02 May, 2017

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති ඓතිහාසික ස්ථාන 43ක් හඳුනාගෙන

Wilpattu National Park - Historic Places

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පූර්ව ඓතිහාසික හා ඓතිහාසික යුගයට අයත් ස්ථාන 43ක් තිබෙන බැව් පුරා විද්‍යාඥයෝ පවසති.

ඒ අතුරින් විජය, කුවේණි පුවත හා සම්බන්ධ කුදිරමලේ නම් ස්ථානය බොහෝ සංචාරකයන්ගේ අවධානයට ලක්වී ඇත. එයට හේතුව එහි කුවේණි මාලිගයේ නටබුන් දැකගත හැකිවීමයි. එම නටබුන් අවට හොඳින් වැඩුණු කපුගස් ගණනාවක් දැකගත හැකිය. කුවේණිය කපු කැටීම කළ බවට ඇති ඓතිහාසික කරුණු ඒ හා බැඳී පවතී.

එසේම අවට භූමියේ පස් තඹ පැහැය ගෙන ඇත. තම්බපණ්ණි යන නම ඇතිවීමට හේතුවූයේ මෙම පසෙහි ස්වභාවයයි. මෙම ඓතිහාසික ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂා කරනු ලබයි.

ගොකරැල්ල _ ප්‍රසන්න රණසිංහ (mawbima)

විරාගය විශේෂ ප්‍රදර්ශනය සහ විචාර කතිකාව

Viragaya Thissa Abeysekara-01

විරාගය විශේෂ ප්‍රදර්ශනය සහ විචාර කතිකාව ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී  2017 මැයි 04 ප.ව 2.30ට පැවැත්වීමට නියමිතයි.

මෙය ජාතික පුස්තකාල මිතුරෝ සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබනවා.

01 May, 2017

නෑකමට පුතාව කසාද බඳින්න ගිය පෙම්වතියට දොස්තරගෙන් සබ්බුව හම්බවෙලා

couple-hug

සිය ඥාති පුත්‍රයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත් තරුණියක් ඒ පිළිබඳව සිය මානසික සහ කායික ගැටලුන් පිළිබඳව දක්වමින් ජාතික පුවත්පතක වෛද්‍යවරයෙකුගේ සම්මුඛ සාකච්ජාවකට යොමුකල ප්‍රශ්ණයකට විශේෂඥ වෛද්‍යය මහාචාර්ය කොල්වින් ගුණරත්න විසින් ලබාදී ඇති පිළිතුර සමාජජාල තුල දැඩි කතාබහට ලක්වී තිබේ.

විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට ඉදිරිපත්වන ගැටලුවකට ඕනවාට වඩා ආවේගශීලීව සහ වෛද්‍ය වෘත්තියට උචිත නොවන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක.

එම ප්‍රශ්ණය සහ උත්තරය පහත දැක්වේ.

Dr colvin Answer

පීඩාකාරී සැමියන්ට තලන්න මනාලියන්ට 'බැට්'

Husband attack brides bat-01

සිය අනාගත සැමියන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට පහර දීම සඳහා මනාලියන් වෙත ලීයෙන් නිම කළ පිති (බැට්) ලබා දීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද සමූහ විවාහ මංගල්‍යයක දී යුගදිවියට පත් මනාලියන් හත්සිය දෙනෙකු වෙත එම පිති බෙදා දී ඇත.

ස්වාමිපුරුෂයන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් අවියක් වශයෙන් එම පිති යොදා ගන්නා ලෙස මනාලියන්ට දන්වා තිබේ.

"බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා", "පොලිසිය මැදිහත් වන්නේ නැහැ" වැනි වැකි සටහන් සෙන්ටිමීටර 40 ක් පමණ දිගින් යුත් එම පිති සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ රෙදි ඇපිල්ලීම සිදු කිරීමේදීය.

මනාලියන් අතර එම පිති බෙදා දුන් මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහඇමති ගෝපාල් භාර්ගවා කියා සිටියේ ගම්බද ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ඇති ගෘහස්ථ හිංසනය ඉස්මතු කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවය.

ගෘහස්ථ හිංසනය

පිති භාවිතයට ගැනීමට පෙර ස්වාමිපුරුෂයන් සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා ලෙසත් ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් "ඉතිරිය පිත්තට භාර කරන ලෙසත්" මහඇමතිවර්යා මනාලියන්ට පැවසීය.

"තමන්ගේ සැමියන් බීමත් වන සෑම අවස්ථාවකම ඔවුන් හිංසාකාරී ලෙස හැසිරෙන බව කාන්තාවන් කියනවා. ඔවුන් මේ කාන්තාවන් ඉතිරි කළ මුදල් අරන් ගිහින් මත්පැන් සඳහා නාස්ති කරනවා" යනුවෙන් මහඇමති ගෝපාල් භාර්ගවා ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

"කාන්තාවන් ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මෙය තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ගැලවී සිටීම සඳහායි"

පිති දසදහකසක්

Husband attack brides bat-02

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මහ ඇමති භාර්ගවා වැඩිදුරටත් කියා සිටියේ තමන් එවැනි පිති දසදහසක් ඇණවුම් කර ඇති බවය.

මහඇමතිවරයා නියෝජනය කරන ගර්හාකොටා නගරයේ සති අන්තයේ පැවති උත්සවයක දී විවාහ වූ මනාලියන් හත්සිය දෙනෙකු අතර පිති බෙදා දුණි.

තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ සමූහ විවාහ මංගල්‍ය පැවැත්වේ. (බීබීසී )

ලොරියකින් බඩු අරන් ඩිල්ෂාන් මීතොටමුල්ලට

TM Dilshan Meethotamulla

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් රැගෙන ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන්ගේ අඩුපාඩු පිළිබදව සෙයාබලා ඇති ඩිල්ෂාන් ඔවුන්ට ඉදිරියටත් අවශ්‍ය උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශකර ඇතිබවයි වාර්තාවන්නේ.

මෙම ආධාර බෙදා දීමේ අවස්තාවට ඩිල්ෂාන්ගේ බිරිඳ හා තවත් හිතවත් පිරිසක් ද එකව සිටියා.

ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජජාල වෙබ් අඩවිවල විවිධ පුවත් වාර්තා වුනේ ඔහු ගේ පළමු විවාහයේ දික්කාද නඩුව පිළිබඳවයි.

මිනිස්සුන්ගේ ජීවිතවල විවිධ හැලහැප්පීම් වෙන්න පුලුවන්.

එහෙම මිනිස්සු මේවගේ යහපත් ක්‍රියාවනුත් සිදුකරනවා.

TM Dilshan Meethotamulla-2017-05-01-19-02-38

කෙහෙළියගේ දුව චමිත්‍රී එක්ක නාමල් රැයක් ගත කළ හැටි (Photo)

Namal - Chamithri Rambukwella-02

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රිය ඉතා සුන්දරව ගත කල බව අපට තොරතුරු වාර්තා වනවා.

කෙහෙළලිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල සමඟ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක රාත්‍රිය ගත කළ බව පවසමින් චමිත්‍රී විසින් සිය ෆේස්බුක් ගිණුමට පින්තූරයක් එක්කොට තිබුණේ මෙලෙසින්.

Namal - Chamithri Rambukwella

දවසේ කාටූන් – 2017.05.01

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.















අලි රංචුවක් සුරියවැව ක්‍රිඩාංගණයේ යකා නටයි (Photos)

sooriyawewa ground

වන අලි මෙහෙයුම පවතින මොහොතේ සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයට වන අලි රංචුවක් කඩා වැදි තිබේ.

ක්‍රිඩාංගණයට අද අළුයම කඩා වැදුණු වන අලි රංචුව ක්‍රිඩාංගණ භූමියේ ඇති පොල් ගස් 25ක් පමණ විනාශ කර තිබේ.

වන අලි රංචුව ක්‍රිඩාංගණයේ ආරක්ෂිත වැට ස්ථාන දෙකකින් කඩාගෙන ක්‍රිඩාංගණය තුළට ඇතුළු වී ප්‍රේක්ෂකාගාරයට පිවිසීමට ඇති ආරක්ෂිත වැටද කඩාගෙන ඒ තුළට ද ඇතුළු වි ඇත.

ගම්වැසියන් පවසන්නේ මේ වන විට අවට ගම්මානවලට වන අලි වුවදුර දරුණු ලෙස පවතින බවයි.

ගෙවුණු සතිය තුළදි පමණක් වන අලි පහරදිම් හේතුවෙන් නිවාස 23ට පමණ දැඩි හානි සිදුවි තිබෙන බව ද ජනතාව පවසති.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ වන අලින් ඇල්ලීමේ මෙහෙයුම් ඉබිගමණින් සිදුවෙන බවයි.

sooriyawewa ground-2017-04-30-23-17-26

(සුරියවැව නුවන් ජයසේකර-dinamina)

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

R Premadasa - Dulanjali Premadasa

හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම අද (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා ගැන මතකාවර්ජනයක යෙදෙන්නේ හිටපු ජනපතිගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාසය

ජනපතිවරයකුට වඩා රණසිංහ ප්‍රේමදාස කියන ඔබගේ පියා ගැන දියණියක ලෙස ඔබේ මතකය කොහොමද?
මම කුඩා අවධියේ පටන්ම දැකපු එක දෙයක් තමයි මගේ පියා වැඩ ගොඩකට මැදිවුණු පුද්ගලයෙක් කියන කාරණය. ඔහුට තරම් වැඩ රාජකාරි තිබුණ කෙනෙක් මම අදටත් දැකලා නැහැ. මන්ත්‍රී කෙනෙක්, ඇමැති කෙනෙක්, අගමැති කෙනෙක් ලෙස පමණක් නොවේ ජනාධිපති කෙනෙක් විදියට ඔහු පුදුම කැපවීමකින් තමයි වැඩ කළේ.

මේ වැඩ රාජකාරි මැද ඔබත්, සජිත් සමග පියෙකු ලෙස ගත කරන්න ඔහුට කාලයක් තිබුණාද?
තාත්තාට ඒ මොන රාජකාරි තිබුණත් අයියටයි මටයි බෙහෙවින් ආදරය කරන්න වෙලාව තිබුණා. ඒ ආදරය කවදාවත් වචනවලට සීමා දෙයක් නොවෙයි. උදාහරණයක් හැටියට පාසල් නිවාඩු කාලය ආවහම තාත්තා අපිව හැම තැනම එක්කගෙන යනවා. යාල බලන්න යනවා. මේ වගේ ලංකාවේ සෑම පළාතකම ඇති වැදගත් තැන් බලන්න අපිව එක්කරගෙන යනවා. ඒ විතරක් නොවෙයි සමාජයට මුහු වෙන්නේ මොන විදියටද කියන කාරණයත් කියලා දුන්නා.

තාත්තාගේ දේශපාලනය ගැන ඔබට තිබෙන මතකය කොයි වගේද?
මට තාත්තගේ දේශපාලනය ගැන මුල්ම මතක සටහන තියෙන්නේ 1977 මැතිවරණයත් එක්කයි.

එතකොට ඔබේ වයස.?
මගේ වයස අවුරුදු හයයි. මැතිවරණ රැලි එක්ක තාත්තටත් රට වටේම යන්න සිදුවුණා. ඒ ගමන්වලට මාත් අයියාත් අම්මාත් එකතු වෙනවා. මේ රැස්වීම්වල දී මට මතක එක් දෙයක් තමයි තාත්තගේ කතාව තියෙන්නේ අන්තිමටයි. මේ අතර වේදිකාව ළඟම බෝම්බ පුපුරන වෙලාවල් වගේම වහින වෙලාවලුත් තියෙනවා. ඒ මොකක් වුණත් මිනිස්සු ගෙදර යන්නේ නැහැ තාත්තගේ කතාව ඉවර වෙනකම්. ඉතින් මම ඒ වෙලාවට අම්මට කියන කාරණයක් තමයි අනේ තාත්තට ඉක්මනට කතා කරන්න කියන්න එතකොට අපිට ගෙදර යන්න පුළුවන්නේ කියලා. ඒ වෙලාවට ළඟ ඉන්න අය කියනවා එහෙම බෑ බේබි තාත්තගේ කතාව අහන්න තමයි මිනිස්සු ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා ඉක්මනට කතා කළොත් මිනිස්සු රැස්වීම දාලා යනවානේ කියලා. පස්සේ තමයි මට තේරුණේ මිනිස්සුන්ගේ කතාව ඇත්ත කියලා.

පුංචි කා‍ලේ කරපු දඟ වැඩවලට තාත්තගෙන් මතක හිටින ආකාරයේ දඬුවම්, එහෙම ඔබට ලැබිලා ඇති
තාත්තා කෙනෙක් දරුවෙක්ගේ වැරැද්දකට දඬුවමක් දුන්නාම ඒක මතක තබාගෙන සිටින දෙයක් ‍නෙවෙයිනේ. මගේ තාත්තා රටට ජනාධිපති වුණාට එයා මට මගේ තාත්තා. සමහර වෙලාවට මට ඔය කියනාකාරයේ දෙයක් මතක නැතිව ඇත්තේ මම දඟ වැඩ එදා නොකරපු නිසා වෙන්න ඇති. අපට තාත්තා අවවාද දුන්නට අරම කරන්න මෙහෙම කරන්න මේ විදියට ඉන්න ඕනේ කියලා නියෝග දීලා නැහැ. ගොඩක් දේවල් අපටම අවබෝධ කර ගන්න ඉඩ දුන්නා.

Premadasa-Family

පවුලක් විදියට ඔබ හතර දෙනා අතර පැවැති බැඳීම කොහොමද?
දරුවෝ දෙමාපියෝ කියන ගෞරවය අප දෙපාර්ශ්වය අතර පැවැතුනා. පියාට වැඩ රාජකාරි බොහෝමයක් පැවතියත් ඔහු අපිව තනි කළේ නැහැ. පුළුවන් තරම් අපත් සමග ගත කළා. හැකි හැම වෙලාවකම තාත්තා අපිව ඒ ගැන උනන්දු කළා. ඒ විතරක් නමෛයි අපිව හුරතල් කළා. තාත්තා ගෙදර ඉන්න වෙලාවට නිතරම අපි දෙන්නාම ළඟට අරගෙන අත්දෙකට තුරුලු කර ගන්නවා. වයසින් වැඩෙද්දී මම තාත්තට ගොඩක් ළංවුණා. ඒකට හේතුව තාත්තයි මමයි එක විදියට හිතන අය කියලා තමයි මම නම් හිතන්නේ. තාත්තා නිතරම කිව්වේ මං වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක් නොවන විදියට ඔළුව කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියට කියලායි.
තාත්තා නැති වෙනකම්ම මං හිටියේ ‍පොඩි බබෙක් වගෙයි. තාත්තා මට කතා කළෙත් බේබි කියලා. දවසේ තුන් වේලම අපි පුළුවන් විදියට එකට කෑම කෑවා. තාත්තා එළවළුයි බතුයි කන්නේ. ‍පොල් සම්බෝලයි, පරිප්පුයි ඔහුට නැතුව බැහැ. තාත්තා කෑම කන්නේ අපිවත් ළඟට අරගෙනයි. ඇත්තටම තාත්තා අනලා කවන බත් කට තරම් රස බත් කටක් අදටත් මම කාලා නැහැ. තාත්තා මිය යන තුරුම අපිව දැක්කේ පුංචි දරුවෝ විදියටයි. බේබි මෙහෙට එන්න කියලා සමහර දවස්වලට පැය බාගයක් විතර මාව තුරුලු කරගෙන ඉන්නවා. ඒ බැඳීම් මතක් වෙද්දී තාත්තා නැතුව අපි මෙතරම් කාලයක් ගත කළා නේද කියලාත් හිතෙනවා.

ඔබගේ පියා ඝාතනය වන විට ඔබ කොහේද හිටියේ..?
තාත්තා මිය ගියා කියන පණිවුඩය ලැබෙන කොට මමයි රොහානුයි (සැමියා) හිටියේ සතියක නිවාඩුවකට එංගලන්තයට ගිහිල්ලයි. මුලින්ම දුරකතනයෙන් මට පණිවුඩය දුන්නේ බෝම්බයක් පිපිරිලා තුවාල වූ තාත්තාව එස්.ටී.එෆ්. එකෙන් ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා කියලායි. මට කෙහොමත් හිතුණේ නැහැ තාත්තාට මේ වගේ දෙයක් වෙලා ඇති කියලා. මට හිතුණෙම තාත්තාව එස්.ටී.එෆ් එකෙන් අරන් ගියා කියලා විතරයි.

ඊට පස්සේ මොකද වුණේ.?
ඇත්තටම තාත්තගේ මරණයෙන් පස්සේ ඇති වුණ දුක කවදාවත්ම අපේ හිත්වලින් අයින් කරන්න බැහැ. තාත්තා මේ රටට කරපු වැඩ කොටස ජනතාවගේ සිත් තුළ තවමත් තියෙනවා. මට මතකයි තාත්තා මිය යන්න කලින් දවසේ මට කතා කරලා ඇහුවා “බේබි පෙළපාළියේ ඇවිදින්න එනවද කියලා. මට ඒ ගමන යන්න බැරිවුණේ මගේ මහත්තයා රොහාන් තව දවසක් එංගලන්තේ ඉඳලා යමුයි කියලා කිව්ව නිසයි. කොහොමවුණත් මේ තාත්තගේ අන්තිම දවස් ටික කියලා දැනගෙන හිටියා නම් මම ඔහු ළඟින් හෙල වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියා නම් මම හරි ඔය බෝම්බෙට පනිනවා. මම එදා ආවානම් තාත්තත් එක්කම ඔය ගමන මටත් යන්න වෙනවා.

ඔබේ පියා දේශපාලන දිවියේදී බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්න කෙනෙක්. ඒ අවධියේ ඔහු කටයුතු කළේ කුමනාකාරයකටද?
ඇත්තටම තාත්තගේ ජීවිතේ හැම දෙයක් තුළම අපට ඉගෙන ගන්න පාඩමක් තිබුණා. දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තිබුණත් තාත්තා ඒ ප්‍රශ්නය හමුවේ කලබල වුණේ නැහැ. තාත්තා ඕනම දෙයක් මැදහත් සිතින් විසඳගන්න සමත් පුද්ගලයෙක්. තමන්ගේම අය විරුද්ධකම් කළත් ඔහු නොසැලි ජනතාව වෙනුවෙන් සේවය කළා. ගම්උදාව කරද්දී ඉතාම කඩිසරව දුවලා පැනලා ඔහු ඒ කටයුතු කළා.

තාත්තා අද හිටියා නම් ඔහු ගැන ඔබේ තක්සේරුව කුමක්ද?
රටට හොඳක් කරන්න මිසක් තාත්තට අවශ්‍ය කළේ අපට හම්බ කරලා දෙන්න නොවෙයි. ඔහු සැබෑ දේශපාලනඥයෙක්. ජනතාවාදී නායකයෙක්. තමන්ට මුකුත් නැතුව රටට වැඩකරනවා කියන්නේ ඔහු නියමාකාරයෙන්ම දේශපාලනය කරනවා කියන එකයි. ඔහු හොඳ තාත්තා කෙනෙක්. මගෙයි අයියගෙයි විතරක් නොවෙයි මුළු රටටම ඔහු තාත්තා කෙනෙක් වුණා.

ලසන්ත වීරකුලසූරිය (lakbima)

එක වගේ හත්දෙනාගෙන් කෙනෙකු මාලිංගට හමුවෙයි – මාලිංගගේ අමුතු ප්‍රතිචාර මෙන්න

Malinga Duplicte IPL 2017

එක වගේ හත් දෙනෙකු ලෝකයේ ඉන්නවා කියලා කතාවක් තියෙනවා.

හැබැයි අපිටනම් එහෙම අපි වගේ රූපයම තියෙන අය හමුවෙලා නෑ.

අපි මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මුහුණදුන් සිදුවීමක් පිළිබඳව.

අයි.පී.එල් ක්‍රිකට් තරගයක් නැරඹීමට ලසිත් මාලිංගගේම රූපය තියෙන පුද්ගලයෙක් ඇවිත් හිටියා.

ඔහු දැකලා ලසිත් මාලිංගටත් සිනාගොස් තිබෙනවා.

මේ ගැන මහේල ජයවර්ධනත් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් යොදා තිබෙනවා.


සැමියාගේ උපන්දිනයට ගයේෂාගෙන් පුදුම තෑග්ගක්

Gayesha gift Hasanjith Birthday-01

ගයේෂාගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චිගේ ‍උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ගයේ‍ෂා සැමියා වෙනුවෙන් සකස්කෙරූ කේක් ආකෘතිය ගැන හැමෝම අතර කතාබහට ලක්වී තිබෙනවා.

ගයේෂාගේ කැදැල්ලට අලුතින් ආ පුංචි පුතා සමග ඇය සිය සැමියාගේ උපන්දිනය සමරා තිබුණේ මෙහෙමයි.

Gayesha gift Hasanjith Birthday-2017-04-30-23-02-17

ගීතිකා නොදැක්ක හීනයක් වෙන අය දැකලා

Geethika Rajapaksha-2017.04.30

ගීතිකා කොහොමද ජීවිතේ?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

මේ දවස්වල පුංචි තිරයේ නම් පේන්න නැහැනේ?

මම සම්බන්ධ වුණ "මගේ ආදර අවනඩුව" ටෙලි නාට්‍යයත් විකාශය වෙලා ඉවරයි. හැබැයි මම තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යය "තුරුම්පු ආසියා". ඒකත් මම ආස කරන විදිහේ චරිතයක්. චින්තක පීරිස් අයියා තමයි එහි තිරපිටපත ලියන්නේ. එයා තමයි මාව ඒ නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ.

ඒ කියන්නේ පේන්න නොහිටියට ගීතිකා වැඩ නේද?
ඔව්. හැබැයි මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නැහැ. ඉස්සර නම් ෂූටින් අතරතුර නිදහසේ ඉන්න කාලයක් හොයා ගත්තා. හැබැයි දැන් නිදහසේ ඉද්දී ෂූටින් යනවා. දැන් ඉතින් නිදහසේ හිටියා ඇති. ආයෙත් වැඩ පටන් ගන්න ඕන.

විවාහයෙන් පස්සේ ගීතිකාට ලැබෙන අවස්ථා අඩුද?

මෙහෙමයි. සමහර නිර්මාණකරුවන් රංගන ශිල්පිනියන් විවාහ වුණාම ඔවුන්ව වැඩවලට සම්බන්ධ කරගන්න කැමැති නැහැ. මොකද එයාලා විවාහ වෙලා අම්මා කෙනෙක් වුණොත් නිර්මාණය වෙනස් කරන්න වෙයි, නිර්මාණයේ ගලා යෑමට හානියක් වෙයි කියලා ඒ අය හිතනවා. විවාහ වුණාම වැඩවලට ගන්න සමහර නිර්මාණකරුවෝ බය වෙන්නේ ඒ නිසා. මටත් ඒ වගේ ලැබෙන්න තිබ්බ නිර්මාණ තුන හතරක්ම නැති වුණා. මම නම් වැඩක් භාර ගත්තොත් ඒක විනාශ කරලා මගේ හීනවලට යන්නෙ නෑ.

එතකොට ගීතිකා මවක් වෙන හීනය තාම දකින්නේ නැද්ද?

මමයි මගේ සැමියයි තාම ඒ හීනය දකින්නේ නැහැ. හැබැයි අපිට කලින් වෙන අය ඒ හීනය දැකලා. ඒ නිසා මට වැඩ කිහිපයක් නැති වුණා.

විවාහයෙන් පස්සේ සමහර රංගන ශිල්පිනියන් කැමැත්තෙන්ම ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා. නැත්නම් සැමියා බිරිදව ක්ෂේත්‍රයෙන් ඉවත් කරනවා. ගීතිකාට එහෙම ප්‍රශ්න ආවේ නැද්ද?

සමහර අවස්ථාවල වැඩ බැලන්ස් කරගන්න බැරි වුණාම අවස්ථා මඟහරින්න වෙලා තියෙනවා. ඉතිං මම කැප කිරීම් කළා කියලා හිත හදාගන්නවා. මට වේදිකා නාට්‍යවල වැඩ ලැබුණා. ඒත් ඒවට කාලය දෙන්න බැරි වුණ ප්‍රශ්නයක් නිසා ඒ වැඩේ අතහරින්න වුණා. විවාහ වුණාට පස්සේ කැප කිරීම් කරන්නත් සිද්ධ වෙනවා. හැබැයි සැමියා මට රංගනයෙන් අෑත් වෙන්න කියලා නැහැ.

අවස්ථා ගිලිහෙන එක ගැන දුකක් නැද්ද?

ඉස්සර නම් මට හම්බෙන්න තිබ්බ දෙයක් නැති වුණාම දුක හිතිලා තියෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. දෙයක් නැති වුණොත් තව හොඳ දෙයක් හම්බෙයි කියලා මම හිත හදාගන්නවා. ඒ වගේම මට දැන් පවුල් ජීවිතයෙත් වගකීම් තියෙනවනේ.

ගීතිකා වැඩිබර දෙන්නේ පවුලටද? වෘත්තියටද?

මම පවුල් ජීවිතයයි, වෘත්තියයි දෙකම සමබර කරගෙන යනවා. ගොඩනඟාගත්ත දේවල් මට නැති කරගන්න බෑ. ඉතිං මට මගේ සැමියාගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

ගීතිකාට ලැබෙන රංගන අවස්ථා භාරගන්නේ සැමියාගේ එකඟත්වයත් බලලද?

මට තිරපිටපතක් ලැබුණොත් ඒක මට කලින් එයා කියවලා බලනවා. එයාට ඩ්‍රාමා ගැන දැනුමක් තියෙනවා. ඉතිං එයාගෙන් ලැබෙන උපදෙස් මට වටිනවා.

ෂූටින් යද්දී දැන් සැමියා ගීතිකා පස්සෙන්ම කියන්නේ ඇත්තද?

මෙහෙමයි එයයි මමයි එක වාහනේ වැඩවලට යන්නේ. එයා මාව ෂූටින් දාලා ආයෙත් ගන්නත් එනවා. ඉස්සර නම් මම තනියම තමයි ෂූටින් ගියේ. හැබැයි දැන් එයත් නිදහස් වෙලාවක නම් ෂූටින් තියෙන තැනට ඇවිත් ඉන්නවා.

සැමියා තනි නොතනියට එක්ක යන්නේ ආරක්‍ෂාවටද?

මට ඉස්සරත් ආරක්‍ෂාව තිබුණා. මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට හම්බුණ හැමෝම පවුලේ අය වගේ. ඉතිං මට මේ ක්ෂේත්‍රයේ එදත් ආරක්‍ෂාව තිබුණා. අදත් ආරක්‍ෂාව තියෙනවා.

පුංචි තිරයෙන් එළියට යන්න අදහසක් නැද්ද?

සිනමාවට එකතුවෙන්නත් හීනයක් තියෙනවා. දැනට ඒ ගැන පොඩි සේයාවකුත් තියෙනවා. බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා. ඒ වගේ වේදිකාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ගත්ත උපාධියෙන් වැඩක් ගත්තොත් නරකද?

අපේ අම්මත් කියනවා ගත්ත උපාධියෙන් වැඩක් ගන්න කියලා. මට තියෙන්නේ විද්‍යා උපාධියක්. ඉතිං ඒකට සුදුසු රැකියාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව කලාව පැත්තෙන් හැදෑරිමක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අමිත තෙන්නකෝන් (MB WEB)