22 July, 2017

ඒ සින්දුවේ මගේ ජීවිතයත් තිය‍ෙනවා - ශලිනි තාරකා

Shalini Tharaka - 06

ශලනි... දැන් ගීත ලියන්න හිතුවේ රඟපෑවා ඇතියි කියලා හිතුනද?
අනේ නෑ... එහෙම එකක් නෑ. මේ දැන් කරන්නේත් ලස්සන ටෙලි නාට්‍යයක් තමයි. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන තරංග දිසානායකගේ සූර්යය නෑයෝ කියන ටෙලි නාට්‍යයේ. තව එතකොට නාට්‍ය කීපයක්ම කරන්නත් තියෙනවා. නාට්‍ය කීපයකම මේ දවස්වල වැඩත් කරනවා. එහෙම නැතිව තාමත් මම හිතලා නෑ. රඟපෑවා ඇති කියලා...

එතකොට සින්දු ලියන්න පටන් ගත්තේ කොහොමද...?
මම පොඩි කාලේ ඉඳන් කවි ලියනවා. නිසැදැස් ලියනවා. එහෙම ලියපු නිසැදැස් ගොඩාක් මට තියෙනවා. ඔහොම ලියලා ලියලා එක කාලයකදී මම මේ ලියවිල්ල නවත්තලා දැම්මා. ආයෙත් මම හිතුවා අපරාදෙනේ මම ලියනඑක නැවැත්තුවේ ආයේ ලියන්න ඕනේ කියලා ආයෙත් ලියන්න පටන් ගත්තා. එහෙම ලියලා ලියලා අපි පොලිෂ් වෙනවා.

ඔයා ලියපු ඒවා බැලුවේ කවුද...?
මගේ ගෙදර අය කියෙව්වා. මගේ යාළුවෝ කියෙව්වා. සමහරු මම ලියපු ඒවා අහලා පුදුමත් වුණා. “මරු ඔයා අපි හිතුවේ නෑ ඔයා මෙහෙම ලියයි කියලා කිව්වා. ඉතින් ඒ හැමෝගෙන්ම ලැබිච්චි ධෛර්යයමත් කිරීමෙන් මම මාර විදියට ෆිට් වුණා... සමහර වෙලාවට කවි, සින්දු හොඳට ලියන ප්‍රවීණයන් පවා මාව ධෛර්යමත් කළා. ඊට පස්සේ මම ඒවා FB එකේ පළකළා.

එතකොට ගීතයකට කියලා මුලින්ම ලිව්වේ මේකද...?
නෑ... ගීතයකට කියලා මගේ අතින් දෙකක් ලියවුණා. ඒකෙන් එකක් තමයි ඔය සින්දුව. දවසක් ලියන කියන කෙනෙක් මගෙන් ඇහුවා. ඇයි ඔයා මේක සින්දුවක් කරන්නේ නැත්තේ කියලා. එහෙම ආපු අයිඩියා එකක් තමයි මේ සින්දුව. මගේ හිතට තදින්ම කාවැදුණු ගීතයක් තමයි මේක.

Shalini Tharaka - 04

ඒ කියන්නේ... මේ ශලනිගේ ජීවිතයට සමීපම අත්දැකීමක්...?
ම්... මේක ආදරය සහ අහිමිවීම අතරේ දැනෙන බොහෝම සංවේදී ගීතයක්... වඩාත් ළඟින්ම ආදරය කරන... ඒත් ජීවිතේ ගතින් ඈත්වුණත් හිත්වලින් ඈත් නොවන දෙන්නෙක්ගේ ආදරය ගැන කතාවක් තමයි. මේක මගේ ජීවිතේ අත්දැකීමකුත් වගේ එකක් තමයි (ශලිනි ඒ ගැන කියපු විදියට අපි දැම්මා. ඔයාලා තේරුම් ගන්නකෝ. ඒක අත්දැකීමක්ද නැද්ද කියලා.) අත්දැකීමක් නොවුණානම් මෙහෙම ලියවෙන එකක් නෑ.

එතකොට ඇයි ශලනි මේ සින්දුවට නිරෝෂා විරාජිනීවම තෝරාගත්තේ?
මම පුංචි කාලේ ඉඳන්ම මගේ කැමැතිම ගායිකාවක් තමයි නිරෝෂා අක්කා. හැබැයි නිරෝෂා අක්කට කියලා සින්දුවක් ගායනා කරලීම මට හීනයක් වුණා. නිරෝෂා අක්කා කියන්නේ ලංකාවේ හොඳ ගායිකාවක්නේ. ඉතින් නිරෝෂා අක්කා එක්ක සින්දුවක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ.

එතකොට ඇයි අර මහ රූ නිරෝෂා විරාජිනීට ශලනි කෝල් කළේ?
ඔව්... මෙහෙමයි සින්දුව ලියලා ඉවර වුණාට පස්සේ මම ලොකු ආසාවක් ඇතිවුණා නිරෝෂා අක්කට කියලා මේක ගායනා කරවන්න. ඉතින් ඒ වෙද්දී නිරෝෂා අක්කාව කීපවතාවක්ම මුණගැහිලා තිබුණට එහෙම ලොකු ඇසුරක් තිබුණේ නෑ. ඒ නිසා මගේ යාළුවෙක් වුණු ගයාන් ශ්‍රීමාල්ට කියලා මම රෑක නිරෝෂා අක්කට කතා කළා.

එතකොට නිරෝෂා මේකට කැමැති වුණා?
ඔව්... සින්දුව යැව්වට පස්සේ නිරෝෂා අක්කා කියවලා බලලා මගේ සින්දුවට කැමැති වුණා. ඒ වෙනුවෙන් නිරෝෂා අක්කා ලොකු සපෝට් එකක් දුන්නා. අද මට මේ සින්දුව අහද්දී ජීවිතේ මම එක හීනයක් හැබෑ කරගත්තා කියලා හිතෙනවා.

හිතනවාද සින්දුව ජනප්‍රිය වෙයි කියලා?
මට මේක ලංකාවේ හිට්ම සින්දුව කරගන්න ඕනේ නෑ. හැබැයි මිනිස්සු අතරට යන සින්දුවක් වෙනවා දකින්න ආසයි.

දැන් ආදර සින්දුවක් ලියපු එකේ ඇත්ත කියන්නකෝ. ශලනි මේ වෙනකොට පෙම්වතියක්... හරි නේද?
නෑ... නෑ... නෑ... ඒක බොරුවක්. මේ වෙනකොටනම් පෙම්වතියක් නෙමෙයි.

ඇයි ශලනි කලබල වුණේ...? හරි එතකොට මේකට ඇත්ත කියන්නකො ආදරේ විරහව විඳපු කෙනෙක්නේ ඔයා...?
ඔව්... ඒක ඇත්ත. මම ආදරේ කරලා තියෙනවා. ආදරේ සමහර තැන් ඇත්තටම විරහවක් තමයි. විවාහයෙන් කෙළවර වන ප්‍රේම කතාවල මැදදී වුණත් විරහව තිබිලා තියෙනවනේ. ප්‍රේම කරපු ඕනෑම කෙනෙක් විරහවේ රස විඳලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විරහවත් එක රහක් තමයි. මම ආදරේ කරපු කෙනෙක් නිසා තමයි මම ඔය විදිහට කවි ලියන්නත් පටන් ගන්නේත්. ඒනිසා ගීතයේ සමහර තැන්වලදී මගේ ජීවිතෙත් ඇති.

Shalini Tharaka - 05

► Pic - Sumudu / Makeup – Amila mirissage (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒ සින්දුවේ මගේ ජීවිතයත් තිය‍ෙනවා - ශලිනි තාරකා"

    Post a Comment