10 August, 2016

සර් තමන්ට ලිංගික හිංසන කළ හැටි සිසුවියක් හෙළි කරයි

'අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි, ඔයාලා අඳින්න කැමැති මොනවද අහලා කාන්තා යට ඇඳුම් තියෙන තැනකට එක්ක ගියා'.

පසුගියදා මහනුවර හන්තාන ප්‍රදේශයේදී නායකත්ව පුහුණුව ලබාදෙන බව පවසමින් නේවාසිකව ඉගෙනුම්වල නිරතවුණු තරුණියන් 18 දෙනෙකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධානියා වූ චන්දිමාල් ගමගේ නම් පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ඔහුගේ සගයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකුද මේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර මේ වන විට සිද්ධියට මුහුණදුන් තරුණියන් විසින් චන්දිමාල් නම් ගුරුවරයා තමන්ට කළ ලිංගික හිංසන සම්බන්ධයෙන් පවසා තිබේ.

මෙම ආයතනයේ සිසුවියන්ට දුරකථන භාවිතා කිරීමට නොදෙන අතර දෙමාපියන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මසකට එක් දිනක් පමණි.

එදිනද සිසුවියන් දෙමාපියන් සමග කතා කරන අවස්ථාවේ එහි සිටින පාලිකාවක් ඔවුන්ගේ අසලින්ම ඉඳගෙන සිටිමින් කියන දේවල් අසාගෙන සිටින බව දැනගන්නට ලැබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියක් පවසා ඇත්තේ මෙවන් දෙයකි...

'මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් ඛෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා.

අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට පේස්ටි්‍ර වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් ඛෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා.

එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා'.

චන්දිමාල් නම් මෙම ගුරුවරයාගේ අමුතු හැසිරීම් ගැන රටම දැනගන්නේ පසුගිය ජූලි 31 වැනිදා සිදුවූ සිද්ධියකිනි. එය මෙසේය..

31 වැනිදා සිසුවියෝ පිරිස සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතු නිමා කොට සිය නේවාසිකාගාරයට පැමිණියහ. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණි. එහෙත් එදින සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබිණි.

රාත්‍රී නවයේ කනිසම පසු වෙද්දී නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට පටන් ගත්තාය. මස් බදින සුවඳ නේවාසිකාගාරය පුරා පැතිරී ගියේය. සිසුවියන් තුන් හතර දෙනෙකු හැර අන් සියල්ලෝම තද නින්දේය.

මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණය.

මත් පැන් සාදය මැදියම් රැය තෙක් ඇදී යද්දී හොඳ හැටි මත්පැන් තොල ගාන චන්දිමාල් ඇතුළු පිරිස තමන් සිටින්නේ කොතැනදැයි යන්න පවා අමතක වන තරමට වෙරි වී හමාරය.

විවිධාකාරයේ උසුළු විසුළු නිසාත් මහා ඝෝෂාවක් මැදියම් රැයේ ඇසෙන නිසාත් වරින්වර අවදී වු සිසුවියන් එතෙක් තද නින්දේ පසුවු තම මිතුරියන්ද අවදි කරන්නට පටන් ගන්නේ මේ අතරතුරය.

එතැන් සිට කථාව අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ නම සඳහන් කිරීමට අකමැති වූ සිසුවියක් මෙසේ පවසා සිටියාය...

'එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ. ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා.

එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිඛෙන ඛෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා.

එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළග තියෙන ලයිට් කීපයක් දැම්මා. අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළගින් යනකොට එයා අපව දැක්කා.

ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තෙ'.

'අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා.

මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා. අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා.

ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු ඛෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.'

'ඒත් අපිට හිතේ තිබුණු බය නැති වුණේ නෑ. ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් නේවාසිකාගාරයේ කුස්සියට ගිහින් මිරිස්කුඩු අරගත්තා. තවත් අය කවකටු පෙට්ටිවල තිබුණු කවකටු අරගත්තා.

සමහරු කොසු වගේම දර පොලු අතට ගත්තා. අපි කතා වෙලා හිටියේ කවුරුහරි අපේ හොස්ටල් එකට අතුළු වුණොත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපි බේරෙනවා කියලා'.

'එතකොට ඔයාලාගේ නේවාසිකාගාරයේ මැඩම් කොහෙද හිටියේ'.

'මැඩම් එයාගේ කාමරයට යන්න ඇති. අපිට මැඩම් ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා අපි එයා ගැන හෙව්වේ නෑ. ඒත් එක්කම අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපේ සද්දේ ඇහිලාද කොහේද තමයි සර්ලා ගියේ.

ගියා කිව්වට ෂුවර් කරන්න බෑ එයාලා මේ වත්තේ ඉන්නවාද දන්නෑ. අපිට නින්ද ගියාම මොනවහරි කළොත් ඒ නිසා ඇහැරිලා පාන්දර වෙනකම් ඉමු කියලා.

ඊට පස්සේ පාන්දර දෙක විතර වෙනකොට අපේ හොස්ටල් එකේ වත්ත ඇතුළේ ටෝච් එළි ගහනවා අපි දැක්කා. විවිධ අය හොස්ටල් එක වටේ යනවා වගේ අඩි සද්ද ඇහුණා. හෙමින් යමන් හෙමින් යමන් කියලා කියනවා ඇහුණා. ඒ වෙනකොට අපි හැමෝම හොඳටම බය වෙලා හිටියේ.

ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපි කොහොමහරි එළියට පැනලා ළ`ග ගෙදරකට ගිහින් කථා කරලා උදව් ඉල්ලමු කියලා. ඒකට හිත හයිය අපේ යාළුවෝ හතර දෙනෙක් ඉදිරිපත් වුණා. දෙන්නා බැගින් ඒ හතර දෙනා හෙමිහිට එළියට පැන ගත්තා'.

එතැන් පටන් මේ සිසුවියන් එළියට පැන උදව් ඉල්ලා ගත්තේ කාගෙන්ද යන්න සඳහන් කිරීමට නොහැකි නමුත් ඒ මේ සියලු සිදුවීම් දෙස කාලයක් තිස්සේ අවධානයෙන් සිටි පුද්ගලයකු මේ දරුවන් හට උදව් උපකාර කරන්නට කටයුතු කර තිබේ.

මේ දරුවන්ට අලුයම 3.30 පමණ වෙන විට සිය නිවෙස් වෙත කථා කිරීමට සිය ජංගම දුරකථනය ලබා දී සියලු දරුවන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණෙන තෙක් දරුවන් දෙස අවධානයෙන් සිට ඇත්තේ මේ උතුම් මිනිසාය.

නේවාසිකාගාරයේ සිටි සිසුවියකගේ පියෙක් ඉන්පසුව සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.

'මට පාන්දර 3.45 විතර කෝල් එකක් ආවා. මම අඳුරන්නේ නැති නම්බර් එකක් වුණත් ආන්සර් කළා. අනිත් පැත්තෙක් ඇහුණේ දැරියකගේ කට හ`ඩක්. අංකල් අපිට කරදරයක්. අනේ අපිව බේරා ගන්න. අපි දැන් ඉන්නේ මේහේ කියලා ඉන්න තැන අපිට කිව්වා'.

'ඒත් එක්කම ඒ ජංගම දුරකථනය අයිති මහත්මයා මට කතා කළා. බය වෙන්න එපා මේ දරුවෝ හතර දෙනෙක් මෙතැන ඉන්නවා. මේ අයගේ ආරක්ෂාව ගැන බය වෙන්න එපා.

හැබැයි ඔබතුමා දැන්ම පොලීසියට කථා කරලා හොස්ටල් එකේ ඉන්න ළමයි එළියට ගන්න කටයුතු කරන්න කියලා කිව්වා'.

ඒ වෙන විට නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි දැරියන් සිවු දෙනා තම මිතුරියන් සියලු දෙනාගේ නිවෙස්වල දුරකථන අංක රැගෙන විත් තිබු නිසා මේ පණිවිඩය සියලු සිසුවියන්ගේ නිවෙස් වෙත අලුයම 4.00 පමණ වෙන විට ලබා දීමට ඔවුන් සමත් වී තිබිණි.

ඒ සමගම අලුයම 5.30 පමණ වෙන විට නේවාසිකාගාරයේ සිටි සියලු සිසුවියන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණ සිටියහ.

එහෙත් ඔවුන්ට නේවාසිකාගාරය ඇතුළට යෑමට එහි ගේට්ටු විවෘත වූයේ නැත. මේ නිසා දෙමවු‍පියන් නේවාසිකාගාරයේ ගේට්ටුවලට ගසමින් ගේට්ටු විවෘත කරන ලෙස ඉල්ලා සිටියද නේවාසිකාගාරයේ පාලිකාව ගේට්ටු විවෘත කළේ නැත.

ඒ සමගම එහි සිටි එක් සිසුවියකගේ සොහොයුරකු තාප්පයෙන් පැන නේවාසිකාගාරයේ ගේට්ටු විවෘත කිරීමට යෑම නිසා ඒ වෙන විට පැමිණ සිටි නේවාසිකාගාරයේ පාලිකාවන් තිදෙනෙකු විසින් ඔහුට හොඳ හැටි කොසු පහරවල් එල්ල කර තිබිණි.

ප්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ පසුගිය 4 වැනිදා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබිණි.

එමෙන්ම මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහනුවර අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව ඇති බවය.

එමෙන්ම චන්දිමාල් සමග එක්ව සිසුවියන්ට විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන නිමල් පිරීස් නමැත්තා පසුගිය 2 වැනිදා මහනුවර අධිකරණයට අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබිණි.

මේ අතරතුර පසුගිය 03 වැනිදා විවිධ ලිංගික හිංසනයන්ට ලක් වු බවට ප්‍රකාශ ලබා දුන් සිසුවියන් 9 දෙනා අතරින් සිසුවියන් 6 දෙනකු මහනුවර අධිකරණ වෛද්‍ය නිලාධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම වෛද්‍ය පරීක්ෂණයට සිසුවියන් 9 දෙනා අතරින් තිදෙනෙකු ඉදිරිපත් වීමට අකමැත්ත පළ කොට ඇත.

වෛද්‍ය පරීක්ෂණයට ලක් වු කිසිදු සිසුවියක් බාහිර ලිංගික හිංසනයන්ට ලක් වීම් හැර දුෂණයට ලක් වී නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් මහනුවර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිඛෙන බවද වාර්තා වෙයි.

එමෙන්ම මේ සම්බන්ධව නම සදහන් කිරීමට අකමැති සිසුවියකගේ මවක් මෙවන් කතාවක්ද පවසා තිබේ....

'මේ සිදුවීම මාධ්‍ය මගින් අණාවරණය වුණ එක හොඳයි. ඒත් මේ දරුවන් කිසිවෙකුත් දුෂණයට ලක් වෙලා නැහැ කියන එක දැන් එළි වෙලා තිඛෙනවා.

දෙවියන්ගේ පිහිටෙන් ඒ දේ සිදු නොවීම ගැන අපි සතුටු වෙනවා. ඒත් විවිධ ලිංගික හිංසනයන් මේ ළමයින්ට වෙලා තිඛෙනවා.

නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව එන්නත් පෙර මේ සිසුවියන් 18 දෙනාම දුෂණය වෙලා කියන කතාව තමයි පත්තරවල පළ වෙලා තිබුණේ. ඒක වැරදියි. මොකද මේ ළමයි සමාජයට ආයෙත් යන්න ඕනේ.

මේ ළමයි අනාගතයේදී කසාද බඳින්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ කථාව හරියට පළ කරන්න. අපි රැවටුණා තමයි. අපේ මානසිකත්වය බිංදුවටම වැටිලා තියෙන්නේ.

අපි හැමෝම ලොකු කම්පනයකට පත් වෙලා ඉන්නේ. ඒත් අපි කොහොම හරි මේ ළමයින්ව දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් තිඛෙන සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් කරන්න ඕනේ.

ඔවුන් විභාගයෙන් සමත් කරවන්න ඕනේ. ඒ වගේම අපේ දරුවන්ට සිදු කරපු ඇතැම් අකටයුතුකම්වලට චුදිතයන්ට නීතියෙන් දඩුවම් ලැඛෙන්ඩම ඕනෑමයි'.




Girls reveal how the sexual violence at Leadership Academy  

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සර් තමන්ට ලිංගික හිංසන කළ හැටි සිසුවියක් හෙළි කරයි"

    Post a Comment