ස්වාමිපුරුෂයා විසින් ගිනි තබන ලදැයි කියන පස් දරු මවක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව පසුගියදා (29දා) රාත්‍රි කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බව තඹලගමුව පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගත කොට ඇත්තේ තඹලගමුව මොල්ලිපතාන යුනිට් 9 කොලනියේ වීරකුට්ටි තුරෙයිරාජ් නම් දරුවන් පස් දෙනකු සිටි 55 හැවිරිදි
කාන්තාවකි.
වෙනත් පුරුෂයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් අති බවට සැක කොට ස්වාමි පුරුෂයා විසින් භූමිතෙල් හලා සිරුරට ගිනි තබා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.
කන්තලේ මූලික රෝහලේ 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින තුවාලකාරියගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ
Share this
|
|
0 Comment to "පතිවත ගැන සැක සිතී සැමියා බිරියට ගිනි තියලා "
Post a Comment