26 July, 2017

සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයකට වැටී අයෙකු මරුට

cement mixing machine

මීගොඩ දාම්පේ බටහිර හොරගල ප්‍රදේශයේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයකු එහි ක්‍රියාත්මකව තිබූ සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් තුළට වැටීමෙන් මියගොස් තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වසර තුනකට අධික කාලයක සිට
එම කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවත් මිය යෑමට සති කිහිපයකට පෙර ඩෙංගු රෝගය වැලඳී සිට ප්‍රතිකාර ලබා සේවයට පැමිණ ඇති බවත් මේ වනවිට හෙළිවී තිබෙනවා.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බැවින් රෝගී තත්ත්වයක් මත මෙම අනතුර සිදුවුණාද නැතහොත් අදාළ මිශ්‍රණ යන්ත්‍රය තිබූ ස්ථානයේ පැවැති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරක්ද යන්න වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් පාදුක්ක පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පාදුක්ක බටහිර හොරගල ප්‍රදේශයේ පදිංචි චමින්ද නාලක පෙරේරා නමැති 40 හැවිරිදි තිදරු පියෙක්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයකට වැටී අයෙකු මරුට"

    Post a Comment