08 August, 2017

'ගිනි අවුලා' ගිනි නිවන භටයෝ

Fire fighters

හිතා මතා ගිනි ඇතිකළ බවට සැක පිට, ගිනි නිවන ස්වේච්ඡා භටයන් 15 දෙනෙකු ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම ස්වේච්ඡා භටයන්ට වැටුප් ලැබෙන්නේ ගින්නක් නිවීම සඳහා සහභාගී වුවහොත් පමණි.

ඊට අවස්ථාවක් ලබා ගැනීම සඳහා මෙම ස්වේච්ඡා භටයන් සංවිධානාත්මකව ගිනි තැබීම් සිදුකොට ඇතැයි පොලිසියට සැක පහළ වී තිබේ.

දුරකථන ඇමතුමක්

ගින්නක් ඇතිකිරීමෙන් අනතුරුව එම භටයෙකු විසින් ම හෝ ඔවුන්ගේ ඥාතියෙකු ලවා මෙම කණ්ඩායමේ හදිසි දුරකථන අංකයට ඇමතුමක් ගෙන ඒ බව දැනුම් දෙනු ලබන බවට චෝදනා එල්ලවී ඇත.

මෙම ස්වේච්ඡා භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා ගින්නක් ඇතිකිරීම සඳහා තම සේවා මුරය මගහැර යන බවට ද සැක කෙරේ.

ඉතාලියේ සිසිලි ප්‍රදේශයේ සේවයේ නියුතු මෙම ස්වේච්ඡා භට කණ්ඩායම පිළිබඳව සැක පහළ වී ඇත්තේ ගිනි නිවීම සඳහා වෙනත් කණ්ඩායම්වලට වඩා වැඩි වාර ගණනක් මෙම කණ්ඩායම කැඳවා ඇති බැවිනි.

ගින්නක් නිවීම සඳහා සහභාගී වන ස්වේච්ඡා භටයන්ට පැයකට යූරෝ 10 බැගින් ගෙවීම් සිදු කරනු ලැබේ.
වරද පිළිගෙන?

ඉතාලියට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගස් වැල් වියලී ගොස් ඇති අතර නිතර දෙවේලේ වනගිනි වාර්තා වෙයි. ඇතැම් විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යයි. (104F)

ඉතාලියට අමතරව ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට ද මෙම ගිම්හාන සමයේ අසාමාන්‍ය උණුසුමක් හටගෙන තිබේ.

හිතා මතා ගිනි ඇති කළ බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති 15 දෙනාගෙන් වැඩි දෙනෙකු වරද පිළිගෙන ඇති බවට ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'ගිනි අවුලා' ගිනි නිවන භටයෝ"

    Post a Comment