02 June, 2017

මලේසියා ගුවන් යානය පැහැර ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු රැසක් හෙළිවේ (Photo/Video)

MA Flight hijack attempt- Manodh M Marks-02

බෝම්බයක් පුපුරවා ගන්නා බවට ගුවන් යානයක් තුළ දී තර්ජනය කිරීම නිසා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

චෝදනා දෙකක් යටතේ ඉදිරියේදී ඔහුට නඩු පවරනු ඇති බවයි නීති විශාරදයින් පවසන්නේ.

අපරික්ෂාකාරී ලෙස ක‍්‍රියා කරමින් ගුවන් යානයක් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සහ ගුවන් යානයක් විනාශ කරන බවටත් ගුවන් මගීන් මරා දමන බවටත් තර්ජනය කිරීම අදාල චෝදනා වනවා.

මෙම ශ‍්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඔස්ටේ‍්‍රලියාවට ගොස් සූපවේදී පාඨමාලාවක් හදාරමින් සිටි මනෝද් මාර්ක්ස් නැමැත්තෙක්.

ඔහුගේ වයස අවුරුදු 25ක් බව ද තහවුරු කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මනෝ චිකිස්සක මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර ද ලබා ගෙන ඇති බවත් ඔහු එයින් පිටව විත් ඇත්තේ අදාල ගුවන් ගමන සිදු කළ දිනයේම බවත් විදෙස් වාර්තාවල සඳහන්.

තර්ජනයට ලක් වූ ගුවන් යානය මැලේසියානු ගුවන් සේවයට අයත් එකක්.

එය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණා.

තර්ජනයට ලක්වන අවස්ථාවේ එම යානයේ සිට ඇති මගීන් ගණන 330 දෙනෙක්.

තමන් සතුව බෝම්බයක් ඇතැයි ද තමන් එය පුපුරවා ගන්නා බව ද චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා එහිදී ප‍්‍රකාශක කර තිබෙනවා.

එසේ ප‍්‍රකාශ කරමින් ගුවන් නියමු කුටියට කඩා වැදීමට ද ඔහු උත්සහ කළ බවයි සිද්ධිය දුටුවෙකු ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මගීන් කිහිප දෙනෙකු විසින් ඔහු අල්ලා ගෙන ඇති අතර යානය නැවත ගොඩබස්වා ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා තෙක්ම මගීන් ඔහු රඳවාගෙන සිට තිබෙනවා.

යානය නැවත ගොඩබැස්සවීමෙන් පසු මගීන් ඉන් ඉවත් කිරීමට පෙර යානය තුළ දැඩි සෝදිසියක් ද සිදු කෙරුණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙවැනි තර්ජනාත්මක හැසිරීමක් සඳහා චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා පෙලබී ඇත්තේ ඇයිදැයි තවමත් තහවුරු වී නැහැ.
නගා ඇති චෝදනා තහවුරු වුවහොත් ඔහුට වසර 10ක සිර ඳඩුවමක් නියම වනු ඇති බවයි නීති විශාරදයන් වැඩි දුරටත් කියා සිටියේ.

මීට වසර ගණනාවකට පෙර සේපාල ඒකනායක නැමති ශ‍්‍රී ලාංකිකයෙකු ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනාට ලක් වුණා.

MA Flight hijack attempt- Manodh M Marks-01

MA Flight hijack attempt- Manodh M Marks-2017-06-02-10-53-50






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මලේසියා ගුවන් යානය පැහැර ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු රැසක් හෙළිවේ (Photo/Video)"

    Post a Comment