ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.
අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.
‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.
‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.
‘එහෙනම්...?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.
‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’
එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.
‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’
මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.
අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.
තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ දී හා කොළඹ දී
එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.
ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.
ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.
තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.
යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.
කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.
එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.
තිලක් සේනාසිංහ (lakbima)

Share this
|
|
0 Comment to "ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ"
Post a Comment