25 July, 2017

ලන්ච් ෂීීට් වෙනුවට කෙසෙල් කොළ භාවිතයට තාක්ෂණයක්

Banach leaves instead of lingch sheets

ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් පවතින බව හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය සුජාතා වීරසිංහ පවසන්නීය.

මේ පිළිබඳ අප කළ විමසුමකදී ඇය පැවැසුවේ කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත හැකි බවයි.

පදම් කිරීමෙන් අනතුරුව මාස 3ක් පමණ මේ කෙසෙල් කොළ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් පැවැසුවාය.

මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පැවැසුවාය.

කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය.

මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කළාය. (හර්ෂනී අර්සකුලරත්න - මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලන්ච් ෂීීට් වෙනුවට කෙසෙල් කොළ භාවිතයට තාක්ෂණයක් "

    Post a Comment