01 January, 2017

මෛත්‍රී - ට්‍රම්ප් විශේෂ හමුවක්‌

maithree-trump

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක්‌ ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව කෙරෙහි බලපා ඇති තීරණාත්මක කරුණු කිහිපයක්‌ කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන අතර සාකච්ඡාව මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය නායකයන් දෙපළ අතර මෙම හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ උප ජනාධිපති ලෙස නම් කර ඇති මයික්‌ හෙජස්‌ විසින්.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාව සම්බන්ධ ජිනීවා යෝජනාව පිළිබඳව මාර්තු 22 දා මානව හිමිකම් සමුළුවේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

2015 ඔක්‌තෝබර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුව සම්මත කළ ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කීපයක සංචාරය කිරීමට තීරණය කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකා කැතරිනා පියර්සන් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් ද මෙ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් නව ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමගම ජිනීවා යෝජනාව කෙටුම්පත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බවයි වාර්තාන්නේ.

-කීර්ති වර්ණකුලසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෛත්‍රී - ට්‍රම්ප් විශේෂ හමුවක්‌"

    Post a Comment