01 May, 2017

අලි රංචුවක් සුරියවැව ක්‍රිඩාංගණයේ යකා නටයි (Photos)

sooriyawewa ground

වන අලි මෙහෙයුම පවතින මොහොතේ සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයට වන අලි රංචුවක් කඩා වැදි තිබේ.

ක්‍රිඩාංගණයට අද අළුයම කඩා වැදුණු වන අලි රංචුව ක්‍රිඩාංගණ භූමියේ ඇති පොල් ගස් 25ක් පමණ විනාශ කර තිබේ.

වන අලි රංචුව ක්‍රිඩාංගණයේ ආරක්ෂිත වැට ස්ථාන දෙකකින් කඩාගෙන ක්‍රිඩාංගණය තුළට ඇතුළු වී ප්‍රේක්ෂකාගාරයට පිවිසීමට ඇති ආරක්ෂිත වැටද කඩාගෙන ඒ තුළට ද ඇතුළු වි ඇත.

ගම්වැසියන් පවසන්නේ මේ වන විට අවට ගම්මානවලට වන අලි වුවදුර දරුණු ලෙස පවතින බවයි.

ගෙවුණු සතිය තුළදි පමණක් වන අලි පහරදිම් හේතුවෙන් නිවාස 23ට පමණ දැඩි හානි සිදුවි තිබෙන බව ද ජනතාව පවසති.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ වන අලින් ඇල්ලීමේ මෙහෙයුම් ඉබිගමණින් සිදුවෙන බවයි.

sooriyawewa ground-2017-04-30-23-17-26

(සුරියවැව නුවන් ජයසේකර-dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලි රංචුවක් සුරියවැව ක්‍රිඩාංගණයේ යකා නටයි (Photos)"

    Post a Comment