01 June, 2017

බ්‍රැඩ්මන්ගේ වාර්තාව පෙනී පෙනී සංගා දැවී යයි

Kumar Sangakkara Test

පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලදී එංගලන්තයේ සරේ කණ්‌ඩායම නියෝජනය කරමින් පිට පිටම ශතක හයක්‌ වාර්තා කරමින් ලෝක වාර්තාවක්‌ සම කිරීමේ අසලටම පැමිණ සිටි කුමාර් සංගක්‌කාර එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 84 කට දැවී ගියේය.

පිට පිටම ඉනිම පහකදී ශතක වාර්තා කරගත් සංගක්‌කාර මෙම තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සමත් විය. සංගක්‌කාර තවත් ලකුණු 16 ක්‌ ලබා ගනිමින් පිට පිටම හයවැනි ශතකය වාර්තා කිරීමට සමත් වූවේ නම් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග එම වාර්තාවේ සම හිමිකරුවා වීමට අවස්‌ථාව තිබුණි. මෙතෙක්‌ ලොව පළමු පෙළ තරගවලදී පිට පිටම ඉනිම හයකදී ශතක වාර්තා කළ ඇත්තේ බ්‍රැඩ්මන් සමග තවත් පිතිකරුවන් දෙදෙනකු පමණි.

මෙම තරගවාරයෙන් පසුව පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට සමුදීමට තීරණය කර ඇති සංගක්‌කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්ව තිබේ. අදාළ ශතක පෙළහරේදී සංගක්‌කාර පිළිවෙලින් 136, 105, 114, 120 සහ 200 වශයෙන් ලබා ගැනීමට සමත්විය. (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බ්‍රැඩ්මන්ගේ වාර්තාව පෙනී පෙනී සංගා දැවී යයි"

    Post a Comment