10 August, 2016

ලංකාවට ඉහල අහසේ කොළ පැහැති අභිරහස් එළියක්

කුරුණෑගල, දහයියාගමුව, දෙනියාය ආදී ප‍්‍රදේශයන්හි ඉහල අහසේ කොළ පැහැති එලියක් විහිදුවමින් වේගයෙන් ගමන් කල ආකාශ වස්තුවක් දිස් වූ බවට සමාජ ජාලා වල වාර්තා පලවෙමින් පවතී.

මෙම ආකාශ වස්තුව දුටු ඇතැම් පුද්ගලයන් පවසා තිබුනේ එම ආකාශ වස්තුව දීප්තිමත් කොළ පැහැයකින් දිස්වි පසුව එක්වරම නැතිවී ගිය බවයි.

ඇතැම් පිරිස් පවසා තිබුනේ එම එළිය දිස්විමෙන් පසුව පිච්චමල් වලින් වහනය වන සුවඳට සමාන සුවඳක් වහනය වූ බවයි.

Sri Lanka fought over mysterious green light

සර් තමන්ට ලිංගික හිංසන කළ හැටි සිසුවියක් හෙළි කරයි

'අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි, ඔයාලා අඳින්න කැමැති මොනවද අහලා කාන්තා යට ඇඳුම් තියෙන තැනකට එක්ක ගියා'.

පසුගියදා මහනුවර හන්තාන ප්‍රදේශයේදී නායකත්ව පුහුණුව ලබාදෙන බව පවසමින් නේවාසිකව ඉගෙනුම්වල නිරතවුණු තරුණියන් 18 දෙනෙකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධානියා වූ චන්දිමාල් ගමගේ නම් පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ඔහුගේ සගයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකුද මේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර මේ වන විට සිද්ධියට මුහුණදුන් තරුණියන් විසින් චන්දිමාල් නම් ගුරුවරයා තමන්ට කළ ලිංගික හිංසන සම්බන්ධයෙන් පවසා තිබේ.

මෙම ආයතනයේ සිසුවියන්ට දුරකථන භාවිතා කිරීමට නොදෙන අතර දෙමාපියන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මසකට එක් දිනක් පමණි.

එදිනද සිසුවියන් දෙමාපියන් සමග කතා කරන අවස්ථාවේ එහි සිටින පාලිකාවක් ඔවුන්ගේ අසලින්ම ඉඳගෙන සිටිමින් කියන දේවල් අසාගෙන සිටින බව දැනගන්නට ලැබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියක් පවසා ඇත්තේ මෙවන් දෙයකි...

'මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් ඛෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා.

අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට පේස්ටි්‍ර වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් ඛෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා.

එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා'.

චන්දිමාල් නම් මෙම ගුරුවරයාගේ අමුතු හැසිරීම් ගැන රටම දැනගන්නේ පසුගිය ජූලි 31 වැනිදා සිදුවූ සිද්ධියකිනි. එය මෙසේය..

31 වැනිදා සිසුවියෝ පිරිස සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතු නිමා කොට සිය නේවාසිකාගාරයට පැමිණියහ. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණි. එහෙත් එදින සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබිණි.

රාත්‍රී නවයේ කනිසම පසු වෙද්දී නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට පටන් ගත්තාය. මස් බදින සුවඳ නේවාසිකාගාරය පුරා පැතිරී ගියේය. සිසුවියන් තුන් හතර දෙනෙකු හැර අන් සියල්ලෝම තද නින්දේය.

මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණය.

මත් පැන් සාදය මැදියම් රැය තෙක් ඇදී යද්දී හොඳ හැටි මත්පැන් තොල ගාන චන්දිමාල් ඇතුළු පිරිස තමන් සිටින්නේ කොතැනදැයි යන්න පවා අමතක වන තරමට වෙරි වී හමාරය.

විවිධාකාරයේ උසුළු විසුළු නිසාත් මහා ඝෝෂාවක් මැදියම් රැයේ ඇසෙන නිසාත් වරින්වර අවදී වු සිසුවියන් එතෙක් තද නින්දේ පසුවු තම මිතුරියන්ද අවදි කරන්නට පටන් ගන්නේ මේ අතරතුරය.

එතැන් සිට කථාව අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ නම සඳහන් කිරීමට අකමැති වූ සිසුවියක් මෙසේ පවසා සිටියාය...

'එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ. ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා.

එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිඛෙන ඛෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා.

එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළග තියෙන ලයිට් කීපයක් දැම්මා. අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළගින් යනකොට එයා අපව දැක්කා.

ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තෙ'.

'අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා.

මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා. අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා.

ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු ඛෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.'

'ඒත් අපිට හිතේ තිබුණු බය නැති වුණේ නෑ. ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් නේවාසිකාගාරයේ කුස්සියට ගිහින් මිරිස්කුඩු අරගත්තා. තවත් අය කවකටු පෙට්ටිවල තිබුණු කවකටු අරගත්තා.

සමහරු කොසු වගේම දර පොලු අතට ගත්තා. අපි කතා වෙලා හිටියේ කවුරුහරි අපේ හොස්ටල් එකට අතුළු වුණොත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපි බේරෙනවා කියලා'.

'එතකොට ඔයාලාගේ නේවාසිකාගාරයේ මැඩම් කොහෙද හිටියේ'.

'මැඩම් එයාගේ කාමරයට යන්න ඇති. අපිට මැඩම් ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා අපි එයා ගැන හෙව්වේ නෑ. ඒත් එක්කම අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපේ සද්දේ ඇහිලාද කොහේද තමයි සර්ලා ගියේ.

ගියා කිව්වට ෂුවර් කරන්න බෑ එයාලා මේ වත්තේ ඉන්නවාද දන්නෑ. අපිට නින්ද ගියාම මොනවහරි කළොත් ඒ නිසා ඇහැරිලා පාන්දර වෙනකම් ඉමු කියලා.

ඊට පස්සේ පාන්දර දෙක විතර වෙනකොට අපේ හොස්ටල් එකේ වත්ත ඇතුළේ ටෝච් එළි ගහනවා අපි දැක්කා. විවිධ අය හොස්ටල් එක වටේ යනවා වගේ අඩි සද්ද ඇහුණා. හෙමින් යමන් හෙමින් යමන් කියලා කියනවා ඇහුණා. ඒ වෙනකොට අපි හැමෝම හොඳටම බය වෙලා හිටියේ.

ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපි කොහොමහරි එළියට පැනලා ළ`ග ගෙදරකට ගිහින් කථා කරලා උදව් ඉල්ලමු කියලා. ඒකට හිත හයිය අපේ යාළුවෝ හතර දෙනෙක් ඉදිරිපත් වුණා. දෙන්නා බැගින් ඒ හතර දෙනා හෙමිහිට එළියට පැන ගත්තා'.

එතැන් පටන් මේ සිසුවියන් එළියට පැන උදව් ඉල්ලා ගත්තේ කාගෙන්ද යන්න සඳහන් කිරීමට නොහැකි නමුත් ඒ මේ සියලු සිදුවීම් දෙස කාලයක් තිස්සේ අවධානයෙන් සිටි පුද්ගලයකු මේ දරුවන් හට උදව් උපකාර කරන්නට කටයුතු කර තිබේ.

මේ දරුවන්ට අලුයම 3.30 පමණ වෙන විට සිය නිවෙස් වෙත කථා කිරීමට සිය ජංගම දුරකථනය ලබා දී සියලු දරුවන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණෙන තෙක් දරුවන් දෙස අවධානයෙන් සිට ඇත්තේ මේ උතුම් මිනිසාය.

නේවාසිකාගාරයේ සිටි සිසුවියකගේ පියෙක් ඉන්පසුව සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.

'මට පාන්දර 3.45 විතර කෝල් එකක් ආවා. මම අඳුරන්නේ නැති නම්බර් එකක් වුණත් ආන්සර් කළා. අනිත් පැත්තෙක් ඇහුණේ දැරියකගේ කට හ`ඩක්. අංකල් අපිට කරදරයක්. අනේ අපිව බේරා ගන්න. අපි දැන් ඉන්නේ මේහේ කියලා ඉන්න තැන අපිට කිව්වා'.

'ඒත් එක්කම ඒ ජංගම දුරකථනය අයිති මහත්මයා මට කතා කළා. බය වෙන්න එපා මේ දරුවෝ හතර දෙනෙක් මෙතැන ඉන්නවා. මේ අයගේ ආරක්ෂාව ගැන බය වෙන්න එපා.

හැබැයි ඔබතුමා දැන්ම පොලීසියට කථා කරලා හොස්ටල් එකේ ඉන්න ළමයි එළියට ගන්න කටයුතු කරන්න කියලා කිව්වා'.

ඒ වෙන විට නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි දැරියන් සිවු දෙනා තම මිතුරියන් සියලු දෙනාගේ නිවෙස්වල දුරකථන අංක රැගෙන විත් තිබු නිසා මේ පණිවිඩය සියලු සිසුවියන්ගේ නිවෙස් වෙත අලුයම 4.00 පමණ වෙන විට ලබා දීමට ඔවුන් සමත් වී තිබිණි.

ඒ සමගම අලුයම 5.30 පමණ වෙන විට නේවාසිකාගාරයේ සිටි සියලු සිසුවියන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණ සිටියහ.

එහෙත් ඔවුන්ට නේවාසිකාගාරය ඇතුළට යෑමට එහි ගේට්ටු විවෘත වූයේ නැත. මේ නිසා දෙමවු‍පියන් නේවාසිකාගාරයේ ගේට්ටුවලට ගසමින් ගේට්ටු විවෘත කරන ලෙස ඉල්ලා සිටියද නේවාසිකාගාරයේ පාලිකාව ගේට්ටු විවෘත කළේ නැත.

ඒ සමගම එහි සිටි එක් සිසුවියකගේ සොහොයුරකු තාප්පයෙන් පැන නේවාසිකාගාරයේ ගේට්ටු විවෘත කිරීමට යෑම නිසා ඒ වෙන විට පැමිණ සිටි නේවාසිකාගාරයේ පාලිකාවන් තිදෙනෙකු විසින් ඔහුට හොඳ හැටි කොසු පහරවල් එල්ල කර තිබිණි.

ප්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ පසුගිය 4 වැනිදා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබිණි.

එමෙන්ම මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහනුවර අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව ඇති බවය.

එමෙන්ම චන්දිමාල් සමග එක්ව සිසුවියන්ට විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන නිමල් පිරීස් නමැත්තා පසුගිය 2 වැනිදා මහනුවර අධිකරණයට අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබිණි.

මේ අතරතුර පසුගිය 03 වැනිදා විවිධ ලිංගික හිංසනයන්ට ලක් වු බවට ප්‍රකාශ ලබා දුන් සිසුවියන් 9 දෙනා අතරින් සිසුවියන් 6 දෙනකු මහනුවර අධිකරණ වෛද්‍ය නිලාධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම වෛද්‍ය පරීක්ෂණයට සිසුවියන් 9 දෙනා අතරින් තිදෙනෙකු ඉදිරිපත් වීමට අකමැත්ත පළ කොට ඇත.

වෛද්‍ය පරීක්ෂණයට ලක් වු කිසිදු සිසුවියක් බාහිර ලිංගික හිංසනයන්ට ලක් වීම් හැර දුෂණයට ලක් වී නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් මහනුවර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිඛෙන බවද වාර්තා වෙයි.

එමෙන්ම මේ සම්බන්ධව නම සදහන් කිරීමට අකමැති සිසුවියකගේ මවක් මෙවන් කතාවක්ද පවසා තිබේ....

'මේ සිදුවීම මාධ්‍ය මගින් අණාවරණය වුණ එක හොඳයි. ඒත් මේ දරුවන් කිසිවෙකුත් දුෂණයට ලක් වෙලා නැහැ කියන එක දැන් එළි වෙලා තිඛෙනවා.

දෙවියන්ගේ පිහිටෙන් ඒ දේ සිදු නොවීම ගැන අපි සතුටු වෙනවා. ඒත් විවිධ ලිංගික හිංසනයන් මේ ළමයින්ට වෙලා තිඛෙනවා.

නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව එන්නත් පෙර මේ සිසුවියන් 18 දෙනාම දුෂණය වෙලා කියන කතාව තමයි පත්තරවල පළ වෙලා තිබුණේ. ඒක වැරදියි. මොකද මේ ළමයි සමාජයට ආයෙත් යන්න ඕනේ.

මේ ළමයි අනාගතයේදී කසාද බඳින්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ කථාව හරියට පළ කරන්න. අපි රැවටුණා තමයි. අපේ මානසිකත්වය බිංදුවටම වැටිලා තියෙන්නේ.

අපි හැමෝම ලොකු කම්පනයකට පත් වෙලා ඉන්නේ. ඒත් අපි කොහොම හරි මේ ළමයින්ව දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් තිඛෙන සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් කරන්න ඕනේ.

ඔවුන් විභාගයෙන් සමත් කරවන්න ඕනේ. ඒ වගේම අපේ දරුවන්ට සිදු කරපු ඇතැම් අකටයුතුකම්වලට චුදිතයන්ට නීතියෙන් දඩුවම් ලැඛෙන්ඩම ඕනෑමයි'.




Girls reveal how the sexual violence at Leadership Academy  

09 August, 2016

ලොව කළඹවමින් කාන්තාවන් දෙදෙනෙක් ඔලිම්පික් පිටිය මැද සිපගනියි

ඔලිම්පික් උළෙලේ, කාන්තා සත්සාමාජික රග්බි අවසාන මහා තරගයෙන් අනතුරුව, ක්‍රීඩාංගනයේ කලමනාකාරිණිය, Marjorie Enya පිටියට පැමිණ පැමිණ තම පෙම්වතිය වන බ්‍ර‍සීල කාන්තා රග්බි කණ්ඩායමේ Isadora Cerullo ට විවාහ ආරාධනා කළා.

Isadora Cerullo ද එම ආරාධනය පිළිගත් අතර දෙදෙනා පිටිය මැදදීම දිගු සිපගැනීමක්ද කළ අයුරු ලොවපුරා මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වුණා.

2003 වසරේ සිට බ්‍ර‍සීලයේ සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකල අවසරය හිමිව තිඛෙනවා.












Two Girls Kissing At Olympics Ground

දූෂණය කර මරා දැමූ Google සුරූපිණිය

Google ආයතනයේ කළමණාකාර ධූරයක් හොබවන තරුණියක් දූෂණය කර මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දිනෙක සිය මව බැලීමට ගිය ඇය අතුරුදන් වී ඇත්තේ පසුගිය ඉරිදා සන්ධ්‍යාවෙයි.

කෙසේ වෙතත් එදින රාත්‍රී ඇයගේ සිරුර හමුවූයේ සිය මවගේ නිවසට නුදුරු කැලෑබද ප්‍රදේශයක් අසල තිබියදී.

එහදී අණාවරනය වී ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවයි.

එසේම ඇගේ අත්වල පාද වල මෙන්ම හිසෙහිද පිළිස්සුම් තුවල ද දක්නට ලැබී තිඛෙනවා.

මිය යන විට ඇය 27 හැවිරිදි වියේ පසුවුණා.

Marcottes 'Google' හි කාගෙත් සිත් දිනාගෙන සිටි සේවිකාවක බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඝාතනය පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අණාවරනය වී නැහැ.

ඡයාරූප පහතින් නරඹන්න.






Raped and murdered Google Manager

05 August, 2016

'හොබී' එකක් විදිහටයි 'මොඩ්ලින්' කරන්නේ - ශෂි ප්‍රභා

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ ශෂි ප්‍රභා රත්නායක මෙවර 'සාරවිට' තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු.

මීට වසර තුනකට පෙර ක්ෂේත්‍රයට එක්වූ ශෂි මේ වනවිට බොහෝ 'විලාසිතා දැක්මවල්' සඳහා සහභාගී වී ඇති නිරූපිකාවකි.

ඉදිරියේදී රංගනයටද යොමු වීමේ අපේක්ෂාවෙන් සිටින ඇය සිය අදහස් අප සමගින් මෙසේ පැවසුවාය.

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ?

මීට අවුරුදු තුනකට විතර කලින්. 2013 වගේ.

ඒ කොහොමද?

රශි විනු කියලා මනාලියන්ට අන්දවන කෙනෙක් මාව දැකලා මට කතා කළා මනාලියකට අඳිමුද කියලා. මාත් කැමති වුණා. ඔය විදිහට තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සෙ මට පොටෝග්‍රැෆර්ස්ලා කිහිප දෙනෙකුගේම පොටෝ ෂූට්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

පුංචි කාලේ තිබුණ හීනයක්ද මේක?

නැහැ. පුංචි කාලේ මගේ හීනේ වුණේ ගුරිවරියක් වෙන්න. නමුත්, නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවාහම ඒ පිළිබඳව ආසාවක් ඇල්මක් ඇති වුණා. දැනට මම රැකියාවක් කරනවා. හොබී එකක් විදිහට තමයි මොඩිලින කරන්නේ.

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍යය වගේ දේවල්වලට යොමු වෙන්න ආස නැද්ද?

ආසයි. නමුත්, මම කැමතියි තෝරා බේරා ගැනීමකින් පසුව ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න. ආරාධනාත් කිහිපයක් ලැබුණා. ඒත්, ඒ ආරාධනා මට ගැළපුණ ඒවා තිබුණේ නැහැ.

ර`ගපාන්න ආසයිද?

ඔව්. ආසයි. නමුත්, ලොකු ආසාවක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් ඒ දේට දායක වෙනවා. එච්චරයි.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මම දකින විදිහට පිරිමි වගේම කාන්තාවන්ටත් ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. රැකියාවක් විදිහටත් මේක හොඳ රැකියාවක්.

නමුත්, ක්ෂේත්‍රය ගැන සමාජයේ තියෙන්නේ වෙනත් මත?

ඔව්, ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත්, මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදිහට ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා. අපි හොඳ නම් නම තියාගෙන මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා නම් අනිත් අයගේ මත ගැන අපිට වැඩක් නැහැ.

නිරූපිකාවක් වුණාහම කොටට අඳින්න ඕනද?

නැහැ. මම නම් හිතන්නෙ නැහැ එහෙම දෙයක් මොඩල් කෙනෙක්ගෙන් විය යුතුමයි කියලා. හැබැයි තමන්ට ගැළපෙනවා කියලා හිතන විලාසිතාවක් කරන්න මොඩ්ල් කෙනෙකුට අයිතිය තියෙනවා. මම ගොඩක් ආස කළා හොට් පොටෝ ෂුට් එකක් කරන්න. ඒක කළා. සමහරක් විට ඒ ෂූට් එක මගේ පළමු වෙනි හා අන්තිම හොට් පොටෝ ෂුට් එක වෙන්න පුළුවන්.

උදව් කළ අය?

මගේ අම්මා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට පස්සෙ මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න මුල් වුණ රශි විනු අක්කාව. මගේ පළමු වැනි පොටෝ ෂූට් එක කළ ගිහාන් ඒකනායකව. ඒ වගේම හෂාන් පන්නිල අයියාව මතක් කරනවා.




















බුද්ධික සේනාධීර / ඡායාරූප - හෂාන් පන්නිල (සාරවිට)

'Modelling' Is My 'Hobi' - Shashi Prabha 

ලංකාවේ ජනගහනය කෝටි දෙකයි, ඊටත් වඩා පාද යාත්‍රාවට සෙනග ඇවිත් - ගීතා නාගත්ත හැටි මෙන්න

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා සිදුකල පාද යාත්‍රාවට කෝටි 2 වැඩි පිරිසක් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළකලා.

කෙසේ නමුත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මෙන්ම පිළිගතහැකි වාර්තාවල දැක්වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයද ඇත්තේ කෝටි 2ක් පමණ බවයි.

ඒ අනුව ගීතා කුමාරසිංහ පවසන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ජනගහනයෙන් 99%කටත් වඩා සහභාගී වී ඇති බවත් කියැවෙයි.

එනමුත් කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ අවසන් රැළිය පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි කොළඹ නගරයේ සෙනඟ සිටියේ ලිප්ටන් වටරවුම පිරෙන්නට පමණි.

පාද යාත්‍රාව එන මඟ පාර දෙපස එක්වූ ජනතාවගේ ප්‍රමාණයද කෝටි දෙකකට ආසන්න විය නොහැක්කේ එය පැමිණියේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පමණක් වන නිසාවෙනි.

ඒ හෙයින් පාද යාත්‍රාව පිළිබඳව ජනතාව අදහස් දක්වන්නට ගොස් මේ වන විට ගීතා කුමාරසිංහ මහත්මිය හත්පොලේ ගාගත් බවක් පෙනී යයි.

මේ වන විට ඇයට සමාජජාලා ඔස්සේද උපහාසාත්මක වැකි සහිත පෝස්ට් නිර්මාණය වෙමින් පවතී.

මේ ඇය කෝටි දෙක පිළිබඳව කී කතාවේ වීඩියෝවයි.


'

Geetha's View of 'Padha Yathra' Croud

අම්මගෙ වගකීම ඉටුකරන ලොවම හඳුනන තාත්තා

අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් තරම් වටින තවත් දෙයක් නැහැ.

හැබැයි ජීවත්වෙද්දි පැවරෙන වැඩ රාජකාරි එක්ක වැඩි කාලයක් දරුවොත් එක්කම ඉන්න ලැඛෙන්නෙත් නැහැ.

එහෙම හරි ලැඛෙන විවේකයකදි ඔබ අපි බොහෝ දෙනෙක් ඇළුම් කරන මේ තාත්ත කරන්නෙ මෙන් මේ වගේ වැඩ.

බටහිර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් පියපදවි ලබල තවම වැඩි කලක් නැහැ.

ගේල් විවේක පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට කරන දේවල් ඔබ දන්නවද?

ගේල් විවේක පාඩුවෙ ඉන්න වෙලාවට තම දියණිය බ්ලෂ් සමග හුරතල් වෙන්න වගේම ඇයගෙ වැඩ කරන්නත් අමතක කරන්නෙ නැහැ.









Gayle Doing Mothers's Responsibilities

04 August, 2016

WhatsApp භාවිතය ප්‍රවේශමෙන්

WhatsApp මගින් කෙරෙන සංවාද පිළිබඳ නවතම තොරතුරක් නිරීක්ෂකයන් පිරිසක් හෙළිකර තිඛෙනවා.

ඒ WhatsApp හි ඇති පණිවුඩ ඉන් මකා දැමුවද එය ස්ථීරවම මකා දැමිය නොහැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ WhatsApp තුළ සිදුවන සංවාද මකා දැමුවද එය දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන බවයි.

ඒ අනුව WhatsApp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා කිසිවක් සැගවීමට උත්සාහ කරන්නේ නම් එය කළ නොහැකි වනු ඇති.

විශ්ෂයෙන්ම නීතිමය කටයුත්තකදී හෝ යමක් තහවුරු කරගැනීමක් අවශ්‍ය විටක අදාල පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාවද තිබේ.

කෙසේ වෙතත් සමාගම තම ග්‍රාහකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිමයෙන් බැඳී සිටින බවයි පවසන්නේ.




WhatsApp use, carefully

විරත් කෝලිගේ එදා සහ අද තත්වය

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ගැන අමුතුම කතා පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

බොහෝ දෙනා දැනගෙන හිටියේ විරාත් කෝලි ජීවත් වුණේ ඉන්දියාවේ දිල්ලි වල බවයි.

නමුත් ඔහුගේ කුඩා කාලයේ සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල පිහිටි කට්නි කියන නගරයේ.

විරාත් ඔහුගේ නැන්දනුවන් සහා මාමනුවන් සමගිනුත් එහි සෑහෙන කලක් ජීවත් වී තිඛෙනවා.

විරාත්ගේ පියාට හිමිව තිබූ විරාත්ගේ පරම්පරාගත නිවස පිහිටා තිබුණෙත් එහි බවයි කියැවෙන්නේ.

මේ තියෙන්නේ විරාත්ට පරම්පරාවෙන් හිමි වූ ඒ නිවස.

මෙම නිවස මේ වන විට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.




ඒ කොහොම වුණත් ලොකේ ධනවත්ම ක්‍රිඩකයෙක් වන කෝලිගේ දැන් නිවස මෙය කියලයි ඉන්දියානු මාධ්‍ය පවසන්නේ.









Virat Kohli's Back And Now 

බුකිය කළඹන 'යුරේනිගේ' අලුත්ම පින්තූරය මෙන්න

යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්.

විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා.

කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා.

ඒ ඇය ඇගේ ෆෙස්බුක් ගිණුමට දමපු අලුත්ම ඡයාරූප කිහිපයක් නිසා..

මේ ඡයාරූප දැකපු ඇගේ රසික රසිකාවියන් ෆෙස්බුක් හරහා විවිධ ප්‍රතිචාරයන් දක්වා තිබුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න.








Yureni's New Hot FB Pictures

'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්' - අජන්තා විෙජ්වර්ධන

පෙණුමින් රැඩිකල් පිරිමින් කොතරම් සාමාන්‍යයිද සහ කොන්ඩා කැපූ, ටැටූ ගැසූ ගැහැනියක කියා ඇය තුළ ඇති සාම්ප්‍රදායික ස්ත්‍රිය හැමවිටම ඉස්මතු වේය යන්නට අරුතක් සොයන්නේ නම් ඔවුන්ට මෙය නැරඹිය හැක.

මෙම 'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්' කෙටි චිත්‍රපටය නැරඹීමෙන් ඔබ තුළ මැවෙන චිත්‍රය සම්බන්ධයෙන් වගකීම ඔබ සතුය.

ඒ තුළ වර්තමාන සමාජයේ ඉතා බහුලව දැකිය හැකි කාරණා වන ගැහැනිය තුළ වන හිමිකරගැනීමේ තන්හාවත්, පිරිමියා කුටුම්භය අත් නොහරින දරුවාගේ භූමිකාවත් එක් කර ඇත.

මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා අජන්තා විජේවර්ධන දරණ ඇයගේ අදහසයි.

'මගේ අදහස වුනේ අපිට ආදරය කරන අය ගැන අපි හැමෝ තුළම අවසානයේ අයිතිකරගැනීමේ ආශාවක් තියෙනවා.

අපිට ඕන අයිතිකරගැනීමක්, ඒ අයිති කරගැනීම කියන කතන්දරේ ඇතුළෙ එන දෙබස් ටිකක් තමයි ඔය.

බාහිරින් සමාජයේ කියන රැඩිකල් තරුණයෙක් (කොණ්ඩා වැවූ) සහ ගැහැණියක් (කොණ්ඩ කපාලා ටැටු ගහලා දෙන සම්මතයෙන් එපිට ගැහැනු ප්‍රතිරූපය) මෙහි නිරූපණය වෙනවා.

සමාජෙන් එහෙම අයව කොටුවකට දානවා. ඔවුන්ට ජීවත් වන්නට අච්චුවක් සමාජයෙන් සකසනවා.

ඒ දේවල් ටික සමග මගේ කතාව කියන්නයි මම මේක හැදුවේ. මේ දෙබස්ස් ටික මගේ ෆිල්ම් ක්ලාස් එකෙන් මට දුන්නා. ඒ ටිකට ෆිල්ම් එකක් හදන්නයි මට ඕන වුනේ.

පිරිමියෙකුට මෙන්ම ගැහැනියකටත් උවමනා තරම් ආකර්ෂණ තියෙනවා.

නමුත් ගැහැනිය අන්තිමට ගිහිල්ලා ඒ හිමිකරගැනීමේ තැනමයි නවතින්නේ.

ගොඩක් පිරිමි ගොඩක් වෙලාවට කුටුම්භය තුළ හිරවෙලා ඉන්නෙ ළමයා නිසයි.

ඔවුන් එලෙස රැඳී සිටින්නට ඒක හේතුවක් කරගන්නවා. මා කතා කරන්නේ ඒ ගැනයි'.




අජන්තා විෙජ්වර්ධන


රංගනය -
පබා දේශප්‍රිය
පාලිත අබේරත්න
තේජානි ශාලිකා

අධ්‍යක්ෂණය සහ තිර පිටපත - අජන්තා විජේවර්ධන

සංගීතය - පාලිත අබේරත්න

සටහන - රචින්ත ජයවර්ධන


'Ehema Nouna Ehema Dennek' - Short Film By Ajantha Wihewardena

03 August, 2016

නායකත්වය ඇකඩමියෙන් දැරියන් මුදලට විකුණලා

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් පුද්ගලික ආයතනයක නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී තිඛෙනවා.

අවුරුදු 15 ත් 17 ත් අතර වයසේ පසුවන එම දැරියන් දිවයිනේ විවිද ප්‍රදේශවල සිට පැමිණ නේවාසිකව මෙම ආයතනයේ නායකත්ව පුහුණුපාඨමාලාව හදාරා ඇති අතර ඒ සඳහා ගෙවා ඇති මුදල රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වනවා.

පසුගිය වර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කරන බවට පුවත්පත්වල පල කළ දැන්වීමක් මගින් මෙම ආයතනය සිසු සිසුවියන් බඳවාගෙන තිඛෙනවා.

මෙලෙස නේවාසිකව සිටිද්දී මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව ඇති බවයි දෙමාපියන් පවසන්නේ.

එහිදී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිඛෙනවා.

මේ සියල්ල රහසේම සිදු වෙද්දී සිය දරුවා බැලීමට පැමිණි දෙමාපියන්ට ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරී ඇති බවද පැවසෙනවා.

නිරන්තරයෙන් මෙම ස්ථානයේ මත්පැන් සාද පැවැත්වෙන බවත් ඊට බයිට් හදන්නේ නේවාසිකාගාරයේ පාලිකාව බවටත් කරුණු හෙළිවී ඇති ඇති බවයි වාර්තා වන්නේ.








Girls Sold At Leadership Academy