02 August, 2017

ටයිසන්ගේ දඩබ්බරකම්වලට හේතුව කුඩා කල ලිංගික අතවරයන්ට ලක්වීමලු

Mike Tyson - Sexual Abused

කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වීම තමන්ගේ දඩබ්බරකම් හා නොහික්මුණුකම්වලට හේතු වූ බව මයික් ටයිසන් පසුගියදා ඔහු සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කොට තිබෙනවා. 

මේ බව ඔහු පවසා ඇත්තේ ESPN සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ජෙරමි ෂැෆොව් විසින් ඔහුගේ මෙම සැර පරුෂ ගතිගුණවලට හේතු කුමක්දැයි විමසූ විටයි.

'මං ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ. ඒත් කෙටියෙන් කියනවා නම් මං පුංචි කාලෙ දරුණු විදියට ලිංගික අතවරවලට ලක්වීම තමයි මේ ගතිගුණවලට හේතු' ඔහු සඳහන් කරනවා.

ඇමෙරිකාවේ බෘෘක්ලීස් හි බ්‍රවුන්ස්විල් හි මදාවිකම්වලින් පිරුණු වීදිවලදී අවුරුදු 7ක තරම් පුංචි දරුවකුව සිටියදී වයස්ගත පුද්ගලයකු මුල් වරට තමාව ගොදුරු කරගත් බවත් ඉන් පසුවද කීප වතාවක් එසේ අතවරයට ලක්වූ බවත් සඳහන් කරන ටයිසන් ඒ සිදුවීම්වලින් හටගත් කෝපය තමා දඩබ්බරයකු කළ බව සඳහන් කරනවා. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටයිසන්ගේ දඩබ්බරකම්වලට හේතුව කුඩා කල ලිංගික අතවරයන්ට ලක්වීමලු "

    Post a Comment