09 August, 2017

‘‘මම බිව්වා මට දඩ ගහන්න කියන්න උසාවි දාන්න කියන්න මම බය නෑ‘‘ - රියදුරු පාසලේ රූමතිය පොලිසියට දාපු තග මෙන්න (Video)

Drunk Drive Lady

බීමතින් මොටර් රථයක්‌ ධාවනය කළ කාන්තාවක්‌ 04 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. තමා රියෑදුරු පාසලක සේවය කරන්නියක්‌ බව ඇය පැවසුවේ යෑයි පොලිසිය කියයි.

පිළියන්දල බෝකුන්දර හංදියේදී අපරීක්‍ෂාකාරී අන්දමින් පැමිණෙමින් තිබූ වෑන් රථයක්‌ නවතන ලෙසට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් අත දමා තිබේ.

එහිදී එම අණ නොතකා වෑන් රථය බෝකුන්දර පාරට දමා ධාවනය කර තිබේ. පසුව පොලිස්‌ නිලධාරීන් යතුරු පැදියෙන් ඒ පසුපස යද්දී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී නතර වී ඇත. එය බැලීමේදී වෑන් රථය තුළ බීමත් කාන්තාවක්‌ සිටිනු පොලිසිය දැක තිබේ.

මෙම කාන්තාව වැල්ලවත්ත පදිංචි 30 හැවිරිදි රූමත් තැනැත්තියක බව පොලිසිය කියයි.

මැය කැස්‌බෑව ප්‍රදේශයේ සාදයකට ගොස්‌ පැමිණෙමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම කාන්තාවට රියෑදුරු බලපත්‍රයක්‌ පවා නොතිබූ බව ද පොලිසිය කියයි.

මැය රියෑදුරු පාසලක්‌ පවත්වා ගෙන යන බව ද පොලිසියට පවසා ඇත.

මෙම කාන්තාව පිළියන්දල රෝහලට ඉදිරිපත් කර සිදුකළ පරීක්‍ෂාවේදී ඇය බීමත්ව ඇතැයි තහවුරු වූ බව ද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මැය පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තාමාට ලයිස්න් ඉන්ෂුවරන්ස් ඇති බවත්,උසාවියට ඉදිරිපත් කළද තමා බිය නොවන බවත් පවසමින් ඇය පොලීසියට තර්ජනය කළ බවද පැවසේ

මැයට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘‘මම බිව්වා මට දඩ ගහන්න කියන්න උසාවි දාන්න කියන්න මම බය නෑ‘‘ - රියදුරු පාසලේ රූමතිය පොලිසියට දාපු තග මෙන්න (Video)"

    Post a Comment