05 October, 2016

පොළොන්නරුවේ ඉඩමකින් නොසිතූ මොහොතක කෝටි 20ක මැණිකක් මතුවෙයි..!

නමින් ඔහු ‍පොළොන්නරුවේ පදිංචි ධන ජීවන්ත බමුණුගේය. ඔහු තමන්ට හිමිවූ වාසනාව ගැන මෙසේ පවසනවා.

“මගේ ඉඩමක් තියෙනවා මැණික් ඉල්ලම්වලට ප්‍රසිද්ධ කලහගලට කිට්ටුව ස්වර්ණපාලිගම කියන ගමේ. 


එහෙ වැඩිදෙනෙක් මැණික් ගරන්නේ නීත්‍යනුකූල බලපත්‍ර අරගෙන නොවෙයි. 

මමත් කාලයක් මගේ ඉඩමේ මැණික් ගැරුවා. 

එහෙම ගරල අත්හැරලා දාපු පතලකින් තමයි මේ මැණික් ගල නොසාතූ මොහෙතක හම්බ වුණේ. “

දැනට රුපියල් කෝටි 20කට මිලකර ඇති මෙම මැණිකට ඊට වඩා වටිනාකමක් ලබාගතහැකිබව ඔහු විශ්වාසකරනවා. 

ඔහු එසේ බලාපොරොත්තු සහගතව සිටින්නේ අන්තර්ජාතික මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට සිතා සිටිනා බැවිනි.

ගෘහ භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන ඔහු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි මැණික් ව්‍යාපාරිකයකුද වනවා.




-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොළොන්නරුවේ ඉඩමකින් නොසිතූ මොහොතක කෝටි 20ක මැණිකක් මතුවෙයි..!"

    Post a Comment