02 June, 2017

සනත්ගේ තනතුර අනතුරේ

Sanath Jayasooriya

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සනත් ජයසුරියගේ තනතුර තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බව වාර්තාවේ.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෑතකදී සමාජ වෙබ් අඩවි හරහා ආන්දෝලනත්මකව සංසරණය වූ සනත් ජයසුරිය හා සම්බන්ධයයි සැකකෙරෙන ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ දර්ශන පෙළකි.

එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව සනත් ජයසුරිය එම තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර එසේ නොවුනහොත් ඔහුගේ කාල සීමාව දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

අන්තර්ජාලයට මුදාහැර ඇති සනත් ජයසුරිය සේ දිස්වන පුද්ගලයකු කාන්තාවක් සමග සමීප අයුරින් හැසිරෙන වීඩියෝ පටයක් අර්බුදයට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.

“මෙම සිදුවීම විශාල අපකීර්තියක්. අපට ඔහු තවදුරටත් තේරීම් කමිටු සභාපති තනතුරේ තියන්න බැහැ. ඔහු ක්‍රීඩාව සහ ජාතිය අපකිරිතියකට ලක් කළා” මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල පෙලේ නිලධාරියෙක් ඉන්දියාවේ “ඩෙකෑන් ක්‍රෝනිකල් ” පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

” අපි ඔහුව චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තයට ඇරියේ නැහැ. ක්‍රිකට් ආයතනයේ මුදලින් අපි ඔහු යවන්නේ නැහැ ” යනුවෙන්ද අදාල නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාල වීඩියෝවේ නිරවද්‍යභාවය මෙතෙක් සනාථවී නැත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සනත්ගේ තනතුර අනතුරේ"

    Post a Comment