03 June, 2016

සරාගී ශන්ෂී

ශංෂි ශනිෂා නම් නිරුපණ ශිල්පිණියක්.

නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ හැටතල මහන ඇයගේ ජායාරූප එකතුවක් පහතින්.
















Shanshi Shanisha - Model

අමෙරිකන් හමුදාව කොළොන්නාව සුද්ධ කරපු හැටි

අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට උපකාර කරන්න ගොඩක් අය එකතු වුණා.

ඒ අතර අපේ රටට ආපු ඇමරිකානු යුද හමුදාවේ පිරිසකුත් හිටියා.

ඊයේ පෙරේදා ඒ සත්කාරයට ඒ අය එකතු වුණා.

මේ ගංවතුරින් විනාශයට පත්වූ කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල නිවාස සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වලට එකතුවුණු අමෙරිකානු යුද හමුදා භට පිරිසක් ආදර්ශවත් ක්‍රියාවක නිරත වුන හැටි.



























USA Forces joined to cleaning works

02 June, 2016

වේදිකාවේ අස්වාභාවික වෙච්චි නිරෝෂා

ස්ටාර් සිටි කියන්නේ මොන වගේ වැඩසටහනක්ද කියලා දන්නවානේ.

මේ වැඩසටහන ගැන දැන් කවුරුත් නොදන්න කෙනෙක් නෑ.

ඔන්න මේදා පාර ස්ටාර් සිටී වැඩටහනේ සුවිශේෂී  සිදුවීම් රාශියක් වෙනවා. නිරෝෂා විරාජිනි අමුතුම තාලේ ඉදිරිපත් කිරීමකුත්  සිදුකරනවා.

බලන්න පහතින් එම වීඩියෝව.





Nirosha abnormal on the stage

ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ චිත්‍රපටය 'මායා'

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස 'මායා' චිත්‍රපටය ළගදීම ඊ.ඒ.පී මණ්ඩලයෙ චිත්‍රපට ශාලාවල තිරගතවීමට නියමිතයි.




Sri Lanka's first 3D film 'Maya'

34ක් වුණාට මට තවම පුළුවන් - සනීගෙන් මාධ්‍ය‍වේදියාට අභියෝගයක්

බොලිවුඩයේ සරාගී සනී ලියෝන් ලේඛිකාවක් වෙන්න යන බවටයි ආරංචි වෙන්නේ.

ඇය පොතක් ලියන්න පටන් අරගෙන. ඒකේ නම තමයි 'ස්වීට් ඩී්‍රම්ස්'.

සනීගේ ස්වීට් ඩී්‍රම්ස් පොතේ කෙටි කතා 12ක් ලියන්න ඇය බලාපොරොත්තු වෙනවලු.

ස්වීට් ඩී්‍රම්ස් කිව්වට පොතේ ලියවෙන්නේ රස කර කර කියවන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා සනී කියල තිබුනා.

ඒ හැම කතාවක්ම යම් කාලයක යම් කෙනෙකුගේ අත්දැකීමක් බවයි සනී කියන්නේ.

හැබැයි ඒ යම් කෙනා කවුද කියල නම් සනී කියන්නේ නෑ.

ඉදිරි මාස තුන ඇතුලත මේ කතා 12 ලියල ඉවර කරන්නත් සනී බලාපොරොත්තු වෙනවලු.

සනී ගැන දන්නා ගොඩක් අය කියන්නේ ඒ කතා වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කතා වෙන්න ඇති කියලයි.

එත් සනී නම් ඒ කතා පිලි ගන්නේ නැහැ.

ස්වීට් ඩී්‍රම්ස් කියවගෙන යද්දී ත්‍රාසය, භීතිය, වීරත්වය වෙනුවට ප්‍රේමය, කාමාෂාව, රාගය වගේ හැගීම් ඇති නොවුනොත් ඒක ලෙඩක් බවයි සනී කියන්නේ.

34 වියේ ඉන්න සනීට හදිසියේම ලේඛිකාවක් වෙන්න හිතුනේ සරාගී රංගනවල යෙදෙන්න දැන් වයස වැඩි කියල හිතෙන නිසාද කියල සම්මුඛ සාකජ්ජාවකදී මාධ්‍යවේදියෙක් අහල තිබුනා.

'ඔයා හිතන්නේ මට දැන් 34ක් නිසා නිල් දර්ශණ කරන්න බෑ කියලද? ඔයාට මේ දැන් මම මෙතනදී අවස්ථාවක් දුන්නොත් ඔයා ඒ අභියෝගය භාරගන්නවද? මම ෆෙල් උනොත් අදම මම බොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ටී්‍ර එකෙන් අයින් වෙනවා'

සනීගේ මේ කතාවට හීන් දාඩිය දාපු මාධ්‍යවේදියා හදිසියේම විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වූ බවයි වාර්තා වෙන්නේ.











34 But I can still - Sunny Leone challenge to journalist

දිනක්ෂිටත් බුකියෙදි 'අදාළ නැති' වුන හැටි

'අදාල නෑනේ' වැකිය මේ දිනවල ත‍්ජැඉදදන සමාජජාලය පුරාම වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

තරුණයෙකු මත්පැන් සාදයක් අතරතුර දී සිදුකරන ලද ප්‍රකාශයක් වීඩියෝගත කර එය සමාජ ජාල වෙත මුදාහැරීමත් සමගයි 'අදාල නෑ' රැල්ල ඇරඹුනේ.

විවිධ පුද්ගලයින් විවිධ කාරණා ඔස්සේ මේ වන විට 'අදාල නෑ' යන්න ප්‍රකාශ කරන අතර ජනප්‍රිය යොවුන් තාරකාවක් වන දිනක්ෂි ප්‍රියසාද් ද මේ වදන සටහන් කරමින් ‍ත‍්ජැඉදදන ඡායාරූපයක් එක් කොට තිබේ.

තම සෙල්ෆි ඡායාරූපයක් සමගින් ඇය පවසා ඇත්තේ 'කොහොමද කට්ටියට? අදාල නෑ තමයි' යනුවෙනි.



Dinakshi Priyasan said 'Not neccessory'

01 June, 2016

අරණායක නායගිය හැටි දුම්රියෙන් යද්දි පේන හැටි

පසුගිය දින කිහිපයේ ඇතිවුණු අධික වර්ෂාවත් සමග බොහෝ ජනයාට විවිධ වූ අපහසුතාවයන්ට පත්වීමට සිදුවුණා.

ඒ අතර අරණායක ප්‍රදේශයේ සිදුවූ නාය යෑම හේතුවෙන් ජිවිත ගණනාවක්ද අහිමි වුණා.

මේ එම නාය යෑම සිදුවීමෙන් පසුව දුම්රියේ ගමන් ගත් මගියෙකු විසින් අරණායක නාය යෑමට ලක්වූ කන්ද වීඩියෝගත කර තිබුණා.

පහතින් එම වීඩියෝව බලන්න.






How it looks Aranayaka when travel by train

ආන්දෝලනාත්මක 'ඇගේ ඇස අග' ගැන කතා කරන රිතිකා කොඩිතුවක්කු

ඇගේ ඇස අග හරහා රිදී තිරයට ආව රිතිකා කොඩිතුවක්‌කු ඇගේ ජීවිතයේ අනාගතය ගැන හිතන පතන විදිහ ගැන පහුගිය දවසක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය වුණු ඇගේ ඇස අග චිත්‍රපටියේ දර්ශන ගැනත් ඇය කියන්න අමතක කරලා තිබුණේ නෑ.

ඒ අහපු ප්‍රශ්නවලට ඇය උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදියට.....

ඇගේ ඇස අග සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණේ කොහොමද?

මේ චිත්‍රපටයේ නිෂ්පාදක අංශයේ කටයුතු කරපු මංජු පෙරේරා සහ සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරපු අමල් අල්විස්‌ගේ ආරාධනාවකට අනුව තමයි සම්බන්ධවෙන්න ලැබුණේ.

අශෝක හඳගම වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ සමඟ මුලින්ම වැඩකරන්න බයක්‌ සැකක්‌ දැනුණේ නැතිද?

අශෝක හඳගම වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ලොකු භාග්‍යයක්‌.

ඒ වගේම ලොකු අභියෝගයක්‌. ඒ අභියෝගය භාරගන්න මම කැමැති වුණා.

මේ චරිතයට ලැඛෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර එහෙම කොහොමද?

ගොඩක්‌ දෙනෙක්‌ මේ නිර්මාණයට කැමැතියි කියලා මට හිතෙනවා.

රිතිකා ඔබත් වෘත්තීය නිළියක්‌ විදිහට වැඩකරන්නද සූදානම ?

මම නිළියක්‌ නෙමෙයි. දිගටම ක්‍ෂේත්‍රයේ රැඬෙනවාද කියලා තවම තීරණය කරලා නැහැ.

නමුත් හොඳ සිනමා නිර්මාණයකට ආරාධනාවක්‌ ලැබුණොත් එහි පිටපත හොඳනම් ඒ වගේම මම ඊට කැමැති නම් ඒක භාරගන්නවා.

ඇගේ ඇස අග නිර්මාණයේ පිටපත කියවලාද එය භාරගත්තේ ?

ඔව්.

මේ චිත්‍රපටයේ තිඛෙන සියලුම දර්ශන පිටපතේ සඳහන් වෙලා තිබුණාද?

අඩනිරුවත් දර්ශන තිඛෙන පිටපතක්‌ භාරගැනීමේ අභියෝගයක්‌ කියලා හිතුණේ නැතිද?

මම ස්‌වාධීන තරුණියක්‌. රූගත කිරීම් හොඳට සැලසුම් කරලා තිබුණා. කිසිම අවස්‌ථාවක මට අපහසුවක්‌ දැනුණේ නැහැ.

අධ්‍යක්‍ෂවරයාගේ සිට සියලුම කාර්ය මණ්‌ඩලය මේ චරිතය ගොඩනඟන්න මට ලොකු සහයෝගයක්‌ ලබාදුන්නා.

මෙය ඔබේ පළමු රංගනය. සමහරු කියනවා ඔබ සාර්ථකයි කියලා ?

මෙය මගේ පළමු සිනමා නිර්මාණය. එතකොට මට අත්දැකීම් නැහැ.

මට පිටපතට කියවූ පසු මේ චරිතය මොනවගේ එකක්‌ද කියලා දැනුණා.

චරිතයට සාධාරණයක්‌ කරන්න අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහත්මයා මට ලොකු සහයෝගයක්‌ ලබාදුන්නා.

මෙවැනි චරිතයකට සම්බන්ධවූ පසු සමාජය ඔබ දිහා වපර ඇසින් බලන්න පුළුවන් නේද?

මේක සිනමා කෘතියක්‌. ඒ ඉන්නේ මම නෙමෙයි. ඒක වෙන චරිතයක්‌.

මිනිස්‌සු බුද්ධිමත් වෙන්න ඕනෑ සිනමා කෘතියක තිඛෙන චරිතයක්‌ මොනවගේද කියලා තේරුම් ගන්න.

අනික සිනමාකෘති එක රාමුවකට කොටුවෙන්න ඕනෑ නැහැනේ.

රිතිකා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

අනෙක්‌ අය වගේම මමත් සාමාන්‍ය ගැහැණියක්‌.

මේ වගේ චරිත රඟපෑ නිළියක්‌ කාලයත් සම`ග ක්‍ෂේත්‍රයේ ඈත්වෙලා යන්න පුළුවන් කියලා හිතුණේ නැතිද?

මට තව සිනමා කෘති ලැබේවිද නැතිද කියන අදහසේ නැහැ.

අනික මම නිළියක්‌ වෙනවා කියන අදහසකුත් නැහැ.

හොඳ සිනමා කෘතියක්‌ ලැබුණොත් ර`ගපානවා කියලා විතරයි මම කිව්වේ.

අපේ තැන ගොඩනගාගන්න ඕනෑ අපිමයි.

වෙනකාටවත් බැහැ අපි ඉන්න තැන තීරණය කරන්න.

සමාජයේ කිසිම කෙනෙකුට බැහැ මම ගැන තීරණ ගන්න.

අනික තව දෙයක්‌ තියෙනවා.

ඒ මොකක්‌ද?

ක්‍ෂේත්‍රයේ ඉදිරියට ඉන්නවාද? නැද්ද? කියලා තීරණය කරන්නෙත් මමයි.

සිනමාව ගැන හදාරලා තියෙනවාද?

සිනමාව ගැන කිසිම හැදෑරීමක්‌ නැහැ.

මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙත් අහම්ඛෙන්.

මේ චරිතයට සාධාරණයක්‌ ඉටුකරන්න පුළුවන් කියලා හිතුණාද?

මම උපරිම සාධාරණයක්‌ ඉෂ්ටකළා කියලා හිතනවා.

හැබැයි මේ නිර්මාණය නරඹන ප්‍රේක්‍ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ මම චරිතයට සාධාරණයක්‌ ඉටුකළාද නැතිද කියලා.

මේ නිර්මාණයට දායක වෙන්න ගෙදරින් අවසර ලැබුණාද?

මගේ පවුලේ අය මාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ.

අනික මම ස්‌වාධීන පුද්ගලයෙක්‌.

මගේ ජීවිතයේ තීරණය ගැනීමේ අයිතිය මට තියෙනවා.

ඉදිරියේදී ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැතිද?

ටෙලිනාට්‍ය කරන්න නම් බලාපොරොත්තුවක්‌ නැහැ.

ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ ජීවිතයේ ඉදිරිය ගැන තවම සැලසුම් හදලා නැහැ.

අනික මම එහෙම කරන්නෙත් නැහැ. ඉදිරියේදී බලමු.

මේ සිනමා නිර්මාණය හින්දා ඔබට මගතොටේදී ලැඛෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

චිත්‍රපයට නරඹපු ගොඩක්‌ දෙනෙක්‌ කිව්වේ ගොඩක්‌ හොඳ නිර්මාණයක්‌ කියලා.

අධ්‍යක්‍ෂවරයා ඔබ ගැන මොනවාද කිව්වේ ?

චරිතයට සාධාරණයක්‌ ඉටුකළාද නැද්ද කියලා අධ්‍යක්‍ෂවරයාගෙන් විමසන්න ගියේ නැහැ.

චිත්‍රපටයක්‌ කළාට පසුව ඒ චරිතයට සාධාරණයක්‌ ඉටුකළාද නැද්ද කියන කාරණාව ගැන තීරණය ගත යුත්තේ ප්‍රේක්‍ෂකයන් කියලයි මම නම් හිතන්නේ.



















Rithika Kodithuwakku Interview

හොනට් 'ලේ' වලට පෙම් බැඳි 'කලන' හෝනට් එකේම නොඑන ගමන ගිය හැටි

හදවතක් තියෙන කවුරු මාව තනි කළත්,

හදවතක් නැති මගේ යකඩ හීනේ කවදාවත් මාව තනි කරන්නෙ නෑ මචං.

ගොඩක් පිරිමි ළමයින්ගේ හීනයක් තමයි හොනට් බයික් එකක් පදිනවා කියන එක.

ඒ වගේ තමන්ගේ පණටත් වඩා හොනට් එකකට ආදරය කළ 21 හැවිරිදි තරුණයෙකු ඊයේ අකාලයේ මෙලොවින් සමුගත්තා.

ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි කලන.

ඊයේ සවස පිළියන්දල පාරෙදි තමයි කලන අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් මියගියේ.

සිද්ධිය දුටු අය පවසන්නේ කුඩා ලොරියක ගැටුණු කලනගේ හොනට් බයික් එක විසිවී ගොස් කලනගේ හිස ලොරියට හසුවුණු බවයි.

මේ අනතුර සිදුවන අවස්ථාවේ කලනගේ පිටුපස අසුනේ ගමන් කළ මිතුරාද මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ මාසේ උපන් දිනය සමරන්න හිටපු කලනගේ කාලයක් ඉඳලා තිබ්බ හීනේ එයාට ලං කරලා දුන්නෙ කලනගෙ තාත්තා.

ඒ ජනවාරි මාසේ කලනට හොනට් බයික් එකක් අරන් දීලා.

බයික් එක ගත්ත දවසෙ කඩේ අයිතිකාරයා කලනට කියලා තිබුණේ 'මල්ලි පරිස්සමෙන් පැදපං' කියලා.

හැබැයි කලන ඒ තරම් වේගෙන් යන කෙනෙක් නෙමෙයි කියලා තමයි කලනගෙ යාලුවො නම් කියන්නෙ.

නමුත් යකඩ ගොඩකට පණ වගේ ආලය කළ කලන අද හැමෝටම ලොකු දුකක් දීලා යන්න ගිහින්.

















Maharagama Honet Accident - Kalana

සමුගත් දියණිය වෙනුවෙන් දෙමව්පියන් කළ වටිනා පරිත්‍යාගය

එයාගේ සිහිනයක් වුණේ කොමස් කරලා Chartered Accountant කෙනෙක් වෙන්න.

ජීවිත ගමනේ අපිව හොයාගෙන එන සමහර කරදර හුගක් දේවල් අපෙන් ඈත් කරනවා.

දෙමව්පියන්ට දරුවෝ කියන්නේ ජීවිතේ වටිනාම සම්පතක්.

ඒ වටිනාම සම්පත නැතිවුණු වේදනාවත් හිතේ තියාගෙන කරපු මිල කරන්න බැරි දෙයක් ගැන අපිට අහන්න ලැබුණේ ඉන්දියාවෙන්.

කේජාල් පාණ්ඩේ නම් වයස අවුරුදු 16 ක සිසුවියක් එයාගේ අම්මත් එක්ක බයික් එකේ යද්දි අනතුරකට ලක්වෙලා.

මේ අනතුරෙන් කේජල් පාන්ඩේගේ මොළයට සිදුවූ බරපතල හානිය නිසා කේජල් පාණ්ඩේට ජීවිතය දාලා යන්න සිදුවෙලා.

මේ අනතුර සිදුවෙලා තියෙන්නේ කේජල්ගේ 17 වැනි උපන්දිනයට දවස් 10 කට කලින්.

කොහොමවුණත් කේජල්ගේ දෙමව්පියන් එයාගේ වකුගඩු සහ සිරුරේ තවත් කොටස් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් ගලවාගන්න කියලා රෝහලට පරිත්‍යාග කරලා.

එයාගේ අම්මයි තාත්තයි කියන්නේ එහෙම කළ නිසා කේජල් තවමත් ජීවත් වෙනවා වගේ හැගීමක් එයාලට දැනෙනවා කියලයි.

අධ්‍යාපනයට හපන්කම් දක්වන කේජල් ගැන එයාගේ තාත්තා කියන්නේ මේ විදිහේ කතාවක්

'කේජල්ගේ සිහිනයක් වුණේ කොමස් කරලා Chartered Accountant කෙනෙක් වෙන්න.

කවදාහරි දවසක මගේ දියණිය වැඩකරන ආයතනයේ Accountant පැත්තෙන් මුල් පුටුවට යනවා කියලත් එයාට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.'









Parents who have valuable donate for late daughter

පාසල් දැරියන් දුරකතන හංගන අලුත්ම තැන දන්නවද?

සිසුවියකගේ පාසල් නිල ඇඳුම යටින් ජංගම දුරකතනයක් නාද වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වනවා.

ජංගම දුරකතනයක් සිසුවෙකු හෝ ශිෂ්‍යාවක ල`ග තබාගෙන හසුවුවහොත් එය පාසල සන්තක කරගනු ලබනවා.

එම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ෂණ ඇතුළත්ව තිබුණහොත් ජංගම දුරකතනය පාසල සන්තකවීමට අමතරව සති දෙකක පන්ති තහනමක් ද පනවනු ලබනවා.

මීට අමතරව ශිෂ්‍ය නායකයෙකු හෝ නායිකාවක් ජංගම දුරකතනයක් ල`ග තබාගෙන හසු වුවහොත් ලැඛෙන ද`ඩුවම මීට වඩා බරපතලයි.

මෙසේ නීති රෙගුලාසි දමා තිබිය දීත් එක් දිනක් පාසල් වේලාවේ පන්ති කාමරයක් තුළ දී එහි උගන්වමින් සිටි ගුරුවරියකට ජංගම දුරකතනයක් නාදවනු ඇසෙනවා.

වාහාම ක්‍රියාත්මක වූ ගුරුවරිය ජංගම දුරකතනය නාදවනු ඇසුණු දිශාවට ගමන් කළා.

දුරකතනය නාදවනු ඇසුනේ ශිෂ්‍යාවක් සිටින දිශාවෙන්.

එම දිශාවට ගුරුවරිය ගිය ද ශිෂ්‍යාව ල`ග ජංගම දුරකතනයක් තිඛෙනු දක්නට නොලැබුණා.

පසුව එම දුරකතනය නාදවනුයේ සුදු නිල ඇඳුම ඇතුළෙන් බව සිතූ ගුරුවරිය වහාව එම සිසුවිය හිඳි අසුනෙන් නැගිටුවා ගත්තේ අදාළ ජංගම දුරකතනය ඒ හේතුවෙන් බිමට වැටෙනු ඇති බව සිතායි.

නොනවත්වා නාදවන දුරකතනය එමගින්ද සොයාගැනීමට නොහැකි වූ නිසා ගුරුවරිය අදාළ සිසුවිය වෙනම කාමරයකට ගෙන ගොස් පරීක්ෂා කිරීමට තීරණය කළා.

එහිදී සිසුවියගේ යට ඇඳුම තුළින් ජංගම දුරකතනය සොයා ගැනීමට ගුරුවරියට හැකි වී තිඛෙනවා.



School girl hide mobile phone at underwear