03 January, 2017

වාහන එකලස් කරන්න කුලියාපිටිය සුදානම් – අද වැඩ අැරඹූ කර්මාන්ත ශාලාවේ තොරතුරු

western-automobile-assembly-kuliyapitiya

යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී අද සිදුවනවා.

ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වය ඇතිවයි.

අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් මෙම මෝටර් රථ කර්මාන්ත ශාලාව ආරම්භ වනවා.

වෙස්ටර්න් ඔටෝමෝබයිල් ඇසම්බ්ලි ප්‍රයිවෙට් ලිමිටඩ් යනුවෙන් මේ දේශීය සමාගම ආරම්භ වන අතර වොක්ස්වාගන් පමණක් නොව රෙනෝල්ට්, අවුඩි ඇතුළු යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන වාහන වර්ග රැසක් එකලස් කිරීම මෙහිදී සිදු වනවා.

මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් සිදුකිරීමට නියමිතයි.

එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා වන මෝටර් රථ, සහ වෙළෙඳවාහන, ආදිය එකලස් කිරීමට නියමිතයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වාහන එකලස් කරන්න කුලියාපිටිය සුදානම් – අද වැඩ අැරඹූ කර්මාන්ත ශාලාවේ තොරතුරු"

    Post a Comment