02 August, 2017

නෙයිමාර් බාසිලෝනා හැර යාමට සූදානම්

Neymar da Silva

සුප්‍රසිද්ධ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර් බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම්වලින් ඉවත්ව තිබේ.

ඔහු සිය පාපන්දු සගයන්ට පවසා ඇත්තේ තමන් බාසිලෝනා පාපන්දු කණ්ඩායම හැර යන බවය.

නෙයිමාර්, 'Paris Saint-Germain' පාපන්දු කණ්ඩායම හා එක් වීමට නියමිතය.

නෙයිමාර් සිය කණ්ඩායමෙන් ඉවත් වීමට පෙර පවුම් මිලියන 198 වාර්තාගත මුදලක් "සම්පුර්ණයෙන්" ගෙවිය යුතු බව බාසිලෝනා කණ්ඩායම PSG ක්‍රීඩා සමාජය වෙත දන්වා තිබේ.

කටාර්

PSG පාපන්දු සමාජයට කටාර් වෙතින් මූල්‍ය සහාය ලැබෙන අතර එය එවැනි විශාල මුදලක් දැරීමට හැකියාව ඇති පාපන්දු කණ්ඩායම් අතලොස්සෙන් එකකි.

'යුරෝපා චැම්පියන්ස් ලීගය' ජයග්‍රහණය කිරීමට නම් එවැනි මුදලක් වැය කළ යුතු බව PSG පාපන්දු කණ්ඩායමේ හිමිකරිතවයේ අදහස වී තිබේ.

බදාදා (අගෝස්තු 02) පැවති පුහුණුවීම් අතරතුර නෙයිමාර් සිය පාපන්දු සගයන්ට පවසා ඇත්තේ ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායම හැර යාමට තමන්ට අවශ්‍ය බවය.

පුහුණුවීම්වලින් ඉවත් වීමට සහ "ඔහුගේ අනාගතය තෝරා ගැනීමට" බාසිලෝනා කණ්ඩායමේ කළමනාකරු අවසර ලබා දී තිබේ.

නෙයිමාර්, බ්‍රසීලයේ 'Santos'පාපන්දු කණ්ඩායමේ සිට බාසිලෝනා කණ්ඩායමට එක් වූයේ 2013 වසරේදීය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නෙයිමාර් බාසිලෝනා හැර යාමට සූදානම්"

    Post a Comment