03 January, 2017

දුම්රියේදී පිහි පෙන්නා දූෂණය කිරීමට ගිය සිසුවියන් බේරෙයි - පැය තුනක් මුල්ලක හිරකරගෙන - මගීන් නොදැක්කා සේ සිටියි

batticaloa-district-secretary-saves-students

කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී කාමාතුරයන් හයදෙනෙකුගෙන් විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනකු බේරා ගැනීමට මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරිය කටයුතු කර තිබෙනවා.

මෙම දුම්රියේ ගමන් කළ විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනා කොටුකර ගත් කාමාතුරයන් ඔවුන්ට පිහි පෙන්වා දූෂණය කිරීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවේ මහත් භීතියට පත්ව සිටි එම සිසුවියන් දෙදෙනා දුම්රිය මගීන්ගෙන් ආධාර ඉල්ලා සිටිය ද ඔවුන්ව බේරාගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම කාමාතුරයන්ගේ ග්‍රහණයෙන් මිදීම සඳහා දුම්රිය මැදිරිය තුළ අයිනක සිරව සිටි එම සිසුවියන් දෙදෙනා පැය තුනකට අධික කාලයක් ඔවුන්ගේ හිරිහැරයට ලක් වූ බව පැවසෙනවා.

දුම්රිය මගීන් මෙය නොදැක්කා සේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර එම දුම්රියේම ගමන් කළ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්. එම්. චාල්ස් එම ස්ථානයේ යම් කලහකාරී තත්ත්වයක් පවතින බව දැන ඒ ගැන විපරම් කර තිබෙනවා.

එවිට ඔවුන් පිහි පෙන්වා එම සිසුවියන්ට තර්ජනය කරමින් අඩන්තේට්ටම් කරන බව දැක කඩිනමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු හා ජංගම දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම තත්ත්වය පැහැදිලි කර දෙමින් එම තරුණියන් දෙදෙනා බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දුම්රිය නතර කර පොලිස් නිලධාරීන් එම කාමාතුරයන් හයදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනාව පොලිසිය බාරයට ගෙන ආරක්ෂාකාරී ලෙස ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු කළේ දිස්ත්‍රික් ලේකම්වරියගේ මැදිහත්වීමෙන් බවයි පැවසෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුම්රියේදී පිහි පෙන්නා දූෂණය කිරීමට ගිය සිසුවියන් බේරෙයි - පැය තුනක් මුල්ලක හිරකරගෙන - මගීන් නොදැක්කා සේ සිටියි"

    Post a Comment