05 August, 2016

ලංකාවේ ජනගහනය කෝටි දෙකයි, ඊටත් වඩා පාද යාත්‍රාවට සෙනග ඇවිත් - ගීතා නාගත්ත හැටි මෙන්න

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා සිදුකල පාද යාත්‍රාවට කෝටි 2 වැඩි පිරිසක් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළකලා.

කෙසේ නමුත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මෙන්ම පිළිගතහැකි වාර්තාවල දැක්වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයද ඇත්තේ කෝටි 2ක් පමණ බවයි.

ඒ අනුව ගීතා කුමාරසිංහ පවසන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ජනගහනයෙන් 99%කටත් වඩා සහභාගී වී ඇති බවත් කියැවෙයි.

එනමුත් කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ අවසන් රැළිය පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි කොළඹ නගරයේ සෙනඟ සිටියේ ලිප්ටන් වටරවුම පිරෙන්නට පමණි.

පාද යාත්‍රාව එන මඟ පාර දෙපස එක්වූ ජනතාවගේ ප්‍රමාණයද කෝටි දෙකකට ආසන්න විය නොහැක්කේ එය පැමිණියේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පමණක් වන නිසාවෙනි.

ඒ හෙයින් පාද යාත්‍රාව පිළිබඳව ජනතාව අදහස් දක්වන්නට ගොස් මේ වන විට ගීතා කුමාරසිංහ මහත්මිය හත්පොලේ ගාගත් බවක් පෙනී යයි.

මේ වන විට ඇයට සමාජජාලා ඔස්සේද උපහාසාත්මක වැකි සහිත පෝස්ට් නිර්මාණය වෙමින් පවතී.

මේ ඇය කෝටි දෙක පිළිබඳව කී කතාවේ වීඩියෝවයි.


'

Geetha's View of 'Padha Yathra' Croud

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ ජනගහනය කෝටි දෙකයි, ඊටත් වඩා පාද යාත්‍රාවට සෙනග ඇවිත් - ගීතා නාගත්ත හැටි මෙන්න"

    Post a Comment