16 September, 2017

“ආදරෙයි අම්මේ ගොඩක් – ලෝකේ හොඳම කෙල්ල හිටියේ මට” වැඩිම ආදරේ දෙන්නාගැන FB දාලා දිවිනසාගත් පොලිස් තරුණයා

Lakamal-Priyantha

සිය සේවා පිත්තෝලයෙන් වෙඩි තබාගෙන බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් විද්‍යාලයේ රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගේට්ටුව අසල ඇති ආරක්ෂණ කුටිය තුලදී, අද උදෑසන 7.00ට පමණ මොහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලක්මාල් ප්‍රියන්ත නමැති අම්පාර වීරගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවරිදි තරුණයෙකු වන ඔහු ආරක්ෂක විද්‍යාලයට අනුයුක්තව රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වනවා.

ලක්මාල් ප්‍රියන්ත දක්ෂ ගායකයෙකුද වන බැවින් බොහෝ දෙනෙක් දැන සිටි අයෙක්.



ප්‍රේම සම්බන්ධතාවයක් බිඳියාමෙන් ඇති වූ හිත් රිදීමක් මත ඔහු මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති බවට සාධක රැසක් පවතිනවා.

දිවිනසාගැනීමට පැය කිහිපයකට පෙර ඔහු ෆේස්බුක් සමාජජාලය ඔස්සේ කනගාටුදායක සංවේදී නිර්මාණ කිහිපයක්ම පළ කරමින් සිය නික්මයාම ගැන හැඟවීමක් සිදුකර තිබුණා.

එලෙස එක්කළ නිර්මාණ අතර සිය පෙම්වතිය ලොව හොදම පෙම්වතිය බව දැක්වෙන නිර්මාණක් ද ඇති අතර ලක්මාල් අවසන් වරට සිය මව සමඟ ගත් ජායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් “ආදරෙයි මම අම්මේ ඔයාට ගොඩාක්” යනුවෙන් සංවේදී සටහනක් තබා තිබෙනවා.





කෙසේ වෙතත් පසුගිය කාළය පුරාම ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා පළකළ නිර්මාණ අතර ඔහු අතින් ද වැරදි සිදුවූ බවට හැඟෙන නිර්මාණද ඇති අතර, එක් නිර්මාණයකින් සඳහන් කර තිබුණේ සිය පෙම්වතිය ඔහුව නිවැරදි කිරීමට උත්සාහ කළද නොදැන හෝ තමන් අතින් වැරදි සිදුවූ බයි.



මියගිය ලක්මාල් ප්‍රියන්ත තරුණයාගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Lakamal-Priyantha

Lakamal-Priyantha

Lakamal-Priyantha

Lakamal-Priyantha

Lakamal-Priyantha

Lakamal-Priyantha

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“ආදරෙයි අම්මේ ගොඩක් – ලෝකේ හොඳම කෙල්ල හිටියේ මට” වැඩිම ආදරේ දෙන්නාගැන FB දාලා දිවිනසාගත් පොලිස් තරුණයා"

    Post a Comment