04 January, 2017

තරු හැඩ වෙන හැටි

sachini-ayendra-paper-article-2

සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබුණු සචිනි අයේන්ද්‍රා පසුගිය කාලය පුරාවටම ක්‍ෂේත්‍රයේ දකින්න ලැබුණේ නැහැ. දරුවන් දෙදෙනකුගේ මවක් ලෙස කාර්යබහුල වුණු සචිනි අයේන්ද්‍රා ක්‍ෂේත්‍රයේන්් තරමක් අෑත් වුණා. නමුත් එදා ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ වගේම සචිනි තවමත් ලස්සනයි. ඒ නිසාම මේ තරම් ලස්සන වෙන්න හේතුවුණු රහස් අපි සචිනිගෙන්ම ඇහුවා.

රඟපෑම් කටයුතුත් කරනවා

රිදී රැයක් ප්‍රසංගය නිසා තරමක් කාර්යබහුල වෙලා හිටියා. දැන් ප්‍රසංගය අවසානයි. බූඩි කීර්තිසේනගේ 'රූමස්සල' හි වැඩ පටන් ගත්තා. සේනක විජේසිංහගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් ජනවාරිවල ආරම්භ වෙනවා.

කොහොම හරි ජිම් යනවා

මොනතරම් කාර්යබහුල වුණත් ලස්සනට ඉන්න එක ගැන නම් වැඩියෙන් හිතනවා. ප්‍රධාන වශයෙන් මගේ දෛනික කටයුතු මඟහරින්නේ නැහැ. මට ජිම් එකට යන්න වේලාව නැති වුණත් මම කොහොමහරි ජිම් යනවා.

බඩගිනි වුණත් කට පරිස්සම්

මම කොච්චර බඩගිනි වුණත් කෑම කන එකේ දී නම් සෑහෙන්න සීමාවන් දාගෙන ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් චුට්ටක් කෑවත් මහත් වෙනවා. ඒ වගේම තමයි මහත් වුණාම ඒක මූණෙනුත් පේනවා.

ප්‍රෝටීන් වැඩිපුර ගන්නවා

ෂුගර් තමයි නරකම. පිටි කෑම වර්ග සහ සීනි අඩංගු ආහාර ගැනීම අඩු කරලා තියෙන්නේ. නමුත් ප්‍රෝටීන් නම් ටිකක් වැඩිපුර ගන්නවා. ඒ ජිම් යන නිසා. ජිම් ගියාම අපේ ශක්තිය හුඟක් වැයවෙනවා. ඒ නිසා මස් පිඩු ලස්සනට තියෙන්නේ නම් හොඳින් ප්‍රෝටීන් බහුල ආහාර ගත යුතුයි.

ව්‍යායාම 10% යි කෑම 90%යි

සිරුරේ හැඩය පවත්වාගෙන යන්න ව්‍යායාම වගේම ආහාර පාලනයත් ඉතාම වැදගත් වෙනවා. නමුත් ව්‍යායාමවලින් ලැබෙන්නේ 10%ක පමණ ප්‍රතිඵලයක් පමණයි. ඉතිරි 90% ආහාර මඟින් පාලනය කළ යුතුයි. ඒ විදියට පාලනය වෙනවා නම් සිරුරට ලස්සන හැඩයක් ලැබෙනවා.

අද ගොඩක් කෑවොත් හෙට කන්නේ නෑ

පාටිවලට එහෙම ගියාම ටිකක් වැඩිපුර කෑම වර්ග කැවෙනවනේ. ඒ වගේ වේලාවට ඊළඟ දවස් දෙක තුනම මම සෑහෙන්න කෑමවලින් පරිස්සම් වෙනවා. එහෙම දවසට මැරුණත් මම කන්නේ නෑ. ඉඳලා හිටලා රූටින් එකෙන් පිට ගියත් මතක් කරලා බැලන්ස් කරගන්නවා.

උදේ නැගිටපු ගමන් වතුර බොනවා

මම උදේට නැඟිටපු ගමන්ම මිලිලීටර් 500ක වීදුරුවකින් වතුර බොනවා. මගේ කොෆි එක බොන්නේ සීනි නැතිව. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ජිම් යනවා. මගේ පුහුණුකරු කියනවා 'හැමදාම එන්න එපා විවේක ගන්න' කියලා. ඒ වුණාට හැමදාම වර්ක්අවුට් කරන්න ඕන.

ප්‍රධාන කෑමවේල් තුන තුන් විදියක්

මම අවුරුදු දෙකක විතර ඉඳලා හැමදාම උදේ කන්නේ තම්බපු බිත්තර හතරක් විතරයි. වෙන මොනවත්ම කන්නේ නෑ. දවල්ට බත් චුට්ටක් කනවා. රෑට එළවළු තම්බලා මස් හෝ මාළු එක්ක කනවා. ඊට පස්සේ පලතුරු ටිකක්, යෝගට් එකක් වගේ කෑවාම ඇති.

බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් පාවිච්චි කරනවා

අපි Mood එක අනුවනේ පර්ෆියුම් තෝරාගන්නේ. මම නම් එහෙමයි. උදේට, දවල්ට, රෑට යන ගමන අනුව මම පර්ෆියුම් එක වෙනස් කරනවා. මට වැඩිපුරම තෑගි ලැබෙන්නේ පර්ෆියුම් නිසාම හැම බ්‍රෑන්ඩ් එකෙන්ම වගේ පර්ෆියුම් මගේ ළඟ තියෙනවා.

ඇඳුම්වලටයි - සපත්තුවලටයි හරි ආසයි

ඕනම ගැහැනු ළමයෙක් ඇඳුම්වලටයි, සපත්තුවලටයි කැමැතියිනේ. ඒක ඉතිං ගැහැනු අයගේ හැටි. මාත් එහෙමයි. ඒ වගේම අපේ වෘත්තිය අනුවත් ඇඳුම් පැලඳුම්, සපත්තු නිතරම ඕන වෙනවා. මම නම් සෑහෙන්න ඒ වගේ දේවල්වලට වියදම් කරනවා. තමන් ස්වාධීනයි නම් මුදල් වියදම් කළාට කමක් නැහැ.

ක්‍රීම් වර්ග ගොඩක් ගෙදර තියෙනවා

රට රටවල යද්දී මම එක එක ෂොප්ස්වලට යනවා. මම ක්‍රීම්වලට සෑහෙන්න කැමැතියි. එහම ගිහින් ආස කරන ක්‍රීම් වර්ග සෑහෙන්න අරන් එනවා. ඒ වගේම ඒ හැම ෂොප් එකකම මට ඕන කරන එක ක්‍රීම් වර්ගයක් හරි තියෙනවා.

තනියම මේක් අප් දාගන්නවා

මට අවුරුදු 18දී විතර මේක් අප් කරන්න ඉගැන්නුවේ මගේ අක්කා. එයා මට ලෝකේ තියෙන හොඳම බ්‍රැන්ඩ්වලින් මේක් අප් ගෙනත් දුන්නා. ඒ වගේම තරගවලට යද්දී මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා දැන් ඕනම තැනකට ගැළපෙන විදියට තනියම මේක් අප් කරන්න පුළුවන්.

මහත්වුණු ඇඟ ආයෙ කෙට්ටු කරගත්තා

ළඟදී දවසක මම පැරිස් ගියානේ. එහේ පුදුම සීතලයි. සම හොඳටම වියළි වුණා. කෑම, බීම පවා වෙනස් වෙනවානේ. කොණ්ඩෙ නම් ඒ කාලගුණයට හොඳටම ගැළපෙනවා. කොණ්ඩෙට හොඳයි. ඉතිං සම ගැන හිතලා වතුර එහෙම හුඟක් බොන්න වෙනවා. බඩගිනිත් වැඩියි. දකින දකින දේවල් කාලා හොඳටම මහත් වුණා. දැන් ටිකක් ඇඟ හදාගෙන ඉන්නේ.

හංසි ආටිගල

03 January, 2017

කාමාතිපුරයේ දිවි ගෙවූ උමා නමැති අබිසරුලියගේ හද කම්පා කරවන සංවේදී කතාව

half-naked-women-with-man

මාව අදුන්වලා දෙන්නේ කෝල් ගර්ල් කෙනෙක් කියලා..

මේ කෙල්ලට මෙච්චර බියර් බොන්න පුළුවන්ද..?

මේ ජීවිතේට මම ඇබ්බැහි වුණා..

කොයිතරම් සදාචාර සංස්කෘතියේ සළු පිළි පළදන්නට උත්සහ කළත් ආසියාතික රටවල් මුහුණ දෙන සමාජ ප්‍රශ්න බොහෝය.

ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි.දකුණු ආසියාවේ විතරක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ළමයින්, පිරිමින් කාන්තාවන් වගේම ලිංගික විපර්යාසයන්ට බදුන්වූ අයද මේ පිරිසට අයත් බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් ඉල්ලුමකි. ලාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙනයාම මෙම රටවල සිදුකරන්නකි.

එලෙස ගිය යුවතියන් ඉන්පසුව ජිවත්වන්නේ සුරඟනන් සේය.මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අය වෙති.

කුල පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිළිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක්වූ යුවතියෝද ඒ අතර වෙති.

තවත් සමහර ලාබාල කෙල්ලෝ ඈත් දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබූ අය වෙති.

බිමට වැටුණු සුරඟනන් නම් වූ (Fallen Angels)කෘතිය ඇසුරෙන් සැකසූ මෙම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ.

එය ගවේෂනාත්මක මාධ්‍යෙව්දීන් 14 දෙනෙකු විසින් ලියන ලද්දකි.ලිංගික වෙළදාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා ජාවාරම, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් හා සරලව මෙමඟින් විග්‍රහ කරයි.

බොහෝ මාධ්‍යෙව්දීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බියවන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය, මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසයි.

බිමට වැටුණු සුරඟනන් තුලින් ගෙනඑනු ලබන්නේ දකුණු ආසියාවේ ජීවත්වන කෙල්ලන්ගේ කතාවන්ය.

අද ඔබ හමුවට එන්නේ කාමාතිපුරයේ දිවි ගෙවූ උමා නමැති අබිසරුලියන්ගේ හද කම්පා කරවන කතාන්දරයයි.

කාමාතිපුරයට බඹර පහස සොයගෙන එන බඹරුන් ගෙඩක් දෙනා අහන්නේ කෙල්ලන් ඉන්නේ කාමාතිපුරයේ විතරක්මද කියලයි.

කාම කලාවේ මහැදුරු විදිහට සලකන ව්‍යත්සනයන්ගේ කාම සූත්‍රයේ එන ආකාරයටම පිරිමින්ගේ ගත සිත හොඳට සනහාලන්නට කාමාතිපුරයේ අගනුන් හොද හැටි ගෙනගෙන තියෙනවා.

එහෙම දැනගන්නට නම් මේ රස්සාවේ ගොඩක් කාලයක් නිරතවෙලා ඉන්න ඕනේ.

කොටින්ම කිව්වොත් මෙයාලා ළමා කාලයේ ඉඳලම මේ රස්සාවට පුරුදු වෙලා ඉන්න ඕනේ.

ළමයින්ගේ අයිතීන්, වගකීම් ගැන කතා කරන සංවිධාන ඉන්දියාවෙත් පිහිටුවලා තියෙනවා.

කාමාතිපුරයේ කෙළි පොඩිත්තියන්ට වින කටින මේ මඩම් ගැන ඒ සංවිධාන වගේම ඉන්දියාවේ පොලිසියත් සද්ද නැතුව ඉදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

මඩම් ව්‍යාපාරයේ ඉන්න මහ අතු ඔරිස්සාවේ, කර්ණාටකයේ මෙන්ම දිල්ලියේ දේශපාලන බලවතුන් සමග සබඳතා පැවැත්වීම ඊට හේතු වෙනවා.

උමාදේවී.. එයාගේ වයස අවුරුදු 16 යි.එයත් අපිට හම්බවුණේ කාමාතිපුරයේදීමයි.

මගේ මිත්‍රයා එයාගේ කැමරාව ගොඩක් ලස්සන උමාදේවියගේ වත කමල ගාවට කිට්ටු කරනකොට එයා ගොඩක් දැඩිව පින්තූර ගන්නවට විරුද්ධ වුණා.

පස්සේ විජයා ඒ කියන්නේ උමාදේවියගේ භාරකාරයා එක්ක අපි කතාබහ කරලා උමාත් එක්ක දොඩමළු වෙන්න අවස්ථාවක් හදාගත්තා.

ඒ සැදෑසමයේ සෝලාපුරයේ ගග අයිනේ තියෙන පුංචි හෝටලයක ආලින්දයේදී අපි හමුවුණා.

අපි ඉස්සරහ බියර් බෝතල් කිහිපයක් තියලා තිබුණා.

මෙච්චර බියර් මේ වගේ පුංචි කෙල්ලෙක්ට බොන්න පුළුවන්ද..?
මම පුංචි කාලේ ඉස්කෝලේ යනකොට මට පොත්පත් ගන්න සල්ලි තිබුණේ නැහැ.අපේ තාත්තා ගොඩක් බොන්න පුරුදුවෙලා හිටියා.

ගෙදර අඩුපාඩු ගොඩක් තිබුණා.අඩුම ගාණේ පූරි දෙකතුනක්වත් හදාගෙන කන්න ගෙදර පිටි ලුණු නැතිවෙලාවල් තිබුණා.

මම මොකක්හරි රස්සාවක් හොය හොය හිටියේ.ඒ අතරෙදි තමයි මට සිවා නැන්දා හමුවුණේ.

සෝලාපූර්වල ඔෆිස් එකක අතුගාන රස්සාවක් තියෙනවා.මාසෙකට රුපියල් 20,0000 ක් විතර හොයාන්න පුළුවන් කියලා නැන්දා මට කිව්වා.

ඒ වුණත් එයා මාව ගොඩක් රැවැට්ටුවා.එයා මාව රවට්ටාගෙන එක්කගෙන ආවේ විජයා සහාබ් කියන චණ්ඩියෙක් ගාවට.

සිවා නැන්දා එයාට මාව රුපියල් 5000 කට විකුණලා තිබුණා.මාව ඒකා මුලින්ම අරගෙන ගියේ සෝලාපූර්වල පරණ ගෙදරකට.

සතියක් තිස්සේ ඒකා මට කරදර කළා.ඔයා මට විශේෂ කෙනෙක්.ඒ නිසා ඔයාව මම පිට තැනක තියලා හොඳට සලකනවා.

ඒ මනුස්සයා මට කිව්වා.මට ගෙදර යන්න දෙන්න. මමවදින්නම්..මම විජයාට කිව්වා.. ඒත් විජයා ඒකට පොඩ්ඩක්වත් කැමතිවුණේ නැහැ.

උඹ මෙහෙන් පැනලා ගියොත් හරි, කා එක්ක හරි යාළුවුණොත් හරි උඹව මරනවා ඇරෙන්න වෙන යමක් මම කරන්නේ නැහැ.

විජයා එහෙම කිව්වම මට ගොඩක් බය හිතුණා.එදා ඉඳන් මම මේ ජිවිතේට ඇබ්බැහි වුණා.

විජයාගේ මඩම් තියෙන්නේ සෝලාපුර ටවුමේ.එතැනට කස්ටමර්ස්ලා ආපුවාම මට එහෙන් කෝල් එක් දෙනවා.

වාහනයකුත් එවනවා. ඊට පස්සේ මම එතැනට යනවා.මට විජයා හොදට සලකනවා.

කොහොමටත් මම මාසෙකට රුපියල් 20,000 ක් විතර ඉතිරි කරනවා.

උමා මේසය උඩ තියපු බියර් බෝතලය කඩලා අපි අතට දුන්නා.

උමාත් බියර් වීදුරුවකට දාගෙන බොන්න පටන් ගත්තා.

ඔයාට අම්මලා තාත්තලා මතක් වෙන්නේ නැද්ද..?
මම මගේ අතීත කාලේ ඔක්කොම අමතක කරලයි ජීවත්වෙන්නේ.

අම්මලා තාත්තලා නංගිට මොනවා වුණාද කියලවත් මම දන්නේ නැහැ.

මෙතැනට එන කස්ටමර්ස්ලාව හොදට සතුටු කරලා ආයෙත් මෙතැනට ගෙන්න ගන්න එක තමයි මගේ බිස්නස් එක.

ඒක හොදට කෙරුණොත් මටත් ගාණක් ලැබෙනවා.මඩමේ ඉන්න අනිත් කෙල්ලන්ට වඩා මම විශේෂ කෙනෙක්.

විජයා මාව කස්ටමස්ලාට අදුන්වලා දෙන්නේ කෝල් ගර්ල් කෙනෙක් කියලා.බොම්බායේ නම් අපි වගේ කෙල්ලෙකුට ඩීල් එකකින් රුපියල් 6000 ක් විතර හම්බවෙනවා.

ඒත් මෙහේ හම්බවෙන්නේ රුපියල් 4000 ක් විතර ගාණක්.ඒකෙනුත් මට හම්බවෙන්නේ රුපියල් 1500 ක් විතරයි.

ඉතිරි ඒවා සේරම විජයාගේ සාක්කුවට යනවා. දවසට මට කොහොමත් කස්ටමර්ස්ලා තුන්දෙනෙක්වත් හම්බ වෙනවා.

උමා සැබැවින්ම පෙනුමැති යුවතියකි.කොතරම් බඹරුන් ඇය වටා සැරිසැරුවද ඇගේ තරුණවියේ සුන්දරත්වය තවමත් පලාගොස් නැත.

දිගු කේෂ කලාපය රත්පැහැ දෙතොල් නීල නෙතු ඇගේ රූ සපුව දෙගුණ කරවයි.

ඔයාව පොලිසියට අහුවෙලාම නැද්ද..?
මම ඉන්න තැනට පොලිසියෙන් පනිනවා අඩුයි. ඒත් මතක් කරන්න එපා.මාව දෙසැරයක් පොලිසියට අහුවුණා.

උන් මට නොසෑහෙන්න වද දුන්නා.උන් මාව උන්ගේ බාත්රූම් එකක දොර ලොක් කරලා දවස් තුනක්ම නිරුවතින් එහේ තියාගෙන හිටියා.

අපි මේවා කාට කියන්ද..?
සල්ලි, නීතිය, ඔක්කොම එයාලගේ අතේ.පොලිසිය ඇතුලෙදි උන් කියන කියන විදිහට මට ඉන්න සිද්ධවුණා.

ලොකු මහත්වරු මාව උන්ගේ ගෙවල්වලටත් අරගෙන ගියා.

අහිංසක මට කරන්න පුළුවන් ඔක්කොම දේවල් උන් කට්ටිය එකතු වෙලා කළා.

ඉතිං ඔහොම ජිවත් වෙනකොට ඔයාට පෙම්වතෙක් එහෙම හම්බවෙලා නැද්ද..?

අපිටත් එහෙම ආශාවල් තියෙනවා.හිත ගිය පිරිමි ඉන්නවා. ඒත් අපි ආදරය කරන්න පටන්ගත්තොත් ඒක ඉවර වෙන්නේ ලොකු විනාශයකින්.

මීට කලින් මාත් එක්ක මගේ රස්සාවම කරපු මීනා දෑස් අන්ධවෙලා ඉන්නේ ඒ හේතුව නිසයි.

එයා ඔරිස්සාවල බිස්නස්කාරයෙක් එක්ක යාළුවෙලා එයාව කසාද බදින්න තීරණය කරපු එක නිසා තමයි එයාගේ ඇස් දෙක නැති කරගත්තේ.

ඉතිං ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද..?

ඔයාට තේරෙන්නේ නැද්ද..?

අපේ ජිවිත පාලනය කරන්නේ විජයා. එයාට උඩින් සෝලාපුරේ කපුටෙක්වත් යන්නේ නැහැ.

එයා මීනාට හොදින් කිව්වා. ඒ සම්බන්ධය නවත්වන්න කියලා. ඒත් මීනා ඒ මිනිහට වශී වෙලා හිටියේ.

ඒ නිසා එයාට කොහොමහරි එයාව බදින්න ඕන වෙලා තිබුණා.

ඒත් එක දවසක මීනා පාරේ තනියම යනකොට කොල්ලෝ දෙන්නෙක් එයාගේ මූණට ඇසිඩ් ගැහුවා.

උන්ව පොලිසියට අල්ලගන්න බැරිවුණා. මීනාට දැන් මේ ලෝකේ කවුරුවත් නැහැ.

අර බිස්නස්කාරයා වෙනත් කෙනෙක් බැදලා.විජයා දවසක් මීනාට අඩගහලා රුපියල් 2000 ක් දීලා ටවුමේ ඉන්නැතිව කොහේට හරි යන්න කියලා කිව්වා.

අදටත් මීනා කොහේ ඉන්නවද කියලා සෝලාපුරේ කිසි කෙනෙක් දන්නේ නැහැ.

පතිවත ගැන සැක සිතී සැමියා බිරියට ගිනි තියලා

burned-woman

ස්වාමිපුරුෂයා විසින් ගිනි තබන ලදැයි කියන පස් දරු මවක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව පසුගියදා (29දා) රාත්‍රි කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බව තඹලගමුව පොලිසිය කියයි.

මෙලෙස රෝහල්ගත කොට ඇත්තේ තඹලගමුව මොල්ලිපතාන යුනිට් 9 කොලනියේ වීරකුට්ටි තුරෙයිරාජ් නම් දරුවන් පස් දෙනකු සිටි 55 හැවිරිදි කාන්තාවකි.

වෙනත් පුරුෂයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් අති බවට සැක කොට ස්වාමි පුරුෂයා විසින් භූමිතෙල් හලා සිරුරට ගිනි තබා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

කන්තලේ මූලික රෝහලේ 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින තුවාලකාරියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ

වාහන එකලස් කරන්න කුලියාපිටිය සුදානම් – අද වැඩ අැරඹූ කර්මාන්ත ශාලාවේ තොරතුරු

western-automobile-assembly-kuliyapitiya

යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී අද සිදුවනවා.

ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වය ඇතිවයි.

අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් මෙම මෝටර් රථ කර්මාන්ත ශාලාව ආරම්භ වනවා.

වෙස්ටර්න් ඔටෝමෝබයිල් ඇසම්බ්ලි ප්‍රයිවෙට් ලිමිටඩ් යනුවෙන් මේ දේශීය සමාගම ආරම්භ වන අතර වොක්ස්වාගන් පමණක් නොව රෙනෝල්ට්, අවුඩි ඇතුළු යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන වාහන වර්ග රැසක් එකලස් කිරීම මෙහිදී සිදු වනවා.

මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් සිදුකිරීමට නියමිතයි.

එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා වන මෝටර් රථ, සහ වෙළෙඳවාහන, ආදිය එකලස් කිරීමට නියමිතයි.

ආදරේ සුවඳ අරන් නිලුක්ෂිව හොයාගෙන ආ ෆේස්බුක් කුමාරයා

nilukshi-madushika-paper-article

කොහොමද නිලුක්ෂි?

හොඳින් වැඩ කරගෙන ඉන්නවා. මේ දවස්වල කළු කුරුල්ලා, ආදරේ සුවඳ අරන් කියන නාට්‍ය දෙක විකාශය වෙනවා. අලුත් ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මේ දවස්වල නිලුක්ෂි දීර්ඝ නාට්‍ය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද?

මම දීර්ඝ නාට්‍යවලට අකැමැත්තක් නැහැ. හැබැයි මම තව ටික දවසකින් අවුරුදු දෙකකට විතර ලංකාවෙන් යන්න ඉන්නේ. ඒ නිසා දීර්ඝ නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.

අවුරුදු දෙකක් රටින් පිට වෙන්න තීරණය කරපු හේතුව දැන්වත් කියමු?

මම ගිය අවුරුද්දේ විවාහ ගිවිස ගත්තා. ඉතින් මේ අවුරුද්දේ මගේ විවාහය සිද්ධ වෙනවා. හස්බන්ඩ් ඉන්නේ විදේශ රටක නිසා විවාහයෙන් පස්සේ අවුරුදු දෙකකට විතර එයා ජීවත් වෙන රටට යනවා.

විවාහ ගිවිස ගැනීම හොර රහසෙද, හදිස්සියෙමද සිද්ධ කළේ?

ඇත්තටම ඒක හදිස්සියෙන් සිද්ධ කරන්න වුණේ. මොකද මට හස්බන්ඩ්ගේ රටට යන්න ලියකියවිලි හදාගන්න ඕන නිසා තමයි හදිසියෙම විවාහ ගිවිස ගත්තේ. දවස් තුනයි තිබ්බේ විවාහ ගිවිස ගැනීමේ කටයුතු සූදානම් කරගන්න. විවාහ ගිවිස ගැනීමට පහුවදාම එයා ලංකාවෙන් ගියා. මම ෂූටින් ගියා.

නිලුක්ෂිගේ හිත ගත්ත අත ගත්ත කෙනා ගැන දැන්වත් කියමු?

එයා සුමාල් රතුගම. එයා විදේශ රටක රැකියාවක් කරන්නේ.

නිලුක්ෂි සහ සුමාල්ගේ ආදර කතාව ෆේස්බුක් ආදර කතාවක් කියන්නේ ඇත්තද?

ඔව්. මට සුමාල්ව හම්බවෙන්නේ ෆේස්බුක් එකෙන්. ඒ කාලේ එයා වෙබ් රේඩියෝවක ප්‍රසන්ට් කළා. මමත් ඒ කාලේ රිදී පහන් නාට්‍ය කරනවා. ඒකේ මම කළේ එෆ්.එම්. එකක තරුණයකුට ආදරය කරන චරිතයක්. ඉතින් සුමාල් මට එයා ප්‍රසන්ට් කරන ප්‍රෝග්‍රෑම්වල ලින්ක් එව්වා. මුලින්ම මම එයාගේ කටහඬට ආස වුණේ. සම්බන්ධය පටන් අරගෙන අවුරුද්දකට පස්සේ තමයි මම එයාව ඇත්තටම දැක්කේ.

සැබෑවට දැකලා කතාබහ කරද්දි සුමාල් ගැන නිලුක්ෂිට මොකද හිතුණේ?

මම ෆේස්බුක් එකෙන් හඳුනගත්ත විදියටම එයා හොඳ කෙනෙක් කියලා තමයි මට දැනුණේ.

ෆේස්බුක් ආදර කතා ගැන විශ්වාස නැති කාලෙත් ෆේස්බුක් එකෙන් හොයාගත්ත ආදරවන්තයව නිලුක්ෂි විශ්වාස කළේ කොහොමද?

මම සාමාන්‍යයෙන් ෆේස්බුක් රික්වෙස්ට්වත් බලන්නේ නෑ. මල්ලි තමයි මගේ ෆේස්බුක් එක හැන්ඩ්ල් කළේ. ඒත් සුමාල්ගේ රික්වෙස්ට් එක මම මුලින්ම බලද්දී එයාගේ ෆොටෝ එක දකිද්දි මට හිතුණා මෙයාව තමයි මම බඳින්නේ කියලා. මම දන්නේ නැහැ මට එහෙම හිතුණේ ඇයිද කියලා. ඒක පෙර ආත්මයක ඉඳන් එන දෙයක් වෙන්න ඇති.

ආදර කතාවලට ඕන තරම් බාධක එනවනේ. නිලුක්ෂිගෙයි සුමාල්ගෙයි ආදර කතාවට පවුලෙන් බාධාවක් ආවෙම නැද්ද?

මට කලින් ආදර සම්බන්ධ තිබුණා. ඒත් ඒවට ගෙදරින් කැමැති වුණේ නැහැ. හැබැයි අපි දෙන්නගේ සම්බන්ධයට පවුලේ අයගෙන් බාධාවක් ආවේ නැහැ. එයාගේ පවුලේ අයත් මට කැමැතියි.

නිලුක්ෂි නිළියක් විදියට ඉන්නවට සුමාල් කැමැතිද?

ඔව්. මගේ රංගන කටයුතු එයාට ප්‍රශ්නයක් නෙමෙයි. මමත් රංගනයට ආදරෙයි. මාව එයා මුලින්ම දැකලා තිබ්බේ රොෂාන් අයියගේ මියුසික් වීඩියෝවකින්. ඒ නිසා එයා මාව රංගනයෙන් අෑත් කරන්නේ නෑ.

විවාහය ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියලා සමහරු හිතනවා. නිලුක්ෂි එහෙම හිතන්නේ නැද්ද?

මම ජනප්‍රිය නිළියක් කියලා හිතන්නෙත් නැහැ. විවාහය ජනප්‍රියත්වයට බාධාවක් කියලා මම හිතන්නෙත් නැහැ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

වෙඩින් එක ගැන තමයි මේ දවස්වල වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. වෙඩින් එකෙන් පස්සේ සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අමිත තෙන්නකෝන්_මව්බිම

දුම්රියේදී පිහි පෙන්නා දූෂණය කිරීමට ගිය සිසුවියන් බේරෙයි - පැය තුනක් මුල්ලක හිරකරගෙන - මගීන් නොදැක්කා සේ සිටියි

batticaloa-district-secretary-saves-students

කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී කාමාතුරයන් හයදෙනෙකුගෙන් විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනකු බේරා ගැනීමට මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරිය කටයුතු කර තිබෙනවා.

මෙම දුම්රියේ ගමන් කළ විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනා කොටුකර ගත් කාමාතුරයන් ඔවුන්ට පිහි පෙන්වා දූෂණය කිරීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවේ මහත් භීතියට පත්ව සිටි එම සිසුවියන් දෙදෙනා දුම්රිය මගීන්ගෙන් ආධාර ඉල්ලා සිටිය ද ඔවුන්ව බේරාගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම කාමාතුරයන්ගේ ග්‍රහණයෙන් මිදීම සඳහා දුම්රිය මැදිරිය තුළ අයිනක සිරව සිටි එම සිසුවියන් දෙදෙනා පැය තුනකට අධික කාලයක් ඔවුන්ගේ හිරිහැරයට ලක් වූ බව පැවසෙනවා.

දුම්රිය මගීන් මෙය නොදැක්කා සේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර එම දුම්රියේම ගමන් කළ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්. එම්. චාල්ස් එම ස්ථානයේ යම් කලහකාරී තත්ත්වයක් පවතින බව දැන ඒ ගැන විපරම් කර තිබෙනවා.

එවිට ඔවුන් පිහි පෙන්වා එම සිසුවියන්ට තර්ජනය කරමින් අඩන්තේට්ටම් කරන බව දැක කඩිනමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු හා ජංගම දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම තත්ත්වය පැහැදිලි කර දෙමින් එම තරුණියන් දෙදෙනා බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දුම්රිය නතර කර පොලිස් නිලධාරීන් එම කාමාතුරයන් හයදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනාව පොලිසිය බාරයට ගෙන ආරක්ෂාකාරී ලෙස ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු කළේ දිස්ත්‍රික් ලේකම්වරියගේ මැදිහත්වීමෙන් බවයි පැවසෙන්නේ.

01 January, 2017

ලක්‍ෂයේ චෙක්‌පත ලෑස්‌තියි - දැන් මොකද කරන්නෙ - රන්ජන් පිළිතුරු දෙයි

ranjan-ramanayake03

රන්ජන් ඊයේ පෙරේදා යළිත් ආන්දෝලනයට ලක්‌විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු රුපියල් ලක්‍ෂයේ දීමනාව ඔහු ප්‍රතික්‌ෂේප කිරීම නිසා මෙසේ ආන්දෝලනයට ලක්‌විය.

රන්ජන් දුරකථනයට සම්බන්ධකර ගැනීමට අපට හැකිවිය.

අපි කෙළින්ම ප්‍රශ්නයට පැමිණියෙමු.

ප්‍රශ්නය - රන්ජන් මොකද මේ රුපියල් ලක්‍ෂය එපා කියන්නේ.

පිළිතුර - මේ රටේ ජනතාව අනන්තවත් දුක්‌ විඳිනවා. ඔවුන්ට පටි තදකරගන්න කියලා අපි රුපියල් ලක්‍ෂයේ දීමනාව ගන්න එක වැරදියි. ඔය මැති ඇමැතිවරුන්ට එච්චරටම ප්‍රශ්න තියෙනවාද? පෞද්ගලික ලේකම් පුතා හරි දුව හරි. එහෙමත් නැත්නම් නෝනා. සම්බන්ධිකරණ ලේකම් ඒත් පවුලේම කෙනෙක්‌. අමාත්‍යාංශයේ තියෙන ලොකුම තනතුරු දරන්නේ කවුද? ඇමැතිවරයාගේ පවුලේ අය. ඉතින් මේ ගොල්ලන්ගේ ආදායම කොහොමද? එහෙම තියෙද්දිත් රුපියල් ලක්‍ෂයේ මුදලක්‌ අනුමත කරගන්නවා. වැඩේ කැතැයි නේද?

ප්‍රශ්නය - ඔබේ ලක්‍ෂයේ මුදල් චෙක්‌පත දැන් ලෑස්‌ති කරලාලු.

පිළිතුර - මොන බොරුද ඔය චෙක්‌පත ලියන්න ඕනෑ. ජනවාරි මාසයේ. දැනට ලියලා හරියන්නේ නැහැ. ඕක බොරු කතාවක්‌. ඔබ දන්නවාද වැලි පර්මිට්‌ තියෙන මන්ත්‍රීවරු කී දෙනෙක්‌ ඉන්නවාද කියලා. ඔබ දන්නවාද බාර් ලයිසන් තියෙන මන්ත්‍රීවරු කී දෙනෙක්‌ ඉන්නවාද කියලා. 


ටෙන්ඩර් තියෙන මන්ත්‍රීවරුන් කී දෙනෙක්‌ ඉන්නවද කියලා. මේ ඔක්‌කෝම දුප්පත් කට්‌ටියද? ඉතින් මොනවද තව රුපියල් ලක්‍ෂයේ දීමනාව. මම තනිකඩයා. මට කියලා ස්‌ථිර කිසිවක්‌ නැහැ. මම චිත්‍රපටි කරලා ආදායම් ලබනවා. ඉතින් මම මොකටද ලක්‍ෂයක්‌ ගන්නේ. මම හිතන්නේ ඩලස්‌ අලහප්පරුම මන්ත්‍රීවරයාත් ඔය ලක්‍ෂයට අකමැති බව මට දැනගැනීමට ලැබුණා.

මම තවත් අලුත් කතාවක්‌ කියන්නද?

පාර්ලිමේන්තු කැන්ටිමට බේකන්, මී පැණි, ඌරු මස්‌, ජපන් මාළු වර්ගයන් ඕඩර් කරපු දේශපාලනඥයෙක්‌ ගැන දැනගැනීමට ලැබුණා. හැබැයි ඌරු මස්‌ ගෙන්වීමට ඕඩර් කිරීම අවලංගු වුණා. හේතුව මුස්‌ලිම් මන්ත්‍රීවරයෙක්‌ මේකට විරුද්ධ වුණා. ජනතාව පරිප්පු කනවා. මෙයාලා සුපිරි කෑම ඕඩර් කරනවා. වැඩේ වැරදියි.

තොරතුරු හෙළි කිරීමේ පනත වත්කම් හෙළිකිරීමේ පනත සම්මත වූවා නම් මම මේ ගොල්ලන් ගැන රටටම හෙළිකරනවා. සමහර පුවත්පත් මාධ්‍යවේදීන් අද සුපිරි ගෙවල්වල ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නේ එංගලන්තයේ. සමහර ආගමික පූජකවරුන් ඒකාලේ සුවිශේෂී උදව් ලබාගෙන තිබෙනවා.

පිටරට රෝහලක ප්‍රතිකාර ගත්ත හිමිනමකගේ බිල කෝටි 25 ක්‌ විතර වෙනවලු. උමාඔය හරවලා කෝටි ගණනක වැලි මගඩියක්‌ කළ දේශපාලනඥයා ගැනත් අපි දන්නවා. ඉස්‌සර වෙලාම අපි ජනතාවට ආදර්ශවත් වෙන්න ඕනෑ. අපි පුළුවන්තරම් යටි මඩි ගහලා ජනතාවට ගැලවුම්කරුවකු ලෙස ජිවත් වෙන්න හදනවා. වැරද්ද වැරද්දමයි. මේ හැම ගැහිල්ලක්‌ එදා ගැහුවා. ඌරුගුවේ ජනාධිපති ගැන අහල ඇතිනේ. අන්න නියම චරිතේ. එයාගේ ආදයමේ කොටසක්‌ ජනතාවට දෙනවා. එයාගේ කාර් එක ඒ වගේම එයාගේ නිවස.

මේ වගේ තත්ත්වයකදි අපි අපේ රුපියල් ලක්‍ෂයේ දීමනාව ගත්තොත් අපි ජනතාවට මුහුණ දෙන්නේ කොහොමද? අපි පාරේ ඇඳුම් ඇඳගෙන යන්නේ කොහොමද? අපිට මිනිස්‌සු හෙණ ඉල්ලයි. අනේ. මට එපා. ඔය රුපියල් ලක්‍ෂය. මට හිතෙන්නේ තවත් මැති ඇමැතිවරු කිප දෙදෙනක්‌ මගේ මතයේ ඉන්න පුළුවන්. පසුගිය රජය කාලේ නහුතෙට වංචා කළ, හොරකම් කළ ඇමැතිවරුන් මේ ලක්‍ෂය ගන්න පුළුවන්. හොරුන්ට අපි තවත් පැනලා දෙන වැඩක්‌ මේක. ඒ හොරු ටික දැන් තොත්ත බබාල වගේ ඉන්නවා. මේ ලක්‍ෂයත් ගන්න.

- නෝමන් පළිහවඩන

ලෝකයේ වැඩිම පඩි ගන්න හපුගස්‌තැන්න වතු යායේ සතුටු මිනිස්‌සු

hapugastenna-estate-02

* සිංහල දෙමළ බේදයක්‌ නැත
වත්තේ හැම පවුලකටම ත්‍රීවීලරයක්‌
හෝ යතුරුපැදියක්‌ තියෙනවා
* ණයට නොගන්න නිසා කඩකාරයො අමනාපෙන්

දසත පැතිරී ඇත්තේ තේ දලුවල මුදු සුවඳය. නැහැ පුඩු පුරා විඳගත හැකි තරම් බරසාර ලෙස තේ සුවඳ හමා එන්නේය. එහෙත් ඒ මියුරු සුවඳ වතු ජීවිත පිළිබඳ මහා මානුෂීය සංවේදනාවක්‌ සිහිපත් කළේය. මන්ද තේ සුවඳ, රස අපට විඳින්නට වතු මිනිසුන් විඳින දුක්‌ක පීඩා අපමණය. ඒ මහන්සියේ තරමට සාධාරණයක්‌ ඉටු නොවූ විට කම්කරුවන් වතු දෙවනත් කරමින් උද්ඝෝෂණ කරන්නාහ. නිරන්තරයෙන් කඳු අතර රැව්පිළිරැව් දෙන්නේ වතු මිනිසුන්ගේ ජීවිත අඳෝනාවය. ඉල්ලීම් ඉල්ලාගෙන කෑමොර දෙන පීඩිත හඬය.

දැන් අප සිටින හපුගස්‌තැන්න වතු යායේ කම්කරුවන් ද තේ පඳුරු අතර දුක්‌විඳින්නාහ. එහෙත් ඔවුහු සතුටින් ජීවත් වන්නාහ. ඔවුන්ට වෘත්තීය ගැටලු නැත. මහන්සි වන තරමට සිත පිරෙන්න වැටුප් ලැබෙන බව හපුගස්‌තැන්නේ වත්තේ මිනිස්‌සු අපට කීහ. එමෙන්ම ලෝකයේ වැඩිම පඩි ගන්න වතු ජනතාව ද ඔවුන් බව ආඩම්බරයෙන් ඔවුහු අපට කීහ. එය ලෝක වාර්තාවකි. මේ පෙළගැසෙන්නේ ලෝකය ජයගත් ඒ මිනිසුන්ගේ සුමිහිරි කතාවය.

''අපි මහන්සි වෙලා වැඩ කළොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්. දැන් මම මේ වත්තේ දලු කඩන්න පටන් අරගෙන අවුරුදු 33 ක්‌ වෙනවා. කසාද බැඳලා මේ වත්තට ආපු දවසේ ඉඳලා වත්තේ වැඩ කරනවා. දැන් මට අවුරුදු 58 යි. මගේ මහත්තයත් මේ වත්තෙම කංකානම් වැඩේ කරනවා. අපි දෙන්නම මාසෙකට රුපියල් හැට, හැත්තෑදාහක්‌ ගන්නවා. හොඳටම වැඩ තිබුණොත් අසූදාහ පනිනවා. මේ මාසෙ සේරම මගේ පඩිය තිස්‌ හතරදාහක්‌ තිබුණා. හොඳට කාලා බීලා හැම මාසේම කීයක්‌ හරි බැංකුවට දාන්නත් ඉතුරු වෙනවා. දරුවො හතරදෙනාටත් හොඳට ඉගැන්නුවා. දැන් දරුවො තුන්දෙනෙක්‌ කොළඹ රස්‌සා කරනවා. දුව බැඳලා ගෙදරට වෙලා ඉන්නවා...'' දලු නෙළන අතරේම අලංගාර අම්මා අලංකාර ලෙස කතාවට මුලපිරුවාය.

මස්‌කෙළිය වැවිලි සමාගමට අයත් ශ්‍රී පාද පාමුල හපුගස්‌තැන්න වතු යාය අක්‌කර අටසියයකි. අක්‌කර තුන්සිය පනහක්‌ තේ වගා කර තිබේ. සම්පූර්ණ සේවක සේවිකාවන් ප්‍රමාණය දෙසිය පනහකි. මේ සේවකයන්ගෙන් කොටසක්‌ දෙමළය. වතු ලැයින් තුළ ජීවත් වන මිනිසුන්ය. කොටසක්‌ සිංහලය. සේරම පවුල් එකසිය විස්‌සකි. ඒ පවුල් නියෝජනය කරන පනහකට වැඩි පිරිසක්‌ දැන් අප අසළය. ඔවුන් අතරින් හපුගස්‌තැන්න වත්තේ සෑම මාසයකම වැඩියෙන්ම වැටුප් ලබන සුමනාවතී ඉදිරියට ආවාය. මේ ඇය කියන කතාවය.

''මට දැන් අවුරුදු 40 යි. මේ වත්තේ දලු කඩන්න පටන් අරගෙන දැන් අවුරුදු 23 ක්‌ වෙනවා. දැන් අවුරුදු ගානක ඉඳලා හැම මාසේම වැඩියෙන්ම පඩි ගන්නේ මමයි. මේ මාසේ මගේ සම්පූර්ණ පඩිය රුපියල් 45000 යි. කැපිලා කෙටිලා අතට 38000 ක්‌ ආවා. ඒ පඩිය ගන්න මම ගොඩක්‌ මහන්සි වෙනවා. උදේ 6 ට විතර වැඩට එනවා. ගෙදර යන්නේ ඇඳිරි වැටෙනකොට. දවසකට අපිට දලු කිලෝ 19 කඩන්න ඕනෑ. උදේ ඉඳලා හවස්‌ වෙනකම් දලු කැඩුවහම කිලෝ හැට හැත්තෑවක්‌ කඩන්න පුළුවන්. මාසේකට දලු කිලෝ එක්‌දාහස්‌ පන්සියක්‌, හයසියක්‌ කඩනවා. වැඩි වෙන හැම දලු කිලෝවකටම වෙනම අපිට ගෙවනවා. දවසේ පඩිය 805 යි. වැඩිය මහන්සි වෙන්නෙ නැතිව දවසේ පඩිය විතරක්‌ ගන්න අයත් ඉන්නවා. ඒ අයට හැමදාම මාසේ අන්තිමට අතට ඉතුරු වෙන්නේ හය හත්දාහයි. හැමදාම කඩවලට ණයයි...''

''වත්තේ ලොකු මහත්තයත් අපිට කියලා තියෙන්නෙ පුළුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරලා වයසට යනකොට කීයක්‌ හරි ඉතුරු කරගන්න කියලයි. ඒ වගේම වැඩියෙන්ම දලු කඩන අය තෝරලා අවුරුද්දෙ අන්තිමට තෑග්ගකුත් දෙනවා. සහතික දෙනවා. මම කොහොමහරි උත්සාහ කරන්නේ අවුරුද්දේ අන්තිමට තෑග්ගක්‌ ගන්න. මගේ මහත්තයයි, පුතයි දෙන්නම වැඩ කරන්නෙත් මේ වත්තේ. දුව බැඳලා ගියා. අපි හම්බ කරන සල්ලි ඒ දෙන්නට බෙදලා දෙනවා...'' සුමනාවතීගේ කතාව සැබෑය. සල්ලි හම්බ කිරීමට මහන්සි විය යුතුය. එහෙත් ඇය කියන කතාව අපේ රටේ බහුතරයකට නොතේරීම අපට තවමත් අපභ්‍රංශයකි.

''අපි හැම වේලාවේම හිතන්නේ අපේ දියුණුව ගැන. අපි වින්ද දුක දරුවන්ට දැනෙන්න ඉඩ නොතබන්න...'' සුමනාවතීගේ දිරිය හඬට අප අසළ එක්‌රොක්‌ව සිටි සියලු දෙනා එකතු වූහ. මේ හපුගස්‌තැන්න වතු මිනිසුන්ගේ පොදු හඬය.

''ඒත් අපිට තියෙන එකම ප්‍රශ්නය අපි වැඩිය වැඩ කරනවා කියලා සමහර අය බණිනවා. ඒ මිනිස්‌සු වැඩ කරන්න කම්මැලියි. වැඩ කරන අයට වැඩ කරන්න දෙන්නෙත් නෑ. ආඩපාලි කියනවා. පඩියෙන් කැපෙන්න වත්තේ සමුපකාරයෙන් අපිට බඩු ගන්න පුළුවන්. ඒකට පුද්ගලික කඩකාරයො කැමති නෑ. ඒ අය අපිට බණිනවා. වත්තේ මහත්තයාට විරුද්ධව එක, එක දේවල් කරනවා. වත්තේ කසිප්පුකාරයොත් කඩකාරයෝ වගෙම තමයි. අපි හොඳට කාලා ඇඳලා ඉන්නකොට උන්ගේ ඇස්‌වල කටු අණිනවා වගෙයි. ඒ දෙගොල්ලො එකතු වෙලා වත්තේ මිනිස්‌සුන්ව උසිගන්වන්න හදනවා. ඒත් වත්තේ මිනිස්‌සු ඉන්නෙ ලොකු මහත්තයා එක්‌ක. ඉස්‌සර මේ වත්ත තනිකරම කසිප්පුකාරයන්ගේ තිප්පොළක්‌. දැන් වත්තේ කසිප්පුකාරයෝ නෑ. එක ගෑනු කෙනෙක්‌ අරක්‌කු විකුණනවා. ඒ හැරෙන්න අපිට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. වත්තේ හැම පවුලකටම ත්‍රීවීල් එකක හරි මෝටර් සයිකලයක්‌ හරි තියෙනවා. අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. අපි හැමෝම සතුටින් ජීවත් වෙනවා...' අප වටා රොක්‌ව සිටින මිනිසුන්ගේ මුහුණු කැලෑ මල් වැනිය. ඔවුන්ගේ ජීවිතවල මිහිර රස වචනවලින් පිට වේ. ඇසෙන කතාවත් සමඟ මොහොතකට හෝ අපගේ සිත් කෝපයෙන් පුපුරා යන්නේ මේ අහිංසකයන්ගේ දියුණුව දැක කුහකකම් කරන කාලකණ්‌ණි ගැනය.

මහත්මා ගාන්ධි කියා ඇති ආකාරයට තරගයක්‌ ඇත්තේ වැඩ පුළුවන් අය අතර නොවේ, වැඩ බැරි මිනිසුන් අතරය. එහෙයින් කෙනෙක්‌ යම් දෙයක්‌ හොඳින් කරයි නම්, ඔහුව වැළැක්‌වීමට දහසක්‌ දෑත් දිගු වේ. එය වතු ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව ඕනෑම ක්‍ෂේත්‍රයකට පොදු කරුමයයි. එහෙත් ඒ මිනිස්‌ ගතිය හොඳින් තේරුම් කර දී හපුගස්‌තැන්න අහිසංක වතු මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන වෙදැදුරා එම වතු යායේ අධිකාරීවරයාය. එනම් මහෙන්ද්‍ර පිරීස්‌ මහතාය. ගැටලුවලින් හෙම්බත්ව සිටින මෙරට වතු ක්‍ෂේත්‍රයේ හපුගස්‌තැන්න වතු යායේ කම්කරුවන් මෙතරම් සතුටින් තැබීමට කළ වික්‍රමය ගැන අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

''2008 අවුරුද්දේ තමයි මම හපුගස්‌තැන්න වතු යායේ වතු අධිකාරිවරයා විදිහට වැඩ භාර ගත්තේ. එදා ඉඳලා අද දක්‌වා මේ වත්තේ වතු අධිකාරිවරයා විදිහට වැඩ කරනවා. ඒ වගේම වත්තේ වැඩ කරගෙන යන්න මට උපරිම නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වෙනකොට වතු ක්‍ෂේත්‍රයේ පෙරළිකාර වැඩ කොටසක්‌ මම කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වත්තට එනකොට කාර්යක්‍ෂමතාවය කියන එක බින්දුවට වැටිලා තිබුණේ. එක සේවකයකුගේ දලු කැඩීමේ අගය තිබුණේ කිලෝ 13 ක්‌ විතර. සේවකයකුගේ දවසේ පඩිය රුපියල් 305 යි. මේ වනකොට දලු කඩන සෑම කෙනෙක්‌ම කිලෝ විසිපහකට වැඩියෙන් කඩනවා. සෑම වතු සේවකයකුටම දවසකට රුපියල් 805 ක විතර පඩියක්‌ ලැබෙනවා. ඊට අමතරව කරන සෑම වැඩ මුරයකටම වෙනම ගෙවනවා. සාමාන්‍යයෙන් වතු සේවකයකුගේ දවසේ වැඩ වරුවක්‌ යනකොට අවසාන වෙනවා. ගැහැණු අය දිගටම දලු කැඩීමේ නිරත වුණත් පිරිමි අය ඉතිරි කාලය ගත කරන්නේ නිකං. ඒ ගැන මම අවධානය යොමු කරලා සේවකයන්ට අමතර ආදායමක්‌ ලැබෙන විදිහට වැඩපිළිවෙළක්‌ සකස්‌ කළා. එක මගේ තනි තීරණයකින් කරපු දෙයක්‌ නෙමෙයි, සේවකයොත් එක්‌ක කතා කරලා එයාලට වැඩි වාසි වෙන විදිහට තමයි ඒ වෙනස්‌කම කළේ...''

''දැන් අපේ වත්තේ දවසකට එක සේවකයෙක්‌ කඩන්න ඕන දලු ප්‍රමාණය කිලෝ 19 යි. ඒ කිලෝ දහනවයට අමතරව කඩන සෑම දලු කිලෝවකටම රුපියල් 28 ගානේ අමතර මුදලක්‌ ගෙවනවා. හොඳට දලු තියෙන කාලේට සමහර මිනිස්‌සු දවසකට දලු කිලෝ හැට, හැත්තෑවක්‌ කඩනවා. දලු නැති කාලේට වුණත් අනිවාර්යෙන්ම දලු කිලෝ හතළිහක්‌, පනහක්‌ කඩනවා. කඩා ගන්නම බැරි කෙනෙක්‌ වුණත් වැඩියෙන් ආදායමක්‌ ගන්න කොහොමහරි දලු කිලෝ තිහකට වැඩියෙන් කඩනවා. දලු කඩන්නේ නැති අයට වෙනත් කාර්යයන් පවරනවා. සමහර සේවකයෝ එක දවසේ වැඩ දෙක, තුන කරනවා. දලු කඩනවා. වල් නෙළනවා. පොහොර දානවා. ඒ විදිහට මාසේකට වැඩ මුර 55 ක්‌ 60 ක්‌ විතර කරනවා. ඒ හැම දේකටම පැය ගානට ගෙවනවා. ඒවා අමතර ආදායම්...''

''පැය අටක්‌ තුළ වැඩ මුර දෙක, තුනකA කරන්න පුළුවන් ලංකාවේ එකම රැකියා ක්‍ෂේත්‍රය වතු කර්මාන්තය විතරයි. දැන් අපේ වත්තේ ගොඩක්‌ම සේවකයෝ දවසකට රුපියල් 1500 ත් 2000 අතර වැටුපක්‌ ලබා ගන්නවා. මම බොහෝම ආඩම්බරයෙන් කියනවා වතු ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම පඩි ගන්න මිනිස්‌සු ඉන්නේ මස්‌කෙළිය වැවිලි සමාගමට අයත් හපුගස්‌තැන්න වත්තේ. මුළු ලෝකයේ වතු කර්මාන්තයේ වැඩිම පඩි ගන්න මිනිස්‌සු ඉන්නේ ලංකාවේ වතුවල. එහෙම බලනකොට මුළු ලෝකයේම වැඩිම පඩි ගන්න වතු සේවකයෝ ඉන්නේ හපුගස්‌තැන්න වත්තේ. ඒක අපිට ලොකු ආඩම්බරයක්‌. ඒ වගේම ලෝක වාර්තාවක්‌. ඒ ඇගයීම දැනටමත් අපිට ලැබිලා ඉවරයි...''

''වතුවල මිනිස්‌සුන්ට තේරෙන භාෂාවෙන් කාලයේ වටිනාකම අවබෝධ කර දීලා, ඒ අයටත් වාසියක්‌ වෙන විදිහට වැඩ ගන්න වතු පාලකයෝ තේරුම් ගන්න ඕනා. සේවයට ලැබෙන වටිනාකම හරියට තේරුම් කරලා දුන්නට පස්‌සෙ ඔය පිටස්‌තරයන්ගේ වහසි බස්‌වලට මිනිස්‌සු රැවටෙන්නෙත් නෑ. ඔවුන්ගේ රාජකාරිය කරලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒ වගේම අපි ඒ මිනිස්‌සුව නිරන්තරයෙන් දිරිගැන්වීම් කරන්න ඕනා. වත්තේ සේවකයන්ට අඩු මුදලට හොඳ තත්ත්වයේ භාණ්‌ඩ ලබාදීමට සේවක සමුපකාර සමිතියෙන් සුබසාධන වෙළෙඳසැලක්‌ පවත්වාගෙන යනවා. ඒ නිසා මිනිස්‌සු කළු කඩකාරයන්ට කොටු වෙන්නේ නෑ. පඩියෙන් කැපෙන්න ගෙදරට අවශ්‍ය බඩු මුට්‌ටු ගන්න අවස්‌ථාව තියෙනවා. අවුරුද්දේ අන්තිමට වත්තේ හොඳම සේවකයන්ට තෑගි දෙනවා. සමහර අවුරුදුවල විදුලි කේතල, අයන්, රයිස්‌ කුකුර්, සාරි එහෙම තෑගි දීලා තියෙනවා. ඒ තෑගි ගන්න මිනිස්‌සු අතර හොඳ තරඟයක්‌ තියෙනවා. ඒ විදිහට සේවකයන් අතර තරඟයක්‌ ඇති කළාම වත්තේ වැඩ ටික අපිටත් නොදැනිම කෙරෙනවා. සේවකයෝ අඩු වුණා කියලා ගැටලු මතු වෙන්නෙත් නෑ...''

''සාමාන්‍යයෙන් තේ වත්තක හෙක්‌ටයාර් එකකට සේවකයෝ දෙතුන් දෙනෙක්‌ විතර ඉන්නවා. ඒත් මගේ වත්තේ ඉන්නෙ හෙක්‌ටයාර් එකකට සේවකයෝ එක්‌කෙනයි. සේරම සේවකයෝ දෙසිය පනහයි. දිනපතා වැඩට එන්නේ සේවකයන් 130 ක්‌ විතර. ඒත් සේවක ප්‍රශ්න නෑ. ඉන්න සේවකයන් පිරිස බොහෝම සතුටින් වැඩ කරනවා. ඒ වගේම සේවකයන්ට සතුටින් වැඩ කරගෙන යන්න වත්තෙන් හොඳ අස්‌වැන්නක්‌ ලැබෙන්නත් ඕනෑ. අස්‌වැන්න අඩු වුණොත් සේවයොත් ණයකාරයෝ වෙලා අපිත් බංකොලත් වෙනවා. ඒ නිසා දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන පර්යේෂණ තුළින් තේ අස්‌වැන්න වැඩි කරගැනීමට මට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තේ ගහ කප්පාදු කරලා කෙටි කාලයකින් නැවත තේ ගහ වර්ධනය කරගැනීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් තේ ගහක්‌ කප්පාදු කරලා නැවත තේ ගහනයෙන් පොළව වැහෙන්න අවුරුදු හතරක්‌ විතර යනවා. අපි තේ ගහ කප්පාදු කරලා මාස හයකින් නැවත පොළව වහන්න ක්‍රමයක්‌ වැඩි දියුණු කරලා තියෙනවා. ඒ ක්‍රමය තුළ වල් පැලෑටි වර්ධනයත් අඩුයි. ඒ වගේම රාසයනික බෙහෙත්වලින් තොර වල් මර්දනය ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. ඒ නව හඳුන්වාදීම් එක්‌ක වත්තේ වැඩ කරන්න විශාල සේවක පිරිසක්‌ අවශ්‍ය නෑ. අවුරුද්ද මුළුල්ලේ දලු අස්‌සවැන්නත් පවත්වාගෙන යන්න පුළුවන්. ඉන්න සේවකයන්ටත් හොඳ පඩියක්‌ ගෙවාගෙන ඉතාම පහසුවෙන් වත්ත පවත්වාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම හපුගස්‌තැන්න වත්තට දෙස්‌, විදෙස්‌ විවිධ සම්මාන කිහිපයක්‌ම ලැබිලා තිබෙනවා. තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කළ කටයුතු අගයමින් පරිසර හිතකාමී නව නිර්මාණ සඳහා වන මෙරිල් ඡේ. ප්‍රනාන්දු සම්මාන දෙකක්‌ හපුගස්‌තැන්න වතු යායට හිමි වෙලා තියෙනවා. ලෝකයේ රටවල් අනූවක පරිසර හිතකාමී බව සහතික කරන ආයතනයක්‌ වන වැසි වන සංසදය මගිනුත් පසුගිය අවුරුද්දේ අපිට සහතිකයක්‌ පිරිනමලා තියෙනවා. මේ හැම ඇගයීමක්‌ම මට විතරක්‌ ලැබුණු දේවල් නෙමෙයි. හපුගස්‌තැන්න වත්තේ වැඩ කරන සෑම කෙනෙකුටම ඒ ඇගයීම්වල අයිතියක්‌ තියෙනවා. ඉදිරියේදී මීටත් වඩා අපේ සේවකයන්ගේ ආදායම් තත්ත්වය දියුණු කරන්න සැලසුම් කරලා තියෙනවා...''

මේ ඇසෙන්නේ මීට පෙර අප නොඇසූ සතුටු හිතෙන කතාවකි. වතු ක්‍ෂේත්‍රය තුළින් එවැනි මිහිරි වදන් ඇසීම දුර්ලභය. මීට පෙර අපගේ දෙසවනේ රැව්පිළිරැව් දුන්නේ කඳු අතරින් නැගෙන වතු ජනතාවගේ ජීවිත අඳෝනාවන් පමණි. එහෙයින් හපුගස්‌තැන්න වත්තේ මිනිසුන් කියන කතාව රටට ආදර්ශයකි. මේ කතාව පෙළගැස්‌වීමට අපව පෙළඹුවේද ඒ ආදර්ශමත් නිමිත්තය.

තරංග රත්නවීර
ඡායාරූප හර්ෂණ ජයතිලක

තල්මස්‌ වමනේ කිලෝ තිස්‌ දෙකකට රණ්‌ඩු කරනා නාවික හමුදාව සහ ධීවර ජනතාව

sperm-whale

* කිලෝවක්‌ රුපියල් එක්‌ කෝටි පනස්‌ ලක්‍ෂයයි
* රත්තරන් වලටත් වඩා වටිනා පාවෙන රත්තරන්
සොබාදම් දිනිතිය ප්‍රදානය කරන අපූරු හා විශ්මයජනක දැ නිසා ලොව මිනිසුන් මහා ධනවතුන් බවට පත් වන පුවත් අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. සැබැවින්ම එසේ වී ඇත්තේ මිනිසුන් විසින්ම එම දායාදයන් ඉහළ අගයන් කරා යළි යළි ප්‍රතිනිර්මාණය, ප්‍රතිසංවර්ධනය කිරීම හේතුවෙනි. මහ පොළව යට තිබූ වර්ණවත් ගල් කැටයක්‌ රුපියල් කෝටි ගණන් වටිනා නීල මාණික්‍යයක්‌ වන්නේද, බෙල්ලාගේ කුස තුළ ඇති ශ්ලේෂ්මල හා බැඳුණු වැලි කැටයක්‌ මුතු ඇටයක්‌ බවට පෙරළෙන්නේද, මහ පොළවේ ගැඹුරින් ගත් "කළු බොර දිය" ඉන්ධන හා විවිධ ආහාර බවට පත්වන්නේ, පොපි මලෙහි කිරි මත් කුඩක්‌ බවට පෙරළෙන්නේද තවත් මෙලෙසින්ම බොහෝ දැ පරිවර්තනය වන්නේ ද එකී මිනිස්‌ නිර්මාණයන් නිසාමය.

ඔබ පාවෙන රත්තරන් (ප්ලොටින්ග් ගෝල්ඩ්) ගැන අසා තිබෙනවාද? රත්තරන් ගැන අසා ඇතත් රත්තරන් පාවීමක්‌ නම් අසා නැතුව ඇති.

පාවෙන රත්තරන් යනු පෙර පරිදිම සොබාදමේ අපූරු නිමැවුමකි. රත්තරන්වලටත් වඩා ඉහළ වටිනාකමකින් යුතු මේවා පාවෙන්නේ ලොව ඇති සාගරවලය. ඒත් සෑම සාගරයකම නොවේ, ඒවා හමුවීම ද දුර්ලභය.

ලොවේ වෙසෙන එක්‌තරා සත්වයකු විසින් වමාරා පිට කරන මහා දුර්ගන්ධයක්‌ ඇති ජරාජීර්ණ කළු පැහැ කුණු කන්දරාවක්‌ මෙම "පාවෙන රත්තරන්" යෑයි කීවොත් ඔබ මවිතයටද, පිළිකුල් සහගත තත්ත්වයට ද පත්වනු ඇත. මේ වගේ "ජරාවක්‌" මිනිසුන් කුමට ළංකර ගන්නේ දැයි ඔබ විමසනු ඇති. නමුදු සැබෑව නම් මිනිසා මේවා ළංකර ගැනීමට පමණක්‌ නොව ආහාරයට ගැනීමට පවා සූදානම් වී සිටීමයි. ඒ ඔබ අප වැනි සාමාන්‍ය මිනිසුන් නොවේය. ලොව ධන කුවේරයන්ය. රජුන්ය. රැජනන්ය. සුරූපිනියන්ය. තේජවන්තයන්ය.

මූලික අවස්‌ථාවේදී මහා අප්‍රසන්න, දුගඳින් යුතු පිළිකුල් සහගත ද්‍රව්‍යයක්‌ වූද, පසුව ලොවේ ඉහළම අගයක්‌ ගනු ලබන්නා වූද, පාවෙන රත්තරන් නිෂ්පාදනය කරනු ලබන්නේ ගැඹුරු සාගරයේ වෙසෙන යෝධ තල්මසා (SPERM WHALE) (ෆයිස්‌ටෘ මැක්‌රොසෙ පැලුස්‌) විසිනි. සැබැවින්ම එය ඉබේ නිෂ්පාදනය වන්නත්ය.

තල්මසා විසින් දිනපතා උගේ ආහාර සඳහා ගනු ලබන ටොන් ගණන් මසුන් අතරින් දැලිපොතු සහිත දැල්ලන් හා වෙනත් කවච සහිත සතුන්ගේ නොදිරන දැලි පොතු, කවච උගේ තල්ලේ කලක්‌ රැඳී ඒවා ඌට අපහසු මොහොතක දැවැන්ත ගුලි වශයෙන් ආපසු වමාරා දමයි. සෑම තල්මසකුටම නොව තල්මස්‌ ගහනයෙන් සියයට එකක (1%) පමණ තල්මසුනට මෙවන් බහිශ්‍රාවී (වමනය) තත්ත්වය ඇතිවන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

මෙම අප්‍රසන්න, දුගඳ, කළු, අලු පැහැ "වමනය කුට්‌ටිය" මුහුදට මුදාහැරි පසු මුහුදේ පාවෙමින් අපද්‍රව්‍යයක්‌ ලෙස ඔහේ වසර ගණන් ඇතැම් විට තිබෙයි. ඒවා "පාවෙන රත්තරන්" බවට පත්වන්නේ මිනිසාගේ නෙත ගැටුණු මොහොතේ සිටය. මිනිසා විසින් මිනිසාගේ ප්‍රයෝජනය වින්දනය සුඛ විහරණය උදෙසා මෙම ජරාජීර්ණ දුගඳ, කළු කුණු කන්දල පරිවර්තනය කරනු ලබන හෙයින් හා ඉන්පසු ලොවේ ඉහළම වටිනාකම් ඇති නිෂ්පාදනයන් බවට පත්වන හෙයින් මුහුදේ පාවෙන මෙම "තල්මස්‌ වමන ගුලියට" අපද්‍රව්‍යයට මිනිස්‌ දැසට, දැතට හසුවූ මොහොතේ සිට ඇත්තේ අපරිමිත වූ අසමාන වූ දැවැන්ත වටිනාකමකි. ඇතැම් විට එහි වටිනාකම ඩොලර් මිලියන හෝ බිලියන ගණනක්‌ වනු ඇත.

ඒ තරමටම මූල්‍ය වටිනාකමක්‌ මෙයට හිමිවී ඇත්තේ මෙම අපද්‍රව්‍යය යොදාගෙන එහි අඩංගු රසායනික සංයුතිය උපයෝගි කොටගෙන ලොව ඉහළම වටිනාකමක්‌ සහිත ඉහළම සුගන්ධයෙන් යුතු සුවඳ විලවුන් ද ඉහළම මිලැති වාජීකරණ ඔසුද තැනීමට භාවිත කරන හෙයිනි. ස්‌වාභාවිකව ඉතා දුලබව හමුවන හෙයින්ද, මුහුදේ දී දිගු කලක්‌ කැඩී බිඳී විනාශ වී, සුළු කොටස්‌ හමුවීම නිසාද එහි වටිනාකම තවත් ඉහළ යයි. ඇතැම් කොටස්‌ සුළු සුළු කොටස්‌වලට කැඩී බිඳී ගොස්‌ ලොව පුරා මුහුදු වෙරළවලට ගසාගෙන අවුත් තිබී ධීවරයනට හමුවෙයි.

ambergris

මෙම අපද්‍රව්‍යයේ නාමය ලොව ප්‍රචලිත වී ඇත්තේ "ඇම්බර්ග්‍රීස්‌" (AMBER GRIS) "අළු ඇම්බර" (GREY) හෝ "අන්බර්" (ANBER) නැතිනම් "ඇම්බර්" (AMBER) "ඇම්බර" වශයෙනි. පාවෙන කුට්‌ටි වශයෙන් හෝ වෙරළේ ගසාගෙන ආ සුළු කොටස්‌ වශයෙන් හෝ මියගොස්‌ වෙරළට ගොඩ ගැසූ තල්මසුනගේ අතුණුබන් තුළ තිබී හෝ "ඇම්බර් ගී්‍රස්‌" ලොව කාට හෝ හමුවනු ඇත. ඇතැම්හු මේ පිළිබඳ නොදනිති. මැණික, කණාගේ පයෙහි හැපුණ ද නොදන්නා සේ බොහෝ දෙනකු නොදනිතත්, අත්දැකීම් සපිරි පැරැණි වැඩිහිටි ධීවරයෝ ද ජාවාරම්කරුවෝද මේවා දුටු පමණින්ම හඳුනා ගනිති.

දුරාතීතයේ ක්‌ලියෝපැට්‌රා වැනි සුරූපී රැජනන්, ඔගස්‌ටස්‌, ඩීසර් වැනි ප්‍රතාපවත් රජුන් භාවිත කළැයි ද තවත් බලවන්තයින්, සුරූපීන් භාවිත කළැයි ද පැවසෙන ඇම්බරවලින් නිපැයූ සුවඳ විලවුන් වාජීකරණ ඖෂධ අද දවසේ තවත් නිර්මාණය වෙමින් ඉහළම අගයන් හිමිකරගෙන සිටී.

අප අද දවසේ මෙපමණ වටිනාකමක්‌ ඇති "ඇම්බර්" පිළිබඳව ඔබ හමුවට දැනුම, අවබෝධය ගොනු කරන්නේ යම් සුවිශේෂීතාවක්‌ හේතුවෙන්ය. එනම් අප රටේද මේ මොහොතේදී රුපියල් කෝටි ගණනක්‌ වටිනා "ඇම්බර්" තොගයක්‌ හමුවී ඇති නිසාය. කිලෝවක්‌ රුපියල් කෝටියක්‌ පමණ මිල කළොත් ලැබී ඇති ඇම්බර කිලෝ තිස්‌ දෙකෙහි මිල පමණක්‌ කෝටි තිස්‌ දෙකක්‌ (32) වනු ඇත. "වැමෑරූ කුණු ගොඩකට එපමණ මුදලක්‌"....?

මෙම ඇම්බර් තොගය හමුවීම පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

පුත්තලම කල්පිටිය පෙදෙසේ ධීවර පිරිසක්‌ බෝට්‌ටුවක්‌ රැගෙන මුහුදු ගියේ වෙනදා පරිද්දෙන්ම සිය ජීවන වෘත්තිය වන මසුන් ඇල්ලීමටය. එදා දවස එතරම් සරු නොවූ නිසා ආපසු හැරී ගොඩබිමට ඒමට ඔවුහු සූදානම් වූහ. ආපසු එන අතරේ ධීවරයන්ගේ නෙත ගැටුනේ මුහුදේ පාවෙන කිසියම් දෙයක්‌ය. මුහුදේ පාවෙන කොතෙකුත් දැ ධීවරයන් දැක ඇතත් මේ පළපුරුදු ධීවරයන්ගේ නෙත්වලට මේ "පාවෙන දැ" යම් හඳුනා ගැනීමකට හසුකර ගැනීමට හැකි විය. ඔවුහු බෝට්‌ටුව ළං කර "පාවෙන ද්‍රව්‍යය" බෝට්‌ටුවට දමා ගත්හ. සැබැවින්ම ඒ ඔවුන් අනුමාන කළ ද්‍රව්‍යමය. දැඩි දුඟඳින් යුක්‌ත වුවත් ඒ තල්මසා විසින් පිට කළ "ඇම්බර" බව ඔවුහු හඳුනා ගත්හ.

ගොඩබිමට ගෙනා ඇම්බර තොගය ඔවුන් පිට කිරීමට සූදානම් වූවා පමණි. කල්පිටිය නාවික හමුදා පිරිස්‌ පැමිණ ඒවා අත්අඩංගුවට ගත්හ. පොලිසිය මාර්ගයෙන් ඇම්බර තොගය ද, ධීවර පිරිස්‌ද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නාවික හමුදා පිරිසේ තර්කය වූයේ රජය සතු විය යුතු මෙම ද්‍රව්‍යය අන්සතුව පැවතීම නිසා තමන් ඒවාද, පිරිසද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එනිසා ඒවා රජය සතු කරන්නැයි ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේ වුවද ධීවර බෝට්‌ටු හිමියාද ඇම්බර සොයා ගත් ධීවර පිරිසද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පිරිසද පවසන්නේ මේවා තමන් සන්තක විය යුතු බවයි. මුහුදේ පාවෙන ද්‍රව්‍ය රජයට නොව හමුවන අය සතුවන නිසා ඒවා තමන් වෙත භාරදෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලති.

අධිකරණය කීප වතාවක්‌ මෙම නඩුව විභාග කොට අවසානයේදී තීන්දු ගැනීමට ප්‍රථම මෙකී ද්‍රව්‍ය සැබෑ ලෙසම හඳුනා ගැනීමට නාරා ආයතනය වෙත පර්යේෂණ පැවැත්වීමට භාරදීමට නියෝග කරන ලදී.

අප මේ සම්බන්ධව විද්වතුන්ගෙන් විමසා සිටි අවස්‌ථාවේදී පවසා සිටියේ මෙම මුහුදේ පාවෙන ද්‍රව්‍ය ඒවා හමුවන ධීවරයන් හෝ බෝට්‌ටු හිමියන් සතු වන බවයි. ඒවා මිල කිරීමට, විකිණීමට කිසිදු නෛතික බාධාවක්‌ නොමැති බවද ඔවුහු පවසා සිටියහ. එසේ වුවද අධිකරණය කිනම් වූ තීන්දුවක්‌ ලබා දේවිද යන්න තවමත් අපි නොදනිමු. උත්තරීතර අධිකරණයේ තීන්දුවට කවුරුත් එකඟ විය යුතුය. ගරු කළ යුතුය. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාදාමයේ පවතින මෙම ඇම්බර තොගයට දැනටමත් දෙස්‌ විදෙස්‌ ගැනුම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක ඉල්ලුම් ලැබෙමින් පවතින බැව්ද දැන ගැනීමට ලැබී තිබේ. අනේ තල්මසාගේ වමනයට ලැබුණු වටිනාකමක්‌...·

-ටෙරන්ස්‌ වනිගසිංහ

මෛත්‍රී - ට්‍රම්ප් විශේෂ හමුවක්‌

maithree-trump

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක්‌ ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව කෙරෙහි බලපා ඇති තීරණාත්මක කරුණු කිහිපයක්‌ කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන අතර සාකච්ඡාව මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය නායකයන් දෙපළ අතර මෙම හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ උප ජනාධිපති ලෙස නම් කර ඇති මයික්‌ හෙජස්‌ විසින්.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාව සම්බන්ධ ජිනීවා යෝජනාව පිළිබඳව මාර්තු 22 දා මානව හිමිකම් සමුළුවේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

2015 ඔක්‌තෝබර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුව සම්මත කළ ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කීපයක සංචාරය කිරීමට තීරණය කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකා කැතරිනා පියර්සන් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් ද මෙ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් නව ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමගම ජිනීවා යෝජනාව කෙටුම්පත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බවයි වාර්තාන්නේ.

-කීර්ති වර්ණකුලසූරිය