය වරදක් නැහැ. හොඳ නිර්මාණයක ලක්ෂණය තමයි එය ඕනෑම ප්‍රේක්ෂකයකුට ග්‍රහණය කරගත හැකිවීම.

හැබැයි ජාත්‍යන්තර ඇගයුම් ලබන බොහෝ චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයෝ දිනා ගන්නේ නැහැ. එයටත් හේතුවක් ඇති?

එයට ප්‍රශ්න තියෙනවා. දැන් පොදුු ප්‍රේක්ෂකයා සිනමාව රසවිඳින්න පෙලඹෙන්නේ හරි අඩුවෙන්. සමහරු සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලලා තියෙන්නේ කාලෙකට කලින්. සිනමාවට පුරුදු වුණ ප්‍රේක්ෂකයෝ තමයි සිනමා ශාලාවකට යන්නේ. කලාත්මක චිත්‍රපටයකට වුණත් යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හැබැයි ඒ එන ප්‍රේක්ෂක පිරිසවත් සිනමා ශාලාවලට ගෙන්වන ක්‍රමවේදය පොහොසත් නැහැ. ඒ ක්‍රමවේදය තව තව හැදෙන්න ඕනෑ.

ඊළඟ සිනමා නිර්මාණයන්ට ඔබ මොන වගේ සූදානමකද ඉන්නේ?

මගේ ඊළඟ චිත්‍රපටය දඩයක්කාරයා. ඒ චිත්‍රපටය නිම කරමින් තියෙනවා. ඒ වගේම තවත් පිටපතක් ලියමිනුත් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

බ්‍රැඩ්මන්ගේ වාර්තාව පෙනී පෙනී සංගා දැවී යයි

Kumar Sangakkara Test

පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලදී එංගලන්තයේ සරේ කණ්‌ඩායම නියෝජනය කරමින් පිට පිටම ශතක හයක්‌ වාර්තා කරමින් ලෝක වාර්තාවක්‌ සම කිරීමේ අසලටම පැමිණ සිටි කුමාර් සංගක්‌කාර එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 84 කට දැවී ගියේය.

පිට පිටම ඉනිම පහකදී ශතක වාර්තා කරගත් සංගක්‌කාර මෙම තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සමත් විය. සංගක්‌කාර තවත් ලකුණු 16 ක්‌ ලබා ගනිමින් පිට පිටම හයවැනි ශතකය වාර්තා කිරීමට සමත් වූවේ නම් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග එම වාර්තාවේ සම හිමිකරුවා වීමට අවස්‌ථාව තිබුණි. මෙතෙක්‌ ලොව පළමු පෙළ තරගවලදී පිට පිටම ඉනිම හයකදී ශතක වාර්තා කළ ඇත්තේ බ්‍රැඩ්මන් සමග තවත් පිතිකරුවන් දෙදෙනකු පමණි.

මෙම තරගවාරයෙන් පසුව පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට සමුදීමට තීරණය කර ඇති සංගක්‌කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්ව තිබේ. අදාළ ශතක පෙළහරේදී සංගක්‌කාර පිළිවෙලින් 136, 105, 114, 120 සහ 200 වශයෙන් ලබා ගැනීමට සමත්විය. (divaina)

සියල්ලන් බය කරමින් මහපොළොව පලාගෙන එක්වරම මතුවූ මහා ජලකඳ

Ukraine road incident

මහා මාර්ගයක භූගත ජල නලයක් පුපුරාගොස් සිදුවූ අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම යුක්රේනයේ මාර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

එහිදී එක්වරම සිදුවන මෙම පිපිරීම හේතුවෙන් වාහන කිහිපයකට සහ ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නලය පුපුරා යාම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.



(hirunews)

ආදරණීය දරුවනේ අම්මලා මහපාරේ

Elderly Homes

කවියෝ මවකගේ ආදරය සඳට උපමා කළෝය. ඇය දරුවන්ගේ ජීවිතයට සදාකාලිකවම ආලෝකයක් වූවාය. ඇතැමුන් ඇය මේ මහ පොළොවට සමාන කළෝය. ඇය මහ පොළොව සේ සියල්ල දරාගත්තාය. එවන් වූ සියල්ල දරාගත් අම්මාවරු අද තම දරුවන් දකින්නට මහලු නිවාසවල දොරකඩට වී පෙරමං බලා සිටිති. මහමෙරක් තරම් විශාල වූ අප්පච්චිගේ ආදරය බොහෝ වෙලාවට වචනයෙන් විස්තර නොවිණි. මෑණියන් ආදරය මුළු හදවතින්ම පවසද්දී අප්පච්චි ඒ ආදරයේ හැඟීම් යටපත් කොට සිටියෝය. එවන් වූ අප්පච්චිලා අද මහලු නිවාසවල අහස දිහා බලා හුදෙකලාව හූල්ලති.

දසමසක් කුසේ හොවා ලේ කිරිකර පොවා අම්මාගේ ලේ කිරිවලට හැරුවුණේ අපගේ මාතෘත්වයේ ආදරයෙනි. ලෝකයේ උතුම්ම පදවිය වූ මව්පදවිය දිනාගනිද්දී ඈ සැබෑ රැජනක්ම වූවාය. පුංචි පුතුගේ, පුංචි දුවගේ රෝගී පාට තොල්පෙතිවලට හාද්දක් දුන් අම්මාගේ ශරීරයේ ඇති වේදනාවන් ඇයට නොදැනුණි. පුතුගේ ජීවිතේ පළමු ඇඬුමෙන් අම්මාගේ ලෝකයේ සතුටු කඳුළු වැක්කෙරිණි.

ජීවිතේ බර කර පින්නාගෙන මුළු පවුලම තම කර මතට ගත් පියවරුන් පුංචි පුතුගේ ලෝකයේ වීරයා විය. නමුත් එවන් වූ වීර අප්පච්චිට අතපය උස් මහත් වූ දරුවන් මහලු මඩම්වලට ගොස් ඇරලවන්නට තරම් ඒ අත් පව්කාර විය.

අද බොහෝ මාර්ගවල මහලු අම්මාවරු පියවරු අනුන්ගෙන් සිඟමන් අයදිති. හරිහැටි ඇඳුමක් නැතිව කුසට අහරක් නැතිව හිස් වුණු බෙලෙක් ටින් එකත් අතේ ගෙන ඔවුහු හිස් වෙච්චි ජීවිතේ අතීතය දවස ගානේම ආවර්ජනා කරති.
මෙවැනි පියවරු, මව්වරුන්ට මහලු වියේදී මෙසේ දරුවන්ගේ පිහිට නොලැබුණේ ඇතැම් මව්පියන් විසින්ම සිදුකළ ක්‍රියාකාරකම් නිසාද විය හැකිය. අද ඇතැම් පියවරු බිරින්දෑවරුන්ට කුඩා දරුවන්ට නොසලකා හරිති. ඔවුහු මත්පැන්වලට අනියම් ඇසුරට ගිජු වෙති. ඇතැමුන් නීතියෙන් විවාහ වූ තම බිරිඳ හා තමන්ට දාව උපන් දරුවන්ට තාඩන පීඩන කර වෙන කාන්තාවන් ඇසුර පතා ඔවුන්ගේ පහස ලබති. නිත්‍යනුකූල බිරිඳ තම කුඩා දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී හදා වඩා ගනියි. තනි වීරියෙන් ඔවුන්ව උස් මහත් කරයි.

අවසානයේදී තම මවගේ පමණක් වීර්යයෙන් ලෝකය ජයගත් දරුවන්ට පිය සෙනෙහසක අරැමය කියා දීමෙන් පලක් වේද? කුඩා කල නොතිබූ ආදරය ඔවුන් දවසක වෛරයක් කර ගත්තාට එය අරුමයක් නොවේ. නමුත් දරුවන් කුඩා කල අනියම් කාන්තාවන්ගේ ඇසුර ලැබූ පියාට ජීවිතේ හැමදාමත් අනියම් ඇසුර පවත්වාගෙන යා නොහැක. නමුත් නැතිබැරි කල වයසට ගිය පියාට, උස් මහත් වුණු අමාරුවෙන් ලෝකය ජයගත් දරුවන්ගේත් ආදරය සෙනෙහස නැවත ලබාගත හැකිද....? අවසානයේදී එවැනි පියවරුන්ට උරුම වන්නේ මහලු මඩම්ය. නැතහොත් මහපාරය. මෙය බොහෝ දෙනකු නොසිතන නමුත් මේ සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයකි.

කුඩා කාලයේදීම තම දරුවන්ගේ ගෙල මිරිකා මරන්නට තැත් කරන, ළිඳකට, ගඟකට අතහරින පාපකාරී මව්පියන් අප සමාජයේ නැතිවා නොවේ. ඇය එම උතුම් මාතෘ පදවියටත් අපහාසයකි.

අද වෙද්දී හතු පිපෙන්නා සේ මහලු මඩම් බිහිවෙමින් පවතී. දරුවන්ගේත් මාපියන්ගේ ක්‍රියා කලාපයන් ඊට හේතු වේ. මව්පියන්ගේ වටිනාකම් නොදත් අධම දරුවන් මෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය කලකදී තම ආදරය සෙනෙහස නොදුන් අවාසනාවන්ත මව්පියන් හේතුවෙන්ද මෙම වැඩිහිටි නිවාස බිහිවෙමින් පවතී.

අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූදේ ගැන පසුතැවිලි වෙති.

අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූ දේ ගැන පසුතැවිලි වෙති.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාස සංඛ්‍යාව තුන්සිය හයකි. එයින් වැඩිහිටි නිවාස හයක් රජයේ වැඩිහිටි නිවාස ලෙසින් හඳුන්වන අතර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩිහිටි නිවාස තුන්සීයක් පාලනය කරයි.

මේ සම්බන්ධව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධක අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක සුමින්ද එස්. සිංගප්පුලි මහතා (දේශයට) මෙසේ අදහස් දැක්වීය.

“අද වෙද්දී වැඩිහිටි නිවාස රජයේ පමණක් නොව පෞද්ගලික වැඩිහිටි නිවාසද ඇතිවෙලා තියෙනවා. මේ වෙද්දී ලියාපදිංචි වී ඇත්තේ තුන්සිය හයයි. එයින් රජයේ වැඩිහිටි නිවාස 6යි. අනිත් සියල්ල රාජ්‍ය නොවන සංවිධාන, පදනම් මගින් කරනු ලබන හා පෞද්ගලික අංශ මගින් කරනු ලබන වැඩිහිටි නිවාසයි. මීට අමතරව ලියාපදිංචි නොවුණ වැඩිහිටි නිවාසයන්ද අද වෙද්දී බිහිවෙලා තියෙනවා.”

මෙම වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් මේ වෙද්දී අටදාස් පන්සීයකට ආසන්න පිරිසක් ජීවත්වන බව නිගමනය කොට ඇත. වැඩිහිටියන් සේ සලකන්නේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ය. මෙම වැඩිහිටියන්ගේත් දරුවන් සිටින සහ දරුවන් නොසිටින වැඩිහිටියන් ලෙස වර්ග කිරීමක් කළ නොහැකි වුවත් වෙනත් වර්ගීකරණ කිහිපයකට යොමු කිරීමට පුළුවනි.

මේ අතර ඇතැම් වැඩිහිටියන්ට දරුවන් ජීවත්ව සිටියද, දරුවන්ගෙන් සැලකුම් ලැබීමට නොහැකිව සිටී. ඇතැම් වැඩිහිටියන්ගේ දරුවෝ පිටරට ජීවත් වෙති. එබැවින් හුදෙකලා ජීවිත ගත කරන වැඩිහිටියන්ව ඔවුහු වැඩිහිටි නිවාසවල නතර කරති. මේ අතර කාත් කවුරුවත් නැති අවිවාහක අසරණ වැඩිහිටියන්ද, දරුවන් නොසලකා හැරීම නිසා වැඩිහිටි නිවාසවල පිහිට පතන අසරණ වැඩිහිටියන්ද මේ අතර සිටිති.

අද ඇතැම් දරුවෝ තම අසරණ මව්පියන් මහමඟ දමා යති. මෑතකාලයේදී වෙසක් බලන්නට, බෙහෙත් ගන්නට යැයි පවසා මහමඟ දමා යන්නට තරම් ඇතැම් දරුවන්ගේ හිත් කුරිරැ වී තිබීම බරපතළ තත්ත්වයකි. මෙවැනි අතරමං වුණු මව්පියන් පිළිබඳව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයට දැනුම් දීමක් කළහොත් එවැනි මව්පියන්ට සුදුසු වැඩිහිටි නිවාසයකට යොමු කිරීමට පියවර ගැනෙයි.

“මේ මව්පියන්ගෙන් ඇතැමුන් දරුවන් කුඩා කාලයේදී දරුවන්ට සැලකීමත් අවශ්‍ය යුතුකම් සහ තමන්ගේ වගකීම් නිසි අයුරින් කර නැහැ. ඇතැමුන් මත්පැනට යොමුවෙලා. මේ නිසා කුඩා කාලයේදීම දරුවන්ගේ හිතේ තම පියා ගැන මව ගැන ඇත්තේ වෛරයක්. කාලයක් ගියාට පසුව එම තාත්තාව එම අම්මාව අසරණ වෙලා දරැවන් ළඟට ආවාම එදාට දරුවන් බාරගන්නේ නෑ. මේ අතර තවත් සමහරු කුඩා කාලයේදී තමන්ට සෑම යුතුකමක් කළ මව්පියන්ට සලකන්නේ නෑ. මෙවැනි කොට්ඨාස දෙකේම අය අවසානයේදී වැටෙන්නේ මහපාරට.”

සිංගප්පුලි මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

අධ්‍යාපන ක්‍රමයත් සමඟ අද බොහෝ දෙනා විදෙස් ගත වෙති. මේ නිසා මව්පියෝ තම උපන් රටේ හුදෙකලා වෙති. බොහෝ මව්පියන් තම ජීවිතයේ අවසන් කාලයේදී විදෙස් ගතවන්නට අකමැතිය. මේ නිසා ඇතැම් දරුවන්ට සිදුවනුයේ මුදල් ගෙවා තම මව්පියන් වැඩිහිටි නිවාසයක නතර කිරීමය. අවුරුද්දකට වරක් හෝ අවුරුදු දෙකකට වරක් දරුවෝ මව්පියන් බලන්නට ලංකාවට පැමිණෙති. නමුත් ඇතැම්විට දරුවන් ලංකාවට එද්දී මව්පියන්ගේ අවසන් හුස්මද මේ වා තලයට මුසු වී හමාරය.

“බොහෝ වැඩිහිටියන්ට වයස්ගත වීමත් සමඟ මතකයද අඩුවී යයි. ඇතැම්හු මානසික රෝගී බවින් පීඩා විඳිති. මේ නිසා එවැනි මවුපියන්ට උරුම වන්නේ මහපාරය. වැඩිහිටියන්ට මානසික රෝගී තත්ත්වයක් ඇතිවෙද්දී දරුවන් එය වැරදියට තීරණය කරනවා. ඔවුන් තුළ “අම්මා තාත්තා අපිත් එක්ක තරහයි” යනුවෙන් අනවබෝධයක් ඇතිවෙනවා. රෝගී තත්ත්වය නිසා කළහකාරී වුවත් දරුවන් ඒ අනවබෝධයත් එක්ක වැඩිහිටියන් නිවාස වෙත යොමු කරනවා...”

සිංගප්පුලි මහතා වැඩිදුරටත් පැවසීය.

“මේ වනවිට රටේ තිබෙන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට නිවාසවලින් තාඩන පීඩන හෝ නිසියාකාර පිහිටක් ආරක්ෂාවක් නොමැති බවට අප කාර්යාලයට දැනුම්දීමක් සිදුවුවහොත් වහාම ඒ පිළිබඳව සොයාබලා ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අපි වගබලා ගන්නවා. ඇතැම් විට එම වැඩිහිටි නිවාස නතර කරන්නට පවා හැකියාවක් තිබෙනවා. වැඩිහිටියන් යනු අසරණ වූවා යැයි නොසලකා හැරිය යුතු කෙනෙක් නොවේ.”

වැඩිහිටියකු සිටිය යුත්තේ තම නිවසේය. මේ නිසා මව්පියන් තම ලෝකය දරුවන් කරගත්තා සේම තම ලෝකය මව්පියන් කරගන්නේ නම් එවිට ගෙදර ලෝකය නිතැතින්ම සුන්දර වනු ඇත.

♦ දිශානි ජයමාලි කරුණාරත් (deshaya)