දුම්රියට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකු දුටු දුම්රිය ගේට්‌ටුකරුවෙක් දුම්රියට සංඥ ලබා නොදී එම දුම්රිය නවතා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයා බේරා ගත් පුවතක් වාර්තා වනවා.
මෙම උතුම් ක්‍රියාව සිදුකොට ඇත්තේ දුම්රිය ගේට්‌ටුකරුවකු ලෙස වසර 43 ක් තිස්සේ නාවලපිටිය ගොන්දෙන්නාව දුම්රිය ගේටුවේ සේවය කරන බී. ඒ. තිලකරත්න මහතායි.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පැමිණෙන විට ගේට්‌ටුව වැසීමට සූදානම් වූ
තිලකරත්න කිසිවකු දුම්රිය මාර්ගයේ වැතිරී රේල් පීල්ලේ ගෙල තබාගෙන සිටින අයුරු දැක ඇත. ඔහු වහාම අසල තිබූ ත්‍රිරෝද රථයක රියදුරෙක්ද එක් කරගෙන එම පුද්ගලයා දුම්‍රිය මාර්ගයෙන් ඉවත් කර තිබේ.
එතෙක් දුම්රිය සංඥා නොදී දුම්රිය නවතාගෙන ඇත්තේ ගමන්කරන දුම්රියට ඔහු පනී යන සැකය මතය.
ඉන්පසු පොලිසීයට දන්වා මෙම පුද්ගලයා පොලිසීය වෙත භාර කොට ඇත.
නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා විවාහකයකු වන අතර ගැහැණු දරුවන් තිදෙනකුගේ පියෙකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
ණය ගෙවා ගැනීමට නොහැකිවීම හා නිසි රැකියාවක් නොමැතිව ජීවත් වීමට අපහසු වීම නිසා මෙම පුද්ගලයා මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ.

Share this
|
|
0 Comment to "දුම්රියට පැන දිවි නසා ගැනීමට සිටි තිදරු පියා තීක්ෂණ බුද්ධියෙන් බේරාගත් දුම්‍රිය ගේට්ටු භාරකරුගේ වික්‍රමය !"
Post a Comment