01 June, 2017

ශාරුක් ඛාන් පණපිටින් මරලා - ඇත්ත විස්තරේ මෙන්න

Shah Rukh Khan dead

ඉන්දීය මාධ්‍ය විසින් ලොවක් ආදරය කළ සුපිරි තරුව ගැන කනගාටුදායක පුවතක් වාර්තා කිරීමත් සමඟ එර ප්‍රේක්ෂකයන් අතර මහත් කැළඹීමක් හටගත් බවයි වාර්තාවන්නේ.

ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය විසින් පළකර තිබුනේ.

සුපිරි නළු ශාරුක් මියගොස් ඇත්තේ පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද එවැනි අනතුරක් සිදු නොවුණු බවට සනාථ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අසත්‍ය සිදුවීම වාර්තා කළ පුද්ගලයන් විසින් අදාළ අනතුරට ලක්වූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමඟ එහි තොරතුරු රැසක් වාර්තා කිරීමත් මෙලෙස මෙම පුවත ඉකමනින් බොහෝ පිරිසක් විශ්වාස කිරීමට හේතුවී තිබෙනවා.

අදාළ පුවත ප්‍රථමයෙන් ප්‍රංශයේ වෙබ් අඩවියක වාර්තාවීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර ඇති බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

මේ අතර ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකෙරෙන ස්ථානයකදී අනතුරකට ලක්වූ බවටද වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශාරුක් ඛාන් පණපිටින් මරලා - ඇත්ත විස්තරේ මෙන්න"

    Post a Comment