22 July, 2017

සිසුවිය ඇදගෙන ගොස් පංතිකාමරක් තුළ අතවර කර රු. 100 ක් දීපු ගුරුවරියගේ සැමියා

Girl Abuse - Rape

ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයට අයත් පාසලක ඉගෙනු ලබන සිසුවියකට පාසල තුළදීම අතවර කරන ලද බව කියන එම පාසලේම ගුරුවරියකගේ සැමියකු ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනයක උදෑසනම පාසලට පැමිණි සිසුවියක් පාසැල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා යතුරු ගෙන ඒමට පාසලේ ගුරු නිවාසයට ගොස් තිබෙනවා. එම විදුහලේ සේවය කරන ගුරුවරියක් ගුරු නිවසේ තම සැමියා හා දරු දෙදෙනෙකු සමගින් නතර වී සිටි ඇති අතර එහිදී ගුරුවරියගේ සැමියා සිසුවියට පාසැල් ගොඩනැගිල්ලේ යතුර ලබා දී තිබෙනවා.

සිසුවිය ගුරු නිවසෙන් යතුර රැගෙන විත් පාසැල් ගොඩනැගිල්ල විවෘත කර එය ඉදිරිපිට මිදුල ඇතුගෑමට පටන් ගෙන ඇති අතර ඒ වනවිට වෙනත් සිසුන් පාසලට පැමිණ සිට නැත.

එම අවස්ථාවේ ගුරු නිවසේ සිටින ගුරුවරියගේ සැමියා පැමිණ සිසුවියගේ උරහිස් දෙකෙන් අල්ලා පංතියක් තුළට තල්ලු කරගෙන ගොස් ඇයට අතවර කර තිබෙනවා. පසුව ඔහු එම සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස ඉල්ලා රුපියල් සියයක් දී ඇති නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව එම සිසුවිය අදාළ සිදුවීම පිළිබඳ පන්තියේ තමන්ගේ යෙහෙළියන්ට කියා ඇති අතර, ඔවුන් පන්තියේ ගුරුතුමියට ඒ බව පවසා තිබෙනවා.

ඇය විදුහල්පතිවරයාට ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිසුවිය ඇදගෙන ගොස් පංතිකාමරක් තුළ අතවර කර රු. 100 ක් දීපු ගුරුවරියගේ සැමියා"

    Post a Comment