පසුගියදා අනීතිකව සෞඛ්‍ය අමාත්‍යංශයට කඬා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම සදහා විශේෂ කාර්යය බලකායට (STF) මැදිහත්වීමට සිදුවූ අතර එහිදී සිය අවම බලය භාවිතා කරමින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමටද ඔවුන්ට සිදුවිය.
මෙම සිදුවීමෙන් පසුව විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉතා පහත් පෙලේ වචන භාවිතා කරමින් ෆේස්බුක් සමාජජාලය තුල මතයක් ගෙනයමින් ඇති අතර එය කිසිසේත්ම උචිත තත්වයක් නොවේ.
යුධ සමයේදී මෙරට ත්‍රස්ථවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව, සාමය සහ ස්ථායීතාවය පවත්වාගෙන යාම පිණිස විශේෂ කාර්යය බලකාය විසින් ලබාදී ඇති දායකත්වය ඉතා විශාලය.
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු වන දුමිදු කොඩිතුවක්කු විසින් මින් ඉදිරියට “පොලීසි සහ STF කාලකන්නීන්ගේ රෝගීන්ට මින් ඉදිරියට ප්‍රතිකාර කරනු නොලැබේ” යනුවෙන් සිය
ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර ගොඩනැගුනු මහජන විරෝධය හමුවේ එය ඔහුගේ ගිණුමෙන් ඉවත්කර තිබේ.

සයිටම් සටනට සම්බන්ධ වී සිටින සනෝජ් වීජයසේකර නම් තැනැත්තා විසින් “STF පර බල්ලන් යනුවෙන් සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබේ.
රාජ්‍ය දේපළ වලට අලාභහානි කරමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන අමනෝඥයින් රැලක් ඉවත් කල පමණින් රණවිරුවන්ට මෙලෙස පහත් ආකාරයෙන් පරිභව කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි අතර මෙවන් ක්‍රියාමාර්ග වල නොයෙදෙන ලෙස අප වෛද්‍යවරුන්ගෙන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Share this
|
|
0 Comment to "STF බල්ලෝ – අද ඉදලා උන්ට බේත් නෑ (Exclusive)"
Post a Comment