දකුණු අප්‍රිකාවේ නිදහස් සටනේ නායක ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ අන්තිම දවස් විස්තර කෙරෙමින් රචිත අලුත් පොතක් පළ නොකිරීමට එය ප්‍රසිද්ධ කිරීම සඳහා කටයුතු කරමින් සිටි පොත් ප්‍රකාශක සමාගම (Penguin Random House) තීරණය කර ඇත.
මතභේදයට තුඩු දුන් එම කෘතිය රචනා කරනු ලැබ තිබෙන්නේ වෛද්‍යවරයකු වන විජේ රාම්ලාකන් (Vijay Ramlakan) විසිනි.
ඔහු නෙල්සන් මැන්ඩෙලා ගේ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇත.
හිටපු නායකයාගේ ජීවිතයේ අන්තිම දවස්වල පෞද්ගලික තොරතුරු එම කෘතියට ඇතුළත් කොට ඇති බවට මැන්ඩෙලා පවුලේ සාමාජිකයන් විසින් පැමිණිලි කරනු ලැබ ඇත.

මැන්ඩෙලා සිය බිරිඳ ග්‍රාසා සමඟ
මැන්ඩෙලා පවුල කෙරෙහි ඇති ගෞරවය සැලකිල්ලට ගනිමින් එම පොත පළ නොකිරීමට තීන්දු කල බව 'Penguin Random House' පොත් සමාගම පවසයි.
ප්‍රශ්නයකට හේතු වූ පොත පළ නොකරන මෙන් ඉල්ලීමක් කර
තිබෙන්නේ නෙල්සන් මැන්ඩෙලා ගේ වැන්දඹු බිරිඳ වන ග්‍රාසා මාචෙල් (Graca Machel) විසිනි.
මැන්ඩෙලා පවුලේ සෙසු සාමාජිකයන් ද එම ඉල්ලීමට සහාය පළ කර ඇත.
එහෙත් එම "පොත පළ කරන මෙන් මැන්ඩෙලා පවුලේ සාමාජිකයන් ඉල්ලීමක් කළ බව කතුවරයා තමන්ට ප්‍රකාශ කළ" බවත් එම සමාගම සඳහන් කරයි.
මරණින් පසුවත් නෙල්සන් මැන්ඩෙලා කොතරම් බලවත්ද යන්න මෙම සිද්ධිය මගින් සනාථ කෙරෙන බවත් 'Penguin Random House' පොත් සමාගම පවසයි.
මතභේදයට තුඩු දී ඇති කෘතිය රචනා කරනු ලැබීමට පෙර ඒ පිළිබඳව උපදෙස් ගත යුතු මැන්ඩෙලා පවුලේ සියලු සාමාජිකයන් සමඟ තමා කතා කළ බව වෛද්‍ය විජේ රාම්ලාකන් කියා සිටියි.
එම කෘතියේ එන එක අවස්ථාවක් නෙල්සන් මැන්ඩෙලා ගේ වැන්දඹු බිරිඳ වන ග්‍රාසා මාචෙල්ගේ සතුටට හේතු නොවන බව පැවසෙයි.
එහි දැක්වෙන පරිදි නෙල්සන් මැන්ඩෙලා අවසන් හුස්ම හෙළන ලද්දේ ග්‍රාසා මාචෙල්ගේ අත අල්ලා ගෙන නොව ඔහුගේ කලින් බිරිඳ විනී මැන්ඩෙලා ගේ අත අල්ලා ගෙන සිටියදීය.

කලින් බිරිඳ විනී මැන්ඩෙලා
මැන්ඩෙලා ගේ ජීවිත කතාවේ තවත් පරිච්ඡේදයක් විය හැකිව තිබුණ කරුණු ඇතුළත් නවතම කෘතිය ප්‍රකාශයට පත් නොකිරීමට තුඩුදුන් හේතුව එයද? (බීබීසී)

Share this
|
|
0 Comment to ""මැන්ඩෙලා අවසන් හුස්ම හෙළුවේ කාගේ අත අල්ලා ගෙනද?""
Post a Comment