03 January, 2017

කාමාතිපුරයේ දිවි ගෙවූ උමා නමැති අබිසරුලියගේ හද කම්පා කරවන සංවේදී කතාව

half-naked-women-with-man

මාව අදුන්වලා දෙන්නේ කෝල් ගර්ල් කෙනෙක් කියලා..

මේ කෙල්ලට මෙච්චර බියර් බොන්න පුළුවන්ද..?

මේ ජීවිතේට මම ඇබ්බැහි වුණා..

කොයිතරම් සදාචාර සංස්කෘතියේ සළු පිළි පළදන්නට උත්සහ කළත් ආසියාතික රටවල් මුහුණ දෙන සමාජ ප්‍රශ්න බොහෝය.

ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි.දකුණු ආසියාවේ විතරක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ළමයින්, පිරිමින් කාන්තාවන් වගේම ලිංගික විපර්යාසයන්ට බදුන්වූ අයද මේ පිරිසට අයත් බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් ඉල්ලුමකි. ලාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙනයාම මෙම රටවල සිදුකරන්නකි.

එලෙස ගිය යුවතියන් ඉන්පසුව ජිවත්වන්නේ සුරඟනන් සේය.මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අය වෙති.

කුල පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිළිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක්වූ යුවතියෝද ඒ අතර වෙති.

තවත් සමහර ලාබාල කෙල්ලෝ ඈත් දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබූ අය වෙති.

බිමට වැටුණු සුරඟනන් නම් වූ (Fallen Angels)කෘතිය ඇසුරෙන් සැකසූ මෙම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ.

එය ගවේෂනාත්මක මාධ්‍යෙව්දීන් 14 දෙනෙකු විසින් ලියන ලද්දකි.ලිංගික වෙළදාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා ජාවාරම, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් හා සරලව මෙමඟින් විග්‍රහ කරයි.

බොහෝ මාධ්‍යෙව්දීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බියවන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය, මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසයි.

බිමට වැටුණු සුරඟනන් තුලින් ගෙනඑනු ලබන්නේ දකුණු ආසියාවේ ජීවත්වන කෙල්ලන්ගේ කතාවන්ය.

අද ඔබ හමුවට එන්නේ කාමාතිපුරයේ දිවි ගෙවූ උමා නමැති අබිසරුලියන්ගේ හද කම්පා කරවන කතාන්දරයයි.

කාමාතිපුරයට බඹර පහස සොයගෙන එන බඹරුන් ගෙඩක් දෙනා අහන්නේ කෙල්ලන් ඉන්නේ කාමාතිපුරයේ විතරක්මද කියලයි.

කාම කලාවේ මහැදුරු විදිහට සලකන ව්‍යත්සනයන්ගේ කාම සූත්‍රයේ එන ආකාරයටම පිරිමින්ගේ ගත සිත හොඳට සනහාලන්නට කාමාතිපුරයේ අගනුන් හොද හැටි ගෙනගෙන තියෙනවා.

එහෙම දැනගන්නට නම් මේ රස්සාවේ ගොඩක් කාලයක් නිරතවෙලා ඉන්න ඕනේ.

කොටින්ම කිව්වොත් මෙයාලා ළමා කාලයේ ඉඳලම මේ රස්සාවට පුරුදු වෙලා ඉන්න ඕනේ.

ළමයින්ගේ අයිතීන්, වගකීම් ගැන කතා කරන සංවිධාන ඉන්දියාවෙත් පිහිටුවලා තියෙනවා.

කාමාතිපුරයේ කෙළි පොඩිත්තියන්ට වින කටින මේ මඩම් ගැන ඒ සංවිධාන වගේම ඉන්දියාවේ පොලිසියත් සද්ද නැතුව ඉදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

මඩම් ව්‍යාපාරයේ ඉන්න මහ අතු ඔරිස්සාවේ, කර්ණාටකයේ මෙන්ම දිල්ලියේ දේශපාලන බලවතුන් සමග සබඳතා පැවැත්වීම ඊට හේතු වෙනවා.

උමාදේවී.. එයාගේ වයස අවුරුදු 16 යි.එයත් අපිට හම්බවුණේ කාමාතිපුරයේදීමයි.

මගේ මිත්‍රයා එයාගේ කැමරාව ගොඩක් ලස්සන උමාදේවියගේ වත කමල ගාවට කිට්ටු කරනකොට එයා ගොඩක් දැඩිව පින්තූර ගන්නවට විරුද්ධ වුණා.

පස්සේ විජයා ඒ කියන්නේ උමාදේවියගේ භාරකාරයා එක්ක අපි කතාබහ කරලා උමාත් එක්ක දොඩමළු වෙන්න අවස්ථාවක් හදාගත්තා.

ඒ සැදෑසමයේ සෝලාපුරයේ ගග අයිනේ තියෙන පුංචි හෝටලයක ආලින්දයේදී අපි හමුවුණා.

අපි ඉස්සරහ බියර් බෝතල් කිහිපයක් තියලා තිබුණා.

මෙච්චර බියර් මේ වගේ පුංචි කෙල්ලෙක්ට බොන්න පුළුවන්ද..?
මම පුංචි කාලේ ඉස්කෝලේ යනකොට මට පොත්පත් ගන්න සල්ලි තිබුණේ නැහැ.අපේ තාත්තා ගොඩක් බොන්න පුරුදුවෙලා හිටියා.

ගෙදර අඩුපාඩු ගොඩක් තිබුණා.අඩුම ගාණේ පූරි දෙකතුනක්වත් හදාගෙන කන්න ගෙදර පිටි ලුණු නැතිවෙලාවල් තිබුණා.

මම මොකක්හරි රස්සාවක් හොය හොය හිටියේ.ඒ අතරෙදි තමයි මට සිවා නැන්දා හමුවුණේ.

සෝලාපූර්වල ඔෆිස් එකක අතුගාන රස්සාවක් තියෙනවා.මාසෙකට රුපියල් 20,0000 ක් විතර හොයාන්න පුළුවන් කියලා නැන්දා මට කිව්වා.

ඒ වුණත් එයා මාව ගොඩක් රැවැට්ටුවා.එයා මාව රවට්ටාගෙන එක්කගෙන ආවේ විජයා සහාබ් කියන චණ්ඩියෙක් ගාවට.

සිවා නැන්දා එයාට මාව රුපියල් 5000 කට විකුණලා තිබුණා.මාව ඒකා මුලින්ම අරගෙන ගියේ සෝලාපූර්වල පරණ ගෙදරකට.

සතියක් තිස්සේ ඒකා මට කරදර කළා.ඔයා මට විශේෂ කෙනෙක්.ඒ නිසා ඔයාව මම පිට තැනක තියලා හොඳට සලකනවා.

ඒ මනුස්සයා මට කිව්වා.මට ගෙදර යන්න දෙන්න. මමවදින්නම්..මම විජයාට කිව්වා.. ඒත් විජයා ඒකට පොඩ්ඩක්වත් කැමතිවුණේ නැහැ.

උඹ මෙහෙන් පැනලා ගියොත් හරි, කා එක්ක හරි යාළුවුණොත් හරි උඹව මරනවා ඇරෙන්න වෙන යමක් මම කරන්නේ නැහැ.

විජයා එහෙම කිව්වම මට ගොඩක් බය හිතුණා.එදා ඉඳන් මම මේ ජිවිතේට ඇබ්බැහි වුණා.

විජයාගේ මඩම් තියෙන්නේ සෝලාපුර ටවුමේ.එතැනට කස්ටමර්ස්ලා ආපුවාම මට එහෙන් කෝල් එක් දෙනවා.

වාහනයකුත් එවනවා. ඊට පස්සේ මම එතැනට යනවා.මට විජයා හොදට සලකනවා.

කොහොමටත් මම මාසෙකට රුපියල් 20,000 ක් විතර ඉතිරි කරනවා.

උමා මේසය උඩ තියපු බියර් බෝතලය කඩලා අපි අතට දුන්නා.

උමාත් බියර් වීදුරුවකට දාගෙන බොන්න පටන් ගත්තා.

ඔයාට අම්මලා තාත්තලා මතක් වෙන්නේ නැද්ද..?
මම මගේ අතීත කාලේ ඔක්කොම අමතක කරලයි ජීවත්වෙන්නේ.

අම්මලා තාත්තලා නංගිට මොනවා වුණාද කියලවත් මම දන්නේ නැහැ.

මෙතැනට එන කස්ටමර්ස්ලාව හොදට සතුටු කරලා ආයෙත් මෙතැනට ගෙන්න ගන්න එක තමයි මගේ බිස්නස් එක.

ඒක හොදට කෙරුණොත් මටත් ගාණක් ලැබෙනවා.මඩමේ ඉන්න අනිත් කෙල්ලන්ට වඩා මම විශේෂ කෙනෙක්.

විජයා මාව කස්ටමස්ලාට අදුන්වලා දෙන්නේ කෝල් ගර්ල් කෙනෙක් කියලා.බොම්බායේ නම් අපි වගේ කෙල්ලෙකුට ඩීල් එකකින් රුපියල් 6000 ක් විතර හම්බවෙනවා.

ඒත් මෙහේ හම්බවෙන්නේ රුපියල් 4000 ක් විතර ගාණක්.ඒකෙනුත් මට හම්බවෙන්නේ රුපියල් 1500 ක් විතරයි.

ඉතිරි ඒවා සේරම විජයාගේ සාක්කුවට යනවා. දවසට මට කොහොමත් කස්ටමර්ස්ලා තුන්දෙනෙක්වත් හම්බ වෙනවා.

උමා සැබැවින්ම පෙනුමැති යුවතියකි.කොතරම් බඹරුන් ඇය වටා සැරිසැරුවද ඇගේ තරුණවියේ සුන්දරත්වය තවමත් පලාගොස් නැත.

දිගු කේෂ කලාපය රත්පැහැ දෙතොල් නීල නෙතු ඇගේ රූ සපුව දෙගුණ කරවයි.

ඔයාව පොලිසියට අහුවෙලාම නැද්ද..?
මම ඉන්න තැනට පොලිසියෙන් පනිනවා අඩුයි. ඒත් මතක් කරන්න එපා.මාව දෙසැරයක් පොලිසියට අහුවුණා.

උන් මට නොසෑහෙන්න වද දුන්නා.උන් මාව උන්ගේ බාත්රූම් එකක දොර ලොක් කරලා දවස් තුනක්ම නිරුවතින් එහේ තියාගෙන හිටියා.

අපි මේවා කාට කියන්ද..?
සල්ලි, නීතිය, ඔක්කොම එයාලගේ අතේ.පොලිසිය ඇතුලෙදි උන් කියන කියන විදිහට මට ඉන්න සිද්ධවුණා.

ලොකු මහත්වරු මාව උන්ගේ ගෙවල්වලටත් අරගෙන ගියා.

අහිංසක මට කරන්න පුළුවන් ඔක්කොම දේවල් උන් කට්ටිය එකතු වෙලා කළා.

ඉතිං ඔහොම ජිවත් වෙනකොට ඔයාට පෙම්වතෙක් එහෙම හම්බවෙලා නැද්ද..?

අපිටත් එහෙම ආශාවල් තියෙනවා.හිත ගිය පිරිමි ඉන්නවා. ඒත් අපි ආදරය කරන්න පටන්ගත්තොත් ඒක ඉවර වෙන්නේ ලොකු විනාශයකින්.

මීට කලින් මාත් එක්ක මගේ රස්සාවම කරපු මීනා දෑස් අන්ධවෙලා ඉන්නේ ඒ හේතුව නිසයි.

එයා ඔරිස්සාවල බිස්නස්කාරයෙක් එක්ක යාළුවෙලා එයාව කසාද බදින්න තීරණය කරපු එක නිසා තමයි එයාගේ ඇස් දෙක නැති කරගත්තේ.

ඉතිං ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද..?

ඔයාට තේරෙන්නේ නැද්ද..?

අපේ ජිවිත පාලනය කරන්නේ විජයා. එයාට උඩින් සෝලාපුරේ කපුටෙක්වත් යන්නේ නැහැ.

එයා මීනාට හොදින් කිව්වා. ඒ සම්බන්ධය නවත්වන්න කියලා. ඒත් මීනා ඒ මිනිහට වශී වෙලා හිටියේ.

ඒ නිසා එයාට කොහොමහරි එයාව බදින්න ඕන වෙලා තිබුණා.

ඒත් එක දවසක මීනා පාරේ තනියම යනකොට කොල්ලෝ දෙන්නෙක් එයාගේ මූණට ඇසිඩ් ගැහුවා.

උන්ව පොලිසියට අල්ලගන්න බැරිවුණා. මීනාට දැන් මේ ලෝකේ කවුරුවත් නැහැ.

අර බිස්නස්කාරයා වෙනත් කෙනෙක් බැදලා.විජයා දවසක් මීනාට අඩගහලා රුපියල් 2000 ක් දීලා ටවුමේ ඉන්නැතිව කොහේට හරි යන්න කියලා කිව්වා.

අදටත් මීනා කොහේ ඉන්නවද කියලා සෝලාපුරේ කිසි කෙනෙක් දන්නේ නැහැ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාමාතිපුරයේ දිවි ගෙවූ උමා නමැති අබිසරුලියගේ හද කම්පා කරවන සංවේදී කතාව"

    Post a Comment