23 June, 2017

සුපිරි නළු සල්මන්ගේ TubeLight කතාව

Salman - TubeLight

ඉන්දීය සුපිරි නළු සල්මන් කාන් ගේ නවතම සිනමා පටය TubeLight අද දින (23) ඉන්දියාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වීම ආරම්භ විය.

කබීර් කාන් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට සොහයිල් කාන්, ඕම් පුරි ඇතුළු නළු නිලියන් කිහිප දෙනෙක් සිය රංගන
දායකත්වය ලබා දෙයි.

ඉන්දීය රුපියල් 1,550,000,000 ක පමණ මුදලක් වැයකරමින් නිපද වූ ටියුබ් ලයිට් හි ධාවන කාලය පැය 2 මිනිත්තු 34 කි.

සිය පවුලට ඇති ආදරය සහ පුද්ගලයකු සතුව ඇති නොසැලෙන විශ්වාසය මෙම චිත්‍රපටයට තේමාව වී ඇත.

සිනමා පටය විශේෂ දර්ශන අවස්ථාවක් සඳහා සල්මන් කාන් සිය රොමේනියානු පෙම්වතිය ජුලියා සමඟ සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණි.

සල්මන්ගේ මීළඟ සිනමා පටය “දබන්ග් 3” වනු ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සුපිරි නළු සල්මන්ගේ TubeLight කතාව"

    Post a Comment