22 July, 2017

මම මොකටද උමාලිව හම්බවෙන්නේ - ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ

Danuka Dilshan - 11

ධනුක ධර්ම යුද්ධයට ආරාධනාව ලැබෙද්දී මොකද හිතුණේ?ධර්ම යුද්ධය Film එකට කතා කරද්දී හරියටම මම හිටියේ ජැක්සන් ඇන්තනී මහත්තයාගේ සී රජ ටෙලිනාට්‍යයේ ෂූටිං වලයි. ඒ ෂූටිංවලදී මට මේ ප්‍රඩක්ෂන් එකේ කෙනෙක් කෝල් කරලා Film එක ගැන කිව්වා. මම දන්නේ නම් නෑ මාව කොහොමද තෝරගත්තේ කියලා නම්. ඒකෙදි එයාලා කිව්වා ජැක්සන් ඇන්තනි මහත්තයාත් මේ Film එකට කතා කරලා තියෙනවා කියලත්. ඉතින්... මාත් ආසාවෙලා, කැමතිවෙලා තමයි මේ ධර්ම යුද්ධයට සම්බන්ධ වුණේ.

‍මේක අධ්‍යක්ෂණය කළේ චෛයාර් රවී කියන අධ්‍යක්ෂවරයා. කොහොමද ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය?ඇත්තටම සෑහෙන්න ලොකු සපෝට් එකක් ලැබුණා. මමත් ගොඩාක් ආසාවෙන් හිටියේ සහ ආසාවෙන් තමයි එයාලත් එක්ක වැඩ කළේ. ඇත්තටම හිතුවටත් වඩා එයාලා ගොඩක් හොඳ මිනිස්සු. ඒ වගේම සෑහෙන දක්ෂතා තියෙන කට්ටිය. ලංකාවේ අධ්‍යක්ෂවරු වගේම එයාලත් ගොඩාක් දක්ෂයි. ඒ ෆිල්ම් එකේ අධ්‍යක්ෂතුමා සහ කැමරා අධ්‍යක්ෂතුමාගෙන් ලොකු සපෝට් එකක් මට ලැබුණා. මේක රූගත කිරීම් කළේ මාතලේ.

Danuka Dilshan - 08

ධර්ම යුද්ධය හින්දි, තෙළිඟු චිත්‍රපටයක කොපියක් නේද?ඔව්... ධර්ම යුද්ධය හින්දි, මලයානු, තෙළිඟු ඔය වගේ භාෂා දහයකින් විතර කරපු ෆිල්ම් එකක්. ඒ අයට ඕනවෙලා තිබුණා මේ ෆිල්ම් එකට ලංකාවේ කට්ටිය දාලා ෆිල්ම් එක කරන්නත්. ඒක තමයි මේ ධර්ම යුද්ධය කියලා කළේ.

මේ චිත්‍රපටයේ ධනුකගේ චරිතය ටිකක් දීර්ඝ කරලා තියෙනවා නේද?ඔව්... මගේ චරිතය අනිත් ෆිල්ම්වල එහෙම ලොකුවට දීර්ඝව විකාශනය නොවුණු චරිතයක්. ඒත් මේ ෆිල්ම් එකේදී මම ඒ රෑගත කිරීම්වලට ගියාට පස්සේ ඒ අධ්‍යක්ෂතුමා කැමරා අධ්‍යක්ෂතුමා මගේ රඟපෑම්වලට සෑහෙන්න කැමති වුණා. ඊට පස්සේ මගේ චරිතය තවදුරටත් විකාශනය වන විදිහට මේ චිත්‍රපටය විකාශනය කළා.

Danuka Dilshan - 09

කොහොමද අනික් අයගෙන් ලැබුණු සහයෝගය?මට එහෙම ලොකුවට මේකට දින වෙන්කිරීමක් වුණේ නෑ. මේ ෆිල්ම් එකම දවස් තිස් ගාණකින් රූගත කිරීම් කරලා ඉවර කරලා තිබුණා. එකෙන් මට ෂුටිං තිබුණේ දවස් පහක් වගේ තමයි. මම මේ ෆිල්ම් එක රඟපාද්දී අනික් අයගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. මට මේකේ තිබුණේ වැඩිපුරම තිසුරි එක්ක රඟපාන්නයි. තිසුරි එක්ක මම දන්නා කාලේ ඉඳන් වැඩකරනවා. ඒ නිසා ඒක හරි ලේසි වුණා. දිල්හානි අක්කාත් මාත් එක්ක මේ ෆිල්ම් එකේ රඟපාන්න තිබුණා. දිල්හානි අක්කගෙනුත් මට සෑහෙන ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ වගේම ෆිල්ම් එකේ වැඩකරපු හැමෝගෙන්ම ලැබුණු සපෝට් එකෙන් ධර්ම යුද්ධය ලංකාවේ හොඳ පෙරළියක් කරාවි.

පුංචි කාලේ ධනුක ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද?ඇත්තටම මට තේරෙන කාලේ ඉඳන් මම හිතාගෙන හිටියේ මම කවදා හරි දවසක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරනව කියලයි. මම ඉගෙන ගත්තේ කොළඹ ලුම්බිණි විදුහලේ. මම පාසැලේ ක්‍රිකට් නායකයෙක් විදිහටත් කටයුතු කළා. හය වසරේ ඉඳන්ම මම ස්ටේජ් ඩ්‍රාමා නාට්‍ය හා රංග කලාව ක්‍රිකට් එක්කම කළා. කොහොම හරි A/L පන්තියේදී පොඩි නළු පිස්සුවක් ඇවිල්ලා මගේ ක්‍රිකට් ක්‍රීඩාව අතරමඟ නතර වුණා.

Danuka Dilshan - 10

ඔළුවට ගහපු නළු පිස්සුව හැබෑ කරගත්තේ කොහොමද?2009 අවුරුද්දේ එක්තරා FM නාලිකාවක රිලැක්ස් පාටියක් තිබුණා. ඒකට මාත් ගියා. එදා ප්‍රීමා කොත්තු මී කැලැන්ඩරයට ගන්නවා කියලා අපිව ෆොටෝ ගත්තා. අපේ යාළුවෝ සෙට් එකම ගිහින් එක එක විදිහට ෆොටෝ ගත්තා. ඊළඟ දවසේ මට කෝල් එකක් ආවා ඔයාව දෙදහස් ගාණකින් තෝරාගෙන තියෙනවා එන්න කියලා. ඒ ගමන මම ගියා. ඒකෙන් මාව ප්‍රීමා කොත්තු මී කැලැන්ඩරයට තෝරා ගත්තා. එතනින් ආපු ගමන තමයි මේ.

පසුගිය දවස්වල උමාලිගෙත් සාරංගගේත් ජීවිත අතරට තුන්වැන්නෙක් වුණා කියලා ධනුකට බොහෝ දෙනා බොහෝ චෝදනා කළානේ. දැන් මොකද ඔයා ඒ ගැන කියන්නේ?මිනිස්සුම ඒ ගැන කතා කළා. මිනිස්සුම මට ඇඟිල්ල දික් කළා. මම දන්නේ නෑ ඇයි එහෙම කළේ කියලා. මිනිස්සුම දැන් ඒ ගැන කතා කරන්නෙත් නෑ. මට තේරෙන්නේ නෑ මොකද්ද ඒ වුණේ කියලා. ඒ දෙන්නගේ ප්‍රශ්නයකට මාත් ගාවලා තිබුණා. ඒගොල්ලොම දැන් මාව අයින් කරලා. කටිටියක් එකතුවෙලා කතා හැදුවා. ඒ කට්ටියම ඒ කතාව අවසන් කළා. එච්චරයි.

පසුගිය කාළේ උමාලි ලංකාවට ආව වෙලාවේ ධනුක උමාලිට මුණගැසුණාද?නෑ... මම එහෙම මුණගැහුණේ නෑ. ඇයි එහෙම මම මුණගැහෙන්නේ. ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ.

සාරංග එක්ක ධනුක කතාබහ කරන්නේ නැද්ද?එහෙම තරහ වෙන්න අපි අතරේ මුකුත් වුණේ නැහැනේ. කට්ටිය ඔක්කොම හිතින් හදාගෙන එහෙම කතා හැදුවට මට කරන්න දෙයක් නෑ. මාවත් එතනට අදාළ කරගෙන ඒ දෙන්නත් එක්කම මගේ කිසිම තරහක් නෑ. ඇයි අපි එහෙම තරහ වෙන්නේ නේද?

මේ වෙනකොට ධනුක පෙම්වතෙක්ද?නෑ... මේ වෙනකොටනම් මම පෙම්වතෙක් නෙවේ. මම ආදරේ නම් කරලා තියෙනවා. මගේ ප්‍රථම ප්‍රේමය මම A/L ක්ලාස් එකේදී අැති වුණේ. එයා අපේ ගෙවල් පැත්තෙම හිටපු ගෑනු ළමයෙක්. අන්තිමට ගෙවල්වලින් කැමැති නැති වෙලා එයාලා ගෙවලුත් අතහැරලා ගියා.

► Text – Jayamali / Pic - Internet (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම මොකටද උමාලිව හම්බවෙන්නේ - ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ"

    Post a Comment