23 June, 2017

දිනක්ෂියි - ශනුද්‍රියි අතරට බෙදාගන්න බැරි දෙයක් ඇවිත්

Dinakshi - Shanudri

මේ දවස්වල පුංචි තිරයේ ජනප්‍රිය නිළි කිරුළට තරග වදින අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි තමයි අද අපි ප්‍රශ්න පත්‍රයට එකතු කර ගත්තේ. ඒ තමයි දිනක්ෂි සහ ශනුද්‍රි. 

දිනක්ෂි රඟපාන “කවුරුන්ද නුඹ මගේ” ටෙලි නාට්‍යය හිරු ටී.වී. ඔස්සේ සතියේ දිනවල රෑ 8.30ට විකාශය වෙන අතරේ ශනුද්‍රි රඟපාන “දෙවැනි ඉනිම” දෙරණ ටී.වී.ඔස්සේත් ඒ වේලාවටම විකාශය වනවා. ඒ හින්දා මේ ටෙලිනාට්‍ය දෙක විතරක් නමෛයි. අක්කගෙයි නංගිගෙයි ජනප්‍රිය වීමේ තරගයත් ඔන්න දැන් දවසින් දවස වැඩි වෙලා.

මේ දවස්වල ගෙදර ටී.වී. එකේ රිමෝට් එක බෙදා ගන්න අක්කයි නංගියි රණ්ඩු වෙනවා කියන්නේ ඇත්තද?
දිනක්ෂි:- නංගි රණ්ඩු වුණත් මම රණ්ඩු වෙන්න යන්නේ නැහැ. නංගිගේ නාට්‍යය බලන්න එයාට ඉඩ දෙනවා.
ශනුද්‍රි:- විහිළුවට පුංචි පුංචි රණ්ඩු නම් වෙනවා තමයි. ඒත් දෙන්නා කතාවෙලා මාරුවෙන් මාරුවට කතා දෙකම බලනවා. බැරි වුණොත් යූ.ටියුබ්වලින් බලනවා.

දෙන්න එකට පාරේ යද්දී කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර එහෙම? 

දිනක්ෂි:- නංගිට කැමති අය එයාට කතා කරනවා. මට කැමති අය මට කතා කරනවා. ඒ හැමෝම දෙන්නටම කතා කරනවා.

ශනුද්‍රි:- ඉස්සර අක්කියි මායි ගමනක් යද්දී අක්කිට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. දැන් මගේ ටෙලි නාට්‍යයකුත් යන හින්දා මටත් ඒ විදියේම ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මම හිතන්නේ නම් වැඩි ප්‍රතිචාර තියෙන්නේ අක්කිට කියලයි.

දෙන්නගෙන් ගොඩක් ලස්සන කවුද? 

දිනක්ෂි:- නංගි.....

ශනුද්‍රි:- අක්කි.....

දිනක්ෂිටයි ශේෂාද්‍රිටයි ශනුද්‍රිටයි ගෙදරදී සුරතල් නම් භාවිතා කරනවා ඇති? 

දිනක්ෂි:- ශේෂාද්‍රිට ‍පොඩී කියනවා. ශනුද්‍රිට ගෙදරට කියන්නේ
“‍පොඩි නංගා” කියලා. 

ශනුද්‍රි:- අක්කිට කියන්නේ “ලොකූ” කියා

ලොකූ තමන්ගේ නංගිලා දෙන්නා ගැන හොයා බලනවාද? 

දිනක්ෂි:- ඔව්. මම නංගිලා ගැන හොඳට හොයලා බලනවා. 

ශනුද්‍රි:- අනිවාර්යයෙන්ම

පසුගිය කා‍ලේ ශනුද්‍රි නිදහස් දිනය ගැන කියන්න ගිහින් ප්‍රශ්නයක් ඇතිකර ගත්තාම දිනක්ෂි මොකද කිව්වේ? 

දිනක්ෂි:- නංගිට වැරදීමක් වුණා. ඕනෑම කෙනෙකුට සජීවී වැඩසටහනකදී ඔය විදියේ වැරදීම් වෙන්න පුළුවන්. නංගිගේ වැරැද්ද සමහර ඕපාදූප වබේ අඩවි මහා ලොකු දෙයක් බවට පත් කළා. මම නංගිට කිව්වේ. ඔය වගේ දේවල්වලට හිත රිදවගන්න එපා. මීට පස්සේ මාධ්‍යයේ කතා කරද්දී සැලකිලිමත් වෙන්න කියලා. 

ශනුද්‍රි:- මම ඒ සිද්ධිය මහ ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඒක මට වෙච්ච වැරදීමක්. අන්තර්ජාල වබේ අඩවි තමයි ඒක මහා ලොකුවට ගත්තේ. අක්කියි ගෙදර අයයි ඒක මහා වරදක් විදියට දැක්කෙ නෑ.

පවු‍ලේ තුන් දෙනාගෙන් ගොඩක්ම සමීප ඔබ දෙන්නද? 

දිනක්ෂි:- මමයි ශේෂාද්‍රියි අතර වයස් පරතරය අඩුයි. ඒ හින්දා අපි දෙන්නා ටිකක් සමීපයි. ශනුද්‍රි මට වඩා ගොඩක් ‍පොඩියි. ඒ හින්දා එයා ගොඩක් සමීප ශේෂාද්‍රිට. 

ශනුද්‍රි:- චූටි කා‍ලේ ඒ දෙන්නා සෙල්ලම් කළත් ‍පොඩි හින්දා මාව ළඟට ගන්නේ නැහැ. ඒ කා‍ලේ මම හිටියේ අම්මියි තාත්තියි එක්ක. ඊට පස්සේ මමයි ශේෂාද්‍රි අක්කියි ගොඩක් ළං වෙලා හිටියා. හැබැයි දැන් ඉස්සරට වඩා දිනක්ෂි අක්කියි මමයි සමීපයි.

ශේෂාද්‍රි දැන් රඟපෑමෙන් ඈත්වෙලා. පහුගිය කා‍ලේ ඇය පෙම් අර්බුදයකටත් මුහුණ දුන්නා නේද? 

දිනක්ෂි:- ඒ හැම ප්‍රශ්නෙදිම අපි එයා එක්ක හිටියා. ඒ හින්දා එයා තනි වුණේ නැහැ. 

ශනුද්‍රි:- දැන් එයා අපිත් එක්කම ඉන්න නිසා සතුටුයි. සමහර විට ඉදිරියේදී රඟපාන්නත් එයි.

දිනක්ෂිට පෙම්වතෙක් ඉන්නවාද? 

දිනක්ෂි:- නැහැ 

ශනුද්‍රි:- නැහැ

ශනුද්‍රියි පෙම්වතයි ඉන්න ඡායාරූපයක් පහුගිය කා‍ලේ අන්තර්ජාලයේ පළ වුණා. 

දිනක්ෂි:- එයාට පිරිමි ළමයෙක් ඒ වගේ යෝජනාවක් ගෙනාවත් මට කියනවා. 

ශනුද්‍රි:- මම ඔය ඡායාරූප දැක්කෙත් නැහැ. යාළුවෙක් එක්ක ගත්තු ෆොටෝ එකක් හරි එඩිට් කරපු එකක් හරි කවුරු හෝ කෙනෙක් අන්තර්ජාලයට දාන්න ඇති. මට කවදාවත් බෝයිෆේ‍රන්ඩ් කෙනෙක් ඉඳලාම නැහැ.

ඔය දෙදෙනාගෙන් මුලින්ම රඟපෑමට ආවේ කවුද? 

දිනක්ෂි:- මමයි ශේෂාද්‍රියි අවුරුදු 2-3 වයසෙදි තාත්තා කරපු “අපායේ තත්පර 84,000 රඟපෑවා. මම ඊට පස්සේ රඟපෑවේ ඕ ලෙවල් ඉවර වෙලා. හැබැයි ඒ අතර කා‍ලේ ශනුද්‍රි රඟපෑවා. 

ශනුද්‍රි:- මම අවුරුදු 3 1/2 දී තාත්තාගේ ඔන්න බබෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඕ ලෙවල් ළං වෙලා නතර කළා. ඒ වෙද්දී අක්කිලා රඟපාලා ජනප්‍රිය වුණා. මම කාලෙකට පස්සේ ආයෙම දිගටම රඟපාලා “දෙවැනි ඉනිම”තුළින් තමයි ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.

ආරියවංශ කුලතිලක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " දිනක්ෂියි - ශනුද්‍රියි අතරට බෙදාගන්න බැරි දෙයක් ඇවිත් "

    Post a Comment