05 October, 2016

ඇඟ හදාගෙන කප් ගහලා නුවර රෝහලේ නෙත් සුව කරන කාගෙත් හිත ගත්ත Doctor පණ්ඩුල ගැන ඔබ නොදත් කතාව

Mr Doctor ලෙසින් විරුදාවලිය ලැබූ අන්තර්ජාලයේ අලුත්ම උන්මාදය..

ජීවිතයක් සුවපත් කරන්න පුළුවන්නම් ඒක මිල කරන්න බැරි තරම් දෙයක්. 

ඒ විදිහට රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයෙක් කියන්නෙත් දෙවිවරු වගේ පිරිසක්.

දොස්තර මහත්වරු ගැන අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරා සැරිසරන ඡායාරූප කිහිපයක් නිසා.

ඒ කාය වර්ධන ව්‍යායාමවල නිරත වෙන වෛද්‍යවරයෙකුගේ සිරුරේ හැඩය සහ පෙනුම නිසා තමයි ඒ විදිහට මුහුණු පොත පුරාම ඔහු ගැන කතා කරන්න පටන් අරන් තිබුණේ.

ඉතිං මේ ගැන අපි එම වෛද්‍යවරයාව සම්බන්ධ කරගෙන කතා කළා.

නමින් ඔහු පණ්ඩුල බස්නායක. නුවර පදිංචි වෙලා ඉන්න වෛද්‍ය පණ්ඩුල බස්නායක මහනුවර රජයේ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා.

ඔහු වෛද්‍ය සේවයට එකතු වෙලා දැනට අවුරුදු 6 ක් පමණ වන බවයි ඔහු පැවසුවේ.

ඒ වගේම ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය පණ්ඩුල බස්නායක සඳහන් කළේ තහනම් උත්තේජකවලින් තොරව කාය වර්ධන ව්‍යායාම සිදුකිරීමට තරුණ පරපුර යොමු කරවීම තමන්ගේ අරමුණ බවයි.

ඒ වගේම ඔහු රෝගීන් සුවපත් කරන්න තමන්ගේ සේවය නිසියාකාරව ලබාදෙන, රෝගීන්ටත් ආදරණීය වෛද්‍යවරයෙක් බවයි අපට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෛද්‍ය පණ්ඩුල බස්නායක මිස්ටර් ශ්‍රී ලංකා තරගයේ කිලෝ ග්‍රෑම් 85 බර පංතිය නියෝජනය කරමින් ජයග්‍රහණද ලබා තිබෙනවා.



























-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇඟ හදාගෙන කප් ගහලා නුවර රෝහලේ නෙත් සුව කරන කාගෙත් හිත ගත්ත Doctor පණ්ඩුල ගැන ඔබ නොදත් කතාව"

    Post a Comment