05 October, 2016

“තොල්පෙති අතරින්“ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියේ රඟපෑ නිළියගේ තොරතුරු මෙන්න

පසුගිය දිනවල අපේ රටේ රූගත කළ බව කියන ‘‘තොල්පෙති අතරින් “ නමැති වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තානේ.

ඒ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නළු නිළියන් පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

මෙම චිත්‍රපටයේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිත ඇතුළත් වී ඇති අතර වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක මෙය රූගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙහි ප්‍රධාන චරිතයයට පණ පොවමින් නිරුවත් ලිංගික දර්ශනවලට පෙනී සිටින නිළිය ප්‍රකට නිරූපිකාවක් වන අතර ඇය ටෙලිනාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇය කුමාරි නම් වෙයි.




 

 

  

 


 

 

  

 

 


 

 


-වෙබ්ගොසිප්

බුකිය කළඹමින් අනෝමා ජනාධරිගේ ඡායාරූප පෙළක් එළියට

අනෝමා ජනාදරි තරමක් වෙනස් ආකාරයේ මතයන් සමාජයට ඉදිරිපත් කරන රංගන ශිල්පිණියක්.

ඇය ෆේස්බුක් හරහා විවිධ ඡායාරූප නිකතුක් කරනවා.

මේ පහතින් දැක්වෙන්නේ ඇය විසින් එලෙස ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කරනු ලැබූ නවතම ඡායාරූප එකතුවයි.









සැමියාගේ අවසරයෙන් තරුණයන්ට පෙම් කරන කාන්තාව

"පෙම්වතිය සමඟ පෙම්සුව විඳීමට හෝටල් කාමරයකට යද්දී තරුණයෙක්ට තරු පෙනෙයි"

සැමියාගේ අවසරය අනුව තවත් තරුණයන්ට පෙම්කළ තරුණියක් පිළිබඳ පුවතක් වාර්තාවී තිබෙනවා.

එලෙස පෙම් කරන්නේ මුදල් කඩා ගැනීම සඳහා මිස වෙන දෙයකට නෙවෙයි.

එම සැමියා සහ බිරිඳ බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව විසින් බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයෙකු රවටා රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීම පිළිබඳ සිදුකළ පරීක්ෂණයකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සිත් ඇද ගන්නා රුවක් සහිත කාන්තාවකි.

ඇය විසින් කාන්තාවන්ගේ 64 මායම උපයෝහි කර ගනිමින් ශරීරය වැඩිපුර පෙනෙන ඇඳුම් වලින් සැරසී තරුණයන් දැලේ දාගන්නා බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

මේ කාන්තාව බස්නැවැතුම්පොළවලදී ජංගම දුරකථන අංක ලබා දී එම මාර්ගයෙන් තරුණයන් හා මිත්‍ර වී මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව සඳහන්.

තවත් තරුණයන් කිහිපදෙනෙකුටම මේ කාන්තාව විසින් මුදල් වංචාකර ඇති බව සඳහන්.

පොලිසියට පැමිණිලිකර ඇති තරුණයා එම කාන්තාවගේ පෙම්වතෙක් බවට පත්ව ඔහුට අෑගල්ඔය නගරයට එන්නැයි කාන්තාවගෙන් ප්‍රේමාරාධනාවක් ලැබී තිබුණා.

ඒ අනුව පෙම්වතිය සමඟ හෝටලයක කාමරයක් ගෙන පෙම්සුව විඳින්නට රුපියල් 10,000ක මුදලක් ද සූදානම් කරගත් තරුණයා අෑගල්ඔය නගරයට යන්නේ පෙම්සුව විඳීමේ බලාපොරොත්තුවෙන්.

සිහින කුමරිය වෙනදාටත් වඩා රූමත්ව පැමිණෙන්නේ ත්‍රීරෝද රථයකින්ය. 

පැමිණිලිකාර පෙම්වතා පෙම්වතිය සමඟ ත්‍රිරෝද රථයට ගොඩවන්නේ පෙම්සුව විඳීමට හෝටල් කාමරයකට යාමේ බලාපොරොත්තුව ඇතුවයි.

ටික දුරක් ප්‍රේම රංගනයේ යෙදෙමින් ගමන් කළ ත්‍රිරෝද රථය අතරමඟදී නතර කරන්නේ එම තරුණයා නොසිතු ලෙසයි.

එහිදී රියැදුරු ලෙස පැමිණි ඇගේ සැමියා එම කාන්තාව සහ එක්ව තරුණයා සතු සේසතම කොල්ලකා තරුණයාද ත්‍රීරෝද රථයෙන් ඇද දමා පලාගිය බවයි තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



-හිරුගොසිප්

ඇඟ හදාගෙන කප් ගහලා නුවර රෝහලේ නෙත් සුව කරන කාගෙත් හිත ගත්ත Doctor පණ්ඩුල ගැන ඔබ නොදත් කතාව

Mr Doctor ලෙසින් විරුදාවලිය ලැබූ අන්තර්ජාලයේ අලුත්ම උන්මාදය..

ජීවිතයක් සුවපත් කරන්න පුළුවන්නම් ඒක මිල කරන්න බැරි තරම් දෙයක්. 

ඒ විදිහට රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයෙක් කියන්නෙත් දෙවිවරු වගේ පිරිසක්.

දොස්තර මහත්වරු ගැන අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරා සැරිසරන ඡායාරූප කිහිපයක් නිසා.

ඒ කාය වර්ධන ව්‍යායාමවල නිරත වෙන වෛද්‍යවරයෙකුගේ සිරුරේ හැඩය සහ පෙනුම නිසා තමයි ඒ විදිහට මුහුණු පොත පුරාම ඔහු ගැන කතා කරන්න පටන් අරන් තිබුණේ.

ඉතිං මේ ගැන අපි එම වෛද්‍යවරයාව සම්බන්ධ කරගෙන කතා කළා.

නමින් ඔහු පණ්ඩුල බස්නායක. නුවර පදිංචි වෙලා ඉන්න වෛද්‍ය පණ්ඩුල බස්නායක මහනුවර රජයේ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා.

ඔහු වෛද්‍ය සේවයට එකතු වෙලා දැනට අවුරුදු 6 ක් පමණ වන බවයි ඔහු පැවසුවේ.

ඒ වගේම ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය පණ්ඩුල බස්නායක සඳහන් කළේ තහනම් උත්තේජකවලින් තොරව කාය වර්ධන ව්‍යායාම සිදුකිරීමට තරුණ පරපුර යොමු කරවීම තමන්ගේ අරමුණ බවයි.

ඒ වගේම ඔහු රෝගීන් සුවපත් කරන්න තමන්ගේ සේවය නිසියාකාරව ලබාදෙන, රෝගීන්ටත් ආදරණීය වෛද්‍යවරයෙක් බවයි අපට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෛද්‍ය පණ්ඩුල බස්නායක මිස්ටර් ශ්‍රී ලංකා තරගයේ කිලෝ ග්‍රෑම් 85 බර පංතිය නියෝජනය කරමින් ජයග්‍රහණද ලබා තිබෙනවා.



























-හිරුගොසිප්

පොළොන්නරුවේ ඉඩමකින් නොසිතූ මොහොතක කෝටි 20ක මැණිකක් මතුවෙයි..!

නමින් ඔහු ‍පොළොන්නරුවේ පදිංචි ධන ජීවන්ත බමුණුගේය. ඔහු තමන්ට හිමිවූ වාසනාව ගැන මෙසේ පවසනවා.

“මගේ ඉඩමක් තියෙනවා මැණික් ඉල්ලම්වලට ප්‍රසිද්ධ කලහගලට කිට්ටුව ස්වර්ණපාලිගම කියන ගමේ. 


එහෙ වැඩිදෙනෙක් මැණික් ගරන්නේ නීත්‍යනුකූල බලපත්‍ර අරගෙන නොවෙයි. 

මමත් කාලයක් මගේ ඉඩමේ මැණික් ගැරුවා. 

එහෙම ගරල අත්හැරලා දාපු පතලකින් තමයි මේ මැණික් ගල නොසාතූ මොහෙතක හම්බ වුණේ. “

දැනට රුපියල් කෝටි 20කට මිලකර ඇති මෙම මැණිකට ඊට වඩා වටිනාකමක් ලබාගතහැකිබව ඔහු විශ්වාසකරනවා. 

ඔහු එසේ බලාපොරොත්තු සහගතව සිටින්නේ අන්තර්ජාතික මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට සිතා සිටිනා බැවිනි.

ගෘහ භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන ඔහු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි මැණික් ව්‍යාපාරිකයකුද වනවා.




-නෙත්ගොසිප්

රූමත් තරුණියන්ගේ තට්ටම් කපන පිස්සෙක් මහරගම..! නිවේදිකාවකගේ තට්ටමත් කපලා

බසයක් එනතුරු මහරගම බස්නැවතුමේ රැඳී සිටි විද්‍යුත් නාලිකාවක නිවේදිකාවකගේ තට්ටම දැලිපියකින් කැපූ පුවතක් වාර්තා වනවා. 

ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා ඇතිබවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදීම බස්නැවතුමේ සිටි නීති සිසුවියකගේ තට්ටමද කපා තිබෙනවා. 

අනතුරුව සැකකරු පලාගොස් ඇති අතර මහරගම පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනනවා.

තුවාල ලැබූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද යොදා තිබෙනවා.


-නෙත්ගොසිප්

පාඨලීගේ රිය අනතුරින් ගිලන් වූ ‘සන්දීප්ගේ’ අද තත්ත්වය

පසුගිය පෙබරවාරි 28 දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ ගැටී යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලැබුවා. 

එලෙස අනතුරින් තුවාළ ලබුවේ රාජගිරිය ප්‍රෙද්ශයේම පදිංචිව සිටි සංදිප් සම්පත් නැමැති තරුණයෙක්.

අනතුරින් පසුව මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් මේ වන විට සුවය ලබා සිය නිවසට ගොස්‌ තිබෙනවා.

ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබුවා.

පසුව සන්දීප් රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලබා තිබෙනවා.

කෙසේ වෙතත් රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි ඔහුට තවමත් සමබරව ඇවිදගත නොහැකි බවයි වාර්තා වන්නේ.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ක්‍රිකට් පිටියෙන් ‘මව් සෙනෙහස’ සොයා ගිය සචිත්‍ර සේනානායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ඉතාම දක්ෂ ගායකයකු බව රටම හඳුනාගෙන අවසන්.

ඔහු කාළයක් නන්දා මාලිනියන් යටතේ සංගීතය ඉගෙන ගත් අයෙක්.

මේවන විට සචිත්‍ර මව් ගුණ ගීතයක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් තිලිණ කර තිබෙනවා.

සචිත්‍ර සිය Face Book ගිණුම ඔස්සේ ‘රුහිරු බිඳු කිරි රසට හරවා’ නමින් එම ගීතය එළිදක්වා තිබෙනවා.

එය රචනා කර ඇත්තේ දුලී ගුණවර්ධන වන අතර සංගීතය අරුණ ගුණවර්ධන නිර්මාණය කර තිබෙනවා.

එම ගීතය පහතින් රස විඳිය හැකියි.


04 October, 2016

“මරපං මේ බල්ලා“ කියා සෞදි රජ කුමරිය බොඩි ගාඩ්ට අණකරයි…

සෞදි ආබියේ සල්මාන් රජුගේ දියණියක වන හසාස් කුමරිය තම අංගාරක්ෂකයකුට නියෝගකොට චිත්‍ර‍ ශිල්පියකු මැරවීමට උත්සාහකොට තිබෙනවා. පසුව අදාල චිත්‍ර‍ශිල්පියා පැහැරගැනීමකට ලක්කර තිබෙනවා

අදාල අංගාරක්ෂකයා දින දෙකක මෙහෙයුමකින් පැරිස් නුවරදී ඉකුත් සති අන්තයෙදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ රජකුමරියගේ අණ තමා ක්‍රියාත්මක කළ බවයි. 42 හැවිරිද හසාස්ට රජතාන්ත්‍රික මුක්තිය හිමිවනු ඇති බවයි වාර්තා වන්නෙ.

පැහැරගැනීමට ලක්වූ ප්‍ර‍ංශ ජාතිකයා මහල් නිවාස සංකීර්ණයක් තුළදී කුමරියට කිසියම් පහරදීමක් කළ බවත්, ඉන් අනතුරුව ඇය ඔහුට තමාගේ දෙපා සිපගන්නා ලෙස අණකොට තිබෙනවා.

හසාස් “You have to kill this dog, he doesn’t deserve to live.” ලෙස තම අංගාරක්ෂකයාට අණකොට ඇත්තේ ඉන්පසුවය.

බිලියනපතිනියක් වන හසාස් නිරන්තරයෙන් පැරීසියට යනඑන අයෙකි.





-නෙත්ගොසිප්

සිංහලයන්ටත් සිංහල උගන්වන පිංලන්තේ සුදු අක්කා (VIDEO)

සුදු ජාතික කාන්තාවක් ඉතා චතුර ලෙස සිංහල භාෂාව කතා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

එම වීඩියෝව දැක්වෙන ආකාරයට මෙම කාන්තාව පිංලන්ත ජාතිකයෙක්.

එහිදී ඇය සිංහල ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමග සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදෙනෙ අයුරුයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ.

‘අපේ සමහර අය ලංකාවේ ඉන්නවා මම අවුරුදු 6ක ඉඳන් සිංහල ඉගන ගන්නවා.මං හරි ආසයි සිංහල කතාකරන්න.සමහර විට මෙය දෙවියන්ගේ ආශිර්වාදයක් වෙන්න ඇති‘‘

වතාවක් ශ්‍රී ලාංකාවට පැමිණ ඇති බවත් නැවත ශ්‍රී ලංකාවට යාමට බාලොපොරොත්තු වන බවද මෙහිදී ඇය පවසා සිටිනවා.

අතරින් පතර ඉංග්‍රීසි කෑලි දාදා සිංහල කතා කරන අයටත් මැය හොඳ ආදර්ශයක් බව මෙම වීඩියෝවට අදහස් දැක්වූ බොහෝ අය සඳහන් කර තිබුණා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.






-නෙත්ගොසිප්