නිදහස් අධ්‍යාපනය කෙසේ හෝ සියලුම දරුවන්ට ලබාදීමේ ප්‍රයත්නය වඩාත් සුදුසු ය. නමුත් එය උසස් අධ්‍යාපනය දක්වා පැමිණිමේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල සහ වෙනත් තෘතීය මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනවලට බඳවාගත හැකි සිසුන් සංඛ්‍යාව සීමිත වේ. ඒ සදහා බලපානුයේ අරමුදල් හා පහසුකම් පිළිබද සීමාවන් ය. එම නිසා පළමු වසරේ සිට දහතුන වසර දක්වා ඉහළට මතුව එන තවදුරටත් ඉගෙන ගැනීමට කැමති විශාල සිසු පිරිසකට උසස් අධ්‍යාපනයට යොමුවිමේ ඉඩ ප්‍රස්ථාව ඇහිරෙනු ඇත.
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් යන්න ගැන මේ දිනවල සමාජයේ විශාල වශයෙන් කතා බහට ලක්වේ. නිදහස් අධ්‍යාපනය යනු 1940 දශකයෙන් පසුව ලාංකීය සමාජයේ මතුව ආ අදහසකි. අධ්‍යාපනය ලබාගැනීමට ඇති නිදහස ආරක්ෂා කිරීම සමාජයක් ලෙස අප කළ යුත්තකි. ලෝකයේ ප්‍රවනතාවය වන්නේද අධ්‍යාපනයේ නිදහස ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමය.
නිදහස් අධ්‍යාපනය කෙසේ හෝ සියලුම දරුවන්ට ලබාදීමේ ප්‍රයත්නය වඩාත් සුදුසු ය. නමුත් එය උසස් අධ්‍යාපනය දක්වා පැමිණිමේ දී රාජ්‍ය විශ්වවිද්‍යාල සහ වෙනත් තෘතික මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනවලට බඳවාගත හැකි සිසුන් සංඛ්‍යාව සීමිත වේ. ඒ සදහා බලපානුයේ අරමුදල් හා පහසුකම් පිළිබද සීමාවන් පැවතීම ය. එම නිසා පළමු වසරේ සිට දහතුන වසර දක්වා ඉහළට මතුව එන තවදුරටත් ඉගෙන ගැනීමට කැමති විශාල සිසු පිරිසකට උසස් අධ්‍යාපනයට යොමුවිමේ ඉඩ ප්‍රස්ථාව ඇහිරෙනු ඇත.
මානව සම්පත
එය විශාල මානව සම්පත් නාස්තියකි. ඔවුන් සියලුදෙනාම උසස් අධ්‍යාපනයට යොමුනොවන්නේ ඔවුන්ගේ නොහැකියාව නිසා නොවේ. මේ වෙනස තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. අතිබහුතරයක් දෙනා උසස් පෙළින් සරසවි ප්‍රවේශය සදහා අවශ්‍ය අවම සුදුසුකම් ලබාගන්නා නමුත් එයින් 15% -20% අතර ප්‍රමාණයක් පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනෙකුත් තෘතීය අධ්‍යාපනය සදහා බදවාගනු ලබයි. මේ තුළ උසස් පෙළ දක්වා කැදවාගෙන එන බහුතරයක් සිසුන් අතරමගදී ගිලිහීමක් සිදුවේ. එබැවින් මෙම දරුවන්ට උසස් අධ්‍යාපනය සදහා වරප්‍රසාදය ලබා දිය යුතුය.
ඒ සඳහා වෙළෙඳ පොළ ආර්ථිකයක් පවතින රටක් සමාජයක් ලෙස රාජ්‍ය ව්‍යවසාය තුළින් සකස් කර දිය නොහැකි අවස්ථා එම වෙළෙද පොළ ඉඩප්‍රස්ථා තුළින් ලබාගැනීම සිදුකරයි. ඒ සදහා පෞද්ගලික අධ්‍යාපන ආයතන, දෙස් විදෙස් සරසවි ලංකාවේ ක්‍රියාත්මක වියයුතුය. ඒ වෙළෙදපොළ අවශ්‍යතාව මත මෙන්ම ලංකාවේ ද්විතීයික අධ්‍යාපනයෙන් අතහැරෙන දරුවන්ට වෙනත් විකල්ප අවස්ථාවක් ලෙසට ය.
මෙරට දරුවෝ දිගු කාලයක් පුරා ඉතා කුඩා කල සිටම පෞද්ගලික අධ්‍යාපනයට හුරු වී සිටිති. දරුවන් කුඩා කල සිට අමතර උපකාරක පන්තිවලට, විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා සහභාගී වෙති. එවැනි වටපිටාවක් තුළ උසස් අධ්‍යාපනයට එන විට පෞද්ගලික අධ්‍යාපන ආයතන තර්ජනයක් යන තර්කය පිළිගත නොහැක. සිදුවිය යුත්තේ පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෞද්ගලික සියලුම අධ්‍යාපන ආයතන නිසි ලෙස යම්කිසි අධීක්ෂණයකට හා නියාමනයකට ලක්වීමය. යම්කිසි ප්‍රමිතිකරණයක් ඒ තුළ ඇති බවට සහතික කිරීම ද අවශ්‍යවේ. වෙළෙදපොල ආර්ථිකයක් නිවැරදිව ක්‍රියාත්මක වන සමාජයක පෞද්ගලික අංශයට අනවශ්‍ය ලෙස සීමා වැටකඩොළු ඇතිවන්නේ නැත. නමුත් රජය විසින් පෞද්ගලික අංශයේ ක්‍රියාකලාපය නිසි නියාමන රාමුවකට යටත් කිරීම හා අධීක්ෂණය සිදු කළ හැකිය. පෞද්ගලික දායකත්වය නිවැරදි ලෙස රැකගැනීම සදහා මෙම නියාමනය අවශ්‍ය වේ.
ලෝකයේ අනෙකුත් රටවල් ගත් කල වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින රටවල අධ්‍යාපනය සදහා විශාල වශයෙන් පෞද්ගලික අංශය සම්බන්ධ වී කටයුතු කරයි. ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වන හාවඩ්, ප්‍රින්සන්ස් වැනි විශ්වවිද්‍යාල තුළත්, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල තුළත් පෞද්ගලික ධනපතියන් විසින් ආරම්භ කළ රාජ්‍ය මැදිහත්වීමක් නොමැති විශ්වවිද්‍යාල පවතී. ඒ විශ්වවිද්‍යාල ඒ ඒ රටවල් වල තිබෙන උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණයන්ට නතුවීමක් සිදුවේ. නමුත් ඒ රටවල අධ්‍යාපන මට්ටම, ආචාර්යවරුන්ගේ කුසලතා සහ සියලුම නිර්ණායකයන්ගෙන් ඉදිරියෙන් සිටින්නේ එම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයි. එමෙන්ම සමාජවාදී නැඹුරුවක් තිබෙන රටවල් වල ද පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමට මේ වන විට අවසර ලබාදී තිබේ. මේ අනුව ධනවාදී, සමාජවාදී කදවුරු දෙකේම පෞද්ගලිකව අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සදහා ඉඩක් ලබාදී ඇත.
උසස් අධ්‍යාපනයට ප්‍රමිතිකරණයක් අවශ්‍යයය. ඒ ප්‍රමීතීන් එක හා සමානව රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනයට ආදේශ කිරීම හා එකම නිර්නායක මත තක්සේරු කිරීම කළ යුතුය. එවිට යම්කිසි ආකාරයක මෙම ප්‍රමිතීන් මත තමන්ගේ තත්ත්වය ඉහළ නංවාගැනීම ඔවුන් සියලුදෙනා තුළ උත්ප්‍රේරණයක් ඇති වේ. ඒ තුළ වර්තමානයේ පවතින ඇල්මැරුණු ස්වභාවයකින් පවත්වාගෙන යන රාජ්‍ය විශ්වවිද්‍යාල වල ජවයක් උනන්දුවක් ඇති වන්නට අවකාශය පවතී. නමුත් එය ක්‍රියාත්මක වන තුරු ලංකාවේ තත්ත්වය පිළිබදව කිව නොහැකි නමුත් ලෝකයේ අනෙක් රටවල රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතන ශ්‍රේණිගත කරන්නේ පොදුවේය. එම ශ්‍රේණිගත කිරීමේ දී පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්ට ඉහළ ස්ථානයක් හිමිවේ. ප්‍රමිතීන් ගැන දක්වන උනන්දුව, ආයෝජන ඉඩකඩ, පරිපාලනයේ දක්ෂතා මත ඔවුන්ගේ එම කැපීපෙනීම සිදුවේ. ඒ තුළ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවලටත් වක්‍රාකාරයෙන් උත්ප්‍රේරණයක් ඇතිවේ.
සාමාන්‍යපෙළ හා උසස්පෙළ සමත් වන්නට අමතර උපකාරක පන්ති වලට සහභාගී වී රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් ව “පෞද්ගලික උසස් අධ්‍යාපනය එපා එය වසා දමන්න” යැයි ප්‍රකාශ කිරීම කුහකකමකි. එයට වෙනත් වචනයක් කිව නොහැක. කිසිදු අමතර උපකාරක පන්තියකට සහභාගී නොවුණ අයෙකුට උසස් අධ්‍යාපනය සදහා පෞද්ගලික අධ්‍යාපන ආයතන සුදුසු නොව බව කිව හැකි ය. නමුත් සිසුන් අතිබහුතරය උපකාරක පන්තිවලට සහභාගී වන්නන් ය. එබැවින් උපකාරක පන්ති වල තරගයෙන් ඉදිරියට ගොස් සීමිත සරසවි ප්‍රවේශය ලබාගෙන එවැනි තර්කයක් ඉදිරිපත් කිරීම සුදුසු නොවේ.
සයිටම් විෙරා්ධය
සයිටම් විරෝධය අද උසස් අධ්‍යාපන ගැටලුවකට එහා ගිය දේශපාලන ගැටලුවක්, පාපන්දුවක් බවට පත්ව තිබේ. සයිටම්වලට ඍජුව අදාළ සයිටම් සිසුන් හා දෙමව්පියන් එක පැත්තකින් ද සයිටම් විරෝධී රාජ්‍ය සරසවි සිසුන්, වෘත්තීය සමිති, දේශපාලක ක්‍රියාකාරකයින් පිරිසක් අනෙක් පසින් ද සිටිති. මේ දෙපිරිස අතර දිගු කාලයක පටන් තිබෙන වෛරී සහගත ගැටුම නිරාකරණය කිරීම රජයට විශාල ගැටලුවක් බවට අද පත්වී ඇත. මෙම තත්ත්වය මේ වන විට තර්ක විතර්ක වලින් විසදිය හැකි මට්ටමින් එහාට ගොස් තිබේ. සයිටම් ආරම්භ කිරීමේ දී හා එය පවත්වාගෙන යාමේ දී ද යම් යම් වැරදි සිදු වී තිබිය හැක. එවැනි වැරදි සිදු වු ආයතන මීට පෙරද පැවත ඇති අතර ඒවා විසදුම් සහිතව ඉදිරියට ගිය අවස්ථා ද තිබුණි.
නමුත් මෙම සයිටම් ගැටලුව දඩමීමා කරගෙන විශාල දේශපාලන අර්බුදයක් බවට පත් කර ගැනීම කණගාටුදායකය. ඒ තුළ දරුවන් දෙමාපියන් රැසක් පිඩාවට පත්වී ඇත. එම නිසා මේ ගැටලුව ප්‍රමාද වී හෝ බේරාගැනීම ඉතා හොඳ නමුත් එයට ප්‍රමාද වැඩි ද යන ගැටලුව ද පවතී.
අපේ රටේ ඕනෑම පොදු උන්නතිය පිළිබද ගැටලුවක් ලේසියෙන් දේශපාලන අර්බුදයක් බවට පත්වේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය, ආපදා කළමනාකරණය ආදී කුමන ගැටලුවක් ඇති වුවද එහි මුල් නිමිත්ත අමතක කර එකිනෙකා වාසි ගන්න උත්සහා කරන දේශපාලන පාපන්දුවක් බවට පත් වීම ස්වභාවයක් වී ඇත. මෙය ගැටලුවලට ඉතාමත් ප්‍රාථමික බොළද මට්ටමේ ප්‍රතිචාර දැක්වීමක් ය. එබැවින් මේ සම්බන්ධයෙන් මැදහත්ව කරුණු විමසා බලා වඩාත් පරිණතව සමාජ ප්‍රශ්න දෙස බලන පිරිසක් බවට පත්විය යුතුයි.
මේ කියන අධ්‍යාපන වෙනස මෙරට ඇති කරන්න නම් රජය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රට නිසි ප්‍රතිපත්ති හා නියාමන රාමුවක් සකස් කළ යුතුය. වෘත්තිකයන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සමිති ඇතුළු පුළුල් සිවිල් සමාජය ප්‍රශස්ථ ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන රාමුවක් සකස් කර ගැනීමට රජය සමග සහයෝගීව ක්‍රියාත්මක වීම අවශ්‍යය. එසේම එය හුදෙක් පක්ෂ දේශපාලනයට එහා ගිය පොදු ගැටලුවක්, පොදු අරමුණක් විසදීමක් ලෙස දැකිය යුතුය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියාමන සහ ප්‍රමිති සකස් කර ගැනීම සියලු දෙනා එකතුවී කළ යුතු පුජනීය දෙයකි. එය ජරා දේශපාලන මඩහොගොරෙන් ඉහළට ඔසවා තැබිය යුතු මට්ටමේ දෙයකි.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් පිළිබදව ලෝක සම්මත නිර්ණායකයන් තිබේ. දකුණු ආසියාව, ඉන්දියාව පාකිස්ථානය, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සදහා යොදා ගන්නා පොදු නිර්ණායක රාමුවක් තිබේ. අප උගන්වන විද්‍යා, කලා, වාණිජ සහ වෙනත් වෘත්තීය ක්ෂේත්‍රය ඒ හා සමාන්තරව අප සමාජයේ ද උගන්වන නිසා අපට එම නිර්ණායක හා ප්‍රමිතිරාමුව වඩාත් පහසුවෙන් ම සකසා ගත හැකි ය.
ප්‍රායෝගීක භාවිතය තුල විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ හැකිතාක් සංවාදශීලිව මෙම උසස් අධ්‍යාපන ප්‍රමිති රාමුව හා නියාමන ක්‍රමවේදය සකස් කර ගත යුතුය. ඒ සදහා වැඩි දෙනෙක්ට අදහස් දැක්වීමට ඉඩදීම හරහා ඒ සම්බන්ධයෙන් තිබෙන පිළිගැනීම වැඩිකර ගැනීමට මෙන්ම දිගුකලක් පවත්වා ගැනීමේ තිරසාර ප්‍රමිති රාමුවක් ඇතිකර ගැනීමට හැකි ය. ඒ සදහා දේශපාලන කැපවීම හා දැක්ම, විද්වතුන්ගේ දායකත්වය, සිවිල් සමාජයේ සහ සෙසු සමාජය තල වල සහභාගිත්වය හා සියලු පුරවැසියන්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ. එක් අරමුණක් සදහා පිරිසක් එකතු කර ගැනීම දුෂ්කර කාර්යයක් වන නමුත් එය කිරීමේ අවශ්‍යතාවය අද ඉතා ප්‍රබලව පවතී.
පෞද්ගලික අංශය
වෙළෙඳපොල හරහා මතුවන පෞද්ගලික අංශයෙන් ලැබෙන අධ්‍යාපන සේවා හෝ උසස් අධ්‍යාපන සේවා පැවතීම මත මහජන බදු මුදලින් රාජ්‍ය අංශය විසින් ලබාදෙන අධ්‍යාපන සේවා හා උසස් අධ්‍යාපන සේවා හීන විමට ඉඩකඩක් නොමැත. එසේ නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමකි. නිදහසින් පසු සියලුම රජයන්ගෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනයට අඩුවක් නොමැතිව ඉහළම අවධානයක් ලැබී තිබේ. ආර්ථික වශයෙන් ඉතාම දුෂ්කර කාලවකවානුවලදී පවා සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන්කරන කොටස පහළ වැටෙන්නට ඉඩ දී නැත. එවැනි මෑත ඉතිහාසයක් පවතින අප රට තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය ප්‍රධාන ඉඩකඩක් වෙන් කිරීම කිසිදු දේශපාලඥයෙකුට හෝ නිලධාරීයෙකුට වෙනස් කළ හැකි දෙයක් නොවේ. ඒ සදහා තිබෙන සමාජීය ගැම්ම හා කැපවීම ප්‍රබල බැවිනි. මේ තුළ වැඩිදෙනකුට පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබාගැනීමට ඉඩකඩ වෙන්කීරීම තුළින් රාජ්‍ය ආයෝජන අඩුවිමක් සිදු නොවිය යුතු අතර එය තුලනාත්ම පවත්වා ගැනීම වැදගත් වේ.
අධ්‍යාපන දියුණුව
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය රැකගන්නට සමාජ තුළ ඇතැම් දෙනා පෙරට පැමිණීම යහපත් නැඹුරුවක් වුවත් අධ්‍යාපනය යනු හුදෙක්ම සංඛ්‍යාත්මකව පමණක් නොව ගුණාත්මකව වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවයකි. අද ලංකාවේ බහුතරයක් දරුවෝ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට යොමුව ඇත. නමුත් එයින් සීමිත පිරිසක් පමණක් උසස් අධ්‍යාපනයටත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වේ. මේ අනුව මෙම ප්‍රාථමික, ද්විතීයික, තෘතීක යන මට්ටම් තුනේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබද ප්‍රබල ගැටලු පවතී. විෂයන්, අධ්‍යයන ක්‍රමවේදය 21 වන සියවසට ගැලපෙනවද නැතිනම් යල්පැනගිය පිළුණු වු දැනුම ලබාදීමක් සිදුවේ ද, රුකියා වෙළෙදපොළට අවශ්‍ය සුදුසුකම් සැපයෙන්නේ ද හිඩැස ඉහළ යන්නේ ඇයිද යන ගැටලු වලට පිළිතුරු සෙවිය යුතුය. අධ්‍යාපනයේ නිදහස රැකගැනීමට කරන උද්ඝෝෂණවල දිගුවක් ලෙස අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකගැනීම, වර්තමාන අදහස් වලට අදාළ කරගැනීම ද ඊට සමාන්තරව මතුවිය යුතු ය.
නාලක ගුණවර්ධන (දිනමිණ)