18 June, 2017

සැබෑ කතාවක් කරළියට ගෙනාපු මිලින්දගේ 'ආශිර්වාදය'

Milinda Sandaruwan - 2017-06-18_2-05-41

අලුත් ගීතයක් කළා කියලා ආරංචියි?

ඔව්. මගේ අලුත් සින්දුව "ආශීර්වාදය."කියන්න සතුටුයි. ආශිර්වාදය යූ ටියුබ් එකේ රිලීස් කරලා පැය 24ක් ඇතුළත ට්‍රෙන්ඩින් නම්බර් 1 වුණා. ඉතින් සින්දුව ගොඩක් අය අතරට ගිහිල්ලා තියෙනවා.

ආශිර්වාදයේ නිර්මාණ පසුබිම ගැනත් කතා කරමු?

මේ ගීතයේ කතාව ඇත්තම සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු එකක්. මේ ගීතය ලිව්වේ සහ සංගීතය නිර්මාණය කළේ චතුර වර්ණසේකර. වීඩියෝ එක කළේ හරි ක්‍රියේෂන් එකේ ළහිරු මුදලිගේ.

හා හා පුරා කියලා මේ අවුරුද්දේ රිලීස් කරපු පළමුවැනි ගීතය නේද ආශිර්වාදය?

ඔව්. මං මේ අවුරුද්දට රිලීස් කරපු පළමුවැනි සින්දුව තමයි "ආශීර්වාදය." හැබැයි මේකේ චභඤඪධ එක නම් කළේ ටික දවසකට කලින්. මගේ "හැමට වඩා" ගීතය ටික කාලයක් රසිකයන් අතර තිබුණ නිසාත්, අලුතෙන් සින්දුවක් එළියට දාන්න බැරි තත්ත්වයක් තිබුණු නිසාත් වීඩියෝ එක කරන එක පොඩ්ඩක් පස්සට දැම්මා.

මියුසික් වීඩියෝ කලාවේ කතන්දර කියන්න පටන් ගත්තේ ඉරාජ් කියලා කතාවක් තියෙනවානේ. ඉතින් ඒ පාරේ ඔබත් යන්නද කල්පනාව?

මං නම් එහෙම හිතන්නේ නෑ. ඒක මං පිළිගන්න කාරණාවක් නෙවෙයි. මොකද ඉරාජ් වීඩියෝවෙන් කතා කියන්න කලින් අපේ රටේ ගොඩක් අය හිටියා එහෙම කතා කියපු. නමුත් මෑත කාලයේදී ගොඩක් අය හුරු වුණා වගේම වෙන වෙනම පැති හොයා ගත්තා වැඩි ප්‍රතිචාර ලබා ගන්න පුළුවන් දේවල් කරන්න. වීඩියෝ එකකට එළිපිට කතා නොකරන දෙයක් දැම්මොත් ඒක ප්‍රචාරය වීමේ විලාසිතාවක් දැන් ලංකාවේ ඇති වෙලා තියෙනවා. මගේ වීඩියෝවෙත් එහෙම දර්ශන නෑ කියලා මං කියන්නේ නෑ.

සල්ලි හොයන්න ගොඩක් අය යූ ටියුබ් එකට තමන්ගේ සින්දු දානවානේ. මිලින්දත් ඒ අරමුණෙන්ද ආශීර්වාදය කළේ?

මෙහෙමයි. මීයක් කඩන්නේ අත ලෙවකන්න හිතාගෙනම නොවෙයිනේ. හැබැයි මං සින්දු කරන්නේ සල්ලි හොයන්න නම් නෙවෙයි. අපි සින්දුවක් හරි වෙන නිර්මාණයක් හරි කරලා ඒක ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නෑ. අනිවාර්යෙන්ම ජනතාව අතරට යවන්න ඕන. මං "ආශිර්වාදය" යූ ටියුබ් එකට දැම්මෙ ප්‍රධාන හේතුවක් ඇතිව. ඒ තමයි මට මූලිකවම ඕන වුණා මගේ සින්දුව ජනතාව අතරට කෙළින්ම යවන්න. ඒ නිසා තමයි මං සින්දුව ඉස්සෙල්ලාම යූ ටියුබ් එකේ ප්‍රචාරය කළේ.

සින්දුව යූ ටියුබ් එකට දැම්ම එකෙන් මිලින්දට ආශීර්වාදයක් වුණා කියලා හිතනවාද?

ඔව්. දැනට නම් හොඳ ආශීර්වාදයක් මට ලැබිලා තියනවා. මෙහෙමයි ඉතින්. අපිට හැම කෙනාවම එක විදියට එක මට්ටමකට සතුටු කරන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඒක කරන්න බැරි වැඩක්.

මං සින්දුව සමාජ මාධ්‍යවල දැම්මට මගේ බෑන්ඩ් එකේදීත් ර්ථීතචර කරනවා. හැබැයි අන්තර්ජාලයේ හඬ ගොඩක් ප්‍රබලයි. ඒ නිසා තමයි මට ගීතය යූ ටියුබ් දාන්න ඕන වුණේ.

ඒ කියන්නේ ගීත නිර්මාණය කරනවා වගේම ඒවා ජනප්‍රිය කරගන්නත් මිලින්දට ලොකු වුවමනාවක් තියෙනවා කියන එකද?

අනිවාර්යයෙන් ඒභඤඪධ විතරක් කරද්දී ඒවා ප්‍රචාරය කරගන්න නාළිකාවලට දෙන්න බැරි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. හැබැයි මං මගේ ගීත බෑන්ඩ් එක හරහා ගායනා කරනවා. සජීවී රසිකයන් අතරට ගීත යවන්න මම මගේ ජ්ඥඥඤ ඡචජඬ සංගීත කණ්ඩායම තමයි යොදා ගන්නේ. මේ වෙනකොට යූ ටියුබ් එකෙන් ගීතය විශාල පිරිසක් නරඹලා තියෙනවා.

සින්දුවක් නරඹපු නිසාම ඒක හොඳයි කියලා මනින්න බෑනේ. ඉතින් ඔබේ සින්දුවටත් නරක ප්‍රතිචාරයක් ලැබෙනවාද?

සින්දුවට මේ වෙද්දි හොඳ, නරක ප්‍රතිචාර දෙකම ලැබිලා තියෙනවා. ඒක මං දකින්නේ වෙනස් විදියට. අපි හැමෝටම එකම රසඥතාවක් නෑනේ. සංගීතය ගත්තොත් රෙගේ, ශාස්ත්‍රීය, වෙස්ටර්න්, බයිලා මේ ඕනම වර්ගයක් රස විඳින්න කැමැති අය ඉන්නවා. ඒ වගේම මේ සින්දුවටත් කැමැති පිරිසක් ඉන්නවා. මේක වයසක කෙනෙක්ට වුණත් අත්දැකීමක් තියෙන්න පුළුවන් කතාවක් තියෙන ගීතයක්. ඉතින් මට හැම කෙනාවම සතුටු කරවන්න බෑ. කොහොම වුණත් මං හැම ප්‍රතිචාරයක්ම භාර ගන්නවා.

ගීතය මාධ්‍යවලින් ප්‍රචාරය කරගන්න කොයි වගේ සහායක්ද ලැබෙන්නේ?

මං හැම නාළිකාවකටම වාගේ මගේ නිර්මාණ භාර දීලා තියෙනවා. මට ඒ සෑම කෙනෙක්ම සහයෝගය දීලා තියෙනවා ගීතය ප්‍රචාරය කරගන්න.

මේ වෙනකොට රියැලිටි ෂෝවලින් බිහිවුණු ගොඩක් අය රංගනයේ යෙදෙනවා. මිලින්ද ආස නැද්ද රංගනයට?

කැමැතියි ඉතින්. මං ධ්ඊව් එකේ "එළිය අරන්" ටෙලි නාට්‍යයේ රඟපාලා තියෙනවා. ඉදිරියේදීත් දකින්න ලැබෙයි තවත් රඟපෑම්වලින්. මට ආරාධනා කරපු ගොඩක් ඒවට මං බෑ කියපු අවස්ථා තියෙනවා. මොකද මට සංගීත වැඩ කටයුතු එක්ක ඒ වැඩ කරගන්න නොහැකි තත්ත්වයක් තමයි තිබුණේ.

නලිනිකා ලක්ෂානි (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැබෑ කතාවක් කරළියට ගෙනාපු මිලින්දගේ 'ආශිර්වාදය' "

    Post a Comment