25 July, 2017

"‌අධ්‍යක්ෂකවරු හය දෙනෙක්ගෙන් ලිංගික යෝජනා ආවා" වැඩිම මියුසික් වීඩියෝ ගණනක රගපෑ ශෂී හෙළි කරයි

Shashi Anjelina - 01

ශෂී ඇන්ජලීනා යනු නිළි‍යක් වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ ප්‍රමාණයකට දායක වී තිබෙන නිළියයි. මේ දිනවල බොහෝ කතාබහට ලක්ව තිබෙන නිරුවත, අඩනිරුවත හා සරාගී දර්ශන සහ ඇයට අධ්‍යක්ෂවරුන් ගෙන එන අනියම් ඇසුරු යෝජනා පිළිබඳව මෙවර සති අන්ත පුවත්පතකට හෙළි කර තිබුනා. ඇය එහිදි අදහස් දක්වා තිබුනේ මෙලෙසින්


"මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය කොළඹ. මම වෙනත් වෘත්තියක් කරන්නේ නැහැ. රඟපෑම හා නිවේදනය විතරයි කරන්නේ. මම අවිවාහකයි.අම්මයි, මල්ලියි, මමයි ආදරෙන් ජීවත් වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී මම බටහිර විලාසිතා අනුගමනය කරනවා. කොටට අඳිනවා. Music Video වලටත් ඒ විදියට අඳිනවා. හැබැයි ඔය කියපු විදියේ දර්ශනවලට නම් පෙනී ඉඳලාම නැහැ"

"Youtube වල දෙස් විදෙස් Music Video අති විශාල ප්‍රමාණයක් සැරිසරනවා. ඔය අතරින් බහුලව තියෙන්නේ ලිංගිකත්වය මතු කරන ඒවා. අදාළ කතාවට අනුව කලාත්මකව එය මතුකළාට වරදක් නැහැ. ඒත් එවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම රඟපාන්න කැමති නැහැ Music Video එකක හෝ උසස් සිනමා නිර්මාණයක හෝ කවර නිර්මාණයක හෝ එවැනි දර්ශනවලට මම යන්නේ නැහැ කියන එක මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක්"

මේ වෙද්දී ටෙලි නාට්‍යය 4ක රඟපාලා තියෙනවා. සිනමාව තුළ නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.

මට අවස්ථා තිබුනා නමුත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙන ආවා. ඒ හින්දයි ඒ අවස්ථා ප්‍රතික්‍ෂේප කළේ.

අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු 6 දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදියේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙළින්ම විරෝධය එල්ල කළා. එක්කෙනෙකුට තදින් කතා කරලා බනින්නත් සිදුවුණා. නවක අය වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුත් එතැන හිටියා. ඒ අයගෙ නම් කියන එක හරි නෑ. ඒත් ක්ෂෙත්‍රයේ ඉහළ නමක් දිනූ අය තමයි.‘

Shashi Anjelina - 02
Shashi Anjelina - 03
Shashi Anjelina - 04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""‌අධ්‍යක්ෂකවරු හය දෙනෙක්ගෙන් ලිංගික යෝජනා ආවා" වැඩිම මියුසික් වීඩියෝ ගණනක රගපෑ ශෂී හෙළි කරයි"

    Post a Comment