02 June, 2017

පොලිසියේ ප්‍රබල පුටු රැසක් වෙනස් කෙරේ..මත්ද්‍රව්‍ය ලොක්කාත් ගැලවේ - සම්පුර්ණ නාම ලේඛණය මෙතැනින් බලන්න

police-dig

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානතම ස්ථාන මාරුවීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අයි.එච්.කේ. ඩබ්ලිව් සිල්වා එම ධුරයේ සිට අපරාධ හා හා රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එසේම නව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති වන්නේ එස්.සී. මැදවත්තයි.

ඔහු පිරිස් බඳවා ගැනීමේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මීට පෙර කටයුතු කර තිබෙනවා.

එසේම උතුරුමැද, වයඹ හා සබරගමු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද මෙහිදී ස්ථානමාරුවීම ලබා දී තිබෙනවා.

ස්ථාන මාරු ලද ඉහළම පොලිස් නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වෙනවා.

police-changed-positions-2017-06-02-11-24-13

මලේසියා ගුවන් යානය පැහැර ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු රැසක් හෙළිවේ (Photo/Video)

MA Flight hijack attempt- Manodh M Marks-02

බෝම්බයක් පුපුරවා ගන්නා බවට ගුවන් යානයක් තුළ දී තර්ජනය කිරීම නිසා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

චෝදනා දෙකක් යටතේ ඉදිරියේදී ඔහුට නඩු පවරනු ඇති බවයි නීති විශාරදයින් පවසන්නේ.

අපරික්ෂාකාරී ලෙස ක‍්‍රියා කරමින් ගුවන් යානයක් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සහ ගුවන් යානයක් විනාශ කරන බවටත් ගුවන් මගීන් මරා දමන බවටත් තර්ජනය කිරීම අදාල චෝදනා වනවා.

මෙම ශ‍්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඔස්ටේ‍්‍රලියාවට ගොස් සූපවේදී පාඨමාලාවක් හදාරමින් සිටි මනෝද් මාර්ක්ස් නැමැත්තෙක්.

ඔහුගේ වයස අවුරුදු 25ක් බව ද තහවුරු කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මනෝ චිකිස්සක මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර ද ලබා ගෙන ඇති බවත් ඔහු එයින් පිටව විත් ඇත්තේ අදාල ගුවන් ගමන සිදු කළ දිනයේම බවත් විදෙස් වාර්තාවල සඳහන්.

තර්ජනයට ලක් වූ ගුවන් යානය මැලේසියානු ගුවන් සේවයට අයත් එකක්.

එය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණා.

තර්ජනයට ලක්වන අවස්ථාවේ එම යානයේ සිට ඇති මගීන් ගණන 330 දෙනෙක්.

තමන් සතුව බෝම්බයක් ඇතැයි ද තමන් එය පුපුරවා ගන්නා බව ද චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා එහිදී ප‍්‍රකාශක කර තිබෙනවා.

එසේ ප‍්‍රකාශ කරමින් ගුවන් නියමු කුටියට කඩා වැදීමට ද ඔහු උත්සහ කළ බවයි සිද්ධිය දුටුවෙකු ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මගීන් කිහිප දෙනෙකු විසින් ඔහු අල්ලා ගෙන ඇති අතර යානය නැවත ගොඩබස්වා ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා තෙක්ම මගීන් ඔහු රඳවාගෙන සිට තිබෙනවා.

යානය නැවත ගොඩබැස්සවීමෙන් පසු මගීන් ඉන් ඉවත් කිරීමට පෙර යානය තුළ දැඩි සෝදිසියක් ද සිදු කෙරුණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙවැනි තර්ජනාත්මක හැසිරීමක් සඳහා චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා පෙලබී ඇත්තේ ඇයිදැයි තවමත් තහවුරු වී නැහැ.
නගා ඇති චෝදනා තහවුරු වුවහොත් ඔහුට වසර 10ක සිර ඳඩුවමක් නියම වනු ඇති බවයි නීති විශාරදයන් වැඩි දුරටත් කියා සිටියේ.

මීට වසර ගණනාවකට පෙර සේපාල ඒකනායක නැමති ශ‍්‍රී ලාංකිකයෙකු ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනාට ලක් වුණා.

MA Flight hijack attempt- Manodh M Marks-01

MA Flight hijack attempt- Manodh M Marks-2017-06-02-10-53-50






පෙම්වතිය තරහවුනාම නිරුවත් පින්තූර පාර දෙපැත්තේ එල්ලපු පෙම්වතා අත්අඩංගුවට

nude video sex camera mobile

සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප මහා මාර්ගය දෙපස තබා ප්‍රදර්ශනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

නාරම්මල පොලීසිය පවසන්නේ පෙම්වතිය සමග උරණ වීම හේතුවෙන් මෙලෙස සිදුකළ ඇත්තේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අයෙක් බවයි.

ඔහුගේ පෙම්වතිය 11වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක බවත් දෙදෙනා කාලයක සිට පෙම්වතුන් බවට පත්ව සිට ඇති බවත් පොලීසිය පවසනවා. 

රාත්‍රි කාලයේ මොවුන් දෙදෙනා අතර වීඩියෝ සංවාද සිදුකර ඇති බවත් මෙම සංවාද සැකකරු විසින් පටිගත කර ඇති අතර එහිදී ඇය නිරුවත් වී ඇති බව ද දෙදෙනා අතර විරසක ඇති වූ අවස්ථවල සැකකරු එම වීඩියෝ සංවාද මුද්‍රණය කර ඡායාරූප ලබාගෙන ඇති බව ද විමර්ශණ වලදී පොලීසිය සොයගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට සැකකරු හා ඔහු සතුව තිබූ පරිගණක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ සිදිධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට නිෂ්පාදකට ඇප

Ehelepola Kumarihami Movie

'ඇහැලේපොළ කුමාරිහාමි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කඩකළයි යන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා එම නියෝගය ලබාදුන් අතර එසේ ඇපමත මුදාහරිනු ලැබුවේ බත්තරමුල්ලේ පදිංචි ප්‍රසන්න ගයාන් රණවීර ය.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ ගමගෙදර ටිකිරි බණ්ඩාර මහතා වන අතර පසුගියදා රහස් පොලිසිය විසින් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

නිමන්ති රණසිංහ (mirrorarts)

සනත්ගේ තනතුර අනතුරේ

Sanath Jayasooriya

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සනත් ජයසුරියගේ තනතුර තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බව වාර්තාවේ.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෑතකදී සමාජ වෙබ් අඩවි හරහා ආන්දෝලනත්මකව සංසරණය වූ සනත් ජයසුරිය හා සම්බන්ධයයි සැකකෙරෙන ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ දර්ශන පෙළකි.

එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව සනත් ජයසුරිය එම තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර එසේ නොවුනහොත් ඔහුගේ කාල සීමාව දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

අන්තර්ජාලයට මුදාහැර ඇති සනත් ජයසුරිය සේ දිස්වන පුද්ගලයකු කාන්තාවක් සමග සමීප අයුරින් හැසිරෙන වීඩියෝ පටයක් අර්බුදයට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.

“මෙම සිදුවීම විශාල අපකීර්තියක්. අපට ඔහු තවදුරටත් තේරීම් කමිටු සභාපති තනතුරේ තියන්න බැහැ. ඔහු ක්‍රීඩාව සහ ජාතිය අපකිරිතියකට ලක් කළා” මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල පෙලේ නිලධාරියෙක් ඉන්දියාවේ “ඩෙකෑන් ක්‍රෝනිකල් ” පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

” අපි ඔහුව චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තයට ඇරියේ නැහැ. ක්‍රිකට් ආයතනයේ මුදලින් අපි ඔහු යවන්නේ නැහැ ” යනුවෙන්ද අදාල නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාල වීඩියෝවේ නිරවද්‍යභාවය මෙතෙක් සනාථවී නැත. (cricketlanka)

සෝලා ප්ලස් ලබන වසරේ අභ්‍යාවකාශයට

Solar Max Lite

‘‘සෝලා ප්ලස්’’ නමින් හදුන්වන හිරු යානයක් ලබන වසරේ අභ්‍යවකාශගත කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

සූර්යයාට අයත් වායුගෝලයට ඍජුවම ඇතුළුවිය හැකි අයුරින් සකස් කෙරෙන මෙම යානය සෙල්සියස් අංශක 1300 ක උෂ්ණත්වයකටත් ඔරොත්තු දිය හැකියි.

විකිරණ පිපිරීම් සහ ආලෝකය පිළිබඳ නව පර්යේෂණ සිදුකිරීම මෙහි අරමුණයි. (hirunews)

බර අඩුවීම ලෙඩක්ද? බර අඩුවෙන්න බලපාන සාධක මොනවාද?

Weight scale

ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් ඔබට ඒ සඳහා බලපාන හේතුවට සම්පූර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනකුට බලපාන්න පුළුවන්.

මොනවද මේ බර අඩුවෙන හේතු

ජානමය ගැටලු (poor genetic potential)

ළමාවියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)

ආසාදන රෝග (inflectious diseases)

පෝෂණ ඌනතා (malnutrition)

අධික ශරීර ව්‍යායාම (excess of excsercise)

මානසික ආතතිය (mental stress)

හෝමෝනමය ගැටලු (hormonal problems)

ජානමය ප්‍රශ්න කියන්නේ මොනවාද?

අපි හැමදෙනාම හැදිලා තියෙන්නේ මවගේ හා පියාගෙන් ලැබුණ ජානවලින්. ඒ අනුව අම්මා සහ තාත්තා මිටි නම් ඔබත් බොහෝ විට මිටියි. නමුත් ඊට වෙනස් වන අවස්ථා තියනවා. කොහොම නමුත් අපේ උස, බර වගේ දේවල් ඒ වගේ එක දෙයකට සීමාවෙන්නෙ නෑ. ඒ නිසා ඔබ ජාන අනුව මිටි පුද්ගලයෙක් වුණත් ඔබ නියමිත පෝෂණයක් හා අනෙකුත් දේවල් සම්පූර්ණ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ළමා කාලයේ බර අඩුවීම බලපාන්නේ කොහොමද?

අපේ ජීවිතේ වර්ධනයට අනුව වැදගත්ම කාලය තමයි ළමා කාලය. ඊටත් එහා ගියොත් ගර්භනී අවධිය. ඒ කාලයේ ඇතිවන ගැටලු දිගුකාලීනව පවතින්න පුළුවන්.

දීර්ඝකාලීන ආසාදන රෝග?

අපට ක්ෂුද්‍ර ජීවීන් මගින් ලෙඩක් හැදුණාම අපේ ශරීරයට ඊට එරෙහිව සටන් කරන්න වෙනවා. එතකොට අපේ වර්ධනයට ති‍ෙයන ශක්තිය ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා අපේ බර අඩුවෙනවා. උදාහරණයක් විදියට ක්ෂය රෝගය ගන්න පුළුවන්.

පෝෂණ ඌනතා කියන්නේ මොනවාද?

අපි හැමෝම දන්නවා අපේ ආහාර වේල සමබර ආහාර වේලක් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඒකෙ නියමිත තරම් කාබෝහයිඩ්‍රේට් (carbohydrate), ප්‍රෝටීන (protein), මේදය (fat), විටමින (vitamins), ඛනිජ ලවන (minerals) හා ජලය (water) තිබිය යුතුයි. එහෙම නැත්නම් අපේ වර්ධනය බාල වෙනවා.

අධික ව්‍යායාම?

ව්‍යායාම කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම වර්ධනයටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒත් අධික ව්‍යායාම නිසා අපේ ඇඟේ තියන ගබඩා කරපු සියලු ශක්තිය නැති වෙනවා. වර්ධනය දුර්වල වෙනවා.

මානසික ආතතිය බලපාන්නේ කොහොමද?

අපි අධික මානසික ආතතියෙන් ඉන්න විට කෝටිසොල් (Cortisol) වගේ අපේ සමහර හෝමෝන අධිකව ස්‍රාවය වෙනවා. මේ නිසා අපේ ශක්තිය දහනය වෙලා වර්ධනය අඩු වෙනවා.

හෝමෝනමය ගැටලු බලපාන්නේ කොහොමද?

හෝමෝන කියන්නේ අපේ ශරීරයේ බොහෝ දේ පවත්වාගන්න වැදගත් වන දෙයක්. සමහර හෝමෝනවල අඩු වැඩිවීම් නිසා වර්ධනය අඩු වෙනවා.

උදාහරණයක් විදියට වර්ධක හෝමෝන (GH), ලිංගික හෝමෝන (sex hormones), වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. (deshaya)

ඩාවින්චි ගේ අග්‍රගණ්‍ය කලාකෘති ප්‍රදර්ශනයක් (Photos)

Da Vinci foremost art exhibition

ලෝක ප්‍රකට සිතුවම් ශිල්පියක් මෙන්ම නිර්මාණ ශිල්පියකු වූ ලියනාඩෝ ඩාවින්චිගේ විවිධ නිර්මාණ එකතුවක ප්‍රදර්ශනයක් බෙල්ජියමේ බ්රුග් නුවරදී 31 පවත්වා තිබේ.

එහි ඔහුගේ සැලසුම් නිර්මාණ, කලා කෘති වල ආකෘති සහ සැලසුම් වල මුල් පිටපත් ද ප්‍රදර්ශනයට තබා ඇත.

මෙතෙක් ලෝකයේ පැවැත් වූ විශාලතම ප්‍රදර්ශනය මෙය බව එහි සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.

ඇල්බ්‍රෙච් ඩියුරා, මයිකල් ආන්ජලෝ මෙන්ම ඩාවින්චි ගේ සමකාලින කලාකරුවන් රැසකගේ නිර්මාණ ද ජනතාවට මෙහි දී දැක ගැනීමට හැකියාව ලැබී ඇත.

එකම ස්ථානයක දී අග්‍රගණ්‍ය කලා කෘති රැසක් මහජනතාවට විවෘත කිරීම ප්‍රදර්ශනයේ අභිප්‍රාය වී තිබේ. 

Da Vinci foremost art exhibition-2017-06-01-20-24-38

(mirrorarts)

01 June, 2017

ශාරුක් ඛාන් පණපිටින් මරලා - ඇත්ත විස්තරේ මෙන්න

Shah Rukh Khan dead

ඉන්දීය මාධ්‍ය විසින් ලොවක් ආදරය කළ සුපිරි තරුව ගැන කනගාටුදායක පුවතක් වාර්තා කිරීමත් සමඟ එර ප්‍රේක්ෂකයන් අතර මහත් කැළඹීමක් හටගත් බවයි වාර්තාවන්නේ.

ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය විසින් පළකර තිබුනේ.

සුපිරි නළු ශාරුක් මියගොස් ඇත්තේ පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද එවැනි අනතුරක් සිදු නොවුණු බවට සනාථ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අසත්‍ය සිදුවීම වාර්තා කළ පුද්ගලයන් විසින් අදාළ අනතුරට ලක්වූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමඟ එහි තොරතුරු රැසක් වාර්තා කිරීමත් මෙලෙස මෙම පුවත ඉකමනින් බොහෝ පිරිසක් විශ්වාස කිරීමට හේතුවී තිබෙනවා.

අදාළ පුවත ප්‍රථමයෙන් ප්‍රංශයේ වෙබ් අඩවියක වාර්තාවීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර ඇති බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

මේ අතර ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකෙරෙන ස්ථානයකදී අනතුරකට ලක්වූ බවටද වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෝලි - කුම්බ්ලේ ගැටුමෙන් චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාව අර්බුදයක

Kohli - Kumble

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය.

කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව ඇති බව වාර්තා වේ.මීට ප්‍රදාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවද සැලවේ.

අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවන අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල් පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.

චැම්පියන්ස් කුසලානයේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකි ඉන්දියාව මෙම අර්බුද සමග චැම්පියන්ස් කුසලානය රැක ගැනීමට කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. (cricketlanka)

අගමැති මාධ්‍ය ලොක්කා පොලිසිය මඟහැර රට පැනලා ?

Thushara D Wanniarachchi

ලේක් හවුස් මාධ්‍යවේදී හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂන්තට දුරකථනයෙන් තර්ජනය කළ අග්‍රාමාත්‍යවරයාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා පොලිසිය මඟහැර විදෙස්ගතවීමට කටයුතු කර ඇතැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිද්ධියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

ගමගේ මහතා කියා සිටියේ විමුක්ති පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය 72ක කාලයක් ඉක්මගිය තැන ද පැමිණිල්ල විභාග කිරීමට පොලිසිය කටයුතු නොකිරීම නිසා තමා මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ගෙනවිත් පැමිණිල්ල විභාග නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ අදාළ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවයි.

තමා මේ පැමිණිල්ලේ වගඋත්තරකරු වන තුෂාරව, පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවීමට ඔහුගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එහිදී අගමැති කාර්යාලයේ සේවකයන් තුෂාර විදෙස්ගතව ඇති බව කීවේයැයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ බව ගමගේ මහතා කීය.

කෙසේවුවද, තුෂාර අද (31) සවස 6.00ත් 6.20ත් අතර කාලයේදී සිය ෆේස්බුක් පිටුවට පොස්ටුවක් යොදමින් තමා බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ඇති බව දක්වා තිබේ.

අදාළ පොස්ටුව පහත දැක්වේ.

Thushara D Wanniarachchi-Post

ගමගේ මහතා මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් කියා සිටියේ තමාද අදාල පෝස්ටුව දුටු බවත්, තුෂාර පොලිසිය නොමඟ යවා ඇති බව ඉන් හැඟෙන බවත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තුෂාර තමාගේ මිතුරෙකු බවත්, කෙසේවුවද, ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජීමය පලවාහැර මේ ආණ්ඩුව පත්කර ගත්තේ පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ පැවැති මෙවැනි කසඩ වැඩ නැවැත්වීමට බවයි.

තමාට, තුෂාර සමඟ පෞද්ගලික අමනාපයක් නැතත් තුෂාර, විමුක්ති ඔහුගේ නම හෝ පල නොකර යොදන ලද ෆේස්බුක් පෝස්ටුවකට කර ඇති තර්ජනය අනුමත කළ නොහැකි බැවයි. එසේම තම මතය තුෂාර, විමුක්තිගෙන් ප්‍රසිද්ධියේ සමාවගත යුතුය යන්න යැයිද ඔහු පැවසීය.

තුෂාරට ප්‍රශ්න දෙකක් !

මේ අතර, විමුක්ති හා තුෂාරගේ සංවාදයේදී තුෂාර විමුක්ති මාධ්‍යවේදියෙක්දැයි ප්‍රශ්න කරන බවත්, තමාට තුෂාරගෙන් ඇසීමට ඇත්තේද ඊට සමාන ප්‍රශ්න දෙකක් බවත්, ඒ තුෂාර ඔබ මාධ්‍යවේදියෙක්ද ? යන්න හා රාජපක්ෂ රෙජීමය පැවැති සමයේ ඔබ සිටියේ කොහෙද ? යන ප්‍රශ්නය යැයි ගමගේ මහතා කියා සිටියේය.

කෙසේවුවද, විසම්මුතිය ගැන අගමැතිවරයා නිතර කතා කරද්දී හා විසම්මුතියට ඉඩක් ඇති බව ඔහු කියද්දී ඔහුගේ සමාජ ජාල ප්‍රධානියා විසම්මුතියට එරෙහිව වැඩ කිරීම ගැටලුවක් බවද ඔහු පැවසීය.

සමහමහරක්, සාමාජ ක්‍රියාධරයන් මේ සිද්ධිය හාස්‍යට ලක් කිරීමේ උත්සාහයක නිරතව ඇති බවත්, තමාට පැවසීමට ඇත්තේ තමා හා තම සංවිධානය මාධ්‍යට එරෙහිව සිදුකරන ඕනෑම අකටයුත්තකට රාජපක්ෂ රෙජීමය පැවැති සමයේදී මෙන්ම විරුද්ධ බව යැයිද, එසේ නැතිව මේ ආණ්ඩුවෙන් නම් ඕන දෙයක් කරපුදෙන් කියන මතයේ තමා නැතැයිද ඔහු සඳහන් කළේය.



(srilankamirror)

දවසේ කාටූන් – 2017.06.01

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.