04 January, 2017

තරු හැඩ වෙන හැටි

sachini-ayendra-paper-article-2

සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබුණු සචිනි අයේන්ද්‍රා පසුගිය කාලය පුරාවටම ක්‍ෂේත්‍රයේ දකින්න ලැබුණේ නැහැ. දරුවන් දෙදෙනකුගේ මවක් ලෙස කාර්යබහුල වුණු සචිනි අයේන්ද්‍රා ක්‍ෂේත්‍රයේන්් තරමක් අෑත් වුණා. නමුත් එදා ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ වගේම සචිනි තවමත් ලස්සනයි. ඒ නිසාම මේ තරම් ලස්සන වෙන්න හේතුවුණු රහස් අපි සචිනිගෙන්ම ඇහුවා.

රඟපෑම් කටයුතුත් කරනවා

රිදී රැයක් ප්‍රසංගය නිසා තරමක් කාර්යබහුල වෙලා හිටියා. දැන් ප්‍රසංගය අවසානයි. බූඩි කීර්තිසේනගේ 'රූමස්සල' හි වැඩ පටන් ගත්තා. සේනක විජේසිංහගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් ජනවාරිවල ආරම්භ වෙනවා.

කොහොම හරි ජිම් යනවා

මොනතරම් කාර්යබහුල වුණත් ලස්සනට ඉන්න එක ගැන නම් වැඩියෙන් හිතනවා. ප්‍රධාන වශයෙන් මගේ දෛනික කටයුතු මඟහරින්නේ නැහැ. මට ජිම් එකට යන්න වේලාව නැති වුණත් මම කොහොමහරි ජිම් යනවා.

බඩගිනි වුණත් කට පරිස්සම්

මම කොච්චර බඩගිනි වුණත් කෑම කන එකේ දී නම් සෑහෙන්න සීමාවන් දාගෙන ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් චුට්ටක් කෑවත් මහත් වෙනවා. ඒ වගේම තමයි මහත් වුණාම ඒක මූණෙනුත් පේනවා.

ප්‍රෝටීන් වැඩිපුර ගන්නවා

ෂුගර් තමයි නරකම. පිටි කෑම වර්ග සහ සීනි අඩංගු ආහාර ගැනීම අඩු කරලා තියෙන්නේ. නමුත් ප්‍රෝටීන් නම් ටිකක් වැඩිපුර ගන්නවා. ඒ ජිම් යන නිසා. ජිම් ගියාම අපේ ශක්තිය හුඟක් වැයවෙනවා. ඒ නිසා මස් පිඩු ලස්සනට තියෙන්නේ නම් හොඳින් ප්‍රෝටීන් බහුල ආහාර ගත යුතුයි.

ව්‍යායාම 10% යි කෑම 90%යි

සිරුරේ හැඩය පවත්වාගෙන යන්න ව්‍යායාම වගේම ආහාර පාලනයත් ඉතාම වැදගත් වෙනවා. නමුත් ව්‍යායාමවලින් ලැබෙන්නේ 10%ක පමණ ප්‍රතිඵලයක් පමණයි. ඉතිරි 90% ආහාර මඟින් පාලනය කළ යුතුයි. ඒ විදියට පාලනය වෙනවා නම් සිරුරට ලස්සන හැඩයක් ලැබෙනවා.

අද ගොඩක් කෑවොත් හෙට කන්නේ නෑ

පාටිවලට එහෙම ගියාම ටිකක් වැඩිපුර කෑම වර්ග කැවෙනවනේ. ඒ වගේ වේලාවට ඊළඟ දවස් දෙක තුනම මම සෑහෙන්න කෑමවලින් පරිස්සම් වෙනවා. එහෙම දවසට මැරුණත් මම කන්නේ නෑ. ඉඳලා හිටලා රූටින් එකෙන් පිට ගියත් මතක් කරලා බැලන්ස් කරගන්නවා.

උදේ නැගිටපු ගමන් වතුර බොනවා

මම උදේට නැඟිටපු ගමන්ම මිලිලීටර් 500ක වීදුරුවකින් වතුර බොනවා. මගේ කොෆි එක බොන්නේ සීනි නැතිව. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ජිම් යනවා. මගේ පුහුණුකරු කියනවා 'හැමදාම එන්න එපා විවේක ගන්න' කියලා. ඒ වුණාට හැමදාම වර්ක්අවුට් කරන්න ඕන.

ප්‍රධාන කෑමවේල් තුන තුන් විදියක්

මම අවුරුදු දෙකක විතර ඉඳලා හැමදාම උදේ කන්නේ තම්බපු බිත්තර හතරක් විතරයි. වෙන මොනවත්ම කන්නේ නෑ. දවල්ට බත් චුට්ටක් කනවා. රෑට එළවළු තම්බලා මස් හෝ මාළු එක්ක කනවා. ඊට පස්සේ පලතුරු ටිකක්, යෝගට් එකක් වගේ කෑවාම ඇති.

බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් පාවිච්චි කරනවා

අපි Mood එක අනුවනේ පර්ෆියුම් තෝරාගන්නේ. මම නම් එහෙමයි. උදේට, දවල්ට, රෑට යන ගමන අනුව මම පර්ෆියුම් එක වෙනස් කරනවා. මට වැඩිපුරම තෑගි ලැබෙන්නේ පර්ෆියුම් නිසාම හැම බ්‍රෑන්ඩ් එකෙන්ම වගේ පර්ෆියුම් මගේ ළඟ තියෙනවා.

ඇඳුම්වලටයි - සපත්තුවලටයි හරි ආසයි

ඕනම ගැහැනු ළමයෙක් ඇඳුම්වලටයි, සපත්තුවලටයි කැමැතියිනේ. ඒක ඉතිං ගැහැනු අයගේ හැටි. මාත් එහෙමයි. ඒ වගේම අපේ වෘත්තිය අනුවත් ඇඳුම් පැලඳුම්, සපත්තු නිතරම ඕන වෙනවා. මම නම් සෑහෙන්න ඒ වගේ දේවල්වලට වියදම් කරනවා. තමන් ස්වාධීනයි නම් මුදල් වියදම් කළාට කමක් නැහැ.

ක්‍රීම් වර්ග ගොඩක් ගෙදර තියෙනවා

රට රටවල යද්දී මම එක එක ෂොප්ස්වලට යනවා. මම ක්‍රීම්වලට සෑහෙන්න කැමැතියි. එහම ගිහින් ආස කරන ක්‍රීම් වර්ග සෑහෙන්න අරන් එනවා. ඒ වගේම ඒ හැම ෂොප් එකකම මට ඕන කරන එක ක්‍රීම් වර්ගයක් හරි තියෙනවා.

තනියම මේක් අප් දාගන්නවා

මට අවුරුදු 18දී විතර මේක් අප් කරන්න ඉගැන්නුවේ මගේ අක්කා. එයා මට ලෝකේ තියෙන හොඳම බ්‍රැන්ඩ්වලින් මේක් අප් ගෙනත් දුන්නා. ඒ වගේම තරගවලට යද්දී මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා දැන් ඕනම තැනකට ගැළපෙන විදියට තනියම මේක් අප් කරන්න පුළුවන්.

මහත්වුණු ඇඟ ආයෙ කෙට්ටු කරගත්තා

ළඟදී දවසක මම පැරිස් ගියානේ. එහේ පුදුම සීතලයි. සම හොඳටම වියළි වුණා. කෑම, බීම පවා වෙනස් වෙනවානේ. කොණ්ඩෙ නම් ඒ කාලගුණයට හොඳටම ගැළපෙනවා. කොණ්ඩෙට හොඳයි. ඉතිං සම ගැන හිතලා වතුර එහෙම හුඟක් බොන්න වෙනවා. බඩගිනිත් වැඩියි. දකින දකින දේවල් කාලා හොඳටම මහත් වුණා. දැන් ටිකක් ඇඟ හදාගෙන ඉන්නේ.

හංසි ආටිගල

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරු හැඩ වෙන හැටි "

    Post a Comment