23 June, 2017

ශුක්‍රාණු බැංකුවක් කළුබෝවිල විවෘතයි

sperm bank

රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී විවෘත කර තිබෙනවා.

මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට මෙහිදී හැකිවීම විශේෂත්වයක් වනවා.

කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය විසින් එම ඒකකය විවෘත කරනු ලැබුවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශුක්‍රාණු බැංකුවක් කළුබෝවිල විවෘතයි"

    Post a Comment