05 October, 2016

සැමියාගේ අවසරයෙන් තරුණයන්ට පෙම් කරන කාන්තාව

"පෙම්වතිය සමඟ පෙම්සුව විඳීමට හෝටල් කාමරයකට යද්දී තරුණයෙක්ට තරු පෙනෙයි"

සැමියාගේ අවසරය අනුව තවත් තරුණයන්ට පෙම්කළ තරුණියක් පිළිබඳ පුවතක් වාර්තාවී තිබෙනවා.

එලෙස පෙම් කරන්නේ මුදල් කඩා ගැනීම සඳහා මිස වෙන දෙයකට නෙවෙයි.

එම සැමියා සහ බිරිඳ බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව විසින් බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයෙකු රවටා රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීම පිළිබඳ සිදුකළ පරීක්ෂණයකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සිත් ඇද ගන්නා රුවක් සහිත කාන්තාවකි.

ඇය විසින් කාන්තාවන්ගේ 64 මායම උපයෝහි කර ගනිමින් ශරීරය වැඩිපුර පෙනෙන ඇඳුම් වලින් සැරසී තරුණයන් දැලේ දාගන්නා බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

මේ කාන්තාව බස්නැවැතුම්පොළවලදී ජංගම දුරකථන අංක ලබා දී එම මාර්ගයෙන් තරුණයන් හා මිත්‍ර වී මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව සඳහන්.

තවත් තරුණයන් කිහිපදෙනෙකුටම මේ කාන්තාව විසින් මුදල් වංචාකර ඇති බව සඳහන්.

පොලිසියට පැමිණිලිකර ඇති තරුණයා එම කාන්තාවගේ පෙම්වතෙක් බවට පත්ව ඔහුට අෑගල්ඔය නගරයට එන්නැයි කාන්තාවගෙන් ප්‍රේමාරාධනාවක් ලැබී තිබුණා.

ඒ අනුව පෙම්වතිය සමඟ හෝටලයක කාමරයක් ගෙන පෙම්සුව විඳින්නට රුපියල් 10,000ක මුදලක් ද සූදානම් කරගත් තරුණයා අෑගල්ඔය නගරයට යන්නේ පෙම්සුව විඳීමේ බලාපොරොත්තුවෙන්.

සිහින කුමරිය වෙනදාටත් වඩා රූමත්ව පැමිණෙන්නේ ත්‍රීරෝද රථයකින්ය. 

පැමිණිලිකාර පෙම්වතා පෙම්වතිය සමඟ ත්‍රිරෝද රථයට ගොඩවන්නේ පෙම්සුව විඳීමට හෝටල් කාමරයකට යාමේ බලාපොරොත්තුව ඇතුවයි.

ටික දුරක් ප්‍රේම රංගනයේ යෙදෙමින් ගමන් කළ ත්‍රිරෝද රථය අතරමඟදී නතර කරන්නේ එම තරුණයා නොසිතු ලෙසයි.

එහිදී රියැදුරු ලෙස පැමිණි ඇගේ සැමියා එම කාන්තාව සහ එක්ව තරුණයා සතු සේසතම කොල්ලකා තරුණයාද ත්‍රීරෝද රථයෙන් ඇද දමා පලාගිය බවයි තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියාගේ අවසරයෙන් තරුණයන්ට පෙම් කරන කාන්තාව"

    Post a Comment