05 October, 2016

පාඨලීගේ රිය අනතුරින් ගිලන් වූ ‘සන්දීප්ගේ’ අද තත්ත්වය

පසුගිය පෙබරවාරි 28 දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ ගැටී යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලැබුවා. 

එලෙස අනතුරින් තුවාළ ලබුවේ රාජගිරිය ප්‍රෙද්ශයේම පදිංචිව සිටි සංදිප් සම්පත් නැමැති තරුණයෙක්.

අනතුරින් පසුව මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් මේ වන විට සුවය ලබා සිය නිවසට ගොස්‌ තිබෙනවා.

ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබුවා.

පසුව සන්දීප් රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලබා තිබෙනවා.

කෙසේ වෙතත් රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි ඔහුට තවමත් සමබරව ඇවිදගත නොහැකි බවයි වාර්තා වන්නේ.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාඨලීගේ රිය අනතුරින් ගිලන් වූ ‘සන්දීප්ගේ’ අද තත්ත්වය"

    Post a Comment