02 August, 2017

හෙට තරගයට මොකද වෙන්නේ?



සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ජාත්‍යන්තර තරගය හෙට (3) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග තුනක් ඇති අතර, පසුගිය දා එහි පළමු තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක දැවැන්ත හා අමිහිරි පරාජයක් උරුම කරදෙමිනි. යම් හෙයකින් ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම සඳහා පිතිකරණයේ නිරත නොවූයේ නම් ඔවුන්ට ඉනිමක හා ලකුණු 64ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවීමට ඉඩ තිබිණි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසනාවට එය එසේ සිදුවූයේ නැත.

මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී එකිනෙකා මුණගැසී ඇති අතර, එයින් තරග 17ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවද එයින් තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරැ
දිනේෂ් චන්දිමාල්
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා නියුමෝනියාව වැළදීම නිසා අසනීප තත්වය සුව අතට පත්වූ පසු මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබේ. මැදපෙළ සවිමත් කරවන මේ සුවිශේෂී පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 37ක් තුල ඉනිම 67කදී ලකුණු 2610ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය ලකුණු 42.1ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. චන්දිමාල් ගේ ඉනිම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 8ක් අර්ධ ශතක 12ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 57.60ක සාමාන්‍යක් රදවාගෙන ලකුණු ලබාගෙන ඇත.

චේතේශ්වර් පුජරා
ඉන්දීය කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන පුජරා ජාත්‍යන්තර ටෙස්ට් තරග 49කදී ඉනිම 83ක් සඳහා සහභාගි වී ඇත. ලකුණු 52.81ක් වැනි ඉහළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යක් රඳවාගෙන ක්‍රීඩා කරන පුජරා මේ වන විට ටෙස්ට් ලකුණු 3966ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 15ක් හා ශතක 12ක් ඇතුළත් වන අතර, ද්විත්ව ශතක 3ක්ද ඒ අතරට අයත් වී ඇත.

ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පදනම දැමීමේ භූමිකාවට ආලෝකය ලබාදෙන මේ පරිණත ක්‍රීඩකයා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 67කදී ඉනිම 118කට තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 4621ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 45.75ක් වැනි සැලකියයුතු ලකුණු ලබාගැනීමේ සාමාන්‍යක් ද රඳවාගෙනයි. තවද ඔහු ශතක 7ක් හා අර්ධ ශතක 27ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, නිමාවූ ටෙස්ට් තරගය තුලදීද ලකුණු 85ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතිහාසය තුල ලකුණු 41.50ක් වැනි සාමාන්‍යක් රඳවාගෙන ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හැකිව තිබේ.

ශිකර් ධවාන්
ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කලක පටන් තම වගකීම් ඉටුකළ මොහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 24ක ඉනිම 42කට සිය දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 1668ක් ලබාගෙන ඇත්තේ ලකුණු 41.70ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යක් රඳවා ගෙනයි. ධවාන් එම ලකුණු අතරට ශතක 5ක් හා අර්ධ ශතක 3ක් ලබාගෙන ඇත. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරුවීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැදින්වීමට හැකිය. යම් හෙයකින් ධවාන් අර්ධ ශතකයක් වෙත ගියහොත් ශතකයක් වෙත යාමට වැඩි ඉඩකඩක් ඇත.

ප්‍රබල පන්දු යවන්නන්
රංගන හේරත්/ මාලින්ද පුශ්පකුමාර
සැම විටම සිනහමුසු මුහුණකින් ක්‍රීඩා කරන රංගන හේරත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 82කදී ඉනිම 150ක් තුල කඩුලු 385ක් දවාලීමට සමත් වී ඇත. ඉන් කඩුලු 28ක්ම ඉන්දියාවට එරෙහිව ලබාගත් කඩුලු වේ. 28.16ක් වැනි මට්ටමේ කඩුලු දවාලීමේ සාමාන්‍යක් සහිත හේරත් පන්දුව පහසුවෙන්ම දඟ කැවීමට උපන් හපනෙකි. නමුත් හේරත් ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පසුවන්නේ ඔහුගේ ඇඟිල්ල ආබාධයකට ලක්වී තිබීම නිසාවෙනි. හේරත් මෙම තරගයට සහභාගි නොවන්නේ නම් මාලින්ද පුශ්පකුමාර හෙට දිනය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මාලින්ද පළමු පෙළ තරග 99කදී කඩුලු 558ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ 19.85ක් වැනි හොඳ මට්ටමේ කඩුලු දවාලීමේ සාමාන්‍යක් රඳවාගෙනයි.

රවිචනද්‍රන් අශ්වින්
තුන් ඉරියව් ක්‍රීඩකයේක මෙන්ම, දඟ පන්දු යවන්නෙකු ලෙස ඉන්දීය පන්දු බලඇණිය සවිමත් කරවන අශ්වින් තරග 50ක ඉනිම 94කදී කඩුලු 279ක් දවාලීමට සමත් වී ඇති අතර, කඩුලු දවාලීමේ සාමාන්‍ය 25.04ක් ලෙසින් දක්වන මොහු එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 2.88ක් පමණ ලකුණු ලබාදීමක් සිදුකර ඇත. නිමාවූ ටෙස්ට් තරගයේ දී කඩුලු 4ක් දවාලමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කරන ලදි.

නුවන් ප්‍රදීප්
දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ගේ පන්දු හමුවේ නිමාවූ ටෙස්ට් තරගයේ දී ඉන්දීය පිතිකරුවන් වුවද තරමක දෙගෙඩියාවකින් යුතුව පන්දුවට පහරදුනි. එම තරගයේ දී කඩුලු 6ක් දවා ගැනීමට ප්‍රදීප් සමත් විය. ඒ ඔහු ගේ දක්ෂ පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියේ තරග 25කදී ඉනිම 48ක් තුල කඩුලු 67ක් දවාලීමට ප්‍රදීප් සමත්ව ඇති අතර, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 3.61ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබාදී ඇත.

රවීන්ද්‍ර ජඩේජා
වමතින් දඟ පන්දු යවන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන ජඩේජා ජාත්‍යන්තර ටෙස්ට් තරග 31ක ඉනිම 59ක් තුල කඩුලු 148ක් දවාලීමට සමත් වී ඇත. ලකුණු 48කට කඩුලු 7ක් දවාලීම ඉනිමක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් කර ඇති ජඩේජා එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 2.27ක් පමණ පිතිකරුවන්ට ලබාදී ඇත. මෙම තරගාවලිය තුල දැනට කඩුලු 6ක් දවාලීමට මොහු සමත් වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

එස්. එස්. සී තණතීරුව, පිටිය හා කාළගුණික තත්ත්වය
මෙම ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 10,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 8කදී එකිනෙකා හමුවී ඇත. ඉන් දෙපිළම තරග දෙක බැගින් ජයග්‍රහණය කර හමාරය. තවත් තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහරදීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, විටින් විට මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට හැකි වන අතර, උදෑසන කාලයේ තරමක් වළාකුළින් බරවූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 15-22ක් දක්වා සුළගේ වේගයේ විචලනයක් ඇතිවිය හැති අතර, 27°C – 32°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (අගෝස්තු 1) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානයේ පසුවන අතර, ඔවුන් ලකුණු 2937ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92ක් ලබාගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් පෙරමුණේ පසුවන්නේ ලකුණු 3925ක් හා ප්‍රසාද ලකුණු 123ක් ලබාගෙනයි.

අවසන් නිගමනය

ඉන්දීය කණ්ඩායම තරග ඉතිහාසය පිරික්සා බලන කළ පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැදුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් මෙම තරගය බොහෝ දුරට ජයපරාජයෙන් තොරව අවසන් වීමට ඉඩකඩ තිබේ.

අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්/ මාලින්ද පුශ්පකුමාර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර.

ඉන්දියාව – විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ද්, චේතේශ්වර් පුජරා, අජින්කයා රහනේ, ව්රිදිමන් ශා, හාර්ඩ්ක් පාන්ඩයා , රවීන්ද්‍ර ජඩේජා, රවිචනද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, මොහොමඩ් ශමී.

සංචාරක ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන උණුසුම්කාරී දෙවන ටෙස්ට් තරගය හෙට (3) කොළඹ , එස්. එස්. සී ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වේ.

(By Sachin Dananjaya - ද පපරේ)

නෙයිමාර් බාසිලෝනා හැර යාමට සූදානම්

Neymar da Silva

සුප්‍රසිද්ධ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර් බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම්වලින් ඉවත්ව තිබේ.

ඔහු සිය පාපන්දු සගයන්ට පවසා ඇත්තේ තමන් බාසිලෝනා පාපන්දු කණ්ඩායම හැර යන බවය.

නෙයිමාර්, 'Paris Saint-Germain' පාපන්දු කණ්ඩායම හා එක් වීමට නියමිතය.

නෙයිමාර් සිය කණ්ඩායමෙන් ඉවත් වීමට පෙර පවුම් මිලියන 198 වාර්තාගත මුදලක් "සම්පුර්ණයෙන්" ගෙවිය යුතු බව බාසිලෝනා කණ්ඩායම PSG ක්‍රීඩා සමාජය වෙත දන්වා තිබේ.

කටාර්

PSG පාපන්දු සමාජයට කටාර් වෙතින් මූල්‍ය සහාය ලැබෙන අතර එය එවැනි විශාල මුදලක් දැරීමට හැකියාව ඇති පාපන්දු කණ්ඩායම් අතලොස්සෙන් එකකි.

'යුරෝපා චැම්පියන්ස් ලීගය' ජයග්‍රහණය කිරීමට නම් එවැනි මුදලක් වැය කළ යුතු බව PSG පාපන්දු කණ්ඩායමේ හිමිකරිතවයේ අදහස වී තිබේ.

බදාදා (අගෝස්තු 02) පැවති පුහුණුවීම් අතරතුර නෙයිමාර් සිය පාපන්දු සගයන්ට පවසා ඇත්තේ ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායම හැර යාමට තමන්ට අවශ්‍ය බවය.

පුහුණුවීම්වලින් ඉවත් වීමට සහ "ඔහුගේ අනාගතය තෝරා ගැනීමට" බාසිලෝනා කණ්ඩායමේ කළමනාකරු අවසර ලබා දී තිබේ.

නෙයිමාර්, බ්‍රසීලයේ 'Santos'පාපන්දු කණ්ඩායමේ සිට බාසිලෝනා කණ්ඩායමට එක් වූයේ 2013 වසරේදීය. (බීබීසී)

දවසේ කාටූන් – 2017.08.02

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.

Cartoon - Mawbima - 2017.08.02

දිවයින කාටූන් - Divaina Cartoon


ලංකාදීප කාටූන් - Lankadeepa Cartoon

මව්බිම කාටූන් - Mawbima Cartoon

රිවිර කාටූන් - Rivira Cartoon

දිනමිණ කාටූන් - Dinamina Cartoon

අද කාටූන් - Ada Cartoon

දෙරණ වෙබ් බුවා කාටූන් - Derana Web Buwa Cartoon

ඩේලි මිරර් කාටූන් - Daily Mirror Cartoon

ද අයිලන්ඩ් කාටූන් - The Island Cartoon

සිලෝන් ටුඩේ කාටූන් - Cylon Today Cartoon

ටැමිල් මිරර් කාටූන් - தமிழ் மிரர் கார்ட்டூன் - Tamil mirror Cartoon


ඩේලි එෆ්ටී කාටූන් - Daily FT Cartoon
1500

වීරකේසරී කාටූන් - வீரகேசரி கார்ட்டூன் - Virakesari Cartoon

ටයිසන්ගේ දඩබ්බරකම්වලට හේතුව කුඩා කල ලිංගික අතවරයන්ට ලක්වීමලු

Mike Tyson - Sexual Abused

කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වීම තමන්ගේ දඩබ්බරකම් හා නොහික්මුණුකම්වලට හේතු වූ බව මයික් ටයිසන් පසුගියදා ඔහු සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කොට තිබෙනවා. 

මේ බව ඔහු පවසා ඇත්තේ ESPN සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ජෙරමි ෂැෆොව් විසින් ඔහුගේ මෙම සැර පරුෂ ගතිගුණවලට හේතු කුමක්දැයි විමසූ විටයි.

'මං ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ. ඒත් කෙටියෙන් කියනවා නම් මං පුංචි කාලෙ දරුණු විදියට ලිංගික අතවරවලට ලක්වීම තමයි මේ ගතිගුණවලට හේතු' ඔහු සඳහන් කරනවා.

ඇමෙරිකාවේ බෘෘක්ලීස් හි බ්‍රවුන්ස්විල් හි මදාවිකම්වලින් පිරුණු වීදිවලදී අවුරුදු 7ක තරම් පුංචි දරුවකුව සිටියදී වයස්ගත පුද්ගලයකු මුල් වරට තමාව ගොදුරු කරගත් බවත් ඉන් පසුවද කීප වතාවක් එසේ අතවරයට ලක්වූ බවත් සඳහන් කරන ටයිසන් ඒ සිදුවීම්වලින් හටගත් කෝපය තමා දඩබ්බරයකු කළ බව සඳහන් කරනවා. (මව්බිම)

'රතු පිච්ච' ටෙලියේ මං දැන් නැහැ - දසුන්

Dasun Nishan de Silva-03

වර්තමානයේ පුංචි තිරයේ දකින තරුණ නළුවන් අතරේ දසුන් නිශාන්ට සුවිශේෂී තැනක් හිමිවේ. මෑත කාලයේ වැඩිපුරම ටෙලි නාට්‍යය ප්‍රමාණයක දකින්නට ලැබුණ දසුන් මේ දිනවලද ටෙලි නාට්‍යය කිහියකදකින්නට ලැබේ. 

සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘රතුපිච්ච’ ටෙලි නාට්‍යය ආරම්භ කොටස්වලද දසුන් රංගනයේ යෙදුණද ඔහු මේ වනවිට ඉන් ඉවත්ව සිටින බව සඳහන් වේ. ඒ පිළිබඳව අපි ඔහුගෙන් මෙළෙස අදහස් විමසුවෙමු.

‘රතු පිච්ච’ ටෙලියට අලුත් නිෂ්පාදිකාවක් සම්බන්ධ වුණ නිසා තමයි මම ඒ ටෙලියෙන් ඉවත් වුණේ. මා සමග එහි ප්‍රධාන චරිතය කරපු විනු සිරිවර්ධන වගේම ගයාන් වික්‍රමතිලක දෙන්න එහි සුපුරුදු පරිදි රංගනයේ යෙදෙනවා. 

ටෙලියේ නිෂ්පාදක වෙනස් වුණ හින්දා ‘රතු පිච්ච’ කරමින් හිටිය අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ඉවත් කළා. ඒ හේතුව නිසා තමයි මාත් ඒ ටෙලියෙන් ඉවත් වුණේ. ‘රතු පිච්ච’ ටෙලියේ මාව නොදුටවත් මේ දවස්වල මගේ ටෙලි නාට්‍යය කිහිපයක්ම නාලිකා කිහිපයක විකාශය වෙනවා. 

Dasun Nishan de Silva - 04
Dasun Nishan de Silva - 05

(සාරවිට)

හිසේ ගසා පොල් බිඳීම හාස්කමක්ද? (Video)

Breaking coconut on the head

දේවාරූඩයෙන් හෝ යක්ෂාරූඩයෙන් හාස්කම් පෑ හැකි බවට අප ජන සමාජයේ පොදු විශ්වාසයක් පවතී.

සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි අසාමාන්‍ය ක්‍රියාවන් ඒ අතරට අයත්වෙයි. ලෙලි ගසන ලද පොල්ගෙඩියක් හිසෙහි ගසා දෙපලු කිරීම වැනි සාමාන්‍ය කෙනෙකුට සිතීමටවත් නොහැකි විස්මිත දේ දේවාරූඬයෙන් කෙරෙන බව පැවසෙන වී‍ඩියෝ දර්ශන අපි අන්තර්ජාලයෙන් කොතෙකුත් දැක ඇත්තෙමු.

ඒ අනුව මේ සම්බන්ධ නවීන විද්‍යාත්මක අර්තකථනයක් ලබා දිය නොහැකි දැයි අපි කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාගෙන් විමසා සිටියෙමු.

මේ එවිට ඔහු අපට ලබා දුන් පිළිතුරයි,

ලෙලි ගසන ලද පොල් ගෙඩියක් ය‍මෙකුගේ හිසේ ගැසීමෙන් එය දෙපළු කළ නොහැකි බව සම්මුතියක් වශයෙන් පිළිගන්නා සත්‍යයක්. නමුත් එසේ සම්මුති වශයෙන් කළ නොහැකි බව පිළිගැනෙන ක්‍රියාවන් සිදු කළ හැකි සුවිශේෂ පුද්ගලයන් ද අප අ‍තරේ සිටිනවා. කොණ්ඩයේ ගැට ගසා දුම්රි‍ය එන්ජින් සහ මැදිරි ඇදීම, ශරීරය උඩින් ට්‍රැක්ටර් රථ ධාවනය කිරීම, දත්වල ශක්තියෙන් බර වාහන ඇදීම, එ‍වැනි ක්‍රියා කිහිපයක්. ඒ අනුව කායික මානසික ‍යෝග්‍යතාවයකින් සහ ඒ පිළිබඳ නිපුනත්වයකින් යුතු අයෙකුට පොල්ගෙඩියක් හිසේ ගසා එය දෙපළු කිරීමේ හැකියාවක් තිබිය හැකියි. ඒ අනුව එය සම්මතයෙන් බැහැර දෙයක් මිස අත්භූත වාදී දෙයක් නොවේ.

නමුත් එවැනි ක්‍රියා දේවබලයක් මුල්‍ කොට හෝ යක්ෂ බලයක් මුල්කොට සිදුවන බව පැවසීමෙන් ඒවා අසන දකින ජනතාවගේ සිත් තුළ ඇති වන්නේ එම ‍දේවබලය පිළිබඳ අද්භූත වාදී හැගීමක් මිස එය සිදුකරන්නාගේ දක්ෂතාවයක් පිළිබඳ හැගීමක් නොවේ. සැබැවින්ම එසේ සිදුකළ හැකි තැනැත්තා දක්ෂයෙකු බව අප අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා.

නමුත් එවැනි ක්‍රියා මුල්කොට එවැනි අත්භූත වාදී හැඟීම් සිතට පිවිසුවා ගන්නා තරමට පුද්ගලයාගේ ප්‍රත්‍යක්ෂ විඥාණය අවප්‍රමාණ වෙනවා. ඒ අනුව ඒ ක්‍රියාව හාස්කමක් සේ සලකා එය සිදුකරන පුද්ගලයාට නතුවීම, අවනත වීම සාමාන්‍ය තත්ත්වයක්. මනෝවිද්‍යාවේ දී මේ තත්ත්වය හැඳින්වෙන්නේ ‘සිත වෙන අරමුණ යෙදීම (Distraction)’ යනුවෙන්.

ඒ වගේම සැම විටකම නොවුණත් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නවුන් ඒ සඳහා සියුම් උපාය මාර්ගද යොදන අවස්ථා තිබෙනවා.

පොල්ගෙඩිය පහසුවෙන් දෙපළු වීමට අවශ්‍ය කටයුතු කලින් සූදානම් කර ගැනීම සිදුවෙනවා. එම උපාය මාර්ගික ක්‍රියා බොහෝ විට නරඹන්නාට හැ‍ඟෙන්නේ නැහැ. බලි‍තොවිල් ශාන්ති කර්ම වලදී මෙවැනි සියුම් උපක්‍රම බහුලව යෙදෙනවා.

එමෙන්ම මැජික් කරුවන් විසින් සිදුකරනු ලබන ඇතැම් ඇස් බැන්ඳුම්ද දේව හාස්කම් වශයෙන් ඉදිරිපත් කොට ජනතාව රවට්ටන අවස්ථා තිබෙනවා. ඒ අනුව ඒවා ඇස්බැන්දුම් ලෙසින්ම සමාජයට ඉදිරිපත් කිරීම පිළිබඳව මැජික් කරුවන්ට අප ස්තූති වන්ත විය යුතුයි.

ඒ කෙසේ හෝ දේව හෝ යක්ෂ බලයකින් ආරූඬයකින් තොරව යමෙකුට කළ හැකි බව පැවසෙන අපහසු ක්‍රියාවන්, යක්ෂ‍ හෝ දේව බලයක් ලෙසින් හඳුන්වා එලෙසින්ම සිදුකිරීම හාස්කමක් සේ තැකීම විද්‍යාවටත් පටහැනියි. විශේෂඥ මනෝ වෙද්‍යවරයා කීය.



දමයන්ති ගමගේ (ලක්බිම)

දුම්රියට පැන දිවි නසා ගැනීමට සිටි තිදරු පියා තීක්ෂණ බුද්ධියෙන් බේරාගත් දුම්‍‍රිය ගේට්ටු භාරකරුගේ වික්‍රමය !

Udarata Menike train engine escapes

දුම්රියට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගල‍යෙකු දුටු දුම්රිය ගේට්‌ටුකරුවෙක් දුම්රියට සංඥ ලබා නොදී එම දුම්රිය නවතා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයා බේරා ගත් පුවතක් වාර්තා වනවා.

මෙම උතුම් ක්‍රියාව සිදුකොට ඇත්තේ දුම්රිය ගේට්‌ටුකරුවකු ලෙස වසර 43 ක්‌ තිස්සේ නාවලපිටිය ගොන්දෙන්නාව දුම්රිය ගේටුවේ සේවය කරන බී. ඒ. තිලකරත්න මහතායි.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පැමිණෙන විට ගේට්‌ටුව වැසීමට සූදානම් වූ තිලකරත්න කිසිවකු දුම්රිය මාර්ගයේ වැතිරී රේල් පීල්ලේ ගෙල තබාගෙන සිටින අයුරු දැක ඇත. ඔහු වහාම අසල තිබූ ත්‍රිරෝද රථයක රියදුරෙක්ද එක් කරගෙන එම පුද්ගලයා දුම්‍‍රිය මාර්ගයෙන් ඉවත් කර තිබේ.

එතෙක්‌ දුම්රිය සංඥා නොදී දුම්රිය නවතාගෙන ඇත්තේ ගමන්කරන දුම්රියට ඔහු පනී යන සැකය මතය.

ඉන්පසු පොලිසීයට දන්වා මෙම පුද්ගලයා පොලිසීය වෙත භාර කොට ඇත.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා විවාහකයකු වන අතර ගැහැණු දරුවන් තිදෙනකුගේ පියෙකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

ණය ගෙවා ගැනීමට නොහැකිවීම හා නිසි රැකියාවක්‌ නොමැතිව ජීවත් වීමට අපහසු වීම නිසා මෙම පුද්ගලයා මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ.

යාළුවෝ අමාරුවේ වැටුණු වෙලාවේ ධනවත් කාන්තාවක් ඇසුරු කර ඔවුන්ට මුදල් ලබා දී තිබෙනවා – රන්ජන්

Ranjan Ramanayake

රන්ජන් රාමනායක කියලා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි දේශපාලඥයෙක්. සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද මොහුයි. කෙසේවෙතත් රන්ජන් රාමනායක ප්‍රේමය සම්බන්ධයෙන් කතා කළ සාකච්ඡාවක් මුහුණු පොතේ තිබී අපට හමුවුණා. මේ එම සාකච්ඡාවයි.

ඔබ ප්‍රේම කරන්න පටන් ගත්තේ කොයි කාලයේද? ඔබේ ප්‍රථම ප්‍රේමය මතකද?

අම්මාගේ, තාත්තාගේ ප්‍රේමය, ආදරය උපරිමයෙන්ම මට ලැබුණා. පවුලේ බඩපිස්සා හැටියට නෑදෑයන්ගේ ආදරයත් හොඳටම මට ලැබුණා. පරම්පරාවේම බාලයා මමයි. සියලු ප්‍රේමය මට හිමි වෙනවා වගේම දඬුවම් පැත්තෙන් ද මට ඉහළම තැන ලැබුණා. ලොකු ආදරයක් මට පවුලෙන් ලැබුණා. විරුද්ධ ලිංගිකයන් ගැන ආකර්ෂණයක් මට මුලින්ම ඇතිවුණේ පාසලේ 9-10 වසර වලදී. මට මතකයි අපේ අම්මාගේ යාළුවෙක් දියණියක් හිටියා. එයා දිහා මම බලන් ඉන්නවා. එයාත් මා දිහා බලනවා. ඒ කාලයේ කැසට් රෙකෝඩරයක් එයාලගේ ගෙදර තිබුණා. මේ මැයි ගහ යට වගේ ගීත තමයි එදා ප්‍රචාරය වුණේ. මම ඇයට හිතින් ලව්කළා. ඒක කියා ගන්න අමාරුයි. ඒක තමයි මගේ ප්‍රථම හද ගැස්ම ඇති වූ අවස්ථාව. පාසල් කාලයේදී කොල්ලෝ අතර තරගයක් තිබුණා කෙල්ලෝ යාළු කර ගන්න. ඒ කාලයේ සමාජයේ තිබුණු ආකල්පයක් තමයි වැඩි​යෙන් කෙල්ලෝ ඉන්නකෙනා තමයි පොර කියලා. ඒක වැරැදි ආකල්පයක් තමයි. වැඩිපුර යුවතියන් පිරිසකගේ ප්‍රේමය දිනාගන්නා ශිෂ්‍යයා පොරක්. හොඳ පෙම්වතාට තැනක් නෑ. සත්‍ය ප්‍රේම භෘංග රාජයා විදිහටයි ඔහුට සැලකුවේ. ඒක තමයි මේ සිස්ටම් එකෙන් අපට ආ පණිවිඩය. ඒක වැරැදි දෙයක්. බූට් දෙනවා. බූට් කනවා.

එහෙම ඔයාට ආදරය කළ කෙනෙක් හිටියේම නැද්ද? ඔයාගේ හිත ගිය කෙනෙක් හිටියේවත් නැද්ද?

ඒ කාලයේ චිත්‍ර කතා වලට අපි හරි කැමැතියි. දේදුණු, කැළුම් චරිත අපේ හිත් වල කිඳා බැහැලා තිබුණා. බලංගොඩ සරත් මධුගේ ‘ඉතිං ඊට පස්සේ’ අපි පිස්සු වැට්ටුවා. ජනක රත්නායකගේ “සුසීමා” චිත්‍ර කතාවේ සුමේධත් එහෙමයි. අපි ඒවාට ඇඳගෙන. මම සුමේධට කැළුම්ට ඇඳලයි හිටියේ. ඒ වගේ කෙල්ලෙක්ට තමයි දැන් ට්‍රයි කරන්නේ. එහෙම ලව් තමයි තිබුණේ. පස්සේ කාලයේ “යුනිකෝ, ටෝගා” වැනි චිත්‍ර කතා නිසා වෙන පැත්තකට මාව යොමු වුණා. ඒ කාලයේ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත අපේ ප්‍රේමවලට රුකුලක් වුණා.

ඔබට ප්‍රථම ප්‍රේමයක් ඇත්තමට තිබුණේම නැද්ද?

මම හරිම අවාසනාවන්තයි. ලව් කරන්න ගිය එකක්වත් හරි ගියේ නෑ. මගේ හඳහනේ අවුලක් තිබෙන්න ඇති. මට ලොකුවට වැදුණු ප්‍රේමයක් තිබුණා. අපේ ඉස්කෝලෙට කරත්තෙන් එනවා දේදුණු වගේ කෙල්ලෙක්. හරිම ලස්සනයි. සුදුම සුදුයි. සීයා තමයි එක්ක එන්නේ. මම එයාගේ ගෙදරට යන ​මේ කරත්තේ පිටුපස්සෙන් පයින් යනවා. මේ කෙල්ල බලනවා. අහක බලනවා. එතකොට මම 10 වැනි ශ්‍රේණියේ. මම ඒ කෙල්ලට ලව් කියලා මුළු පන්තියම දැනගත්තා. පන්තියේ හිටියා දේවක කියලා යාළුවෙක්. මම සිහින ලෝකේ හිටියේ. ඒ සුන්දර ත්‍රිල් එක මතක් වෙන කොටත් සතුටුයි.

දේවක කිව්වා. මම සෙට් කරලා දෙන්නම් කියලා මට ලියුමක් ලියන්න කිව්වා. ප්‍රථම ආදර ලියුම ලිව්වා. මම චිත්‍ර ශිල්පියෙක් හින්දා අත් අකුරු ලස්සනයි. එයා ඩිලන්ති දැන් මා හිතන්නේ වෛද්‍යවරියක්. මම අවුරුදු 35 කින් විතර දැකලා නෑ. මම ඉතිං පුදුම විදිහේ ආදර ලිපියක් ලිව්වා. මම එතකොට කැලුම්ට ඇඳලා හිටියේ. ලියුම දීලා දවස් 2 කින් දේවක මට කෙල්ලගෙන් ලියුමක් ගෙනත් දුන්නා. මට ඉතිං රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ඒ දවස තරම් සතුටුදායක දිනයක් තවම නැති තරම්. දෙවැනි ලියුමත් දුන්නා. අක්කාගේ කරාබු නැති වෙනවා. ලේන්සු නැති වෙනවා. අම්මාගේ සල්ලි නැති වෙනවා. මේවා සියල්ලම දේවකට ගිහින් දෙනවා. අර කෙල්ලට දෙන්න. ඌ දෙවියෙක් විදිහටයි මා සලකන්නේ. මේ කෙල්ලව මැරි කරලා, හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න මම හිතින් සියලු දේ හදලත් ඉවරයි. හරිම සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියේ. මාස 6 ක් විතර ගියා. කොල්ලො පස්සේ කිව්වා, උඹ ලණුවක් කාලා කියලා. දේවක තමයි උඹට කෙල්ල විදිහට ලියුම් ලියන්නේ කියලා කිව්වා. මට පුදුම හිතුණා යාළුවෝ මට දුන්න ලියුමක් අරගෙන උගේ අත් අකුරු එක්ක බැලුවා. දෙකම සමානයි. මට ඒ කඩා වැටීම කියා නිම කරන්න බැරි තරම්.

අපේ තාත්තා සී.ජී.ආර්. එකේ​ ​ෆෝමන් කෙනෙක්. තාත්තා පිහියක් ගෙනත් තිබුණා. මම දැන් ප්‍රේමය කඩා වැටුණු හින්දා මෘගයෙක් වුණා. මම උගේ බෙල්ලට පිහිය තියලා කරපු වැඩේට උඹව මරනවා කියා කිව්වා. ඌ වැඳලා කිව්වා. අනේ එහෙම කරන්න එපා. මමයි ඒ කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. මාව බයිට් එකට තමයි අරන් තියෙන්නේ. එතනින්ම ඩිලන්ති ගැන තිබු ආදරය නැති වෙලා ගියා. මම හොඳටම ඇඬුවා.

ඊට පස්සේ කෙල්ලෝ එක්ක යාළු වුණේ නැද්ද?

ඊට පස්සේ විජය කුමාරණතුංග වගේ වෙන්න ගත්තා. සුළු සුළු සම්බන්ධතා තබා ගත්තා. අවංක​ ප්‍රේමයක් නෑ. සත්‍ය ප්‍රේම භෘංගරාජ කියන්නේ අමු මෝඩයෙක් කියන එක මගේ හිතේ තැන්පත් වුණා. ඊට පස්සේ සම්බන්ධතා තියාගත්තේ නෑ. එවෙලෙට යාළු වෙනවා. ඊට පස්සේ වෙනත් කෙල්ලෙක්ට ලව් කරනවා. මගේ ඇඟේ හිටිය හොඳ පෙම්වතා මැරුණා. ඒක තමයි ඇත්ත.

සිනමාවට ආවාට පස්සේ නිළියෝ ඔයා පස්සේ ආවාද?

විජය මාමා ප්‍රේම කුමාරයෙක්. විජය මාමාව දැක්කාම කෙල්ලෝ වට කරගෙන හිටියේ. මම සිතුවා මේක තමයි නියම ප්‍රේමය කියලා. මේක තමයි ලෝකේ තිබෙන හොඳම ජොබ් එක කියලා මට සිතුණා. විජය මාමා හමුවෙලා, සිනමාවට එන්න පාර හදා ගත්තා. පළමු චිත්‍රපටයට ගිහින් ​​ෆ්‍රෙඩී සිල්වා මහත්මයා හමුවෙලා මම කිව්වා. මට සිනමාවේ ඉදිරියට යන්න. විජය මාමා වගේ ජනප්‍රිය වෙන්න මොනවද කරන්න ඕනෑ කියලා. මට නටන්න, සිංදු කියන්න, වාහන පදවන්න පුළුවන්. ඔය එකක් වත් වැඩක් නෑ. සිනමාවේ ඉහළට යන්න නම් උඹ නිළියන් එක්ක හිටපන් කිව්වා. එතකොට ඒ නිළිය උඹට තැනක් දෙනවා. සිනමාවේ ඉදිරියට යන්න විජය මාමා කළෙත් ඒක තමයි කියලයි ​ෆ්‍රෙඩී කිව්වේ. මේක තමයි ලෝකේ තිබෙන සුන්දරම ජොබ් එක. මම ඒක මැරෙනතුරා වෙනස් කරන්නේ නෑ. ඊළඟ ආත්මයේදීත් නළුවෙක් වෙලා තමයි ඉපදෙන්න ඕනෑ.

නළුවා හින්දා සමහරු ඔබගෙන් ප්‍රේමය පතා මිල මුදල් තෑගි බෝග එහෙමත් දුන්නා නේද?

ඔව්, සමහරු ලක්ෂ ගණන් මට ගෙදරට ඇවිත් දෙනවා. ලස්සන කෙල්ලෙක් එක්ක පෙම් කරන්න. එයාත් එක්ක පෙම් කරනවාට මට මුදල් දෙනවා. එහෙම ජොබ් කො​හෙද තිබෙන්නේ? නළුවෙක් හින්දා නේද මේවා ලැබෙනනේ? මේක මාර ජොබ් එකක්. එහි සුන්දරම මිනිහා විජය මාමා එතුමා උපරිමයෙන් ඒ සතුට වින්දා.

ඔබ රමණී බර්තෝලමියුස්ට ආදරය කළ බව ආරංචියි. ඇත්ත ද ඒ කතාව?

ඔව්, ඒ කාලයේදී රමණීගේ ප්‍රේමයක් තිබුණා කමල් අද්දරආරච්චි එක්ක. මම ඒ කාලයේ නාට්‍ය හොයා ගෙන යනවා. කොහොමහරි මුහුණ පෙන්වලා ජනප්‍රිය නළු​වෙක් වෙන්න. පත්තර කට්ටිය පස්සේ යනවා ඒ ආටිකල් දාගන්න. ඒ අතරේ ටෙලිවීව් එකෙන් නාට්‍යයක් කරන බව ආරංචි වුණා. “භාග්‍යා” නමැති ඒ ටෙලි නාට්‍යයේ මේජර් කෙනකුගේ චරිතයක් තිබෙන බව අහලා කුමාරසිරි අබයකෝන්ගේ මාර්ගයෙන් විජය ධර්ම ශ්‍රී හමුවෙන්න ගියා. ඒ ඉන්ටවීව් එකෙන් මාව තේරුණා. ප්‍රධාන නිළිය වුණේ රමණී. බදුල්ලේ ෂූටිං තිබුණේ. එහේ යන වෑන් එකට මම ගිහින් නැග්ගාම රමණීත් ඇවිත් නැග්ගා. හරිම ලස්සනයි. මට කොහොම හරි මෙයාත් එක්ක යාළුවෙන්න ආසාවක් ඇති වුණා. යන අතරතුරදි විහිළු කතා කියන්න පටන් ගත්තා. හරි ජොලි කෙනෙක් නේද? කියලා රමණී මට කිව්වා. හැම කතාවකින්ම මගේ යටි හිතේ තිබුණේ මේ රමණීගේ හිත ගන්නයි. අනෙක් උන් කියන්න ගත්තා වැඩක් නෑ, රමණීට කොල්ලෙක් ඉන්නවා කියලා. රමණී එක පාරටම ඔයා දන්නවාද මට බෝයි ​ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ඇහුවා. මම කිව්වා. ඔව්, මම දන්නවා, නළුවෙක් නේද කියලා. හරි කියන්න නම කිව්වා. මම කිව්වා. ඩී.ආර්. නානායක්කාර නේද කියලා. රමණී බඩ අල්ලාගෙන හිනාවුණා. එයාට ඒ විහිළු ඇල්ලුවා කියා මට සිතුණා. ඔහොම ගිහින් ෂූටිං වලිදි ෆුල් ලව් එයාත් බලාගෙන ඉන්නවා. මාත් බලාගෙන ඉන්නවා. අනේ එයා හරි හොඳයි කියලා මට කිව්වා. මාත් ඉතිං බොක්කෙන්ම ලව්. ආජු තපර ලාහිලා ගීතයට නටන්න රමණිට තිබුණේ වෙන කොල්ලෙක් එක්ක. මට මළ පැන්නා. මාව ඒකට ගත්තේ නැත්නම් නාට්‍යය අත හැරලා යනවා කිව්වා. රමණී කිව්වා එහෙම කරන්න එපා ඒක පිටපතේ තිබෙන දෙයක් කියලා. මම කිව්වා. නටන්නේ මමයි මගේ චරිතය ඌට දෙන්න කියලා. විජය ධර්මශ්‍රීට ඒක කියන්න කිව්වා. රමණී එතකොට ජනප්‍රිය චරිතයක්. එයා මිස් ශ්‍රී ලංකා කෙනෙක්. එයා මට සල්ලි නෑ කිව්වාම මාව ශාන්ත සපරමාදු ළඟ දැන්වීමකට දාලා සල්ලි අරන් දුන්නා. රමණී තමයි මාව එක්කගෙන ගියේ. මට අන්තිමේදී කිව්වා, එහෙනම් නටන්න හැබැයි එයාගේ අතින් අල්ලන්න එපා කියලා. රමණී කිව්වා, ඒක අධ්‍යක්ෂ කියු දෙයක් හින්දා වෙනස් කරන්න අමාරුයි කියලා මම ඉතිං පැත්තකට ගිහින් අඬන්න ගත්තා. ඒ විදිහට පුදුම ආදරයක් රමණීට මගේ සිතේ තිබුණේ. ඇය මිය යන තුරු ඒ ආදරය තිබුණා. ඇයගේ වෙන්වීම දරා ගන්න බැරිව කාලයක් මා ඇඬුවා. අවමගුලට මාත් සහභාගී වුණා. රමණී මිය ගියාට පසු “භාග්‍යා” ටෙලි නාට්‍යය නැවත විකාශය වුණා. එයින් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ හින්දා ටෙලි නාට්‍ය චිත්‍රපට ලැබුණා. රමණීට ඒ ගෞරවය පුද කළ යුතුමයි.

ඊට පස්සේ නිළියෝ එක්ක සම්බන්ධතා තිබුණද?

ඇයි නැත්තේ. බොහෝ අය සමග සම්බන්ධතා තිබුණා. අද ජනප්‍රිය නිළියන් එදා මට පුදුම ආදරයක් දැක්වූයේ. මාත් ඉතිං ඔවුන්ට ආදරය කළා. මාත් හැඟීම් ඇති කෙනෙක්​නේ. ඉතිං දිගු සම්බන්ධතා පවා ඇතිවුණා.

ඔබ ඒ කාලේ කොල්ලෙක් හින්දා වැඩිහිටි නිළියොත් ඔබගේ ආදරය බලාපොරොත්තු වුණා නේද?

ඇත්​තෙන්ම ඔව්. සමහර වැඩිහිටි නිළියන්යන්ගෙන් බේරුමක් නැති වුණා. විජය මාමාට වගේ මටත් ඔවුන්ගේ ඒ ආකර්ෂණය හිමි වුණා. නිළියන් විතරක් නොවෙයි, වැඩිහිටි කාන්තාවන් පවා මගේ පස්සෙන් එන්න ගත්තා. ඔවුන් සනසන්න මට ඒ කාලේ සිද්ධ වුණා.

ඔබ අලුත් නිළියන්ගේ ගිනිගෙන දැවෙන හදවත් වලට වතුර ඉස ඔවුන් සුවපත් කළා නේද?

ඒ සම්බන්ධතා නම් හරියට තිබුණා. මොකද අලුත් නිළියන් මාව හොයාගෙන එන්නේ ගිනිගෙන හදවත් වලින්. ඉතිං මම ඔවුන්ට වතුර ගසා ඔවුන්ට සිසිලස ලබා දුන්නා. ඒක ඉතිං කොයිතරම් පිනක් ද නේද? සමහරු කියනවා චිත්‍රපට වල නිදන දර්ශන වලදී ඒක චරිතයක් විතරයි. කිසිම හැඟීමක් ඇති වෙන්නේ නෑ කියලා. ඒක තනිකරම මුසාවක්. මම බොහොම සංවේදී පුද්ගලයෙක් හැටියට හොඳට හැඟීම් දැනීම් දැනෙනවා. මම නම් ඒ දර්ශන වලදී හැඟීම් ඇතිව, එහෙම උත්තේජනයක් ඇතිව තමයි නිදන දර්ශන වලදීත් සිප ගැනීම් වලදීත් කරන්නේ. එය මුහුණේ හැඟීම් වලින් මා ගන්නවා. ඒ සරාගී බව ඇති වෙනවා. “බහුභාර්යා” චිත්‍රපටයේ එය හොඳින් කළා. “දුවට මවක මිස” චිත්‍රපටයේ තොල් සිප ගැනීමත් එහෙමයි. මම නිළියක් එක්ක ඒ ඇසුර හොඳින් කරලා තිබෙනවා.

සමහර කාන්තාවෝ ඔබේ ඇසුර බලාපොරොත්තුවෙන් මුදල් පවා විසි කළා නේද?

ඔව්. එදා ඉඳලා මට තිබුණු දෙයක් ධනවත් කාන්තාවො මගේ ඇසුර බලාපොරොත්තු වුණා. ඔවුන් මුදල් විතරක් නොවෙයි වෙනත් තෑගි පවා ලබා දුන්නා. ඒ වාසනාව අද පවා තිබෙනවා. නළුවෙක් විදිහට මට හැම පැත්තෙන්ම උදව් උපකාර ලැබෙනවා.

ඔබ මේ හින්දා “පිරිමි ගණිකාවක්” ලෙස සමහරු හැඳින්වුවා නේද?

ඔව් එහෙම කියනවා. මට පාර්ලිමේන්තුවේදීත් එහෙම කිව්වා. පෙම්වතුන් නැති අය සතුටු කරන්නෙත්, පිරිමි ගණිකාවක් කිව්වා. දික්කසාද වූ අය, විවාහ වෙලා සතුට නැති අය සතුටු කරන්නෙක් කිව්වා. විවිධ චෝදනා එල්ල වුණා. මම තනිකඩයෙක් හින්දා. මට එහෙම වෙලත් තිබෙනවා. සමහර යාළුවන් අමාරුවේ වැටුණු වෙලාවේ ඔවුන්ට උදව් කරන්න ධනවත් කාන්තාවක් ඇසුරු කර ඔවුන්ට මුදල් ලබා දීලා තිබෙනවා. මම මේ තිත්ත ඇත්ත තමයි කියන්නේ. බොරු කියන්න අවශ්‍ය නෑ. අදටමත් ආරාධනා නම් හරියටම ලැබෙනවා. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්ලාටත් එහෙම තමයි. විජය මාමාටත් එහෙමයි.

මේ හින්දද ඔබ කසාද නොබඳින්නේ? ඇයි විවාහයක් කරගන්න කැමැත්තක් නැද්ද?

මම ස්වාධීන බව හරියට අගය කරන කෙනෙක්. මගේ පැවැත්ම තිත්ත ඇත්ත කතා කිරීම වැනි දේවල් නිසා විවාහය ගැන මා හිතන්නේ නෑ. මට ඕනෑ වෙලාවක මේ ලෝකය අතහැරලා යන්න පුළුවන්. බැඳීම් නෑ. මම හිතන්නේ කසාද බැඳීම කියන්නේ බැඳීමක්. ගෙයක් ගන්නත්, වාහනයක් ගත්නත්, දරුවෙක් හැදුවත් බැඳීමක්. මේ සෑම බැඳීමක තිබෙන්​නේ බලහත්කාරයක්. ඕෂෝ කියනවා වගේ සැම බැඳීමක තිබෙන්නේ නීති මාලාවක්. කොටු කිරීමක්. මම පොඩි කාලයේ ඉඳලාම ඒ කොටු කිරීමට කැමැති නෑ. “පියඹා යනවා මා ආකාසේ – අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොවුලේ මිදුණා මා ආදරෙන්” කියලා ගීතය තමයි මට කියන්න තිබෙන්නේ එය පුදුම නිදහසක් නේද? විවාහයේදී පෝරුවේ ඇඟිලි දෙක ගැට ගහලා පැන් වක්කරන්නේ දෙන්නා පැනලා යයි කියන අවිශ්වාසයට කියලයි මට නම් හිතෙන්නේ. විවාහය දැන් ෂෝ එකක් වෙලා. මේක මම අවබෝධ කර ගෙන තිබෙන්නේ.

ඔබ විවාහයක් නැතිව “ලිවිං ටු ගෙදර්” ඒකට කැමති?

නන්දා මාලිනී කියනවා, කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ, නැවතී බලනවා කතා ​නොකර ගොළු වෙලා, වගේ ගීතයක් සමහරු ඇසට ඇසුවන මායිමේ ඉඳලා ස්පර්ශ නොකරම මැරිලා යනවා. සමහර අය එකට ජීවත් වෙලා දුක් විඳිනවා මා දැකලා තිබෙනවා. “ලිවිං ටු ගෙදර්” දුක් විඳින අයත් මා දැක්කා. ඒක එක් එක්කෙනා අනුව වෙනස්. මට එහෙම සම්බන්ධතා ඇති වෙලා තිබෙනවා. නමුත් මම “ලිවිං ටු ගෙදර්” කා එක්කවත් ඉඳලා නෑ. ඒකත් බැඳීමක්. ඒ යුතුකම් වලට මා කැමති නෑ.කසාඳ බැඳලා ළමයෙක් හදාගෙන ඔබ වගේ ජනප්‍රිය චරිතයක් කරන්න අදහසක් ආවේ නැද්ද? කොහෙත්ම නෑ. ඒක ආත්මාර්තකාමී අදහසක්. තණ්හාවක් බලහත්කාරයක් විදිහටයි මා එය දකින්නේ. මට එහෙම අවශ්‍ය නෑ. මම එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මානව හිමිකම් කැඩීමක්. එයින් දරුවන්ට ආදරයක් නෑ කියන එක නොවෙයි කියන්නේ. මගෙන් ළමයෙක් මා බලාපොරොත්තු වුණේ නෑ.

ඔබට විවාහ යෝජනා හරියට එන්න ඇති නේද?

ඔව්. දේශපාලනයට ආවාම විවාහ වෙන්න ඕනෑ. නැත්නම් ප්‍රතිරූපයට හොඳ නෑ. දරුවෙක් හදන්න ඕනෑ. නැත්නම් වෙන කතා වලට යයි කියලයි සමහරු කිව්වේ. මම කිව්වේ මගේ නිදහසට මොකද වෙන්නේ කියලා. ළමයෙක් හදන පරීක්ෂණයකට ඕනෑම වෙලාවකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම කියලා මගේ ජීවිත රටාව වහලෙක් වගේ කර ගන්න බැහැ. මගේ තිත්ත ඇත්ත කතා කිරීම වගේ මට ඉන්න තත්ත්වයට ලොකුම ශක්තියක් වුණේ විවාහ නොවීමයි. තනිකඩ ජීවිතය මට වැදගත්. විවාහ වුණා නම් මම දූෂිත දේශපාලනඥයෙක් වෙන එක කාටවත් නවත්වන්න බැරි වේවි. මම සතුටු වෙනවා. තනිකඩව ඉන්න එක ගැන. වයසට ගියාම මට අත්උදව්වට කෙ​නෙක් නැතිවීම ගැන දුක්වෙන්න පුළුවන්. නමුත් මම දැන් නිදහස හොඳින් විඳිනවා. මට ආදරය අසීමිතව ලැබෙනවා. මිනිසුන් ප්‍රීය වීම කොතරම් භාග්‍යයක් ද? ඒ හින්දනේ පිට පිට 11 වතාවක් ජනප්‍රිය නළුවා වුණේ. දෙවියෝ කොයි වෙලාවේ ඒ ජනප්‍රියකම අර ගනියි ද දන්නේ නෑ.

එක්තරා කාන්තාවක් ඔබ විවාහ කර ගන්න ගෙදරටම ආවා නේද?

ඔව්. ඒක හරිම සුන්දර කතාවක්. එක් කාන්තාවක් මට දිගමට කතා කරන්න පටන් ගත්තා.
ඇයට මගෙන් දරුවෙක් ඕනෑ කියලා කිව්වා. කතා කරනවා. පින්තූර එවනවා. ඇය ගමක රූප සුන්දරියක්. අවුරුදු 35 ක් විතර ඇති. තෑගි බෝග එවනවා. මේක දැන් කරදරයක් වෙන තත්ත්වයටම එන්න ගත්තා. මම එතකොට මහරගම දහම් මාවතේ හිටියේ. එක පාරම දවසක් දොරට ගහන්න ගත්තා. එක පාරටම දොර ඇරියාම. ඒ කාන්තාව ඇතුළට පැන්නා.

‘‘මම මාලා. මට ඔයා බඳින්න ඕනෑ කියලා කිව්වා. ඊට ඉස්සෙල්ලාත් බඳින්න එනවා කියලා තර්ජනය කර තිබුණා. මම මහරගම පොලිසියට කතා කළා. ඔවුන් ආවා. ඔවුන් ප්‍රශ්න කළාම, මේ ගැහැනු කෙනා කිව්වා. අවංක ආදරයට පොලිසියෙන් දෙන සහයෝගයද මේ කියලා. බොහොම අමාරුවෙන් ඇය ආපසු ඇගේ නිවසට ගිහින් ඇරලුවා. ඒ වගේ සිද්ධි වෙලා තිබෙනවා.’’

රන්ජන් බොහෝ දේ විවෘතව කතා කරන්නට විය. ඔහුගේ ප්‍රේමය, ආදරය ගැන පිටු ගණනාවක් වුවද ලිවිය හැකි තරම්ය. ඒ තරම්ම ඔහු අනංගයෙකි. දැනුත් ඔහුට කාන්තාවන්​ගෙන් අඩුවක් නැත. ඔහු සිනමාවේත් දේශපාලනයේත් අනංග රජෙක් යැයි මට සිතුණි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

ස්විස් තරුණිය පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කළ ත්‍රී රෝද රියදුරු

Rape by Three Wheel Driver

ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක් (22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. 

එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ලොවම පුදුම කරමින් අලුත උපන් බිළිඳෙකු ගැබ්බර වෙයි (Photos)

embryo in the baby

19 හැවිරිදි ගර්භනී මවක් බිහි කළ දරුවාද ගැබ්බර වී සිටි අරුම පුදුම පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අසාමාන්‍ය ලෙස උදරය ඉදිරියට නෙරා තිබූ මෙම දරුවාගේ කුස තුල කළලයක් වැඩෙමින් තිබී ඇති අතර එය නිවුන් සහෝදරයෙක් එළෙස කුසතුල වැඩෙන්නට ඇති බවටයි වෛද්‍යවරු සැකපල කරන්නේ.

කෙසේ වෙතත් දරුවාගේ කුස සැත්කමකට භාජනය කර ඇති අතර එහිදී 7cm ස්කන්ධය ඉවත් කර තිබෙනවා.
මෙම සැත්කම සිදුකර තිබෙන්නේ දරුවා උපත ලබා දින 9 කට පසුවයි.

මෙවැනි නිවුන් ගැබ්ගැනීමේ දුර්ලභ කලලයක් ලෙස හදුන්වන අතර එවැනි දුර්ලභ අවස්ථා 200 ක් ලොව වටා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සැත්කම සිදුකළ නාරිවේදි විශේෂඥ වෛද්‍ය නික්ලානී මහතා පවසන්නේ මෙවැන්නක්.

"දරුවා දැන් ඉතාමත් හොඳින් ඉන්නවා. දරුවාට ඉක්මනින් මව්කිරි දීම ආරම්භ කරන්න පුළුවන්. දරුවාගේ ජිවිතය අවධානම් මට්ටමක තමයි තිබුණේ. කියන්න සතුටුයි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා මෙම සැත්කම සාර්තක කළා."

embryo in the baby - 2017-08-01-22-40-57

ඔස්ට්‍රේලියාවේ සරසවි සිසුන්ගෙන් අඩක් ලිංගික "හිංසනයට" ලක් වෙලා

University sexual abuse

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් 2016 වසර තුළ දී එක් වරක්වත් ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වේ.

බඹරා සහ කුමරා

Wasp

ළා හිරු අති දක්ෂ සිත්තරකු මෙන් තුරුලිය අතු ඉති හා මහ‍පොළොව මත අනේක සිතුවම් අඳියි මකයි. සැණෙකින් නොපෙනී යන ආලෝක ලප හා ආලෝක තීරු තොරණක් සදිසිය. අරුණෝදයේ ආශ්චර්යය අදහාගත නුහුණු කොට්ටෝරුවා නොනවතින හැරිල්ල නවතා නිශ්චලව පසුවෙයි. ගසින් ගසට කොටමින් යන ඒ අලංකාර පක්ෂියා පවා වත්ත පහළ අඹ ගසට ළං නොවෙයි.

“අම්මා අඹ ග‍හේ බඹරයක් බැඳලා ..."යි පළමුව දැනුම් දුන්නේ නිවුන් පුතුන්ය.

“ඒ පැත්තට යන්න එපා... ගල් ගහන්න එපා..”යි මම අවවාද කළෙමි.

“බඹරු විඳිනවනෙ අම්මා. එහා ගෙදර මහතුං මාමලා නං යටින් ගින්දර දාලා එලෙව්වා.”

බඩපිස්සා හෙළි කළ පුවතින් වඩාත් සංවේගයට පත් වූයේ දෙවැන්නා ය.

“මොන එලවිල්ලක්ද? කොච්චර බඹරු මැරෙනවද...ඒක ඇවිල්ලා තනිකරම සමූල ඝාතනයක්..

ඔහු සත්ත්ව ඝාතනය දැඩි පිළිකුලෙන් හෙළා දකියි. සුරතල් බල්ලාගෙ බලු මැක්කන් ඉවත් කිරීමේදී පවා ඔහු ඒ එක් සතෙක්වත් මරා නොදමන්නට වගබලා ගනියි.

“ඔහොම විසි කරල හරියනවද පොඩ්ඩෝ බලු මැක්කෝ කිනිතුල්ලෝ...ආයෙම බූනගේ ඇඟට එනවනේ..”යි ඇතැම් දවසක නිවුන් පුත්තු හිනැහෙති.

“බලු මැක්කෙක්වත් මරන්න අයිතියක් නෑ හලෝ කිසිකෙනකුට..”

“හොඳට හිටී. කැරපොත්තන්ට මීයන්ට ගේ බාර දීලා අපිට යන්ඩයි වෙන්නෙ කොහෙ හරි."

මද්දු අවඥාවෙන් මුව ඇද කරයි.

“ඒකට ඉතිං පූසො ඉන්නවනෙ. පොඩි සතා ලොකු සතාගෙ ගොදුර ඒ ස්වාභාව ධර්මයේ රීතියට අපි අත දාන්න ඕන නෑ. ලෝකෙ නන්නත්තාර වෙලා තියෙන්නෙ උපේ උද්දච්චකම හින්දනේ.”

මගේ ගැටවරයා මගේම සිතිවිලි වමාරන කල මට දැනුණෙ බලවත් සොම්නසකි.

අඹ ගහේ ඉහළ අත්තක බැඳ තිබෙන බඹර වදයෙන් කිසිවකුට හිරිහැරයක් සිදු නොවන බව මම අවධාරණය කළෙමි.

“උකුස්සෙක් ඇවිස්සුවොත් තමා වැඩේ.”

පුංචි පුතා බිය පළ කළේය.

“ටික කාලයයි ඒ ගොල්ලො ඉන්නෙ. ඉං පස්සෙ යනව යන්න. අනේ ඔන්නොහේ හිටපුදෙං. කිසි කෙනකුට කියන්නෙපා.”

අඹ ගස යට ගිනි මැළයක් දල්වා බඹරුන් පළවා හරින්නට සැලසුම් කළ කොල්ලෝ මුසුප්පුව පිටව ගියෝ ය.

වැඩි දිනක් ගතව යාමට පෙර බඹරුන් දිය සොයා ළිඳට හා ටැංකියට පියඹා ආවේ දිය සොයා බොහෝ දුර ඇවිද යන ගැහැනු සිහිපත් කරමිනි.

“හරිනෙ.... දැං ඉතිං මොකද කරන්නෙ? අපිට වතුර ටිකක් ගන්න හම්බ වෙන්නෑ... බඹරු විඳින්න ගත්තහම ඉතිං එක එක්කෙනා ඉස්පිරිතාලෙ පටවන්ඩ තමා වෙන්නෙ.”

ලොකු පුතා පවා කෝපයෙන් කෑ ගැසුවේය.

“කලබල නොවී ඉන්න. මේ පෑවිල්ලෙ සැරට ඒ ගොල්ලො වතුර සොයාගෙන එනවා තමා. අපි එයාලට කරදර නොකළොත් එයාලත් අපට කරදර කරන එකක් නෑ.

කොල්ලෝ මා වෙත හෙළුවේ සැක මුසු බැල්මකි. සැබැවින්ම බඹරුන් කොතෙක් පියඹා ආවද අප කිසිවකුට දෂ්ට කරන්නට තරම් සැහැසි නොවූහ.

“අම්මෝ බඹරු මේ ළමයින්ට විද්දොත් මොනවා කරන්නද?”

බඹරුන් නොව දිවියන්, වලසුන් සම්ප්‍රාප්ත වු කලෙක මෙන් ගෙදරට යන එන උදවිය බිය පළ කළහ.

“විඳින්නෙ නෑ... වතුර සොයාගෙන එන අහිංසක සත්තු...මේ පෑවිල්ලෙන් මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මොනතරම් පීඩාවට පත්වෙනව ද...”යි මම කනගාටු වෙමි.

“එක බඹරකුටවත් හිරිහැර කරන්න නං එපා. එතකොටයි ඒ ගොල්ලො යක්කු වගේ එළව එළවා විඳින්නෙ.” යි මම ‍ කොල්ලන්ට අනතුරු ඇඟවීමි.

සති කීපයක් මුළුල්ලේ ඒ කුඩා විෂකුරු සතුන් හා අපි සමාදානයෙන් වතුර ලබා ගතිමු.

ටැංකියට ළං වූ පොඩි පුතාගේ මුහුණ වේදනාවෙන් හැකිලී ගිය උදෑසන මම තැති ගතිමි.

“ඇයි? බඹරු විද්දද ?”

“එකෙක් අම්මේ...මං හිතන්නෙ මොකක් හරි වැරදීමක්. සමහර විට මගේ කකුලෙ හයියෙන් හැප්පුණාද දන්නෙ නෑනෙ....”

ඔහු ඉතා සීරුවෙන් පාදයෙහි බත්කෙණ්ඩෙහි ඇනුණ විත ගලවා ඉවත් කළේය. සිහමුර්ජා වූ බඹරා මහත් පරිස්සමින් වළං මැස්ස මත තැබුවේය.

“රිදෙනවද පොඩී? අනේ හුඟාක් රිදෙනවා ඇති “

“අයියෝ අම්මා... මට නයෙක්‍ පොළ‍ඟෙක් කෑවා වගේනෙ අම්මා කලබල වෙන්නෙ” යි ඔහු සෝපහාස සරින් පැවසුවේය.

“මගෙ තමා වැරැද්ද. මම කීවනේ බඹරු විඳින එකක් නෑ කියලා. අනේ මගේ වැරැද්ද... මම මගේ ළමයින්ගෙ රැකවරණය ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ..” යි මම මහත් සේ පශ්චත්තාප වීමි.

“මේක වැරදීමක් අම්මා. බඹරු රංචුවක් ඉඳලත් කවදාවත් අපිට විද්දෙ නෑනෙ. මට දුක බඹරා ගැන. විත නැතුව ඌ ජීවත් වෙන්නෙ නෑනේ... පව් අහිංසකයා..”

මම විමතියෙන් ඇරුණු ඇසින් මගේ ඉලන්දාරියා දෙස බලා සිටියෙමි.

“බඹරෙක් විද්දා කියල මං මැරෙන්නෑ අම්මා... චූට්ටක් රිදුණා... රතුළුනු ගෙඩියක් අතුල්ලපුවහම හරියයි”යි ඔහු සැහැල්ලුවෙන් තෙපලුවේය. මම මිය ගිය බඹරා හා දයාන්විත සිනාවක් පාන කොල්ලා දෙස බලා සිටියෙමි.

“එක්කෙනෙක් මැරුණා කියා දැනගත්තහම අනෙක් කට්ටිය එන්න පුළුවන්. යක්කු වගේ විඳින්නම බලාගෙන...” යි මම බිය පළ කළෙමි.

“ඒ හින්දා තමා මෝඩියේ මම මලක් වගේ පරිස්සමට මැරිච්චි බඹරව පැත්තකින් තිබබේ... තලල පොඩි කරල දැම්මොත් තමා අනෙක් බඹරු කලබල වෙන්නෙ. මොකක් හරි රසායනික ගඳක් එයාලට දැනෙනවා. ඒ ගඳට තමා ඇවිස්සෙන්නෙ.”

“අ‍නේ මගේ පණ්ඩිතයා. කීට විද්‍යාඥයෙක් වගේනෙ මෙයා කතා කරන්නෙ...”යි කී මම සිනාසුණෙමි. (ශාන්ති දිසානායක - දිනමිණ)