12 October, 2017

වෙන අය දෙන චරිත සහතික මට අදාළ නැහැ

udari-warnakulasooriya

• උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

• මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?

ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. පිනි ඩ්‍රාමා එක නිසා මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.

• මිෂෙල් සහ සුද්දි උදාරිගේ රංගනයට හොඳ වෙනසක්ද..?

ඇත්තටම ඔව්. මට ගොඩක් ලැබුණේ තැන්පත් පෙම්වතියගේ චරිත. ඉතිං මේ චරිත නිරූපණය අහිංසක පෙම්වතියකට වඩා ජීවිතය ගොඩදාගන්න පොරබදන ගැහැනියකගේ චරිතයක්. තැනට සුදුසු විදියට ඇණේ ගහන චරිතයක්. මට ලැබුණ චරිතත් එක්ක බලද්දි මේ චරිතය නිරූපණය කිරීමේදී යම් අභියෝගයක් තිබුණා.

• එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න මහන්සි වෙන්න ඇති..?

සුද්දිගේ චරිතයට ආරාධනා ලැබෙද්දි ශාන්ත සොයිසා මහත්මයාගෙන් සහ මහේෂ් සත්සර අයියාගෙන් මම මුලින්ම ඇහුවා මාව මේ චරිතයට ගැළපෙනවද කියලා. වැල්ලේ කෙල්ල සහ වෙස්ටන් විදියට ඉන්න මිෂෙල් එකිනෙකාට වෙනස්. මේ චරිතයට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇහුවම ඔවුන් මට කිව්වා "උදාරි ඔයා මිෂෙල්ගේ චරිතයට ඔය ඉන්න විදිහටම ඉන්න. නිම්සරාගේ චරිතයට හැඩගැහෙන්න කියලා".

• උදාරිගේ සැබෑව කොහොමද මිෂෙල්ගේ චරිතයට ගැළපුණේ..?

මිෂෙල් කියන්නේ Forward කෙනෙක්. හැබැයි නිම්සරා කියන්නේ බියගුලු, තනිවුණ කෙල්ලෙක්. සැබෑ ජීවිතයේ මම තැන්පත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිෂෙල්ගේ චරිතය මගේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.

• උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද...? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?

මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දඟලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

• තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?

අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

• උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?

මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. මේ දවස්වලත් මම වැඩ කරන්නේ පිනි ටෙලිඩ්‍රාමා එකේ විතරයි. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

• උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

• උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?

නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

• සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?

නැහැ. අපි අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

• විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?

එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

• කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?

රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

• අම්මා වගේ දුවත් රඟපාන්න එනවට උදාරි කැමැතිද..?

මම දුවගේ දඟකාර වැඩ වීඩියෝ කරලා ෆේස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රඟපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

දවසේ කාටූන් – 2017.10.12

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

‘‘මගේ වැඩ නිසා පවුලේ අය දුක් වින්දා – කෙල්ල නිසා නෙමෙයි..‘‘ – වෙඩි තබාගත් සිසුවාගේ ලිපියක් හමුවෙයි (Photos)

kumudith-adithya

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි, 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන පෙරේදා (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.


වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි


මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති ගාල්ල මහින්ද විදුහලේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙක්.

සිය පියාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගිය මෙම සිසුවා පවුලේ දෙවැනි දරුවායි. ඔහු පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන තිබෙනවා.

ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවයි වාර්තාවන්නේ.

සියදිවි නසාගැනීමට ප්‍රථම ලිපියක් ලියා ඇති මොහු ඉන් පවසා ඇත්තේ තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවයි.

තමාගේ ක්‍රියා කළාපය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් දුක්‌ විඳි බවත් මෙම සිද්ධිය සිය පෙම්වතිය හේතුවෙන් සිදුකරගන්නා දෙයක් නොවන බවත් ඉන් පවසා තිබෙනවා.

ඉදිරියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද මෙවන් පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

kumudith-adithya

11 October, 2017

දවසේ කාටූන් – 2017.10.11

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Dinamina
දිනමිණ - Dinamina


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Virakesari
වීරකේසරී - வீரகேசரிகார்ட்டூன் - Virakesari


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි

suicide-shooting-himself

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන ඊයේ (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.

සිය පියාට අයත් බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියකින් නිවස පිහිටා ඇති ගෙවත්තේදී ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මෙම සිසුවා වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමට හේතුව අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසට නිවසින් එල්ල වූ බලපෑම් බවයි මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු මෙම වසරේ දෙසැම්බර් (2017) පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙක්.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ මෙම සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක්.

10 October, 2017

සිංහල කොත්තු ෆේස් බුක් බේගල්

kotthu

වෛරී මිනිසුන් ඕපාදූප හෙවත් දූෂමාන අරාංචි ගෙනයන අතර මෝඩයන් විසින් එවා පතුරුවා අමනයන් විසින් ඒවා වැළදගනු ලැබේ. යනු ඉංග්‍රීසි උපහැරණයකින් කියවෙන අදහසකි.

ගාල්ල ප්‍රදේශයේ මෙන්ම ඉන් ඔබ්බටත් ලැව්ගින්නක් සේ පැතුරුණු 'සිංහල කොත්තු' හා “මුස්ලිම් ආපනශාලවල වඳ බෙහෙත් ආහාර” සම්බන්ධ ඕපාදූපයද වෛරී ජාතිවාදීන් විසින් නිර්මාණය කොට වර්ගවාදී මෝඩයන් විසින් පතුරුවන ලදුව අවිචාරී අමනයන් විසින් මහ ඉහළින් පිළිගත් සිතාමතා නිර්මාණය කළා වූ මුසාවකි.

සිංහල කොත්තු ප්‍රවාදය

සති කිහිපයකට පෙරදී අන්තර්ජාලයේ එක්තරා මුහුණු පොත් ගිණුමක වූ සටහනිකින් කියවුණේ එම්.ජේ.එමි හා තලාල් ‍යන හොටෙල්වලට වඳ බෙහෙත් මුසු අහාර පාන තීබී ඒ ආපනශාලා දෙකම මුද්‍රා තබා වසා දැමූ බවය. ඒ සමගම සිංහල අයට එම හෝටල්වලට නොයන ලෙසත් එම පෝස්ටුවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි. එම්.ජේ.එම්. හෝටලය පිහිටා ඇත්තේ ගාල්ල හිරඹුර පාර ගලගෙඩිය හන්දියේ වන අතර තලාල් හෝටලය ඇත්තේ ගාල්ල තනිපොල්ගහ හංදියේ ය.

ඒ සමගම පළවූ තවත් මුහුණු පොත් පොස්ටුවකින් කියවුණේ වඳ බෙහෙත් මිශ්‍රිත ආහාර විකිණීම නිසා ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ රිස්ලාට් හෝටලය ද මුද්‍රාතබා ඇති බවය. මේ සියලු ප්‍රවෘත්තින්ට පියාපත් ලැබුණි. බොහො දෙනා ඉහත හෝටල් දෙක පමණක් නොව ගාල්ලෙ වෙනත් මුස්ලිම් ආපනාශාලා ද වර්ජනය කිරීමට පෙලඹුණි. මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අපට දැනගන්නට ලැබුනේ අපූරු කථාවකි. දිනක් ඉහත සදහන් වූ තලාල් හෝටලයට රාත්‍රී කාලයේ බීමත් පුද්ගලයෙක් පැමිණ කොත්තුවක් ඇණවුම් කොට ඇත. හෝටල් සේවකයා හයියෙන් කැගසා 'ෂිංගල්' කොත්තුවක් කියා කොත්තු බාස් ට එම ඇණවුම සන්නිවේදනය කොට ඇත. ( තනි පුද්ගලයෙක් කොත්තුවක් ඉල්ලු විට හොටෙල් සේවකයන් කියන්නේ සිංගල් (Single) කොත්තුවක් යනුවෙනි) මුස්ලිම් සේවකයා සිංගල් යන්න නුහුරු ලෙස උච්චාරණය කිරීම නිසා එය කොත්තු ගන්න පැමිණි බීමත් පුද්ගලයාට ඇසුණේ සිංහල කොත්තුවක් යනුවෙනි.

ඉන් උරණ වූ බීමත් පුද්ගලයා උබලා සිංහලයට වෙනම කොත්තුවකුයි උඹලගේ අයට වෙනම කොත්තුයි දෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් හෝටලේ අයට පරිභවකරමින් යන්න ගොස් ඇත්තේ ඒ සමිබන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසමිනි.

ඔහු ගත් පසු ක්‍රියාමාර්ගයක් නැති වුණත් එම පුවතට වඳබෙහෙත් කතාවත් එකතු කොට ප්‍රචාරය කොට ඇති අතර එම ප්‍රවෘත්තිය වර්ගවාදීන් අතින් හොදට පෝෂණය විය.

ඉහත සිද්ධිවලට අදාළ ප්‍රදේශවල අප කළ සංචාරයන්හි දි ගාල්ල පොලීසියෙන් හෝ රජයේ ආයතනයකින් හෝ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව විසින් මුද්‍රාතබා වසා දමන ලද කිසිදු ආපන ශාලාවක් දක්නට හෝ දැනගන්නට නොලැබුණි. අදාළ අංශවලින් කළ විමසුම්වලින් දැන ගන්නට ලැබුණේ එවැනි කිසිඳු සිදුවිමක් වාර්තා නොවුණ බවකි.

වෙළද කුමන්ත්‍රණයක් ද?

අනතුරුව අපි එම්.ජේ.එම් හොටෙල් හා චයිනිස් රෙස්ටූරන්ට් හිමිකරු වන එම්.ජේ.එම්. ෆයිසාල් මහතා හමුවීමු. මේ ඔහු අප සමග පැවසූ කථාවයි.

මේ හෝටලය මට හිමි වුණේ මියගිය මගේ පියා මොහමඩ් ජසායිල් මහතාගෙන්. තාත්ත අව්රුදු 35 ක් මේ හෝටලය කරල තමයි මට භාර දුන්නේ. මේවන කොට මම කරන්න පටන්ගෙනත් වසර 30 ක් වෙනවා. මේ හෝටලය දැන් අවුරුදු 65 ක් වනවා. ඒ කාලය තුළ අඩුම තරමේ නගගර සභාවෙ සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් වත් සුළු හෝ චෝදනාවක් අපි ලබල නෑ. මගේ හෝටලයේ කෝකියෝ හය දෙනෙක් ඉන්නවා.

දෙන්නෙක් ම සිංහල . ඒ හැරෙන්නට කඩින් කඩ වැඩට තවත් සේවකයින් හතරක් විතර ඉන්නවා. ඒ අය අතර සිංහල හා දෙමළ අයත් ඉන්නවා. මගේ කඩේට එන ගොඩක් අය සිංහල. ගාල්ලේ ඉතා දුර බැහැර ගම්වල ඉදල පවා කෑම කන්න මගේ හෝටලයට එනවා.

පසුගිය සැප්තැම්බර් මාසේ 2,3.හා 4 දවස් වල අපේ අවුරුද්දට (හජ්ජි උත්සවය) බෝඩ් එකක් දාල කඩේ වැහුව. ඒක අල්ලගෙන තමයි මේ අය අර බොරු කතාව ප්‍රචාරය කළේ.

ඉස්සර ඔය සරන්තුකඩේ හංදියේ සිට බෙලි ගහ හන්දිය පහුකරල අපේ ගලගෙඩිය හන්දියට එනකොට තේ කඩ හතරයි නැත්නම් පහයි තිබුණේ. දැන් සීමාවේ අලුතින් තේ කඩ 15 ක් විතර තියෙනව. නමුත් මගේ බිස්නස් අඩුවුණේ නෑ. මට නම් හිතෙන්නෙ මේක බිස්නස් නැති අයගේ යටිකූට්ටු වැඩක් කියලයි. මම මේ ගැන ගාල්ල පොලීසියට පැමිණිලි කළා. පොලීසිය දැන් පරීක්ෂණ අරඹලා තියෙනවා . ළඟදීම බොරු කාරයෝ අහුවේවි, ෆයිසාල් මහතා සිය විශ්වාසය පළකොට සිටියා.

හෝටලයේ අරක්කැමියකු ලෙස සේවය කරන යූ.එම්.ජී. ජගත් කුමාර මහතා. මම මේ හෝටලයේ අවුරුදු 15 ක් තිස්සේ වැඩ කරනවා. මේ වඳ බෙහෙත් කථාව අමූලික බොරුවක්. මම කන්නේ බොන්නෙත් ගෙදර අයට ගෙන යන්නෙත් මේ හෝටලයේ කෑම. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. බිරිදට තව ළමයෙක් ලැබෙන්නත් ඉන්නව. එහෙනම් මමත් වඳවෙන්න එපාද. මගේ ගම නාගොඩ. අපේ ගම්වලින් පවා කන්න එන්නේ මේ හෝටලයට.

අරක්කැමි ටී.එල්. කරුණාතිලක මහතා - මමත් මේ හෝටලයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වැඩකරනවා. මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංහල අය. මේ කඩේ කැම ඉතාම පිරිසිදුවට තමයි පිළියෙල කරන්නෙ. අඩුම තරමින් මේ හෝටලයේ අජිනමොටෝවත් පාවිචිචිකරන්නේ නෑ.

මේක හරිම අසාධාරණ ප්‍රචාරයක්. මගේ දරුව යන්නේ නාගොඩ රෝයල් එකට. ඉස්කෝලේ මිස් අපේ ළමයා පන්තිය ඉස්සරහට ගෙනල්ල මම වැඩකරන්නේ මේ හෝටලයේ බව කියල ළමයට ලජ්ජ කරල තියෙනව. මේව හරි වැරදි වැඩ. හෝටල් සේවක ජී.පියසේන මහතා. මම මේ හෝටලයේ අවුරුදු 21 ක් වැඩකරනවා. මම කරන්නෙ වේටර් වැඩ. කරාපිටිය රෝහලේ දොස්තර මහත්වරු බොහෝ දෙනෙක් කෑම කන්නේ ගෙනියන්නේ මේ හෝටලයෙන්. එහෙම මොනව හරි බෙහෙත් දානව නම් ඒ දොස්තර මහත්වරුන්ට අහුවෙන්න එපායැ!. දොස්තර මහත්තුරු මේ හෝටලයට එන්නේ මෙහි තියෙන පිරිසිදුකම නිසයි.

හොටෙල් සේවක මුත්තුසාමි බාලචන්ද්‍රන් - මම අවුරුදු 13 ක් තිස්සේ මෙහෙ තමයි වැඩ කරන්නේ. කෑම පාර්සල් බෙදල ඔතල දෙන එක තමයි මම කරන්නේ. මම එන්නේ වඳුරඹ කටඹුරාවේ ඉදල. දැන් කැම කන්න එන අය ගොඩක් අඩුයි. භාගෙට භාගයක් අඩුයි. අපේ රස්සාත් නැතිවෙයිද කියල බයයි. අදත් දෙන්නෙක් රස්සාව දාල ගියා බයේ.

එම්.ජේ.එම්.චයිනිස් රෙස්ටූරන්ට් හි ප්‍රධාන සේවක සමීර සමීර සම්පත් මහතා - මම චියිනීස් කෑල්ලේ ස්ටුවර්ඩ් ලෙස තමයි වැඩකරන්නේ.

අවුරුදු 5 ක් වෙනව වැඩට ඇවිල්ල. මේක අමූලික මඩ ප්‍රචාරයක්. මේ රෙස්ටූරන්ට් එකට මාපලගම, නාගොඩ, යක්කලමුල්ල, දුර ප්‍රදේශවලින් පවා එනව කෑම කන්න. මෙකෙ කෑම තරුණයන් අතර ඉතා ජනප්‍රියයි.

ඉහත සේවකයන්ට අමතරව එම හෝටලය ඉදිරිපිට විවිධ ව්‍යාපාරවල නියැළෙන කිහිප දෙනෙක් ද අප සමග සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ අතර ඒ සියලු දෙනාම පැවසුවේ එම වඳ බෙහෙත් කථාව ප්‍රබන්ධයක් බවත් දේශප්‍රේමයේ නාමයෙන් දියත් වූ ව්‍යාපාරික කුමන්ත්‍රණයක් බවත් ය.

ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ වසා මුද්‍රාතැබූ බවට ප්‍රචාරයවූ රිස්ලාට් හෝටලයේ අයිතිකරු එම්. නුවයිසර් මහතා- මම රිස්ලාට් හෝටලය කළේ එම ස්ථානය කුලියට අරගෙන. බද්ද ඉවර වුණා. ඒ වගේම ඒ පැත්තට බිස්නස් නෑ. මම ඊට ඉස්සරහ පැත්තෙන් අලුතෙන් කඩයක් බදු අරගෙන බාෂා නමින් අලුත් හෝටලයක් පටන් ගත්තා. එහෙම නැතිව මගේ හෝටලයට සීල් තිබ්බේ නෑ.

ප්‍රචාරයෙන් වූ විනාශය

මේ අය බොරු ප්‍රචාරය කළ නිසා ඒ පරණ හෝටලයත් මුළු දවසෙම ඇරල තමයි තියෙන්නේ. එතකොට ඕන කෙනකුට බලාගන්න පුළුවන් නේ සීල් තියලද නැද්ද කියල.

මේ වැරදි ප්‍රචාරය නිසා පසුගිය දවසක කටිටියක් අපේ පරණ කඩේට පැට්‍රල් බෝම්බයක් ගැහුව. මම ඒ ගැන ගාල්ල පොලීසියට පසුගිය 13 වෙනිද පැමිණිලි කළා. පැමිණිලි අංකය CIB – 253/418. ඒ වගේම තවත් පැමිණිල්ලක් කළා. කඩේ සීල් තියල කියල දාපු ෆේස් බුක් පෝස්ට් එක සම්බන්ධයෙන් . එකෙ අංකය CIB – 231/ 120 යි. මම හිතනව පොලීසිය මේ සම්බන්ධයෙන් ඉක්මනින් කටයුතු කරාවි කියල.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ගාල්ල පොලීසියෙන් කළ විමසීමේදී දැන ගන්නට ලැබුණේ එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බවත් දැනටමත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයට අවශ්‍ය දැනුම් දීම්කර ඇති බවත්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය බද්දේගම සමිත හිමි සදහන් කළේ එම ප්‍රචාරය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින්ම විමර්ශනයක් කළ බවත් එම ප්‍රචාරය හිතාමතාම ඊනියා ව්‍යාජ දේශප්‍රේමීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කළ සියුම් වෙළද කුමන්ත්‍රණයක් බවයි.

mjm-thalaal-hotel-workers

සටහන හා ඡායාරූප මහින්ද පී.ලියනගේ - ගාල්ල මධ්‍යම විශේෂ

--------------------------------------------------------------

වඳභාවය ඇති කරන බෙහෙත් කොහෙවත් නැහැ

ariyasena-u-gamage-dr

කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇතිකරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා ඇත්තේ නැහැ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාරවලට රැවටීමෙන් වැළකිය යුතුයි.

ආහාරයට විවිධ දේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන්, ජෙල් වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇති කළ නොහැකිය. වඳභාවයට හේතුව කෙනෙකුගේ ජානමය තත්ත්වයයි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

උපත් පාලනය හා පවුල් සැලසුමත් වදභාවයට හේතුවන කාරණා නොවෙයි.

අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා. තමන්ට කැමැති ආකාරයට දරුවන් ලබාගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි. ඊට රජයේ අනුමැතියද තිබෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් මේ සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යයක්ම ඒවා පිළිගෙන තිබෙනවා. ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් ති‍බෙනවා.

පවුල් සැලසුමකට යන්නේ අවශ්‍ය අයගේ අවශ්‍යතාව මත පමණයි. වඳභාවය හා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවක් නැහැ. ජනගහන වර්ධනය ගැන ජාතීවාදී පදනමින් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැලඳුම් අතර සබඳතාවක් නැහැ. ඒ වගේම වඳභාවය ඇතිකරන්න පුළුවන් කිසිදු බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.

දුමින්ද සම්පත් (දිනමිණ)

ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට 'ප්‍රථම වරට' සමාන වැටුප්

female-football-players

සිය රට නියෝජනය කිරීම වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට සමාන වැටුප් ගෙවන බව නෝර්වේ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

ඒ අනුව මෙතෙක් ක්‍රීඩිකාවන්ට ගෙවනු ලැබූ ක්‍රෝන් මිලියන 3.1 ක මුදල (පවුම් 296,845) මුදල ක්‍රෝන් මිලියන 6 (බ්‍රිතාන්‍ය පවුම් 574,540) දක්වා දෙගුණයකට ආසන්න මුදලකින් ඉහළ දැමීමට නියමිතය.

එයින් ක්‍රෝන් 550,000 ක් (පවුම් 47,875) ලබා දෙන්නේ සහෝදර පාපන්දු ක්‍රීඩකයන් විසිනි.

වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලැබෙන ආදායමෙන් ක්‍රීඩිකාවන් සඳහා ඒ මුදල වෙන් කරනු ලැබ තිබේ.

"ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ පියවර ගැනීම ගැන ස්තුතියි," නෝර්වේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා කැරලයින් ග්‍රැහැම් හැන්සන් (Caroline Graham Hansen) සඳහන් කළාය.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රීඩකයන්ගේ ඡායාරූපයක් පළ කළ කැරලයින් ග්‍රැහැම් හැන්සන්, ඇතැම්විට ක්‍රීඩකයන්ට එය ඉතා සුළු පියවරක් විය හැකි වුවත්, ඔවුන්ගේ වේතනයෙන් ඒ මුදල අඩුවීම නොදැනෙන සුළු ප්‍රමාණයක් විය හැකි වුවත්, "ක්‍රීඩකයන් හා සමානවම ක්‍රීඩාවේ නිරත වුවත්, ක්‍රීඩකයන්ට වඩා අඩුවෙන් වැටුප් ලබන" තමන් ඇතුළු සියලු ක්‍රීඩිකාවන්ට එය ඉතාමත් වැදගත් පියවරක් බව ද සඳහන් කරන්නීය.

"සමාන වැටුප් ලැබීම ඔබ අගය කිරීම මගේ දෑස් තෙත් කරනවා. මට ඔබ සියලු දෙනා වැළඳ ගන්න හිතෙනවා," යනුවෙන් ද ඇය හැඟුම්බරව සටහන් කර තිබුණි.

ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ක්‍රීඩිකාවන් සමාන වැටුප් ලැබූ ප්‍රථම අවස්තාව මෙය විය හැකි බව නෝර්වේ පාපන්දු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සම්මේලනයේ ප්‍රධානී ජෝචිම් වෝල්ටින් (Joachim Walltin) පවසයි.

"නෝර්වේ කියන්නේ සමානාත්මතාව ඉහලින්ම අගය කරන රටක්. ඒ නිසා මේක පාපන්දු ක්‍රීඩාවට වගේම අපේ රට වෙනුවෙනුත් ඉතාමත්ම යහපත් පියවරක්," ඔහු පැවසීය.

සිය වැටුප් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක පාපන්දු සම්මේලනය සමග හටගෙන තිබෙන මතභේදයක් හේතුවෙන් ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ පසුගියදා වැඩ වර්ජනයක නිරත වූහ.

අර්බුදය විසඳීම පිණිස සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ක්‍රීඩිකාවන්ට ගෙවීමට ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ යෝජනා කළ නමුත් පාපන්දු බලධාරීහු එය ප්‍රතික්ෂේප කළහ.

ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවන්ගේ වැටුප් සම්බන්ධ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නැත. (බීබීසී)

09 October, 2017

වැටි වැටී පණ අදින අපනයන ආදායමට ඔක්සිජන් දෙන්න පුළුවන් වෙයිද?

spicy-food

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබේ. වසර 2020 වන විට මෙම ආදායම තහවුරු කරගත යුතු බව දක්වයි. ඉලක්ක පෙන්වන්නට බැරිකමක් නැත. ඒවා සාර්ථක කර ගැනීම අපහසුය. කුඩා නිෂ්පාදන ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව විකුණන්නේ මොනවාද? ගැටලුව එතැනය. අපනයනයෙන් තොරව රටට පැවැත්මක් නැත. එයට හේතුවක් තිබේ. අපනයනයෙන් විදේශ විනිමය ලැබේ. මෙරට ආනයන වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනේනේ එකී විදේශ විනිමයයි. මෑත දශක දෙකක කාලය තුළ අවස්ථා ගණනාවකදී ආනයන ආදායම හා අපනයන වියදම පාලනය කරගැනීමට රටට හැකියාවක් ලැබුණේ නැත. ගෙවුම් ශේෂ අර්බුදය එහි ප්‍රතිඵලයයි. රුපියලේ අගය අඛණ්ඩව අවප්‍රමාණය වීම රටට ප්‍රමාණවත් විදේශ මුදල් නැතිවීමේ එක්තරා භයානක පැත්තකි. අනෙක් පැත්ත විදේශ සංචිත පිරිහීමයි. මෑත කාලය තුළ දෙවතාවකදී ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්නට රටට සිදුවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය නොලැබුණේ නම් රටට අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම වළක්වනු නොහැකිය.

වර්තමානයේ මෙරට අපනයන ආදායම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වන විට ආනයන වියදම එයින් දෙගුණයකි. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 20කි. මෙම පරතරය පියවා ගැනීම අපහසුය. රටට ලැබෙන සංවර්ධන ආධාර, විදේශ ණය සහ අවසාන වශයෙන් සංවර්ධන බැඳුම්කරවලින් ලබා ගන්නා විදේශ විනිමය ආනයන වෙනුවෙන් මිශ්‍ර කරගන්නට රටට සිදුවී තිබේ. එය එතරම් සුබදායක දෙයක් නොවන නමුත් භාණ්ඩාගාරයට කළ හැකි අන් යමක් නැත. අපනයන ආදායම ආනයන වියදම හා සමාන කරගන්නට තැත් කරන්නේ එයට උත්තරයක් වශයෙන්ය. නමුත් මෙරට ආර්ථික රාමුව අනුව අපනයනය වෙනුවෙන් යමක් නිපදවා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් නැත. ලෝක වෙළෙඳපොළ වෙනුවෙන් නිපදවිය හැකි කවර දෙයක් දැයි විමසා බැලීම වැදගත්ය.

2007 සිට 2017 දක්වා අවුරුදු 10ක් මෙරට සමස්ත අපනයන අංශයෙන් සියයට 40ක ප්‍රතිශතයක් උසුලන්නේ ඇඟලුම් කර්මාන්තයයි. 2016දී එයින් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කි. ඇඟලුම් අපනයනය නරක නැත. නමුත් එහි නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය සියලු දේ පිටරටින් ගෙන්වයි. ඒ වෙනුවෙන් පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවයි. ශ්‍රී ලංකාවෙන් යොදවන්නේ ශ්‍රමය පමණකි. ඇඟලුම් කම්හල් බරපතළ ශ්‍රම අර්බුදයකය. මෙරට ඇඟලුම් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ ඇමෙරිකාව හා බි්‍රතාන්‍යයි. යුරෝපා සංගමයට අයත් රටවල එහි මිලදී ගැනීම සීමිතය. දෙවැනුවට වැඩිම අපනයනය කරන්නේ තේ නිෂ්පාදනයයි. ඒවා යැවෙන්නේ ඉරානය, රුසියාව, ඉරාකය, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවලටය. 2011 සිට 2016 වන විට මෙරට තේ අපනයනයේ දායකත්වය 17%ක සිට 12% දක්වා පසුබෑමකය. තේ අපනයනයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ විනිමය ප්‍රමාණයකි. රබර් හා පොල් වැනි දේ මඟින් උපයාගත හැකි මෙයට වඩා අඩු ආදායමක් බව සඳහන් කළ යුතු නැත. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනය මෙරට වර්ධනය කරගත හැකි අංශයකි. ඒවා ගන්නේ ස්විස්ටර්ලන්තය, බි්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල්ය. එයද ජාතික අපනයනයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහක සිට තුන දක්වා අඩුවීමක් පෙන්වන බව 2016 අපනයන ප්‍රගති වාර්තාව දක්වයි. කුරුඳු හා කුළුබඩු වැනි සාම්ප්‍රදායික ද්‍රව්‍ය අපනයනයෙන් රටට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ සුළු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කම් පෙන්වන ආකාරයට මෑත කාලය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම බරපතළ ලෙස සීමා වී තිබේ. 2000 වසරේ මෙරට අපනයන ආදායම දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 33ක්ව තිබිණි. 2011 එය සියයට 18ක් දක්වා පහත වැටී තිබේ. 2014 වසරේ දත්ත නිල වශයෙන් නිකුත් වන විට එය සියයට 10 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. මෙය දකුණු ආසියාවේ අඩුම අපනයන ආදායමක් උපයන රටක් බවට පත්වීමේ අමිහිරි තත්ත්වය බව පැහැදිලිව සඳහන් කිරීමට අවශ්‍යය. ආසියාවේ රටවල් කිහිපයක අලුත් තොරතුරු සමඟ සසඳන විට මෙරට අපනයන අංශය මුහුණ දී ඇති ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැත. සිංගප්පූරුවේ අපනයන අදායම එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 110 ගුණයකි. වියට්නාමයේ එය 78.4ක් සහ තායිලන්තයේ සියයට 67.3ක් බව දැක්වෙයි. ඒ අනුව මෙරට අපනයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් බව පෙන්නුම් කිරීම මෙරට ආර්ථිකය මැන ගැනීමට සාධකයක් බව වටහා ගැනීම සුදුසුය.

අද ආර්ථිකය අලුත් යුගයක් හමුවේ සිටී. යුද ගැටලු නැති රටක නිෂ්පාදනය වැඩි කළහොත් අපනයනය වෙනුවෙන් යමක් අලුතින් නිපදවාගත හැකිය. නමුත් අද ලෝක ආර්ථික රටාව සංකීර්ණ එකකි. එහි අභියෝග එකිනෙකට වෙනස්ය. තරගකාරීත්වය, කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ජගත් ආර්ථිකයේ පදනමයි. ලෝකයේ තරගකාරීව නිපදවන රටවල් සිය නිෂ්පාදන ආර්ථිකය පසුබාන විට එයින් මිදෙන්නට ප්‍රතිසංස්කරණ විධි අනුගමනය කරන අතර එය තවත් තරගකාරීත්වයට යොමු වන ආකාරයේ එකකි. එම පසුබිම තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තව තවත් අසීරු තත්ත්වයකට පත් වෙමින් තිබේ.

රටට විනිමය උපයාගත හැකි ආකාරයට අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් ළඟාකර ගැනීම අවශ්‍යය. ආණ්ඩුව ඉලක්ක නියම කරන්නේ එහෙයින්ය. ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් පිරිහීම අනුව මෙම දෙපැත්තෙන් එකක් තෝරා නොගතහොත් අනාගතය අඳුරුය. ශ්‍රී ලංකාව තම අපනයනවලින් වැඩි ප්‍රතිශතයක් යවන්නේ බටහිර හා යුරෝපීය කලාපයටයි. එය මෙරට අපනයනවලින් සියයට හැටක පමණ ප්‍රමාණයකි. ලෝක ආර්ථික වර්ධනයෙන් අඩකට වඩා දායක වන සහ අති විශාල ජනගහනයක් සහිත ඉන්දියාව හා චීනයට මෙරටින් නිර්යා අපනයන කරන භාණ්ඩ ප්‍රමාණය සමස්ත අපනයනයෙන් සියයට 10ටත් වඩා අඩුය. ඉන්දියාව සහ චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කරන ශ්‍රී ලංකාව මෙම රටවලට අපනයනය කළ හැකි දේ මොනවාදැයි විමර්ශනය කර ඒවා මෙහි නිපදවන්නට වෑයම් නොකර ඉලක්ක සඳහන් කිරීම පලක් නැත. අලුතින් නැඟී එන ආසියාව දෙස වඩා අවධානයක් යොමු කිරීම අවශ්‍යය.

අපනයන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි තැන ක්‍රමයෙන් පිරිහෙන බවද මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. 2000 අවුරුද්දේදී ලෝක අපනයනයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය 0.08%ක් වූ අතර 2011දී එය සියයට 0.06 සහ 2012දී සියයට 0.05 දක්වා අඩු වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ලෝකයේ හොඳම සහ ජාත්‍යන්තරයට වැඩිම කුරුඳු ප්‍රමාණයක් අපනයනය කරන රට යන කාරණය සසල වෙමින් තිබේ. ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා යන නාමය ගිලිහෙමින් පවතින අතර තේ වෙළෙඳ පොළ සතු ශ්‍රී ලංකාවේ අයිතිකාරීත්වය ක්‍රමයෙන් පිරිහෙමින් තිබේ. ඇඟලුම් අංශයද බංගලාදේශය, මැලේසියාව වැනි රටවල් නතු කර ගනිමින් තිබේ. මේවා අපනයන ආදායම වැඩි කර ගැනීම ගැන සාකච්ඡා කරන විට අවධානයට ගත යුතු පැතිය.

අපනයනය වර්ධනය කර ප්‍රතිලාභ ලබන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. නිවැරැදිව, කාර්යක්ෂමව ජාත්‍යන්තර වෙළෙඳ පොළට උසස් තත්ත්වයේ භාණ්ඩයක් අඩු වියදමින් සැපයීම අවශ්‍යය. එය රජයට පමණක් කරන්නට හැකියාවක්ද නැත. රජය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්වලට ඉදිරිපත් විය යුතු අතර පෞද්ගලික අංශය ඒ වෙනුවෙන් මෙහෙයවන්නට පියවර ගැනීම වැදගත්ය. දෙස් විදෙස් ව්‍යවසායකයන් මෙම අංශය වටා එකතු විය යුතුය. රජය තමන්ට කළ හැකි ප්‍රතිපත්ති හා නීති රීති අලුතින් සම්පාදනය වැනි අංශ තෝරා ගත යුතුය. ස්ථාවර හා නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව අදාළ අංශ දියුණු වන විට ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සම්බන්ධ කිරීම පහසු වන අතර එයින් අවසාන දියුණුව ලැබෙන්නේ රටට හා සමාජයටය.

ශ්‍රී ලංකාවේ අපනයන අංශය අඩාල වන්නට බෙහෙවින් බලපා ඇත්තේ ශ්‍රමය, බලශක්තිය සහ ප්‍රවාහන පිරිවැය බව සඳහන් කළ යුතුයි. මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට එන විට වැඩ කරන ජනතාවට වැඩි වැටුප් ගෙවන්නට සිදුවෙයි. එය නිෂ්පාදන පිරිවැය වැඩි කරන එකකි. බලශක්තිය නිෂ්පාදන පිරිවැයට අදාළ කාරණයකි. රජයේ බදු නිෂ්පාදන පිරිවැයට එකතු වෙයි.

බැංකු පොලියද බරපතළ ලෙස දැනෙන සාධකයකි. මේවා නිසිසේ කළමනාකරණය නොකර ඉලක්ක පමණක් පෙන්වීම සාර්ථක තත්ත්වයක් නොවේ.

ශාමින්ද වත්තේගෙදර (මව්බිම)

විසිදාහකට ඉංග්‍රීසි උගන්වා පාරට වැටුණු ගුරුතුමා

w-george-sirimanna

වසර තිහක් තිස්සේ තමන්ට සවි ශක්තිය හා ධෛර්යය පවතින තෙක් විසිදහසකට පමණ වූ පරපුරක් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව උගැන්වූයේය. අමතර පංති ගුරුවරයකු වූ බදුල්ලේ නමුණුකුල ප්‍රදේශයේ උපත ලද ඩබ්ලිව්. ජෝර්ජ් සිරිමාන්න නම්වූ මේ මිනිසා තමාට කිසි දිනක කාත් කවුරුත් නැති මහමඟ අසල බස් මගී ආවරණ ගොඩනැගිල්ලක හුදකලා වන්නට සිදුවේ යැයි නොසිතන්නට ඇත.

ඔහුගේ දෛවය එය වීම පිළිබඳව ඔහුටද එක් අවස්ථාවක පුදුම සිතී තිබිණි. යහපත් දිවියක් ගත කළ ඔහු වෙනත් අමතර පංති ගුරුවරුන් මෙන් (ටියුෂන් ගුරුවරු) දරුවන්ගේ මුදල් අයථා ලෙස ලබාගත්තේද නැත.

මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි පාසලක් වූ කිංස්වුඩ් විදුහලේ වැදගත් මහත්මයකු ලෙස අධ්‍යාපනය හදාරා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින්ද දක්ෂතා දැක්වූ ඔහු මහනුවර නගරයේ කුලී නිවෙසක නේවාසිකව සිට ඇත.

ඉංග්‍රීසි භාෂාව අමතරව උගන්වමින් ලබාගත් සුළු මුදලින්ද ගෙවල් කුලී ගෙවූ නමුත් කාලයක් ගත වනවිට ආදායම් තත්ත්වය පහළ වැටී ආර්ථික වශයෙන්ද දැඩි දුෂ්කර තත්ත්වයකට පත්වීම නිසා තනිකඩයකු ලෙස ජීවත්වූ ඔහුට කුලී නිවසින්ද පිටව යන්නට සිදුවූයේ එම නිවසට මාසික ගාස්තුව පවා ගෙවීමට නොහැකි වූ නිසාය.

කුලියට සිටි ස්ථානයෙන් ඉවත්වන්නට සිදුවූ ඔහුට අවසානයේ තමන්ට කිසිදු ඥාතියකු නොමැති නිසාම මහමඟට වැටෙන්න සිදුවිය. රෝගී තත්ත්වයටද පත්වීමත් තමාගේ කියා කිසිවකු උපකාරයට නොසිටීමත් යන හේතු නිසාම දහස් ගණනකට ඉංග්‍රීසි දැනුම ලබාදුන් මේ අසරණ මිනිසා පන්සල්වලද වරින්වර නවාතැන් ගනිමින් තම දැනුම එම විහාරස්ථාන තුළදීද දරුවන් වෙනුවෙන් ලබාදී තිබේ. සුළු මුදලක් උපයා ගනිමින් එම විහාරස්ථානවලදී රැඳී සිටි ඔහුට කල්යත්ම ඔහුගේ අවාසනාව නිසාම එම ස්ථාන වලින්ද ඉවත් වන්නට සිදුවිය.

අම්මෙක් තාත්තෙක් සොහොයුරෙක් පවුලේ ළඟම ඥාතියෙක් හෝ නොසිටීම නිසා අවසානයේ ඔහු නවාතැන ලෙස තෝරා ගත්තේ මහමඟ බස් මගී ජනතාව අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ බස් රියක් පැමිණෙන තුරු රැඳී සිටීම සඳහා තනා තිබූ බස් මගී ආවරණ ගොඩනැගිල්ලකි.

පීඩාකාරී වුවද දුෂ්කර වුවද පැයක් දෙකක් හෝ නිදාගන්නට හැකි පසුබිමක් තිබූ මහනුවර ගන්නෝරුව හා ගැටඹේ ප්‍රදේශයට ආසන්න මහා මාර්ගයක් අයිනේ ඉදිකර තිබූ බස් මගී ආවරණ ගොඩනැගිල්ල අසරණ වූ මේ වයස්ගත ගුරු පියාට හොඳ නවාතැනක් විය. එහි සිමෙන්තියෙන් තැනූ බංකුව ඔහුගේ නිදියහන විය. දැඩි ශීතලෙන්ද අව්වැසි පින්නෙන්ද පීඩා විඳිමින් ඔහු එහි පදිංචි වූයේ ඉඳහිට අවට කාරුණික මිනිසුන්ගෙන් ලැබෙන උදව් උපකාර හා ආහාර වේලද පරිභෝජනයට ගනිමිනි.

බස් මගී ආවරණ ගොඩනැගිල්ල අසල ත්‍රිරෝද රථ ධාවනය කරමින් ජීවනෝපාය මාර්ග සලසා ගත් ත්‍රිරෝද රථ රියදුරු මහතකු මේ අසරණ මිනිසා පිළිබඳව සානුකම්පිත හැඟීමෙන් බලා ඔහුට අවශ්‍ය උදව් උපකාර කරමින් පිහිට වී තිබේ. කවුරුන් හෝ ලබාදෙන ආහාර වේලක් සුළු මුදලක් නිසා නොමියෙමින් ජීවත් වන්නට තමන්ට වරම් ලද බව ඔහු අප හා පැවසීය.

ඇතැම් අවස්ථාවල කුසගින්නට ආහාර වේලක් නොලැබුණු අවස්ථාද තිබුණු බවත්, එහෙත් තමා කිසිවකුට අත පා කිසිවක් නොඉල්ලූ බවත් ඔහු සඳහන් කළේය. අතට කීයක් හෝ ලැබුණහොත් උදේවරුවේ කිරි වීදුරුවක් පානය කිරීමට ඔහු දැඩි කැමැත්තක් දක්වයි.

ඔහු ගැන විස්තර සොයාබලා විපරම් කරන්නට කවුරුන් හෝ උත්සාහ ගත්තද ඔහු එයටද එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

කෙසේ හෝ මෙම අසරණ මිනිසා පිළිබඳව මුලින්ම තොරතුරු සොයාගත්තේ අප සහෝදර පුවත්පතක් වන දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන චන්දන නිශාන්ත උඩුවාවල මහතාය. මෙම අසරණ මිනිසා පිළිබඳ පුවත සොයාගත් ඔහු බස් හෝල්ට් එකේ දිවි ගෙවන ඉංග්‍රීසි ගුරු මහතා පිළිබඳව විස්තර සොයාගොස් ඔහු හා සුහදව කතාබහ කොට ඔහුගේ ජීවිතයේ මතකයන් විමසා බැලීය.

බස් නැවතුම් ආවරණය තුළ හුදකලා වී සිටි ටියුෂන් ගුරැතුමා පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් තොරතුරු විමසා දැනගත් මධ්‍යම පළාත් සභාවේ තරුණ මන්ත්‍රීවරයකු වන මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායක, උඩදුම්බර එජාප සංවිධායක චානක අයිලප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් සිරිමාන්න ගුරු මහතා සමඟ සුහදව කතාබහ කර ඔහුගේ ඉල්ලීම පරිදි ඔහුව හසළක ගුරුළුපොත සරණ වැඩිහිරටි නිවාසය වෙත රැගෙන ගොස් එම ආයතනයට බාරදීමට පියවර ගනු ලැබීය.

ආහාර පාන, නේවාසික පහසුකම් හා වෛද්‍ය පහසුකම් පවා සපයාදීමට හසළක තරුණ බෞද්ධ සමිතියේ සරණ වැඩිහිටි නිවාසයේ නිලධාරීන් පියවර ගනු ලැබුවේ මානුෂීය ක්‍රියාවකට දායක වූ මධ්‍යම පළාත් සභාවේ තරුණ මන්ත්‍රීවරයාට කරන ගෞරවයක් ලෙසටය.

ඉතා අසරණ වී සිටි තමන්ට ස්ථීර නිවහනක් ලබාදීමට කටයුතු යෙදූ මිනිසුන්ට පින්දුන් සිරිමාන්න ගුරු මහතා තමන්ගේ රෝගී තත්ත්වය සුව වූ පසු තමා ඉගෙන ගත් ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලයේ ප්‍රදේශයේ දරුවන්ට ලබාදීමටද පියවර ගන්නා බව ඇඬූ කඳුළෙන් යුතුව පැවසීය.

දේශපාලනඥයකු ලෙස චානක අයිලප්පෙරුම මහතා ඉටුකරන ලද මෙහෙවර ඉතා අගේ කළ සිරිමාන්න ගුරු මහතා යන එන මං නැතිව අසරණ වී සිටි තමන්ට ස්ථීර නිවහනක් ලබාදුන් සැමගේ ගෞරවය රකිමින් තමන් මෙම වැඩිහිටි නිවාසයේ ජීවත්වීමට අපේක්ෂා කරන බවද කීය.

මහනුවර නගරයේ උසස් පිරිමි විදුහලක අධ්‍යාපනය ලද ආදි සිසුවකු වූ සිරිමාන්න මහතා පිළිබඳව සොයාබලා ඔහු ඉගෙනුම ලැබූ සුපිරි විදුහලේ ආදි ශිෂ්‍ය සංගම් ඔහුට සළකන්නට අවස්ථාවක් තිබුණද එය පැහැර හැරී ගොස් තිබේ. බස් හෝල්ට් එක නිවහන කරගෙන සිටියදී තමාට තේ උගුරක් බත් වේලක් සඳහා උපකාර කළේ ත්‍රිරෝද රථ රියදුරු මහත්වරුන් බවද ඔහු අප හා පැවසීය.

විවාහයක් නොවීම නිසා ඔහුට සහකාරියකගේ සහායද අහිමි වී ගොස් තිබිණි. සමාජයට ආදර්ශයක් පෙන්විය හැකි මෙම ගුරු මහතා විවාහයක් වී දරුවන් සිටියේ නම් අඩුම ගානේ වතුර උගුරක් හෝ දීමට ඔහු ළඟ බිරිඳක් දරුවෙක් සිටිනු ඇත. එම වාසනාවද ඔහුට අහිමිව ඇත්තේ ඔහුගේ දෛවයේ සරදමක් ලෙසය.

වැඩිහිටි නිවාසයට ගිය මෙම අරසණ ගුරු මහතාගෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබු සිසුන් කොහේ හෝ උසස් තැනක සිටිනු ඇතැයි අපේ විශ්වාසයයි. ඔහුට කිසියම් පිහිටක් විය හැකි නම් ඒ ඇඳුම් පැළඳුම් ඖෂධ සුළු වශයෙන් සැපයීම බවද සඳහන් කළයුතුය.

♦ කතාව හා සේයාරූ I ජේ.ඒ.එල්. ජයසිංහ (දේශය)

විවිධාකාර කැක්කුම්

difficult-pains

පුරුෂයන් මුහුණ දෙන ලිංගික ගැටලු ගැන කරන කතාබහට ඇතුළත් වූ කරුණු වලින් වඩාත්ම බහුලව අසන්නට ලැබෙන්නේ ලිංගාශ්‍රිතව හටගන්නා විවිධාකාර වේදනා කැක්කුම් ගැනයි.

ශිෂ්ණය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ හේතුකොට හටගන්නා වේදනා කැක්කුම් හේතුවෙන් අපේ අය කැලඹීමට, භීතියට වගේම ලජ්ජාවටත් පත්වෙනවා. මේ නිසාම ඔවුන් විවිධ ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේදවල ගොදුරැ බවට පත්වෙනවා. එයින් නොසිතූ විරූ අසරණභාවයකට පත්වෙන්නත් පුළුවන්.

ශිෂ්ණය ආශ්‍රිතව හටගන්නා විවිධ කැක්කුම් සහ එයට හේතු මෙන්ම ඒ සඳහා ගත හැකි ප්‍රතිකාර ගැන පොදුවේ කතාබහ කරන්නට හිතුවේ ඒ මගින් තමන්ට ඇති යථා තත්ත්වය තේරුම් ගෙන නියම ප්‍රතිකාර සඳහා යොමු වීමට උනන්දු කරවීම සඳහායි.
ශිෂ්ණයේ වේදනාවක් හටගන්නට මුල්වන කාරණාවක් හැටියට අපි මුලින්ම සඳහන් කළ යුත්තේ පසුගිය සතියේ කතා කළ පෙරසම පිටුපසට නොයාම හෙවත් පයිමෝසිස් තත්ත්වයයි. එයට ප්‍රතිකාරය ලෙස දැක්වූයේ සුන්නත් කිරීම හෙවත් සර්කම්සිශන් සැත්කමයි.

ඊළඟට පෙරසම ශිෂ්ණයට බැඳී ඇති ප්‍රිනියුලමය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී නූල කියලා හඳුන්වන කොටස තද සහ කෙටි නම් එවිටත් කැක්කුම හටගන්නවා. එහිදී සැත්කමක් මගින් සහනයක් සැලසෙනවා.

ලිංගික ක්‍රියාවලියේ දී වේදනාකාරී බවක් ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් තමා යෝනි මාර්ගයේ වියළි බව. මෙහිදී ජෙලි හෝ වෙනත් ලිස්සන සුළු ආලේපනයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුයි.

පුරුෂ ලිංගයේ වේදනාවට හේතුවන තවත් එක් හේතුවක් තමා ලිංගික හර්පිස් රෝගය. මෙම රෝගය නිසා හටගන්නා වේදනාකාර බිබිලි දමා ඇතිවිට නිර්දේශිත ක්‍රීම් භාවිතා කළ යුතුයි.

ගොනෝරියා, වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් හටගැනීම හෝ මුත්‍රා ආසාදන නිසාත් කැක්කුම් ඇති වෙනවා. එහිදී වෛද්‍යවරයකු හමුව සුදුසු ප්‍රතිජීවක භාවිතා කළ යුතුයි.

පිරිමින්ට මාරකයක් හැටියට නිතර කතාබහට ලක්වෙන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ආසාදන හේතුවෙනුත් කැක්කුම් හටගන්නවා. එහිදීත් ප්‍රතිජීවක තමා ප්‍රතිකාරකය. හැබැයි වෛද්‍ය අනුමැතිය යටතේ තමා එය භාවිතා කළ යුත්තේ.

ශිෂ්ණ මුණ්ඩය වණවීම නැත්නම් Balanitis බැලනටිස් ගැන අපි කතා කළා. මේකත් වේදනාවට හේතුවක්. මෙහිදී ප්‍රතිජීවක ලබාගත යුතු අතර, රෝගයට හේතුව දියවැඩියාව නම් එය දැන ප්‍රතිකාර ගත යුතුය. ප්‍රිපැසිසම් හෙවත් දිගටම ප්‍රාණවත්ව තිබීමේ තත්ත්වය ගැන අපි කලින් කතා කළා. ඒ සඳහා ශල්‍යකර්මයක් මගින් රුධිර කැටියක් ඇත්නම් ඉවත් කළ යුතුයි. ඊළඟට රුධිරගත රෝගයක් වේ නම් සුදුසු වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ගත යුතුයි.

සමහර විට ශිෂ්ණයේ කඳෙහි එක් පැත්තක් ප්‍රදානයට පත්විය හැකියි. එවිට කැලලක් ඇති වී එය මඳක් ඇදවිය හැකියි. මෙයට කියන්නේ පෙරෝනිස් රෝගය කියලයි. මෙහිදී ඇද වූ ලිංගය ප්‍රාණවත් වන විට වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ සඳහා මෙගා විටමින් මගින් ප්‍රතිකාර ලබා දෙනවා. තවත් වෛද්‍යවරු මෙහිදී සැත්කමක් කළ යුතු බව තීරණය කරනවා.

මුත්‍රා දැවිල්ල, ඇස් රතු වීම සහ හන්දිපත් රුදාව සමග ශිෂ්ණයෙන් සැරව වැනි දියරයක් පිටවෙනවා නම් එය රෝගයක් බව සිහි තබාගන්න. රයිටර්ගේ සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මේ රෝග ලක්ෂණ එකතුව සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කළ යුතුයි. හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒවා ගත යුතුයි. ශිෂ්ණයේ පිළිකා හෝ වෙනත් ගෙඩියක් නිසා හටගන්නා වේදනාවට ඇති එකම ප්‍රතිකර්මය වෛද්‍ය උපදෙස් මත සැත්කමකට ලක්වීමයි.

උපදෙස් / විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (දේශය)

මේ මාගේ අන්තිම උත්සාහයයි - මහේල

mahela-jayawardene

කඩාවැටුණු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩගැනීමේ අවසන් උත්සාහයට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මහේල ජයවර්ධන පසුගිය අඟහරුවාදා පළමු පියවර තැබීය. ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ ක‍්‍රිකට් උපදේශක කමිටුව එදින ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පළමුවරට හමුවිය.

එම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු සහභාගි වූහ. මහේල ජයවර්ධන සාකච්ඡාවෙන් පසුව දැක්වූ අදහස් අනුව ඔහු තුළ මෙම කමිටුව පිළිබඳවද සැකයක් නැතැයි කිව නොහැක.

එහිදී මහේල මෙසේ පැවසීය.

“මේක මගේ නම් අවසාන උත්සාහය. මම කථාකරලා තමයි මේ ස්ථානයට ආවේ. ඇමතිතුමාට දැනුම් දීලයි. මොකද මට ලොකු කලකිරීමක් තියෙනවා. මම හිතනවා මේක මගේ අවසාන උත්සාහයයි.”

“අපි පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැළසුම් ක‍්‍රියාවට නංවන්න ඕනේ ඔවුන්. අපි හිතනවා ඒ විදියට වෙයි කියලා. එහෙම නොවුණොත් අපේ කාලය වැය කිරීමෙන් කිසිම පළක් වෙන එකක් නෑ. මම ගියවර අවුරුද්දක් වගේ කාලයක් ගත කළා. සැළැස්මක් ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම් එපමණ කාලයක් වැය කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මාස තුනක් ඇතුළත සැළැස්මක ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණොත් මග හැරලා යන්න වෙනවා.”

“එහෙම වුණොත් මම නම් පෞද්ගලිකව නැවතත් ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන අදහසක් දක්වන්න කැමති නෑ. අපිට පුළුවන් දේ තමයි මේ කරන්නේ. හැමදාම අඬගහන අඬගහන වෙලාවට ඇවිල්ලා පැලැස්තර අලවන එක නොවෙයි වෙන්න ඕනේ. මෙය කමිටුවේ සාකච්ඡාවක් නොවෙයි. අපි දැනගන්න ඕනේ ක‍්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. අපි ඉදිරියේදී කමිටුවක් හැටියට සාකච්ඡා කරනවා.”

“අපි පළමුවෙන්ම කෙටි කාලීන සැළැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කෙටි කාලීන සැළසුම් ස්ථාවර කිරීමට දිගුකාලීන සැළසුම් තියෙනවා. අපිව පත්කරලා තියෙන්නේ අදහස් විමසලා සැළසුමක් ගන්න නමුන් එය ක‍්‍රියාත්මක කිරීම ක‍්‍රීඩා අමාත්‍යංශයේ කාර්යයක්. අපි බලාපොරොත්තු වෙනවා එය ඒ විදියට වෙයි කියලා.”
මහේල ජයවර්ධනගේ අදහස් දැක්වීමට අනුව මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක් නොවන බවත් ඒ හේතුවෙන් ඔහු ඊට සහභාගි වූ බවත් පැහැදිලි වේ.

මහේල ජයවර්ධන එහිදී පැවසුවේ තමන් ක‍්‍රීඩා ඇමතිවරයාට දුරකථනයෙන් සහ හමුවී දැනුවත් කර පැමිණි බවයි. එයින් පැහැදිලි වන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනාව අහක දැමිය නොහැකි තත්ත්වයක් තුළ ඔහු මෙම කමිටුව නියෝජනය කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ කුමාර් සංගක්කාර පැවසුවේ ද මෙම කමිටුව ස්වාධීන එකක් බවයි.

“මෙය ස්වාධීන කමිටුවක්. මෙහි වඩාත් වැදගත් වෙන්නේ ඉදිරියට වෙන්නේ මොකද යන්නයි. මම හිතන්නේ හොඳ යෝජනා ටික අපි ක‍්‍රීඩා අමාත්‍යංශයට බාර දුන්නට පසුව හොඳ නම් ක‍්‍රියාත්මක වෙයි” සංගක්කාර පැවසීය.

aravinda-sangakkara-thilankga

මෙම හමුව අවසන් වීමෙන් පසුව මහේල, සංගක්කාර සහ අරවින්ද ක‍්‍රීඩා අමාත්‍යංශයේ රථගාල තුළ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීම කැපී පෙනුණි.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුව අවසානයේ පැවසුවේ මහේලගේ අවසන් අවස්ථාව අපතේ නොහරින බවයි. මෙහිදී මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනා කරනවාට සැක නැත. ඒ සඳහා ක‍්‍රිකට් ලොක්කන් නම් කිසිදු කැමැත්තක් නොමැති බව විශ්වාසයෙන් කිය හැකිය. එය එසේ වුවහොත් එය මෙම කමිටුවේ අවසානයද විය හැකිය.

මෙම කමිටුවද ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් පත්කරන සෙසු කමිටු මෙන්ම වාර්තාවලට සීමා වන එක්ක වේද යන්න බලා සිටීම පමණක් ක‍්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කළ හැකිය.

I සටහන: යොහාන් භාසුර (දේශය)

08 October, 2017

"මේ ලංකාවම ද ?" සංචාරකයෙකුගේ කැමරාවක සටහන්ව වසර තිස් හතකට පසුව හමුවූ ශ්‍රී ලංකාවේ අතීත ඡායාරූප එකතුවක්

past-photos-in-sri-lanka

1980 දශකයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ පෝලන්ත ජාතිකයෙකු විසින් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප එකතුවක් පහතින්.

past-photos-in-sri-lanka