කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තරින්දි ආලෝකා නැමති විසි හය හැවිරිදි තරුණියක්වමෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ.
ප්‍රේම සබඳතාවක් නිසා ඇයව ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාව ඇය පවත්වා ඇත්තේ දෙමාපියන්ගේ කැමැත්තක් ඉටු කිරීම සඳහා වන අතර ඇය ඔහුට අකමැති
බවක් දැන්වූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
එමෙන් ම මේ තරුණයාට තමන් අකමැති බව ඇය දිගින් දිගටම තම මවුපියන්ට දැනුම් දී තිබුණා.
මෙම තරුණයා ඊයේ (21) ඇය හමුවීමට පැමිණ තිබෙනවා.
ඒ අවස්ථාවේ තරින්දිගේ මව, ඔවුන් සතු වෙළඳ සැලේ සිට ඇති අතර ඇය මරා දමා තිබෙනු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරියයි.
හෝමාගම සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

(janayugaya)
Share this
|
|
0 Comment to "කොට්ටාවේ 26 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ (Photos)"
Post a Comment